අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

වප්​ පොහොය 2022

මනෝමය කාය තුල මුල් බැසගන්නා ගති තුනක් * න මනසිකරණීයානං ධම්ම * සිතක් තුල උපදින විවිධාකාර මානයන් ගැන * කිංකුසලගවේසී - කිංසච්ච ගවේසී * අටලෝදහම සමඟින් අනුපරිවත්තංති වන ලෝකය * ප්‍රඥ්ඥාව යටපත් වී විඥ්ඥාණය මතු වන අවස්ථාව * තමන් විසින්ම නිර්මාණය කරගන්නා සංසාර බැම්ම * අනුරුජ්ජති - විරුජ්ජති - නප්පටිවිරුජ්ජති * ණයගණුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන පටිවිරතෝහෝති සීලය * අපෙක්ඛා - සාපෙක්ඛා- උපෙක්ඛා * පෘතග්ජන පුද්ගලයා ගේ පටන් අරිහතුන්වහන්සේ දක්වා උපෙක්ඛාවේ අවස්ථා සහ උපෙක්ඛාව උපරිමයට පත්වන අවස්ථාව දක්වා ගැන විග්‍රහය * විමුක්තංවා චිත්තං අවිමුත්තං චිත්තං ලෙස අරිය උපෙක්ඛාවෙන් ජීවිතය අවසන් වනතෙක්ම ආනපාන සතියෙන් වාසය කරන අරහතුන් වහන්සේ * දුක් පැවැත්මෙන් මිදී පරිමුච්චති දුක්ඛස්මාති තත්වයට පත් වීම * කුසලයෙහි පඨිත්ථාපේතුං - අකුසලෙහි වුට්ඨාපෙත්වා * අනුරෝධ විරෝධ සමාපන්නෝ - අනුරොධ විරොධ විප්පහීනෝ * සාරවූ සං නීසං කළයුතු බව >>>>> නිවාස මිදුල් පවිත්‍ර කිරීමේදී නොදැනුවත්වම කුඩා සතුන් මියයා හැකි අතර එයින් පාපයක් වේද - ඉන් වැළකෙන්නේ කෙසේද * අයංවස්සාන කාලෝ ගැන පැහැදිලි කිරීම * අටලෝ දහමේ පෙන්වන යස - අයස යනු කුමක්ද * හිරිවඩුන්නේ ජයසිරි මහාබෝධිය අසලදී ලැබූ අත්දැකීමක් ගැන පැනයක් * රුජ්ජති නිරුජ්ජති පටි විරුජ්ජති යන අවස්ථා රාග ද්වේශ මෝහ සමඟ ගැලපෙන්නේ කෙසේද පහදා දෙන්න * අරහතුන් වහන්සේලාත් ආනපාන කරන්නේ ඇයි * අතීතයේ ඉතා සුළු පිරිසක් වූ ලෝක මිනිස් ජනගහණය විවිධ ජාතීන්, ආගමිකයින් ලෙසින් බොහෝ පිරිසක් දක්වා වැඩි ඇත්තේ වෙනත් තිරිසං ලෝක සහ අපාගතව සිටි අය ඒවායින් මිදී මිනිස් ලොව උපත ලැබූ නිසාද - ඒ අනුව එවන් ලෝකවල සත්වයින් අඩු වී ගොස් ඇද්ද * මුදිතා යන්න පහදා දෙන්න * විනෙය්‍ය යනු කුමක්ද * පච්චුප්පන්නංචයො ධම්මො තත්ථ තත්ථ විපස්සති සහ භවිස්සති යන්න පහදා දෙන්න * සේවා ආයතනයේ ප්‍රධානියාදී ඇති අසාධාරණ උපදෙස පිළිපැදීමෙන් මා ණයගණුදෙනුවකට බැඳෙනවා නොවේද * යම් පුද්ගලයෙක් කෙරෙහි මතුවන ද්වේශය කොපමණ වාරයක් මෙත්තානුස්සතිය වැඩුවත් ඉවත් නොවන්නේ ඇයි * චේතෝවිමුක්තිය - ප්‍රඥ්ඥා විමුක්තිය - උභතෝභාග විමුක්තිය පැහැදිලි කර දෙන්න * ප්‍රියමනාප රූපයක් දුටු පමණින් සමුදය බිහි වේද * සද්ධාව සහ ආමිස සුවය අතර වෙනසක් තිබේද * චිත්තේ චිත්තානුපස්සනාව උදාහරණයක් සහිතව පහදා දෙන්න * අවිඤ්ඥාණික විඥ්ඥාණය ගැන පහදා දෙන්න * බ්‍රිතාන්‍ය කෞතුකාගාරය විසින් මෑතකදී අපගේ ත්‍රිපිටක පොත් පිටපත් කරන ආකාරය පෙන්වන වීඩියෝවක්දකින්නට ඇත ඒ ගැන ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමක් කරන්න >>

ධ්‍යානනිස්සය​ සුත්තං - 2 (2022-10-08) || සිරි ධම්මාලංකාර මහා අරිහත් බුදුපියානන් වහන්සේ

ධ්‍යාන උපාදානය කරගැනීමෙන් නිවන වසන ආකාරය පෙන්වන ධ්‍යාන නිස්සය සූත්‍රය >> සය - අනුසය - නිස්සය * ධ්‍යානං නිස්සාය ආසවානං ඛයංවදාමි * කාමේහි විවිච්ච පාපේහි අකුසල ධම්මේහි විවිච්ච සවිතක්කං සවිචාරං පීති සුඛං ඒකාග්ගතා සහිතවූ අරිය ධ්‍යාන පහම ලැබූවත් ධ්‍යාන කෙරෙහි තදස්සාදේති තංනිකාමේති වූවෙක් නම් ඔහු මඟඵල ලාභියෙක් නොවන බව * පංචස්කන්ධයේ රූප ගතං ආදී කොට විඥ්ඥාණ ගතං සේ උපාදානය කර ගැනීම * රූපාවචර බවට පත්වීම * ධ්‍යානයත් අනිච්චතෝ දුක්ඛතෝ අනත්ථතෝ ආදී කොට ඇති මරණානුස්සතිය වැඩීමෙන් නිස්සය කළයුතුයි * යදිදං සබ්බ සංකාර සමථෝ පිණිස පමණක් උපකාර වන ධ්‍යාන * ධ්‍යාන ලැබීම හෝ චේතෝවිමුක්තියට පත්වීම ප්‍රඥ්ඥා විමුක්තිය නොවන බව * පච්චුප්පන්න යොධම්මො තත්ථ තත්ථ විපස්සති * කෙලෙස් මතු වෙද්දීම සමුදය නිරෝධය පිණිස ඒක ධම්මො ලෙස නිවැරදි වත් ප්‍රායෝගික වත් යුගනද්ධවත් වැඩිය යුතු ආනපාන සති සමාධි භාවනාව සහිතවූ අනුගමනීය පටිපදාව * භගවතො පණ සාවකෝ වූ බුද්ධ සාවකයෙක් ධ්‍යාන සුවය කෙරෙහි නොඇලෙන බව >>> යෝනිසෝ මනසිකාරය යනු අනිච්චතෝ- දුක්ඛතෝ- අනත්ථතෝ- ලෙස දැකීමද *ඉන්ද්‍රිය ධර්මයන් බලගැන්වෙන්නේ කුමන අවස්ථාවේ සිටද * සෝතාපන්න ඵලයට පත් වෙන කෙනෙක්ට අනිවාර්යයෙන්ම ධ්‍යානයක් ලැබෙනවාද * අනාගාමී ඵලයට පත්වූ පුද්ගලයෙක් මරණයට පත් වූවොත් නැවත මිනිසෙකුව උපදිනවාද * ධ්‍යානයෙන් සුවය ලැබීම මෝහයේම කොටසක්ද * සංවර සහ සංසිඳවීම යනු එකක්ද * සෝතාපන්න ඵලයට පත්වූ ගෝල ස්වාමීන් වහන්සේට දෙන දානය පෘථග්ජන නායක ස්වාමීන් වහන්සේට දෙන දානයට වඩා යහපත්ද * බුද්ධානුස්සතිය සහ මරණානුස්සතිය අතර වෙනස සහ චිත්තෙ චිත්තානුපස්සනාව යනු පහදා දෙන්න * සිත රෝද ගසන්නේ චිත්තජ කායෙන්ද * සමථය වඩන්නේ විපස්සනාවට නම් විපස්සනා පුබ්බංගම සමථය වඩන්නේ කුමක් පිණිසද * පඨම අරියධ්‍යානය ලැබූ පුද්ගලයා සෝවාන්වූ අයෙක්ද * එක් පුද්ගලයෙකු දකිද්දී මා සිතට එන අමනාපය ඉවත් කර ගන්නේ කෙසේද * පසළොස් ආකාරයේ චර බවින් නිදහස් විය හැකි පසලොස්චරණ ධර්ම පහදා දෙන්න * ද්වේශ සිත යනු සංසාරගත පුරුද්දක්ද * අන්තර්භවික අසංකාරික සහ සසංකාරික යන්න පැහැදිලි කර දෙන්න * ඒහි භික්ඛු භාවයෙන් පැවිද්ද ලැබීම යනු කුමක්ද * සෝතාපන්න ඵල ලාභියකු අතින් සිදුවිය හැකි පාපකර්ම මොනවාද * මෙතෙක් කල් මස්මාංශ අනුභව කළ යම් පුද්ගලයෙක් සෝතාපන්න ඵලයට පත්වූ පසු එහි ණය විනය තේරුම් ගෙන ඉන් වැලකෙනවාද * විශ්වයෙන් ලැබෙන පණිවිඩ ලෙස සමාජයට යම් පණිවිඩ ප්‍රකාශ කරන අය නිතර දකින්නට ලැබීම කෙබඳු තත්වයක් ද * විෂාදිය හෙවත් depression නම් රෝගය බුදු දහම මගින් සුව කරගත හැකිද * සබ්බ ආසව සහ අභිච්ච යන අවස්ථා දෙකෙහිම ඇත්තේ එකක්ද * එකම පාටක, දෙවර්ගයක මල් අතරින් එකක සුවඳ කෙරෙහි වැඩි කැමැත්තක් ඇති වීමෙන් බිහිවන අනුසය ඉවත් කිරීමටත් ආනපාන කළ යුතුද * දේවේශය තුල රෝද ගැසීම නිසා පටිඝය බිහිවේද - අනාගාමී පුද්ගලයෙක්ට නැවත ද්වේශයක් මතු වේද * ධාතු විභංග සූත්‍රය සවන්දීමේදී ජාතියෙන් ජාතියට පංචස්කන්ධයක් භාවිතා කොට ඉවත් කර නැවත නැවතත් එයම භාවිතා කරමින් යන බව දකිමි, එය නිවැරදිද * විඥ්ඥාණ ශක්තිය සහ මතක ශක්තිය අතර යම් සංබන්ධතාවයක් තිබේද * සතර කමටහන් වඩන පුද්ගලයෙක් තමා පඨමධ්‍යානය ලබා ඇති බව දැන ගන්නේ කෙසේද?

08. බුද්ධ භාවනා - මීරිගම (2022-09-21 am)

07. බුද්ධ භාවනා - මීරිගම (2022-09-20 pm)

06. බුද්ධ භාවනා - මීරිගම (2022-09-20 am)

05. බුද්ධ භාවනා - මීරිගම (2022-09-19 pm)

ධම්ම දේශනාව (2022-10-02)

බුදුපියාණන් වරින් වර සීහනාද සූත්‍ර දේශනා කිරීමේ හේතුව * "ඨානංච ඨානතෝ - අට්ඨානංච අට්ඨානතෝ යථාභූතං පජානාති " ලෙස වැරැද්ද වැරැද්ද ලෙසත් නිවැරදි දේ නිවැරදි ලෙසත් පෙන්වා දීම * නිවැරදි ජන්බුදීපය සහ සද්දස්ස කුලපුත්තස්සයින් හට නිවැරදි චත්තාරිමානි ඨානානි තුලින් ලැබෙන උපකාරය පෙන්වා දීම ගැන * බුදු දහම යටපත් වී පිංකම්, පුදපූජා යැදුම් පැතුම් සහිතවූ ආගම් සංකල්ප මුල් බැසගෙන තිබූ යුගයක යටපත් වී තිබූ බුද්ධ ධර්මය මතු කොට නිවනට උපකාර වනසේ දේශනාකොට නිවන් මඟ විවෘත කිරීමෙන් කළ යුග මෙහෙවර පිළිබඳ කරන සීහ නාදය * හෙළබිමේදී ත්‍රිපිටකය ග්‍රන්ඨාරූඩ කිරීමට පසුබිම් වූ හේතු සහ එම මුල් බුදු වදන සහිත ත්‍රිපිටකය පසු කාලීනව නිවන් මඟ වැසෙන සේ අර්ථ ධර්ම නිරුක්ති විකෘති වූ ආකාරය * අර්ථ,ධර්ම ,නිරුක්ති, පටිසංභිදා සහිතව දහම නැවත මතුකොට නිවනට උපකාර වනසේ දේශනා කළ ආකාරය * ත්‍රිපිටකය ඇතුළු පොත්පත් රැසක් යටත් විජිත සමයේ බ්‍රිතාන්‍ය වෙත ගෙනයාම සහ එහිදී සංරක්ෂණය කොට ආරක්ෂා කොට තිබූ ආකාරය ගැන සැමගේ දැන ගැනීම පිණිස මුලින්ම කළ හෙළිදරව්ව * එම මුල් පුස්කොළ ත්‍රිපිටකයෙන් ලබා ගත් පිටපත් වසර හයකට පමණ පෙර හෙළබිමවෙත ගෙන්වා ගත් අයුරු * බුදුන්ගේ දෙසුම් වෙනත් භාෂාවන්ට පදගත පරිවර්තනයක් නොකළ යුතු බව බුදු මුවින්ම දේශනා කොට තිබුණත් විදේශයන්හිදී ත්‍රිපිටකය විවිධ භාෂාවන්ට පරිවර්තනය වීමෙන්ද බුද්ධ භාෂිතය යටපත් වී අර්ථ ධර්ම විකෘති වී තිබූ බව * එවන් විකෘතීන්ද බැහැර කොට නිවැරදිව චත්තාරිමානි ඨානානි සහිතව නිවනට උපකාර වනසේ නැවත මතු කොටදේශනා කළ බව * යටපත් වී තිබූ ත්‍රිපිටක මුල් පිටපත් හෙළබිමට ගෙන්වීමෙන් පසු හෙළබිම වාසීන් විසින් දැන දැක ගැනීම නිසා ඨානංච ඨානතෝ ලෙසින් සත්‍ය ඉතිහාසය සහ දහම ගැන සාක්ෂි සහිතව නිවැරැදිව පෙන්වා දීමට හැකිවීම * නිවන් මඟට උපකාර වනසේ කළ එම යුග මෙහෙවර ගැන කරන සීහනද * ඒකායන මග්ගෝ වන සතර කමටහන් සහිතවූ ආනපාන සති සමාධි භාවනාවද සහිතවූ නිවැරැදි අනුගමනීය පටිපදාව පූර්ණ වශයෙන් දේශනා කොට සියලු ධර්මය විග්‍රහකොට පෙන්වා දුන් බව * නිවන් මඟ සොයන බොහෝ දෙනෙකුගේ හිත සුව පිණිස ඒ මහඟු කාර්‍යය ආවර්ජනය කොට නැවත මතු කොට සීහනද පැවැත්වීමේ යුතුකම ඉටුකිරීම * අතීතයේ බුද්ධඝෝෂ නමැත්තා විසින් ලියූ විශුද්ධිමාර්ගය නම් වූ පොත බුදුපියාණන්ගේ දහම ලෙස හඳුන්වමින් කළ විකෘතිය වර්තමානයේ නිවැරදි කොට දේශනා කොට ඇති බැවින් අත්තාහි අත්තනෝ නාථො කොහිනාථො පරොසියා ලෙස නිවැරදිව තමන්ම අනුගමනය කොට කේවලිනෝ බවට පත් වීමට සියලු බෞද්ධයින් හට මඟ විවෘතව ඇති බව * බුදුපියාණන් දේශනා කළ අනුගමනීය පටිපදාව යනු ඨානංච ඨානතෝ බවත්,පුද පූජා - වැඳුම් පිදුම් යැදුම් පැතුම් යනු අට්ඨානංච - අට්ඨානතෝ >>>සතර කමටහන් නිවැරදිව අනුගමනය කරන අයෙකුට සංයෝජන උදුරා දැමීමට විශේෂ උත්සාහයක් දැරිය යුතුද *අලෝභ - අද්වේෂ - අමෝහ ගැන පහදා දෙන්න * රාග ද්වේශ මෝහ සහිතව චක්කුංච පටිච්ච රූපේච ආදීකොට වේගයක් ආවේගයක් චිත්තාවේගයක් ආදී ලෙස වැඩී විඥ්ඥාණ සිතක් මතුවී අවසානයේදී සංකාරයක් බවට ලඝුවන ආකාරය පහදා දෙන්න * අලෝභ,අද්වේශ ,අමෝහ සිත පැවැත්වීම නිවැරැදිද * රාග ද්වේශ මෝහ නිසා ඇතිවන වේදනා තුනම එකවර අනුපස්සනා කිරීම නිවැරදි ද * ධම්මවිහාරී සූත්‍ර වල පෙන්වන විතක්කබහුලො ගැන පහදා දෙන්න * මරණානුස්සතියට පසු බුද්ධානුස්සතිය ඉබේ සිදු වෙනවාද * හේතු - හෝති - හීති යනු තිපරිවට්ටයක්ද *අනාගාමී පුද්ගලයෙක් තුල රූපරාග අරූපරාග ඇති නිසා අනුසය උපදිනවාද * තෙවැනි ඇස මතු වන්නේ කෙසේද - එය නිවනට බාධාවක් ද * සතරකමටහන් වඩන පුද්ගලයෙක් තුල මඟඵළ ලැබෙන්නේ කුමන ධ්‍යානවලදීද * සෝතාපන්න බවට පත්වෙද්දී ආසව අනුසයේ ඥාණය මතු වෙනවාද නැතිනම් පූරණය වෙනවාද * පසලොස් චරණ ධර්ම විස්තර කර දෙන්න * රාග ද්වේශ මෝහයෙන් කටයුතු කරන පෘතග්ජන මිනිසුන් කරන අණවින කොඩිවින වල සත්‍යතාවක් ඇද්ද - සතර කමටහන් නිවැරැදිව වඩන අයටත් ඉන් ආබාධයක් වේද * අන්තර්ජාලය ඔස්සේ ධර්මය ශ්‍රවණය කරන මා,විදේශ ගතවීමට පෙර පරතෝඝෝෂික ප්‍රත්‍යය ලැබ චත්තාරි මානිඨානානි අනුගතවිය යුතුද * පතිරූප දේශ වාසෝචවූ සියලුම අයට අරිය පුද්ගලයෙක් වීමට හැකිද , නැතිනම් ඒ සඳහා පුබ්බේත කතපුඤ්ඤතා ශක්තියත් අවශ්‍යද * මඟ වඩමින් යන අයෙකුට යම් දෙයක් සිදුවීමට පෙර යම් ආකාරයක දැනීමක්, ලැබෙන්නේ ධ්‍යාන ශක්තියක් නිසාද * ආයෝජනයක් කොට බලාපොරොත්තු වූ ලාභය නොලැබීම ගැන හිතේ ඇතිවන පසුතැවිල්ල ඉවත් කරගැනීමට අනුගමනය කළයුතු මඟ කුමක්ද * සතරමහා භූත වල වායෝ ධාතුව ගැන පහදා දෙන්න * කායික රෝගයක් නිසා සිතේ ඇතිවන භය නැති කරගැනීමට සතර කමටහන් වැඩිය යුතුද * උප්පාදෝපි වයෝපි පඥ්ඥායති යන්නෙහි පඥ්ඥායති යන්න විස්තර කර දෙන්න * කාමරාග වල අන්තර්ගත රූපවල සහ රූප රාග අරූපරාග වල අන්තර්ගත රූපවල වෙනස කුමක්ද

04. බුද්ධ භාවනා - මීරිගම (2022-09-19 am)

ධ්‍යානනිස්සය​ සුත්තං (2022-10-01)

නිමිති සහ අරමුණු කෙරෙහි කෙලෙස් සිතින් කටයුතු කරන පෘතග්ජන පුද්ගලයා * අරමුණු කෙරෙහි සතරකමටහන් නිවැරැදිවත් ප්‍රායෝගික වත් වැඩීමෙන් පසු පඨමධ්‍යානං උපසංපජ්ජ විහරති වුවත් ඒ ධ්‍යාන කෙරෙහි ඇලීමෙන් ධ්‍යාන සුවය ආශ්වාදනය කිරීම නිසා නැවත උගුලකට හසු වී මඟඵල ලැබීමට බාධාවන බව * ධ්‍යාන නිස්සය කිරීම හෙවත් ධ්‍යානයෙන්ද මිදී නිදහස් වීම * පඨම ධ්‍යානං නිස්සාය - ආසවානං ඛයං වදාමි සේම දුතියං,තතියං ආදී ලෙස සංඥා වේදයිත නිරෝධය දක්වා පත් වීම හැකි වුවත් ධ්‍යානයෙහි නොඇලීමෙන් ධ්‍යානං නිස්සාය වන බව * රූප ගතං, වේදනා ගතං, සංඥා ගතං,සංකාර ගතං, විඥ්ඥාණ ගතං වූවොත් ආසවක්ඛය නොවන බව * ධ්‍යාන ගැනද අනිච්චතෝ, දුක්ඛතෝ,අනත්ථතෝ, රෝගතෝ,ගණ්ඩතො,සල්ලතො, රෝගතෝ අගතෝ ආබාධිතෝ ආදී ලෙස දැකිය යුතු බව සහ මරණානුස්සතිය වැඩීමෙන් විපරිණාමය දැකිය යුතු බව * සෝ තෙහි ධම්මෙහි චිත්තං පටිත්ථාපේති වූ පුද්ගලයා - අමතාය ධාතුයා චිත්තං උපසං හරති * ඒතං සංතං ඒතංපණීතං යදිදං සබ්බසංකාර සමථෝ තේරුම් ගෙන ලෙස සියලු උපාදානයෙන් මිදී නිදහස් වෙයි * ඔහු ධම්ම රාගයක් ඇති නොවී, ඕරංභාගිය සංයෝජන වලින් පූර්ණ ලෙස නිදහස් වේ, අනාගාමී බවට පත්වේ. ශුද්ධාවාස හෝ ඕපපාතිකව සසංකාරික හෝ අසංකාරික ගන්ධබ්බ ලෙස හෝ පත්වේ * ධ්‍යානය නිසා අනුසය උපදින්නට ඉඩනොදී නිස්සය කොට මිදී නිදහස් වන මඟ පෙන්වූ "ධ්‍යාන නිස්සය සූත්‍රය" පරිනිබ්බායී වීමට මඟ පෙන්වයි *නේවසඥ්ඥානාසඥ්ඥා ආදී දක්වා සියලුම ආකාරයේ ධ්‍යාන සුවයට හසු වුවහොත් බ්‍රහ්ම සාව්‍යත්වයට පත් විය හැකි බැවින් ,රෝගතෝ,ගණ්ඩතෝ,පරතෝ,පළෝකතෝ, අනත්ථතෝ , ආදී බව දැන දැක මිදී නිදහස්විය යුතු බව. ප්‍රශ්න>> ආකාසඥ්ඥායතන විඥ්ඥාණංඥායතන නේවසඥ්ඥා නාසඥ්ඥායතන ගැන පැහැදිලි කර දෙන්න * සතරකමටහන් වැඩීමෙන් පසු ලැබෙන පඨම ධ්‍යානයත් අනාර්‍ය ධ්‍යානයක් අතර වෙනස කුමක්ද * අපගේ සිතුවිලි අතීතයට ගෙන ගිය බොහෝ අවස්ථා වළ කළකිරීමක් එන්නේ ඇයි * වර්තමානයේ ලැබී ඇති දේ ගැන සතුටු වීම සහ ඊට උපකාර කළ අයට පින් අනුමොදන් කිරීමේදී සිතට එන සතුට උපාදානයක්ද * "ධර්මය විවෘතවූ විට බබලයි" යන්නෙහි අරුත කුමක්ද * පුණ්‍ය කර්ම - පාප කර්ම - අකුසල කම්ම සහ කුසල ධම්ම යනු පහදා දෙන්න * උපසංපජ්ජ විහරති සහ ඊට ඇලීමෙන් වන ඵලය ගැන පහදා දෙන්න * ආකාසඥ්ඥායතන විඥ්ඥාණංඥා යතන නේවසඥ්ඥා නාසඥ්ඥායතන ආදී තත්වයන් ලැබූ අයෙක් අතින් සංඝභේදය සිදුවිය හැකිද, ඒ අනුව ඒ අය අපාගත වීමට ඉඩ ඇද්ද * අනුස්සති භාවනාවේදී ධම්මානුස්සති සහ සංඝානුස්සතියත් වැඩිය යුතුද - ඉබේ වැඩෙනවාද * උද්දම්භාගිය සංයෝජන ප්‍රහාණය ගැන පහදා දෙන්න * මරණානුස්සතිය උදාහරණයක් මගින් තව දුරටත් පහදා දෙන්න * සතරකමටහන් වඩන කෙනෙකුට තමන් අරිය පඨම ධ්‍යානය ලබා ඇති බව දැන ගන්නේ කෙසේද * මධ්‍ය මණ්ඩලය තුල ජාතසෝතාපන්නව කතෝලික හෝ ඉස්ලාම් පවුලක උපදින්නට හැකිද * කර්මබීජ සහ ගති පොදිය යනු දෙකක්ද එකක්ද * සෝවාන් ඵලයට පත්වූ පුද්ගලයෙක්ගේ බව හත කුමක්ද යන්න පහදා දෙන්න * අනාගාමී ඵලයට පත්වූ පුද්ගලයෙක් හෝ සෝතාපන්න ඵලයට පත්වූ පුද්ගලයෙක් ඊට වඩා පහළ තැනකට පත් වේද * දෙව් තල වල උපන් අය නැවත සතර අපාගත වියහැකිද - තිරිසං අපායේ සිටි අයෙක් මියගොස් දෙව් තල වල ඉපදිය හැකිද * "මානිවත්ත අභික්ඛම " යන්නෙහි සැබෑ ධර්මාර්ථය පහදා දෙන්න * පංචනීවරණ අතර ථීනමිද්ධය යනු පහදා දෙන්න * " සබ්බං පහාය ගමනීයං " යන්නෙහි ධර්මාර්ථය පහදා දෙන්න

03. බුද්ධ භාවනා - මීරිගම (2022-09-18 pm)

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32 33 34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255