අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

03. බුද්ධ භාවනා - මීරිගම (2022-07-24 pm)

02. බුද්ධ භාවනා - මීරිගම (2022-07-24 am)

01. බුද්ධ භාවනා - මීරිගම (2022-07-23 pm)

12. බුද්ධ භාවනා - මීරිගම (2022-06-24 am)

11. බුද්ධ භාවනා - මීරිගම (2022-06-23 pm)

10. බුද්ධ භාවනා - මීරිගම (2022-06-23 am)

උපාදිය, මඤ්ඤමාන, අභිනන්දන​ සූත්‍රයන් (2022-08-14)

බද්ධෝ මාරස්ස වූ පංචස්කන්ධ උපාදානය සහ මුක්තෝ පාපිමතෝ වීමේ මඟ වූ අනුපාදිය මානෝ යන ද්වතාවය ගැන භික්ඛූන් හට බුදුපියාණන් කළ විග්‍රහය * ඒ අනුව කමටහන් වඩා පංචස්කන්ධය පිළිබඳව යථාපරිදි දැන දැකගත් භික්ෂූන් වහන්සේලා තිදෙනෙක් බුදුපියාණන් වෙත එළඹ තමාගේ අත් දැකීම් ගැන වෙන වෙනම සැල කිරීම * පළමු භික්ඛුව රූපංකෝ භන්තේ බද්ධො මාරස්ස - රූපං අනුපාදියමානෝ මුක්තෝ පාපිමතෝ ලෙස වේදනං - සංඥා ආදී වූ පංචස්කන්ධයටම බැඳීමෙන් උපාදියමානෝ වීමේ වරද දැකීමත්, අනුපාදියමානෝ වීමේ යහපත සහ පංචස්කන්ධය පිළිබඳව උපාදියමානෝ ලෙස නොගෙන අනිච්චං, දුක්ඛං,විපරිණාම ධම්මං යථාපරිදි දැනගත් ආකාරය සැලකළ ඒ භික්ඛුව, අරහත් බවටම පත්වූ අයෙක් බව බුදුමුවින්ම ප්‍රකාශකිරීම * දෙවෙනි භික්ඛුව එපරිද්දෙන්ම තමා ලැබූ මඥ්ඥමානෝ බද්ධෝමාරස්ස ගැන යථා පරිදි දැක්ම - සහ අමඥ්ඥමානෝ මුක්තෝ පාපිමතෝ ලෙස මඥ්ඥතාවයෙන් මිදී එම නිදහස් වීම ගැන සැලකිරීම විමසා එම භික්ඛුවද අරහතුන් වහන්සේ කෙනෙක් බව බුදු මුවින් ප්‍රකාශ කිරීම * තෙවැන්නාද තම අත් දැකීම ගැන සැලකරමින් අභිනන්දියමානෝ බද්ධෝ මාරස්ස - සහ අනභිනන්දියමානෝ මුක්තෝ පාපිමතෝ ලෙස නන්දති, අභිනන්දති, අභිවඩති, අජ්ජෝසායඨිත්ථති බවින් මිදී නිදහස්ව න අභිනන්දති ආදී කොට ඇති බැම්මෙන් මිදී අනභිනන්දියමානෝ ලෙස ලැබූ විමුක්ති සුවය ගැන කළ විස්තරය අනුව ඒ භික්ඛුවද අරහත් බවටම පත්වූ උතුමෙක් බවට බුදු මුවින් කළ ප්‍රකාශය * ඒ ගැන දේශනා කළ ඉහත නම් කළ සූත්‍ර ගැන කෙටි විග්‍රහය * පංචස්කන්ධයම අනිච්චං, දුක්ඛං, විපරිණාම ධම්මං බවට පත්වන බව * සබ්බෙමෙපියෙහි මනාපෙහි නානාභාවෝ විනාභාවෝ බව- සබ්බෙ ධම්මා අනත්ථාති බව දැකිය යුතු බව>>>>> වසවර්ති මාර සංකල්පය ගැන පහදා දෙන්න * සතරකමටහන් වලදී ද්වේශය ඉවත් කිරීමට මෛත්‍රිය වැඩීමට යද්දී සැණින් අරමුණ වෙනස් වන්නේ ඇයි * ධර්මය අසා දැන පංච උපාදානස්කන්ධය ගැන පංචස්කන්ධයක් සේ දැක සෝවාන් ආදී ඵලයන්ට පත්වීමේ දී, උපාදානය අතහැරීමේ ප්‍රමාණය ඵලයෙන් ඵලයට වෙනස් වේද * අව්‍යාකත අරමුණකත් රූප - වේදනා - සංඥා - තිබේද *සෝතාපත්ති ඵලයට පත්වූ අයට ප්‍රත්‍යවේක්ෂා ඥාණ ලැබෙනවා සේ සකෘදාගාමී හෝ අනාගාමී අයට ලැබෙන ප්‍රත්‍යවේක්ෂා ඥාණ මොනවාද * භව තණ්හා සහ විභව තණ්හා අතර වෙනස්කම් මොනවාද * අල්පසාවද්‍ය සහ මහාසාවද්‍ය අතර වෙනස කුමක්ද * රාග ද්වේශ මෝහ , මතුවී නැවත වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක් ඇති වී විඥ්ඥාණ බවට පැමිණ අවසානයේ සංචේතනා- සංඵස්ස - සංකාරයක්- බවට ලඝු වන ආකාරය පහදා දෙන්න * දරුවකුගේ වාචික හිරිහැරයක් දරා ගත නොහැකි වීම නිසා මව හෝ පියා මිය ගියොත් ඒ අනුව ආනන්තරීය කර්මයක් සිදු වියහැකිද * කොපමණ උත්සාහ කළත් සද්ධර්මය දැනගෙන ඒ අනුව කටයුතු කරන්නට අපහසු වන්නේ ඇයි * හේතුඵල ධර්ම තාවය සහ කර්ම නියාමය යනු එකක් ද * අව්‍යාකත අරමුණකට අනිච්ච දුක්ඛ අනත්ථ මෙනෙහි කළයුතුද * රූපරාග අරූපරාග විග්‍රහ කොට දෙන්න * එක පාට සුවඳ දෙකකින් යුතු මල් දෙකක් පිළිබඳ සංසංදනය කිරීමේදී එකක් කෙරෙහි හිතේ යම් කැමැත්තක් ඇතිවීමෙන් මිදීමටත් ආනපාන කළයුතුද * කරජ -චිත්තජ- මනෝමය- කාය තුනෙහි ක්‍රියාවලියේ කාමරාග නිසා සෙම කුපිත වී ඇලීමෙන් ඒ හේතුව නිසා නැවත පටිඝයක් ඇති වේද * සබ්බ ආසව යන්න සහ අභිච්ඡ යන වචන දෙකින්ම වන්නේ එකම ක්‍රියාවද >>>

ධම්ම දේශනාව (2022 - 08 - 13)

උපාදිය මානෝ බද්ධෝ මාරස්ස - උපාදානේ භයං දිස්වා - අනුපාදිය මානෝ මුත්තෝ පාපිමතො * පරිඥ්ඥාතං පරිඤ්ඥෙයිය පරිඥ්ඥාතන්ති - පහාතබ්බංච පහීනං පහීයායන්ති - භාවේ තබ්බංච භාවිතං භාවිතා තංති * ආහාර සමුදයං සඳහා චක්ඛු ලෝකේ පිය රූපං සාත රූපං ආදී ලෙස පංචස්කන්ධයම උපාදානය කර ගැනීමෙන් මාර උගුලට හසුවීම - මනෝමය කාය තුල ආසය තැන්පත් වීම - මහා කල්ප අනූඑකක් දක්වා කර්මබීජ සජීවී වීම * අභිසංකාරයක් වූ පින උපාදානය * සුඛ වේදනා - නන්දති අභිනන්දති අභිවඩති අජ්ජෝසාය ඨිත්ඨති - රාග අනුසයං අනුසේති * දුක් වේදනා - ශෝචති කිලමති පරිදේවති උරක්ඛාලිංකන්දති සංමෝහංආපජ්ජති - පටිඝ අනුසයං අනුසේති වීම * ඡඡක්ක සූත්‍රයේ පෙන්වන කාය තිස් හයක් * ආයතන සෝ උපපරික්ඛති - ධාතු සෝ උපපරික්ඛති -චතුසු වහරේසු සො උපපරික්ඛති * භවිස්සති සහ විපස්සති * රූපං - රූප සමුදයං - රූප නිරෝධං - රූප නිරෝධ ගාමිණි පටිපදං - ලෙස චතුඅරිය සච්ච දැකීම * විපරීත දස්සනයෙන් මිදී සංමාදිට්ඨියට පත්විය හැකි බව * සංඥා වේදයිත නිරෝධය * නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය වීම * අත්තාහි යොවදෙය්ය අනත්තා බවදැකිය යුතු * මම,මගේ,මගේ ආත්මය ලෙස ගැනීම සහ සහ මම නොවේ,මගේ නොවේ,මගේ ආත්මය නොවේ යන අන්ත දෙකම වැරදි බව * උපාදානයෙන් මිදී නිදහස් වීම නම් වූ නිවන * ප්‍රශ්න >> කර්මබීජ සකස් වීම ගැන පහදා දෙන්න * ඡ ධාතු විභංගය පැහැදිලි කර දෙන්න * නිවන් මඟට අභිධර්මය තුලින් ලැබෙන උපකාරය පහදා දෙන්න * සතර මහා ධාතු වලින් සංකත සහ ගති සකස් කරන්නේ කෙසේද * එකම දේ දෙදෙනෙක් සමානව දකීද * පොදුවේ ගත් විට පංචස්කන්ධය යනු "සංඥා" ලෙස ගත හැකිද * ඉච්ච- පටිච්ච- අනිච්ච ද්වතාවය සහිතව පහදා දෙන්න * අනුසය - ආසය - ආසව - ආසවක්ඛය සහ බුදු සසුනේ පණදහසක් කල් යන්න පහදා දෙන්න * මාර්ග ඵල ලද අයෙක් මියගිය විට මනෝමය කාය ගන්ධබ්බ තත්වයේ සිටිනවාද * කෙනෙක් මිය යාමට ආසන්නයේ අන් අයගේ හඬා වැලපීම ඒ පුද්ගලයාගේ චුති සිතට බලපානවාද * චේතෝ විමුක්තිය සහ ප්‍රඥ්ඥා විමුක්තිය ගැන පහදා දෙන්න * ගති පුරුදු සහ හුරු හුරු පුරුදු පිළිබඳ පහදා දෙන්න* යම් යම් අතීත සිතිවිලි වලින් සමුදය බිහිවිය හැකිද * කලලයක් බිහිවීම යනු සතර මහා භූත අවකාශ විඥ්ඥාණ සමඟ ගෙන එකතු කිරීම මද >>>

නිකිණි පොහොය 2022

සලායතන - ඡන්දරාගයට බැඳීම - තණ්හා - පටිඝ- අවිජ්ජා ලෙස තුන් ආකාර වූ අනුසය බිහි කරගැනීම * ත්‍රිජ කායේ උපකාරයෙන් මනෝමය කාය තුල කර්මබීජ තැන්පත් කරගැනීම * දීඝංවා - රස්සංවා ලෙස ආකාර දෙකකින් නැවත නැවතත් මතුවන අරමුණු නිසා නොකඩවා අනුසය උපදවා ගැනීම *දුක්ඛේ අඥ්ඥාණං හෙවත් චතුඅරියසච්ච ගැන නොදැනීම * දුක් පැවැත්මට හේතුවන කර්මබීජ රැස් කිරීමේ ආයතනික රටාව -- ඛීණංපුරාණං ගාථාවේ පෙන්වන ධර්මතාවය * සියලු ලෝක සත්වයින්ට අනිවාර්‍යයෙන්ම පංචස්කන්ධය භාවිතා කිරීමට සිදුවීම සහ උපාදානයෙන් තොර සැහැල්ලු පැවැත්ම සඳහා නොබැඳී පංචස්කන්ධය භාවිතා කළයුතු ආකාරය * බුද්ධ කාලයටත් පෙර සිට තිබූ කසින භාවනා සහ ප්‍රාණයාම භාවනා * හේතුං පටිච්ච සංභූතං හේතු භංගා නිරුජ්ජති යන බුද්ධ දේශනාවේ හරය * මහාපරිනිබ්බාණ සූත්‍රයේ පෙන්වන චත්තාරිමානිඨානානි අනුගත වීමේ වටිනාකම * අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා ලෙස වටහා ගැනීම අනුව, මතුවන කෙලෙස් අරමුණ ඉවත්කිරීමට ගැලපෙන සේ සතර ඉරියව්වේදීම අනුගමනය කළහැකි චතුරාරක්ඛා සහිත ආනාපානසති සමාධි භාවනාව ඒකධම්මො භාවිතො බහුලීකතෝ ලෙස නිවැරැදි වත් ප්‍රායෝගිකවත් යුගනද්ධවත් යුඥ්ඣති අනුයුඤ්ජති ලෙස අනුගමනය කළයුතුබව >>> >>>මනුස්සත්ත සහ මනුස්සත්ත පටිලාභය අතර වෙනස කුමක්ද * බුද්ධං - ධම්මං - සංඝං සරණං ගච්ඡාමි යන පදවල පරමාර්ථය * ගති පුරුදු සහ හුරු පුරුදු ගැන පහදා දෙන්න * ජීවමාන බුදුපියාණන් සතුන්පිටින් නොවැඩියත් දන්ත ධාතුව අලිඇතුන් පිටින් රැගෙන යාම ගැලපේද *උදයව්‍යා ඥාණය සහ උදයංගම - අත්තංගම ආදී ගැන පහදා දෙන්න * උප්පත්ති සහ උපප්පජ්ජති යන්න පහදා දෙන්න * ද්වේශයක් මතුවී ඊට ප්‍රතිචාර දක්වා නැවත නිවැරැදි වීමට මඟ පහදා දෙන්න * සතිය සහ සිහිය අතර වෙනස පහදා දෙන්න * රාග,ද්වේශ , මෝහ බව ඉපදීම, තැන්පත් වීම, බඹයක් පමණ වූ ශරීර කූඩුව තුල ක්‍රියාත්මක වීම වන්නේ තමන් විසින් මද * නිති පන්සිල් පොහොය අටසිල් ලෙස බුදුපියාණන් දේශනා කළාද * තුන්සූත්‍රය බෞද්ධයින් හට කෙසේ උපකාර වේද * "සං" යන්න නිවනට සහ පැවැත්මට කෙසේ බලපානවාද * මියගිය තම දරුවා හීනෙන්වත් නොපෙනෙන්නට හේතුව කුමක්ද * යම් දෙයකට කැමැත්තක් ඇතිවීම ප්‍රශ්නයක් නැතත්,එය සසර දිගුවන කර්ම බීජයක් බවට පත් නොවන සේ කටයුතු කිරීමට හඳුනා ගන්නේ කෙසේද *ලොව බිහිවූ සැමටම කැමති දෙයක් කැමති සේ භාවිතා කිරීමේ අයිතියක් ඇති මුත්, උපාදානයෙන් තොරව භාවිතා කරන්නේ කෙසේද * රූප රූප,ශබ්ද රූප ආදීවූ පංචස්කන්ධ රූප යනු සතරමහා භූත වල එකතුවකට තමන් තුල හදාගෙන ඇති ගතියක් හෙවත් ස්වභාව තත්වයද * සතරසතිපට්ඨාන සූත්‍රයේත්, කායගතාසති සූත්‍රයේත් පෙන්වූ පරිදි වැඩිය යුත්තේ ආනාපානසති භාවනාව නම් අනාර්‍ය හෝ අරිය ධ්‍යාන ලෙස ප්‍රතිඵල දෙකක් ලැබෙන්නේ ඇයි - එවන් ධ්‍යාන ලැබූ යෝගාවචරයන් නිවන් මඟට යොමු කිරීමට මරණානුස්සතිය වැඩියයුතුද * බොහෝසේ පිංකම් කරමින් සිට මියගිය ඥාතියෙක් අමනුස්ස වෙසකින් පවුලේ කෙනෙකුට ආරූඪ වී ඇත,ඔහුව සුවකර ගැනීමට කළයුත්තේ කුමක්ද * කරජ - මනෝමය - චිත්තජ යන කාය තුන සහ විඥ්ඥාණය අතර සම්බන්ධ තාවය පහදා දෙන්න * සමුදය කරගන්නා කර්මබීජය මේ ජීවිතයේදීම අවසන් වේද * අනුසය ගැන පහදා දෙන්න * පජානාති වූ අයෙකුට යම් අකුසලයක් නිසා නැවත නප්පජානාති බවට පත්විය හැකි ද * කොණ්ඩඤ්ඤ තව්සා ධර්මාවබෝධය ලබද්දී දහ අටකෝටියක් දෙවියන් මඟඵල ලැබූ බව සත්‍යයක්ද >>>

09. බුද්ධ භාවනා - මීරිගම (2022-06-22 pm)

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36 37 38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255  256