අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

2023-01-08 Meerigama

තමන්ම නිර්මාණය කරන බැමි තුනකින් සසරට බැඳෙන අයුරු * පරම දුල්ලභ වූ මනුස්සත්ත පටිලාභෝ සහ පටිච්චසමුප්පාද විග්‍රහය සහිත සිරිසද්ධම්මසවනං * පෘතග්ජන පුද්ගලයාත් අරහතුන්වහන්සේත් එකසේ මුහුණ දෙන අටලෝදහම කෙරෙහි එම දෙදෙනා දක්වන ප්‍රතිචාරයේ වෙනස * ආයාචනා - ප්‍රාර්ථනා - යාඥ්ඥා - තයොමෙ අභිසංකාරා - දුක්ඛ සත්‍යය - ගැන කෙටියෙන් * පින්කම කුසලයක් බවට පත් කර ගැනීම - පුඥ්ඤ පාප පහීනස්ස * ධ්‍යාන උපාදානය - තදස්සාදේති -තංනිකාමේති - තබ්බහුලවිහාරී වීමෙන් අනෙඤාභිසංකාර නිසා අභිනිවේසානුසය බිහිවීම * මාරයාගෙන් ණයට ගත් සතරමහාභූත උපකාරයෙන් සකසාගත් මියයන "කරජකාය" විපරිණාම ධම්මයට යටත් වූවත්, එකතු කරගන්නා ගති පොදිය සහිතවූ දිගටම පවතින මනෝමය කාය * මනෝමය කාය කෙලෙස් වලින් තොරව නිරාමිස තත්වයට පත්වන අවස්ථාව හෙවත් නහිජාතු ගබ්භසෙය්යං පුනරේතීතී * බුදුපියාණන් ආගම් කතෲ වරයෙක්ද *නැවත නැවතත් ඉපදෙමින් මියයන සංසාර දුක් පැවැත්මෙන් මිදී නිදහස් වන මඟ පෙන්වූ බුද්ධ ධර්මය * මුල් අවදියේ කට පාඩමින් පටන් ගෙන පසුව ලේඛනගත කොට පවත්වාගෙන ආ බුද්ධ දේශනාව * බුද්ධ පරිනිබ්බාණයෙන් පසු වජ්ජිපුත්ත භික්ෂූන් පිරිසක් ඉන්දියාවට ගොස් බමුණු ආගම් වල ආභාෂයද මුසුකොට බුද්ධ ආගමක් හදාගැනීම සහ මහා සාංඝික නිකායක් ඇරඹූ ආකාරය * දහම යටපත් වී මතුවූ අලුත් ආගම වෛතුල්‍යවාදය ලෙස හෙළබිම දක්වා පැතිරීම සහ ප්‍රචලිත වීම * පසු කලෙක බුද්ධඝෝෂ හිමිගේ පැමිණීම - හෙළ අටුවා පාලියට නැගීම තුලින් නිර්මල දහම් අරුත් තවදුරටත් විකෘතියකට යටවීම * පොලොන්නරු කතිකාවත සහ නිශ්ශංක මල්ල කතිකාවත ඇසුරින්ද බුදු දහම මතු කිරීමට යම් උත්සාහයක් දැරූවද පොලොන්නරු -ගම්පොළ- කුරුණෑගල - මහනුවර යුගදක්වා ක්‍රමානුකූලව ධර්මය යටපත්වී අභාවිතයට යාම සහ දේව ආගමික අදහස් මුසුවූ බුද්ධාගමක් ප්‍රචලිත වීම *ආගම සහ ධර්මය වෙනවෙනම හඳුනා ගෙන, සසරින් ගැලවීමට නම් ධර්මය අසා අනුගමනීය පටිපදාවේ යෙදිය යුතු බව >>> නියාම ධර්ම අනුවම ක්‍රියාත්මක වන හේතුඵල දහම තුල කම්ම නියාමය ක්‍රියාත්මක වන ආකාරය පහදා දෙන්න * ධම්ම නියාමය ගැන කෙටි විග්‍රහයක් * කර්මය පලදෙන අවස්ථාව තීරණය වන්නේ කෙසේද * සංකාරයක්,අභිසංකාරයක් බවටත්, අභිනිවේසානුසය බවටත් පත් වන්නේ කෙසේද * කුඩා දරුවකුව සිටි අවදියේ ප්‍රභාශ්වරව තිබූ ලදරු සිත කල් යාමේදී සලායතන තුලින් ගත් කෙලෙස් නිසා කිලිටිවීම ගැන පසු විපරම්කොට බලා ඒ සිදුවීම් මුලාවක්, සහ සිහිනයක් ලෙස අවබෝධයක් ලැබීමෙන් විසංකාර වෙනවාද * චිත්තජ කාය සහ විඥ්ඥාණය අතර වෙනස කුමක්ද * පසලොස්චරණ ධර්ම ක්‍රියාත්මක වන ආකාරය පහදා දෙන්න * බව නිරෝධය සහ සමුදය නිරෝධය අතර වෙනසක් තිබේද * තමන්ගේ දහම් මඟ වැසෙන්නේ තමාගේම විරුද්ධ කාරයින් නිසාද * චේතනා සූත්‍ර ඇසුරින් පැනයක් *ඥාණය ,ප්‍රඥ්ඥාව, විද්‍යාව, ආලෝකය අතර වෙනස පහදා දෙන්න * ද්වේශ සිතක් ඉවත් කිරීමට නිවැරැදි කමටහන් වැඩීමේදී කමටහන් තුනම එකවර වැඩෙනවාද * බාහිරින් පෙනෙන රූප නිසා වේදනා,සංඥා සංකාර බිහිවී තමාතුල ඇලීමක්, ගැටීමක් හෝ මුලාවක් වුනොත් එයම පංචස්කන්ධයක් වෙනවාද * සතර කමටහන් නොවඩා වුවත් පින් අනුමෝදන් කිරීම තුලින් පින කුසලයක් බවට පත් වේද * ක්‍රියාසිත් නිච්චසේ සුවසේ ගන්නට හැකිද >>>

2023-01-01 Meerigama

දීඝංවා හෝ රස්සංවා ලෙස මනසට එන නිමිති, නිච්ච - සුඛ - අත්ථ - සේ ගැනීම • කාමවිතක්කවිචාර - ව්‍යාපාද විතක්ක විචාර- විහිංසා විතක්කවිචාර - පැවැත්වීම * තණ්හා - පටිඝ - අවිජ්ජා - අනුසය නිසා තැන්පත් වන ආසය කර්මබීජ ලෙස මනෝමය කාය තුල තැන්පත් වීම * පිරි - අපිරි - සහ ඒ දෙක අතර තමාගේ මිම්මෙන් මැනීම අනුව, පටිච්ච - අභිච්ච - නිච්ච සේ මමත්වයෙන් ගන්නා පෘතග්ජන පුද්ගලයා තුල නිච්ච - සුඛ - අත්ථ- සේ ගතියක් සකසා ගැනීම - එය අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං බවට පත්වීම නිසා දුකට පත්වීම * දුක්ඛතො, ආබාධිතො, ගිලානෝ බවට පත්වී මාර උගුලට හසුවීම * හේතුං පටිච්චසංභූතං වීමට නොදී හේතුභංගා නිරුජ්ජති කළයුතු බව * අනිච්චං - දුක්ඛං - විපරිණාම ධම්මං යථාභූතං පජානාති වියයුතු බව * ඉච්ච පිළිබඳ විග්‍රහයක් * අහෝසිං අතීත මද්දානං කරමින් අළුතින් අනුසය බිහිවීමට ඉඩ නොදී වර්තමානයේ උපදින්නට එන අනුසය නොඋපදවාම නානුසේති කොට සමුදය නිරෝධ කිරීම * මහා රාහුලෝවාද සූත්‍රයේ පෙන්වා වදාල නිවැරදි ආනපාන සති සමාධි භාවනාව තිලක්ඛණය සහිතව ඒකධම්මො ලෙස බහුලව භාවිතා කළයුතු බව * බුදුන් දෙසූ පුබ්බෙඅනනුස්සුතේසු ධම්මෙසු යනු * ආරභත නෙක්ඛමත - යුඤ්ජත බුද්ධ සාසනය * පංචස්කන්ධය පිළිබඳව ත්‍රිලක්ඛණය තුලින් විමසීම * අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙස පරිවර්තනය කිරීමෙන් තිලක්ඛණයේ ධර්මාර්ථය වෙනස් වීම නිසා නිවන් මඟ යටපත් වීම * සද්දස්ස කුලපුත්තස්ස පුද්ගලයෙක් වීමේ අවශ්‍යතාවය >>> අඤ්ඤතාව - තථ භාවය සහ විපරිණාමය යනු තුනක්ද * පංචස්කන්ධයේ අප හඳුනා ගන්නා සංඥාවන් මිරිඟුවක් ද - ඒ බව වටහාගැනීම ධර්මාවබෝධය ලැබීමක්ද * නිබ්බිදානුපස්සී විහරති නන්දිං පජහති - විරාගානුපස්සී විහරති රාගං පජහති - නිරෝධානුපස්සී විහරති සමුදයං පජහති ගැන සහ මරණානුස්සතිය තව දුරටත් පහදා දෙන්න * බුද්ධානුස්සතිය විග්‍රහවන අවස්ථාවල පහලොස් ආකාරය කුමක්ද * අනිමිත්තානු පස්සී විහරති නිමිත්තං පජහති යනු පහදා දෙන්න * බුද්ධානුස්සතිය සතර ආකාරයට විශේෂිත කොට පෙන්වා දුන්නේ ඇයි * චාගෝ යන්න පහදා දෙන්න * යම් පුද්ගලයෙක් කෙරෙහි ඇතිවූ පටිඝය ඉවත් කිරීමට මෙත්තානුස්සතිය සහ මරණානුස්සතිය වැඩූවද නැවතත් අදාල පුද්ගලයා දුටු විට එයම මතුවන්නේ ඇයි * විඥ්ඥාණයට ඉඩ නොදීම යනු සමුදය නිරෝධ කිරීමද * නිතර නිතර පින් දීම නිසා එකතුවී තිබූ පින් ඉවර වේද * යම් කටයුත්තක් නිමාකළ පසු නැවත නැවතත් ඒ ගැන හිතතුල රෝද ගැසීම නවත්වන්නේ කෙසේද * අප ලෝකය ලෙස විඳින්නේ සිත තුලට නැගෙන ආරම්මණ වලින් හදා ගත් මායාවක් නේද * සෑම පෘතග්ජන පුද්ගලයෙක්ම ඉච්චයට පටිච්ච වෙනවාද * විඥ්ඥාණය- සිත සහ ප්‍රාණය එකක්ද වෙනස්ද * මහාරාහුලෝවාද සූත්‍රය ආරම්භයේදී භාවයතො සෝ ව්‍යාපාදෝ - භාවයතො අරතීසා පහීස්සති - භාවයතො යෝ පටිඝොසො පහීස්සති - ආදී තැන් වල යෙදී ඇති "සෝ" "යෝ" යන වචන වල අරුත් පහදා දෙන්න * සෝතාපන්න ඵලයට පත්වූ පුද්ගලයෙක් සතර අපායෙන් සදහටම මිදෙන්නේ ඔහු තුල වර්ධනය වූ කුමන ගුණයන් නිසාද * ඔබවහන්සේ පෙන්වූ නිවැරදි සතර ස්ථාන වලට පරිබාහිරවූ සතරස්ථාන මතුකර පෙන්වන අයට අරිය උපවාදයක් වේද >>>

03. බුද්ධ භාවනා - මීරිගම (2022-11-13 pm)

02. බුද්ධ භාවනා - මීරිගම (2022-11-13 am)

01. බුද්ධ භාවනා - මීරිගම (2022-11-12 pm)

දුරුතු පොහොය​ 2023 || පුඤ්ඤකිරියවත්ථු සුත්තං

සිරිසද්ධම්ම දේශනාව (2022.11.26) | ගමින් ගමට

බැද්දේ වැව පුරාණ විහාරය, සූරියවැව | සිරිසද්ධම්ම දේශනාව (2022.12.02) | ගමින් ගමට

පානදුර​​ සිරිසද්ධම්ම දේශනාව (2022.12.03) | ගමින් ගමට​

මතුගම​ සිරිසද්ධම්ම දේශනාව (2022.12.02) | ගමින් ගමට

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27 28 29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254