අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

09. බුද්ධ භාවනා - මීරිගම (2022-02-02 pm)

08. බුද්ධ භාවනා - මීරිගම (2022-02-02 am)

07. බුද්ධ භාවනා - මීරිගම (2022-02-01 pm)

06. බුද්ධ භාවනා - මීරිගම (2022-02-01 am)

05. බුද්ධ භාවනා - මීරිගම (2022-01-31 pm)

04. බුද්ධ භාවනා - මීරිගම (2022-01-31 am)

​නළකලාපසුත‍්තං - ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව - 19/03/2022

මහා සැරියුත් සහ මහාකොට්ඨිත යන අරිහතුන්වහන්සේලා අතර වූ සාකච්ඡාවක් තුලින් දේශනා වූ නලකලාප සූත්‍රය >>> මහාකොට්ඨිත හිමියන් සැරියුත් හිමියන් ගෙන් පටිච්චසමුප්පාද ධර්මයේ පෙන්වන ජරා මරණ - ස්වයංඛතද /පරංකතද ලෙස විමසූ පැනය අනුව, අනුන් කලාද නොවේ, තමන් කලාද නොවේ - අනුන් නොකලාද නොවේ ,තමන් නොකලාද නොවේ,, ඊට හේතුව නම් ජාති (උපත) වේ, ලෙස පිලිතුරු දීම * ඒ අනුව මහා කොට්ඨිත හිමි නැවතත් එසේ නම් ජාතියට හේතුව කිමැයි විමසීමේදී පෙර සේම තමන් විසින් කලාද නොවේ අනුන් විසින් කලාද නොවේ, තමන් නොකලා ද නොවේ අනුන් නොකලාද නොවේ - ඊට හේතු නම් බව වේ, ලෙස දේශනා කිරීම * ඒ ආකාරයටම පටිච්චසමුප්පාද ධර්මයේ අවස්ථා අවරෝහණ ක්‍රමයට පහදා විග්‍රහ කරමින් • බව ට හේතුව උපාදානය බවත්, • උපාදානයට හේතුව තණ්හා • තණ්හා හේතුව වේදනා • ඵස්ස • සලායතන • නාමරූප • විඥ්ඥාණ • සංකාර • දක්වා අවිජ්ජා වෙන් පටන් ගන්නා ආකාරය පෙන්වා දීම * එම අවස්ථා නවයම එකිනෙකට අඤ්ඤාමඤ්ඤ ලෙස යැපෙමින් සමුදය බිහි කරගන්නා ආකාරය පිලිබඳව එක්ව මිටිකොට, බඳින ලද නලකලාප (බටමිටි දෙකක්) එකිනෙකට ඔවුනොවුන් ඇසුරු කොට තබා කෙලින් පවත්වාගෙන යාහැකි ආකාරය උපමාකොට, නාමරූප නිසා විඥ්ඥාණ සහ විඥ්ඥාණ නිසා නාමරූප පවතින ආකාරයද ඒ ආකාරයෙන්ම අනෙක් අවස්ථාද එකෙනෙක මත යැපෙමින් සසර ගමන පවත්වා ගෙන යන ආකාරය පැහැදිලි කොට පෙන්වා දීම * ජාති සිට ආපස්සට සංකාර බිහිවීම - අවිජ්ජා දක්වා කළ විග්‍රහය නැවත අවිජ්ජා පච්චයා සංකාර සිට ජාති දක්වා - ජාති හේතු කොට ජරාමරණ අවස්ථාව දක්වාත් නැවත පහළ සිට ඉහලට එකිනෙක අන්නෝන්‍ය ලෙස උපකාර වෙමින් සංසාර ගමන සකසා ගැනීම ගැන විග්‍රහ කිරීම * එහිදී කොට්ථිත හිමියෝ කාය 36 ක අවස්ථා පැහැදිලි ලෙස අශ්චරිය ලෙසින් දැන ගත් බව පවසා, ජරාමරණස්සවේ ආවුසෝ භික්ඛු ජරාමරණං නිබ්බිදා ය, විරාගාය නිරෝධාය ධම්මං දේසේති ,,ධම්ම කථිකො භික්ඛූති, අලංවචනාය ලෙස ජරාමරණ වලින් මිදී නිදහස් වන ආකාරය ධම්ම කථිකයෙක් විසින් දේශනාය වියයුතු බව පවසා අගය කිරීම * ධම්ම කථිකයෙක් වීමට නම් බැඳි බැඳී ආ සසර ගමන නොබැඳිම සඳහාම නිබ්බිදා බහුලෝ විහරෙය්ය වීම සඳහාම, ධම්මානුධම්ම පටිපන්නෝති භික්ඛූ අලංවචනාය සඳහාම ධර්මය දේශනා කළ හැකි අයෙක්ම - අනුපාදා විමුක්තෝ වූ අයෙක්ම විය යුතු බව * තේසං වට්ටං නත්ථි වීමටම ධර්මය දෙසිය යුතු බව * ධම්මානුධම්මෝපටිපන්නෝ නම් ඔහු දිට්ඨධම්ම නිබ්බාණප්පත්තෝ අයෙක් බව * බුද්ධානුස්සතිය නිවැරැදිව කියා දෙන එබඳු උත්තමයා ධම්ම කථික අයෙක් බව * සියලු උපාදානයෙන් මිදී නිදහස්වීමට හේතුව ඵලය සහ ඵල හේතු අඤ්ඤාමඤ්ඤ වශයෙන්ම ක්‍රියාත්මක වීම නවත්වා නිබ්බිදා විය යුතු බව * ප්‍රශ්න >>නිබ්බිදාය, විරාගාය නිරෝධාය ,පටිනිස්සග්ගාය වී,මෙහි පෙන්වූ පටිච්චසමුප්පාදයේ සෑම පියවරක්ම අපතුල ක්‍රියාත්මක වන අවස්ථාව සහ ඉන් මිදී නිදහස් වීමද අප තුල ක්‍රියාත්මක වී, නිබ්බිදා වන අවස්ස්ථාව කොතැනදැයි දැන ගන්නේ කෙසේද * නලකලාප සූත්‍රයේ විඤ්ඤාණ නිරෝධ නාම-රූප නිරෝධෝ කියන තැන ,පංචස්කන්ධය උපාදානය නොකර පූර්ණ වශයෙන් නිදහස් වන පුද්ගලයා නිබ්බිදා විරාගා, නිරෝධා පටිනිස්සග්ගා වී,ජාති ජරා මරණ සදහටම අවසන් කරන පුද්ගලයෙක් වෙනවාද * ආදීනව අවස්ථාව විග්‍රහ කර දෙන්න * ධම්මානුධම්ම පටිපදාව අනුගමනය කිරීමේදී ඉවසා විමසා කටයුතු කරනබව පැහැදිලියි ,එහෙත් පරිවජ්ජනා පහාතබ්බා යන අවස්ථාවක කෙබඳු අවස්ථාවක් දැයි ප්‍රායෝගිකව පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි * විවාහ ජීවිතයක් ගත කරන අවස්ථාවේ සහ රාජකාරි අවස්ථාවේ ප්‍රායෝගිකව පරිවජ්ජනා පහාතබ්බා කිරීමේ හැකියාවක් ඇත්ද * මේ ධර්මය දැනගන්නට පෙර පන්සලේ සහ දහම්පාසලේ පාවිච්චි කළේ රේරුකානේ හිමියන්ගේ පොත්ය, ඒ පොත්වල ඇති ධර්මය නිවන්මඟට වෙනස් වේද * නිබ්බිදානුපස්සී විහරති නන්දිං පජහති යන්නෙහි "නන්දි" යන්න පහදා දෙන්න *දුක සහ දුක්ඛ යන දෙකම සතර අපාගත වීමට හේතුවක්ද * අපගේ හිතේ තදින්ම (තදූභයං පටිච්ච වූ ) තැන්පත් වූ බලාපොරොත්තුවක් ඉටු නොවන විට එයින් මිදී නිදහස් වීමට ආනපාන කරන්නේ කෙසේද * සංඛාර විසංකාර කිරීමට හැකියාවක් තිබෙන විට ඒ මොහොතේම බුද්ධානුස්සතිය වැඩිය යුතුද * ජාතිය සහ බව යනු දෙකක්ද * සද්ධා ඉන්ද්‍රිය මතුවීම යනු සෝතාපත්තියට පත්වීමද * ධම්මානුධම්ම පටිපදාවේ අනු ධම්ම පටිපදාව යනු කුමක්ද *නිවස අවට එලවා දැමූ බලු බලල් වැනි සතුන්ට කෑම දුන්නත් එතැනදී මා යම් පීඩනයට පත්වේ,ඒ ඇයි * සිත කලකිරෙනවා යනු අකුසලයක්ද * අන්ධ භාවයට පත්වූ පුද්ගලයෙක් හට ධර්මය අසා සෝතාපත්තියට පත්විය හැකිද * පටිනිස්සග්ගා යන්නෙහි අරුත පහදා දෙන්න * ඇසතු බෝධිය ගෝතම බුදුන් හට බෝධිය බවට පත් වුවද වෙනත් බුදුවරුන් සංබෝධියට පත්වූ වෙනත් බෝධි වෘක්ෂයන් පිහිටියේත් මෙම ස්ථානයේමද * නිවෙස් වල නිතර පිරිත් දේශනා කිරීම අවශ්‍යද * නිවසක් හදන්නට පෙර බහිරව පූජාවක් තැබීම අවශ්‍යද - එවන් බහිරවයෙක් ලෙස යම් කෙනෙක් සිටීද * තයොධම්මා යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද * පතිරූපදේශය යනු පහදා දෙන්න >>>

පරවීමංසන සුත්තං(III) - ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව - 18/03/2022

සබ්බසොදුක්ඛස්සාමීති- පරිවිමංසමානෝ පරිවීමංසෙයිය * සියලුම දුක්දුරු කරන ආකාරය ගැන විමංසනය කලයුතු ක්‍රමය පෙන්වා වදාල පරවීමංසන සූත්‍රය .* ලෝකයේ උපදින නා නා විධ වූ දුක් සහිත බව නිසා.. ජරාමරණං බවට පත්වීම හා ඊට හේතු >>> # කිං නිධානං - කිං සමුදයං- කිං ජාතිකං - කිංපබ්බවා - කිස්මිං සති ජරාමරණං හෝති # අනේකවිධ දුක් වලට මුල්වනහේතු බිහිවන ආකාරය ගැන අග සිට මුල දක්වා විග්‍රහය >> # ජරාමරණං ච පජානාති - ජරාමරණ සමුදයංච පජානාති - ජරාමරණං නිරෝධංච පජානාති - යාච ජරාමරණ නිරෝධස්ස නිරෝධ සාරුප්ප ගාමිණීපටිපදංච පජානාති. # සමුදය නිසා ජරාමරණ ඇති වන බවත්, අනුධම්මචාරී පටිපදාවේ පිහිටීමෙන් මෙම ජරාමරණ සමුදය වීම නැවැත්විය හැකි බවත්, # ජාති පනායං - කිං නිදානං- කිං සමුදයං-කිං ජාතිකං - කිං පබ්බවා - කිස්මිං සති ජාති හෝති - කිස්මිං අසති ජාති නහෝති. # ජාති පනායං ආදී කොට ඇති බව බවට හේතු වන උපාදානය - උපාදානයට හේතු වන තණ්හා - තණ්හාවට හේතු වේදනා - වේදනා හේතු සංඵස්ස - සංඵස්ස හේතු සලායතන - සලායතන හේතු නාමරූප - නාමරූප හේතු විඥ්ඥාණ - විඥ්ඥාණ හේතු සංකාර - ආදී ලෙස අගසිට මුලදක්වා විස්තර කිරීම. # අවිජ්ජාමුල පටිච්චසමුප්පාදයේ එකිනෙක අවස්ථා නිරෝධ කරමින් ජාති නිරෝධය දක්වා # සියලු දුක්ඛක්ඛය පිණිස සංකාර නිරෝධාය කළයුතු බව. # අවිජ්ජාගත බව නිසා,කාය - වචී- මනෝ, සංකාර අභිබවායමින් විඥ්ඥාණයෙන් කරන බලවත් අභිසංකාර තුනක්. * පින උපාදානය කර ගැනීමෙන්, * පාප උපාදානය කරගැනීමෙන් , ධ්‍යාන උපාදානය කරගැනීමෙන්, •පුඤ්ඤාභිසංකාර•අපුඤ්ඤාභිසංකාර • අනෙඤාභිසංකාර ,පිළිබඳ ගැඹුරින් ,,,, # අවිජ්ජා ගැන විග්‍රහයක් * සුඛ,දුක්ඛ,අදුක්ඛම- අසුඛ වේදනාහි අනිච්ච දුක්ඛ අනත්ථ බව දැකීම. # යමෙක් අරහත්වීමට කටයුතු කරයිනම් •පුඥ්ඥාභිසංකාර - •අපුඤ්ඤාභිසංකාර - •අනෙඤාභිසංකාර යන තයොමෙ සංකාර අභිසංකරෙයිය කිරීමෙන් ඉවත්වීම අනිවාර්යය බව * පින සහ කුසලය අතර ඇති පැහැදිලි වෙනස * අරිය ධ්‍යාන වුවද උපාදානය කරගැනීමෙන් නිවන් මඟ වැසෙන බව * * ත්‍රිපිටක පරිවර්තකයා විසින් පරවීමංසන සූත්‍රයේ ඇති මේ බලවත් සංකාරයන් පිළිබඳ කිසිදු තැකීමකින් තොරව නිවන් මඟ වැසෙන සේ>> කුසලය සමඟ පින ලෙසත් ,,,, අකුසලය යනු පව ලෙසත් පටලවමින් වැරදි ලෙස කළ සිංහල පරිවර්තනය භාවිතාව,, සහ බුද්ධ භාෂිතයේ නිවැරැදි අර්ථ -ධර්ම -නිරුක්ති පටිසංභිදා - අභාවිතයට යාම නිසා කුසලය අභිබවා පුණ්‍යාභිසංකාර මතු වී බුදු දහමට මහායාන දහම මිශ්‍රවීමෙන් බුද්ධාගමක් බවට පත් වී තුන්තරාබෝධිය යටපත් වීම. * දුකින් මිදීමම අරමුණු කොට වැඩිය යුතු සතර කමටහන් * මාතුල අළුලෙනේදී ත්‍රිපිටකය ග්‍රන්ඨාරූඩ කිරීම ගැන විස්තරයක් * සංගීති සූත්‍රය ඇසුරින් තයොමෙ අභිසංකාරා පිළිබඳ විග්‍රහයක් * # ලොව්තුරා දහම මතු කොට ඒ නිර්මල දහම අසා දැන - දැක ගැනීමෙන්ම සංසාර සම්බන්ධයෙන් මිදි නිදහස් විය යුතු බව * ප්‍රශ්න >> පරිවීමංසන සූත්‍රයේ පෙන්වන පුණ්‍යාභිසංඛාරත් කුසල මූල පටිච්චසමුප්පාද‍යේ පෙන්වන කුසල මූල සංඛාරත් අතර වෙනස කුමක්ද *බුදුපියාණන් වහන්සේ ශාක්‍ය ජනපදයට පැමිණ කරන ලද යමා මහ පෙලහර පෑම මහායාන අදහසක්ද * හිරිවඩුන්න බෝධි මූලයේ වජ්‍රාසනය වසා දැමීම සද්ධස්ස කුලකුලපුත්තස්සයින්ගේ නිවන් මඟට බාධාවක්ද *මේ ස්ථානවලට යා යුත්තේ සද්ධස්ස කුලපුත්තස්සයින් පමණද * පුණ්‍යාභිසංකාර අභිසංකරෝති යනු උපාදානයක්ද * "සං" යන ශබ්ද සංඥාව පෙළ දහම සකස් කිරීමේදී මාගධී බසට එක් වූ දෙයක්ද * බුදුපියාණන් බමුණකු හට පෙන්වා දුන් දස දිසාව කුමක්ද * නේතං මම නේතොහමස්මිං - න මේසො අත්ථාති යන්න පහදා දෙන්න * අනාගාමී පුද්ගලයාගේ විඥාණය ක්‍රියාත්මක නොවන නිසා ඔහුගේ සිත - කය - වචන -යෙන් පින් පව් රැස් විය හැකිද * අරිහතුන් වහන්සේ කෙනෙකුට විඤ්ඤාණ ශක්තියක් නැති නම් ජීවිතය පවත්වාගෙන යාමට ශක්තිය ලබා ගන්නේ කෙසේද * දහම් මග අනුගමනය කරන කෙනෙක් තම දැනුම අනුව, අන් අයගේ දැන ගැනීම පිණිස ධර්ම කරුණු ප්‍රකාශ කරනවා නම් එයින් අරිය උපවාදයක් වේද * පවුලේ කෙනෙකුට පහරදී මරණයට පත් කළ අයෙකු කෙරෙහි පරම මෛත්‍රීය වඩන්නේ සාමාන්‍ය විදිහටමද * නාම රූප විග්‍රහයේ වේදනා, සඤ්ඤා ,චේතනා, ඵස්ස, මනසිකාර සහ වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ, ලෙස බෙදා ඇතිවෙනස පහදා දෙන්න *අරහත් වූ පසු ණයගණුදෙනුවෙන් මිදී අවසන්ද - අනාගාමී හා අරහත් පුද්ගලයෙක් තමන්ගේ පෙර සංසාර ණය ගනුදෙනු පියවන්නේ කෙසේද * මග ඵල ලාභීන් නින්දේදී සිහින දකිනවාද * සාර්ථක විවාහ ජීවිතයක් ගතකිරීමට, සම සද්ධා - සම සීල - සම චාග - සම ප්‍රඥා පිහිටන්නේ කෙසේද * මඟ ඵල වලට පත්වෙද්දී කාමරාග පටිඝ ඉවත් වෙන ආකාරය පහදා දෙන්න * සතර කමටහන් වැඩීමේදී අසුභානුස්සතිය වඩන ආකාරය ගැන පහදා දෙන්න * දේවේශයක් එන විට මෙත්තානුස්සතිය වඩන්නේ කෙසේද * පෙර මියගිය ඥාතීන්ට සංසාරය පුරා කරගත් සියලු පින් අනුමෝදන් කළද, දැන් මියයන ඥාතියාගේ අවමංඟුලේ දී ඒ ඥාතියාට පිං දෙන්නේ කෙසේද * වජ්‍රාසනය වසා දැමීමට සම්බන්ධ වූ අයටත් සෙත් පතා කටයුතු කරන්නේ කෙසේද * හිරිවඩුන්න බෝධිය ළඟට ගිහින් බුද්ධ ශක්තියට අනුගත වූ අයෙකුට අවශ්‍ය වූවොත් නැවතත් බුද්ධ ශක්තියට අනුගත වීමට හැකිද * අග්ගික්කන්දෝපම සූත්‍රය සහ එය දේශනා කිරීමේ හේතුව ගැන පහදා දෙන්න * නිදන්ගත රෝගයකින් පීඩා විඳින අයෙකුට ඒ විඳින වේදනාව නිසා සමුදය උපදිනවාද * එත්තාවතාච ගාථාවේ ධර්ම අර්ථය පහදා දෙන්න * පින කුසලයක් බවට පත් වෙනවා සේම පව අකුසලයක් වන්නේ කෙසේද * බුදු- පසේබුදු - මහ අරහතුන් වහන්සේලාගේ ශරීරයේ ධාතුන් වහන්සේලා පිළිබඳව විස්තර කර දෙන්න >>>

මැදින් පොහොය​ 2022 - ​ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව

සමුදය නිරෝධ කිරීම පිළිබඳ චතු අරිය සච්ච සමඟ ගලපමින් විග්‍රහයක් . # පංචස්කන්ධය සහ නාමරූප පජානාති තුලින් ද , කුසලං -කුසල මූලං -අකුසලං -අකුසල මූලං පජානාති තුලින්ද, ආහාර ජජානාති තුලින්ද, චතුඅරිය සච්ච දැකීම . # දුක්ඛේ ඥාණං - දුක්ඛ සමුදයේ ඥාණං - දුක්ඛ නිරෝධේ ඥාණං - දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාය ඥාණං පජානාති වීම තුලින්ද, චතුඅරිය සච්ච දැකීම . * සංමාදිට්ඨික සූත්‍රය ඇසුරින් චතුඅරිය සච්ච ගැන තවත් ආකාරයක පැහැදිලි විග්‍රහයක් >> # ජාති,ජරාමරණ පජානාති - ජාති,ජරාමරණ සමුදයං පජානාති- ජාති,ජරාමරණ නිරෝධං පජානාති - ජාති,ජරාමරණ නිරෝධ ගාමිණී පටිපදං පජානාති තුලින්, # සංබවං - බව සමුදයං - බව නිරෝධං - බව නිරෝධ ගාමිණී පටිපදං පජානාති # උපාදානං - උපාදාන සමුදයං - උපාදාන නිරෝධං - උපාදාන නිරෝධ ගාමිණී පටිපදං පජානාති # තණ්හං - තණ්හා සමුදයං - තණ්හා නිරෝධං - තණ්හා නිරෝධ ගාමිණී පටිපදං පජානාති # වේදනං - වේදනා සමුදයං - වේදනා නිරෝධං -වේදනා නිරෝධ ගාමිණී පටිපදං පජානාති # සංඵස්ස -සංඵස්සසමුදයං - සංඵස්ස නිරෝධං - සං ඵස්ස නිරෝධ ගාමිණී පටිපදං පජානාති # සලායතනං - සලායතන සමුදයං - සලායතන නිරෝධං - සලායතන නිරෝධ ගාමිණී පටිපදං පජානාති # නාමරූපං - නාමරූප සමුදයං - නාමරූප නිරෝධං - නාමරූප නිරෝධ ගාමිණී පටිපදං පජානාති # විඥ්ඥාණං - විඥ්ඥාණ සමුදයං - විඥ්ඥාණ නිරෝධං - විඥ්ඥාණ නිරෝධ ගාමිණී පටිපදං පජානාති # සංකාරං - සංකාර සමුදයං - සංකාර නිරෝධං - සංකාර නිරෝධ ගාමිණී පටිපදං පජානාති # අවිජ්ජා - අවිජ්ජා සමුදයං - අවිජ්ජා නිරෝධං -අවිජ්ජා නිරෝධ ගාමිණී පටිපදං පජානාති ආදී ලෙස පටිච්චසමුප්පාද විග්‍රහයේ අවස්ථා නවය පජානාති වීම තුලින්ද චතුඅරිය සච්ච පිළිබඳ විග්‍රහ කිරීම * # ආසය අනුසයේ ඥාණං - ආසය අනුසයේ සමුදයං - ආසය අනුසය නිරෝධං - ආසය අනුසය නිරෝධ ගාමිණී පටිපදං පජානාති . * මුළු බුද්ධ දේශනාව පුරාම පෙන්වා දුන් නිවන් දැකීමට අනුගමනය කලයුතු ක්‍රමය වන්නේ සමුදය නිරොධයම පමණක් බැවින්, ඒ සඳහා ඒකායන මඟ වන, සතර කමටහන් ආනපාන සති සමාධි භාවනාව සහිතව නිවැරැදිවත්, ප්‍රායෝගිකවත්, යුගනද්ධවත් සතර ඉරියව්වේදීම වැඩීම සහ ඒ අනුව නිරායාසයෙන්ම සතර සංවර සීලය පූරණය වන බව * ඒ සඳහා යථාභූත ඥාණයක් ලැබීමට සිරිසද්ධර්ම ශ්‍රවණයෙන්ම මඟ දැනගතයුතු බව. * චතුසු වහාරේසු සහ පංචස්කන්ධ සෝ, ආයතන සෝ ,පටිච්චසමුප්පාද සෝ,ධාතු සෝ, උපපරික්ඛති ලෙසින් දැකීමෙන් ද සමුදය නිරෝධ කළ හැකි බව * අනුස්සති - අනුපස්සනා භාවනා. * ප්‍රශ්න >>> දිට්ඨාසව යනු පහදා දෙන්න * පැවැත්ම පවත්වාගෙන යාම සඳහා යම්කිසි ශක්තියක්, තල්ලුවක් ස්වභාවයෙන්ම ක්‍රියාත්මක වෙනවාද * ලෝක විනාශයකදී සිදුවන්නේ කුමක්ද * යථාභූත ඥාණය යනු කුමක්ද * කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම, පිළිබඳ ව පහදා දෙන්න * බුදුසරණ - දම්සරණ - සඟ සරණ හා ගච්ඡාමි සරණං බුද්ධං අතර සම්බන්ධය පහදා දෙන්න * ඉතිපිසෝ ගාථාවේ " සත්තා දේව මනුස්සානං" යන්න පහදා දෙන්න * බුද්ධ භාවනාව පුහුණු කරද්දී ඇතැම් අවස්ථාවල සමථයට පෙර විපස්සනාව සිදුවීම වරදක් ද * ආචින්න දේශනාව සහ අනාචින්න දේශනාව යනු කුමක්ද * වේදනාසු වේදනානුපස්සනාවේ චෛතසික ගැන පහදා දෙන්න *සම්ඵස්සවේදනා සහ සම්ඵස්සජා වේදනා යනු වචන දෙකක්ද * ලොව්තුරා බුදු වරයෙක් දෙවරක් පිරිනිවන් පානවා යන්න පහදා දෙන්න * සසංකාරික ගන්ධබ්බ උත්තමයන් වහන්සේලාට අරහත් බවට පත්වීමට නැවතත් ධර්මය ඇසීම අවශ්‍යද * අවිද්‍යා සහ එහි සමුදයං ,නිරෝධං, නිරෝධ ගාමිණී පටිපදං පජානාති ක්‍රමය සහ චතුසුවහරේසු ක්‍රමය එකක් ද * චතුන්නංච උපාදාය රූපවල අවකාශ ධාතුව උපාදානය කර ගන්නේ කෙසේද * මිච්චා සීලයක් අනුගමනය කරන තැනදී පංච නීවරණද ක්‍රියාත්මක වේද * උදයව්‍යාඥාණය ගැන පහදා දෙන්න * විජ්ජාචරණ සම්පන්නෝ ගුණය යනු කුමක්ද * සංසාර දිට්ඨියේ සිටිමින්ම සමුදය නිරෝධ කළ හැකිද - ධ්‍යානවල හිරවී සංකාර උපදින බව නොදකින්නේ සම්මාදිට්ඨියට පත් නොවීම නිසාද * සතර කමටහන් කිරීමේදී , ළඟින්ම ඇසුරු කරන පුද්ගලයන් කෙරෙහි කොපමණ මෙත්තානුස්සතිය වැඩූවද ද්වේශය අඩු නොවන්නේ ඇයි * පංචස්කන්ධය තුළ කායේකායක් ක්‍රියාත්මක වේද * සමහර අවස්ථාවල ගති පුරුද්දට යම් සංඛාර ක්‍රියාත්මක වුවත් ඒ මොහොතේම සතර කමටහන් වඩා සමුදය බිහි වීමට ඉඩක් නොදුන්නත්, මොහොතකට හෝ නිච්චසේ ගෙන සංකාරය ක්‍රියාත්මක වීම දක්වා කාලය තුල විශ්වයට අප තුලින් කලු කිරණ නිකුත් වෙනවද * මළගිය ඥාතීන්ට පිං දීමේදී මා විසින් සසරේදි කරන ලද පුණ්‍ය සම්භාරයන් සේ සලකන "සම්භාරය" කුමක්දැයි පහදා දෙන්න * හිරිවඩුන්න බෝධිමූලය පස් රොඩු දමා වසා දැමීම ගැන පැනයක් * භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස යනු කුමක්ද * තිරිසන් සතුන්ට පිංකම් කළ හැකි ද * සත්තට්ඨාන කුසල සූත්‍රය ඇසුරින් විඥ්ඥාණ ආහාර සම්බන්ධ පැනයක් * කුසලමූල සංඛාර යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද * කර්ම පථයක් සකස් වන්නේ කෙසේද * අරහතුන් වහන්සේලා පවා වැඩ සිටි දුටුගැමුණු රජතුමාගේ සමයේ එතුමා පින් පොතක් පාවිච්චි කලේ ඇයි * දසසිල් වල ගැඹුරු අරුත පහදා දෙන්න * බුද්ධ ශක්තිය පවතින ස්ථාන ගැන පැනයක් * යම් අයකු ලබා ඇති මාර්ග සහ ඵල පිළිබඳව වෙන අයකුට දැනගත හැකිද * තමන් අතින් යම් වරදක් සිදු වූ බව දැනගෙන එයින් මිදී නිදහස් වීමට ධර්ම මාර්ගයේ යන අයකුට හැකි නේද >>>

03. බුද්ධ භාවනා - මීරිගම (2022-01-30 pm)

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45 46 47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255