අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

01. බුද්ධ භාවනා - මීරිගම (2021-12-20 pm)

දුරුතු පොහොය​ 2022 - ​ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව

මඥ්ඥමානෝ • උපාදියමානෝ - බද්ධො මාරස්ස * අමඥ්ඥමානො • අනුපාදියමානෝ - මුක්තෝ පාපිමතෝ * සක්කාය සමුදය ගාමිණී මඟින් මිදී සක්කාය නිරෝධ ගාමිණී මඟට පිවිසීම - නිබ්බාණ ගාමී මඟ පෙන්වන පරියාප්ති සාසනය * දුක්ඛෙ අඥ්ඥාණං නිසා කෙලෙස් ගති තුනක් ක්‍රියාත්මක කරමින් දුක් පැවැත්මක් හදා ගැනීම * තණ්හා - පටිඝ - අවිජ්ජා - ලෙස අනුසය වර්ග තුනක් සහ ඒ අනුව මනෝමය කායතුල මුල්බැස ගන්නා ගති තුනක් හෙවත් තේසං හේතුං * අනුසය නූපදවා නානුසේති කිරීමෙන් ආසය තැන්පත් වීම නැවැත්වීම - කම්මක්ඛය <> ආසවක්ඛය * කුමන උසස් සිල්වතක් සමාදන් වුවත්,භාවනා කළත්, අරිය සාවකයෙක් වීමට නම් ඔහු සමුදය නිරෝධය ගැන අනිවාර්යයෙන්ම දැන ගතයුතු බව * දුක පිළිබඳ විග්‍රහයක් සහ කාම ලෝක හෝ දෙව් ලෝක හෝ බ්‍රහ්ම තල යනු දුකින් තොර ස්ථාන නොවන බව * පිංකම් ඉක්මවා කුසලස්ස උපසංපදා වන මඟ පෙන්වන බුදු දහම * සමුදය බිහිවීම ගැන හඳුනා ගැනීම සහ සමුදය නිරෝධ කිරීමට සුදුසුම අවස්ථාව වන්නේ මනුස්සත්ත පටිලාභයක් ලැබූ අවස්ථාව බව දැන ගැනීම * සමුදය නිරෝධය කිරීමෙන් අරිඅටග මඟද සහිතවූ දසාංගේ සමන්නාගතො පූරණය කරගත හැකි බව * බුදු දහම දේශනා කළේ ග්‍රන්ථ ධූරය පුරා උගතුන් බිහි කිරීමට පමණක් නොව විපස්සනා ධූරය පූරණය කොට නිවන් දැකීම පිණිස බව * අනුප්පාද නිරෝධයෙන් අනුසය බිහිවීම නවත්වා නානුසේති කිරීම * "ආනපාන සති සමාධි භික්ඛවේ ඒකධම්මො භාවිතො බහුලීකතෝ ,චත්තාරෝ සතිපට්ඨානේ පරිපූරෙන්තු සත්ත බොජ්ජංගේ පරිපූරෙන්තු ,ද්වින්නංපලානං අධිගතාහෝති පඥ්ඥාවිමුක්තිං පරිපූරෙන්ති " ගැන විග්‍රහයක් * පංචස්කන්ධ සෝ,ධාතු සෝ, ආයතන සෝ, පටිච්චසමුප්පාද සෝ, උපපරික්ඛති ගැන * සමුදය නිරෝධය පිණිස මූලිකම පියවර වන සතර සංවර සීලය * සතර කමටහන් භාවිතය ගැන කෙටි විග්‍රහයක් * බුද්ධ භාවනාවේ වචනම භාවිතා කරමින් බුදුපියාණන් දේශනා නොකළ දේ සතර කමටහන් ලෙස ප්‍රචලිත කිරීමෙන් අනුස්සති - අනුපස්සනා - විපස්සනා යටපත් කිරීම * කායේකාය නිසා උපදින්නට එන අනුසය නානුසේති කළයුත්තේ ඇයි * ත්‍රිපිටක ධර්මය අනුගමනය කරන අයෙක් නම් පින්කම් හෝ ධ්‍යාන උපාදානය නවත්වා, සමුදය නිරෝධ කිරීමම ඒකායන අධිෂ්ඨානය කොට නිවැරැදිව අනුගමනීය පටිපදාවේ යෙදිය යුතු බව සහ ඒ සඳහා සතර ඉරියව්වේදීම චතුරාරක්ඛා නිවැරැදිව වැඩීම ***** උපාදානයෙන් තොරව පංචස්කන්ධය පරිහරණය කරන ආකාරය පහදා දෙන්න * පිළිකුල් භාවනාව යනු අසුභානුස්සතියද *කාමරාග පටිඝ වලින් මිදී සකෘදාගාමිබවට පත්වෙද්දී ආමිසයෙන් මිදී නිරාමිස සුවයට පත්වීම යන්න පහදා දෙන්න * පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතෝහෝති යන්න ගැන පහදා දෙන්න * බුදුගල පිරිනිවන් මඤ්චකය ගැන පැනයක් * සමුදය නිරෝධ කොට අවසන් කළ උත්තමයාටත් මනාප අමනාප යන දෙකක් ඉතුරුව තිබේද * අනුප්පාද වශයෙන් සමුදය නිරෝධ කළ බුදුපියාණන් වහන්සේත් ආනපාන සතියෙහි යෙදුනේ ඇයි * මොහොතක් මොහොතක් පාසා සමුදය නිරෝධ ක්‍රියාවලියේදී අප සිටින්නේ ක්‍රියා සිතකින් ද * සිරිසද්ධර්මය හෝ දේශකයාණන් වහන්සේ ගැනම කල්පනා කරමින් සිටීම උපාදානක්ද *චතුත්ථ ධ්‍යානය සහ මාර්ගඵල යනු එකක්ද * අවිද්‍යා අනුසය බිහි වන ආකාරයත් එය ඛය කර නිදහස් වෙන ආකාරයත් පහදා දෙන්න *"කුසල් රැස් කරනවා" යන සම්මත පාඨයෙහි නිවැරදි අරුත පහදා දෙන්න * සිතක උපදින වේමත්තතාවය,සමුදයංච -අත්තංගමංච - අස්සාදංච, ආදිනවංච, නිස්සරණංච ලෙස දැකීය හැකිදැයි පෙන්වා දෙන්න * සතර කමටහන් නිවැරැදිවත් යුගනද්ධවත් වඩන ආකාරය පහදා දෙන්න * අසුභානුස්සතිය, මරණානුස්සතිය වැඩීමේදී සිතින්කළ යුත්තේ කුමක්දැයි පහදා දෙන්න * නියාම ධර්මවල චිත්ත නියාමය සහ බීජ නියාමය අතර සම්බන්ධතාවයක් තිබේ ද * බෞද්ධ භික්ෂූන් වහන්සේලා ලෙස පෙනී සිටින අය කෝටි ප්‍රකෝටි ගණන් ධනය රැස් කිරීම බුද්ධ දේශනාවට ගැලපේද * ආපෝ තේජෝ ඇතුළු මහා භූත එකතු කරමින් සංකාරයක් කොට විඤ්ඤාණය විසින් කරජකායක් සෑදීමේ ක්‍රියාවලිය ගැන විස්තර කර දෙන්න * ''අනිස්සිතෝච විහරති නච කිංචි ලෝකේ උපාදියති - ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේකායානුපස්සී විහරති" ලෙස සතර සතිපට්ඨානයේ පෙන්වාදෙන පාඨ කොටස් වල අර්ථ,ධර්ම, නිරුක්ති, විග්‍රහ කර දෙන මෙන් ඉල්ලා සිටිමි * සම්ඵප්‍රලාප සහ පිසුනාවාචා යන්න පැහැදිලි කර දෙන්න *පටිවිරතෝහෝති සීලය යනු පහදා දෙන්න >>>

දුතිය සද‍්ධම‍්මසම‍්මොසසුත‍්තං - ​ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව - 16/01/2022

ධම්මවිහාරීහෝති වීම යනු * ධම්ම විහාරී බවින් ඈත්වී සාසනය පිරිහීමට හේතුවන අවස්ථා හතරක් ***පරියත්ති බහුලෝ - සජ්ජාය බහුලෝ - සඥ්ඥා බහුලෝ - විතක්ක බහුලෝ යන අවස්ථා පිළිබඳව විස්තරාත්මක විග්‍රහයක් . * පටිසල්ලානං - අත්ථං පඥ්ඥාය නප්පජානාති වූ, සියලු දැනුම ඇති මුත්, ඒ දැනුම හුවා දැක්වූවත් අනුගමනීය ප්‍රතිපදාවේ නොයෙදීම - ඒ අනුව සාසනය පිරිහීමට පත්වෙයි. * ධම්මවිහාරීහෝති වූ අනුගමනීය පටිපදාවේ යෙදෙන සුතවත් අරිය සාවකයා - ඉදභික්ඛවේ භික්ඛු ධම්මං පරියාපුනාති උත්තරිංච පඥ්ඥාය අත්ථං පජානාති සෝ ඒවංකෝ භික්ඛු ධම්ම විහාරී හෝති *යුඥ්ඣති - අනුයුඥ්ඦති අජ්ජත්තංචේතෝ සමථං - ලෙස පටිපදාව අනුගමනය කරයි * ආරභති නෙක්ඛමති- යුඥ්ඣති බුද්ධ සාසනයේ යෙදෙයි * සතර කමටහන් නිවැරැදිව දැන අනුගමනය කිරීම ඇරඹීමෙන් අකුසලයෙන් නිදහස් වී ඒ අනුව බව උදුරා දමා බැම්මෙන් මිදී නිදහස් වෙයි <<<සමත්ථ නියාම සූත්‍ර >>> කුසලේසු ධම්මේසු සමත්ථං කථිකං පරිභෝති - අත්ථානං පරිභෝති පුද්ගලයා ගැන *දුප්පඥ්ඥෝ හෝති - ජලෝපලිමුගෝ - කෙළතොළු - දුප්ප්‍රාඥ්ඥ - අනඥ්ඥාතේ - අඥ්ඥාතමානෝහෝති සේ මානයකින් කටයුතු කරන පුද්ගලයා ගැන * ඔහු සිරි සද්ධර්මය නොදනී - පින්කම් උපාදනයෙන් සසර දිගුවන ආකාරය නොදනී - යැදුම් ,පැතුම් ආදියට උපදෙස් දෙයි * ඔහු කුසලේසු ධම්මේසු සමත්ථං නොව ඔක්කමිතුං වෙයි. <<<සද්ධම්ම සංමෝහ සූත්‍රය >>> නිවැරදි බුද්ධ දේශනාව වැසී යටපත් කිරීමට හේතු කාරක සකස් කරන පුද්ගලයින්පහක් ගැන >>> සංමෝහංආපජ්ජති ලෙස ධර්මය අන්තර්ධාන කිරීමට හේතු සකසන පුද්ගලයින් ගැන විවරණයක් . * ධම්මං න පරියාපුණ්නංති, * න විත්ථාරෙන පරෙසංදේසේති, * න විත්ථාරෙන පරෙසංවාසන්ති, * න විත්ථාරෙන පරෙසංසජ්ජායං කරොති, * අනුවිතක්කේති - අනුවිචාරේති , මනසාපේතුකෙ න චේතසා ,,,,ආදී කොට ඇති, ඉමෙකො භික්ඛවෙ පංචධම්මා සම්මෝසාය අන්තර්ධානාය සංවත්තති - *ධර්මය අන්තර්ධාන නොවන සේ - සද්ධම්මඨිතියා - අසංමෝසාය අනන්තර්ධානාය පිණිස වන කරුණු ගැන , ** සබ්බධම්ම මූලපරියාය - සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය - සබ්බාසව සූත්‍රය - සත්තට්ඨාන කුසල සූත්‍රය - අනුධම්ම සූත්‍ර * අනත්ථ ලක්ඛණ සූත්‍ර - ඡඡක්ක සූත්‍රය ආදී කොට ඇති සූත්‍ර තුල පෙන්වන පරියාප්ති සාසනය සහ පටිපදාව විග්‍රහ කරන මහා සතර සතිපට්ඨාන සූත්‍රය ආදී සූත්‍ර දේශනා ගැන, *බුද්ධ ධර්මය මතු කිරීම පිණිස මාගධි බසෙහි විශේෂත්වය * මාගධී බස නොවැටහෙන අයට වටහා ගැනීමේ පහසුව පිණිස බුද්ධකාලයේ විසූ පහාප්‍රාඥ්ඥයන් වහන්සේලා විසින් අර්ථ ධර්ම නිරුක්ති පටිසංභිදා සහිතව අට්ඨකතා ලියා තැබූ ආකාරය, *සීහළට්ඨකථා මහාඅට්ඨකතා ආදීකොට ඇති අට්ඨකතා තුලින් නිවැරදි දහම ඉදිරියට පවත්වා ගෙන ආ අයුරු, * අට්ඨකතා තුලින් නිවැරදි අනුගමනීය පටිපදාව දැන නිබ්බාණ මඟ පූරණය කර ගැනීමට පැරණි බෞද්ධයින් කටයුතු කළබව, * කල්‍ යාමේදී බුද්ධඝෝෂ හිමිගේ පැමිණීම පටන් - අට්ඨකතා කොටසක් පාළිබසට පරිවර්තනය කිරීමේ සිට - අටුවාපොත් ගිනිබත් වීම * හෙළ අටුවා අභාවිතයට යාමෙන් නිවැරදි බුදු දහම වැසී යාම * මාතුල අළුලෙනදී ග්‍රන්ඨාරූඪ කරන ලද ත්‍රිපිටකය සහ ගැඹුරුදහම සහිතවූ ප්‍රකරණ පොත් ආදී දහම් පොත් විනාශ නොවූ බැවින් පිරිසිදු සද්ධර්මය පූර්ණ වශයෙන් යටපත් කළ නොහැකි වීම * කෑගල්ලේ මාතුල අළුලෙන තිබූ පොත් එංගලන්තයට ගෙන යාම * පසුකාලීනව ත්‍රිපිටකයද පරිවර්තනය කිරීම නිසා අර්ථ විකෘති වීම* රට පුරා පන්සල් වල ඉතිරිවූ සමන්තප්‍රාසාදිකාව සහ විශුද්ධි මාර්ගය වැනි පරියාප්ති සාසනයට පරිබාහිරවූ පොත් ත්‍රිපිටකය අභිභවා දහම ලෙස ඉහලින් භාවිතයට ඒම නිසා සාසන පරිහානියක් සිදුවීම*පරියාප්ති,ප්‍රතිපත්ති,පටිවේධ,සාසනය - සුනාථ ධාරේථ චරාථ ධම්මේ ලෙස යුඥ්ඣති බුද්ධ සාසනය මතුකළ යුතු බව *ප්‍රශ්න >>> බුද්ධඝෝෂ හිමි නව ධර්මයක් ප්‍රචලිත කලාද * බුද්ධඝෝෂ යනු සිංහල බෞද්ධයෙක්ද * පැවිදි අධ්‍යාපන ආයතන හරහා බුද්ධඝෝෂ හිමිගේ ග්‍රන්ථ ඇසුරෙන් එම ධර්මය ස්ථාපිත කරන්නට දරණ වෑයම නිවැරදි කරන්නට කුමක් කළ යුතුද * උපසම්පදාව යන්නෙහි ධර්මානුකූල විවරණය මගඵල ලැබීමද *යම් දෙයක් කිරීමට යාමේදී හෝ සිතීමේදී හිත ඇතුලාන්තයෙන් හොඳ පුද්ගලයෙකු කතා කරනු මෙන් සහ නරක පුද්ගලයෙකු කතා කරනුසේ දැනේ ,මෙය විඤ්ඤාණයේ ක්‍රියාවක් දැයි පැහැදිලි කර දෙන්න *අනාගාමී පුද්ගලයෙකු තුල ක්‍රියාත්මක වන විඥ්ඥාණය කෙබඳුද * තමන් කෙරෙහි වෛරයෙන් පසු වන කෙනෙකු කෙරෙහි පරමමෛත්‍රිය පැතිරවීමෙන් එම බාහිර පුද්ගලයා තුළ මුල් බැසගත් වෛරය නැති කළ හැකිද * පීති සම්බොජ්ඣංගය සහ පස්සදි සම්බොජ්ජංගය අතර වෙනස කුමක්ද * කූරගල චන්දන කාලතිත්ථ යන ප්‍රදේශ ශාක්‍යයින් ජිවත් වූ බවට ප්‍රසිද්ධ නාලිකාවක කියැවුනු කාරණය සත්‍යයක්ද *අනිච්ච- දුක්ඛ -අනත්ථ- ප්‍රායෝගිකව මෙනෙහි කිරීම උදාහරණයකින් පැහැදිලි කරන්න * සංඝමිත්තා තෙරණිය ගේ ගිහි දිවිය සහ සුමන සාමනේර‍යන් පිළිබඳ පැනයක් * නාමරූප පිලිබඳව තව දුරටත් උදාහරණයකින් පහදා දෙන්න * සංමා ආජීවෝ සහ ආජීවක පාරිශුද්ධ සීලය ගැන පහදා දෙන්න * අනාශ්‍රව චිත්ත අපට ඇති වන්නේ කුමන අවස්ථාවේ ද * අව්‍යාකත සිත සහ අදුක්ඛම අසුඛ සිත සමානද * වේදනා ගැන විග්‍රහයේදී දුක්ඛ,සුඛ යන වචන වලට "අ" යනු යොදා අදුක්ඛම අසුඛ සේ ඒ අතර මැනීම මෝහය ලෙස විග්‍රහ කර ඇත,මෙසේ මාගධී බසේ වචන වලට "අ" යන්න යෙදීම ගැන පහදා දෙන්න * සකෘදාගාමී ඵලයට පත්වූ පුද්ගලයෙක් සහ සෝවාන් පුද්ගලයෙකු අතර ඇති ප්‍රධාන වෙනස්කම් මොනවාද * භවිස්සති යන්නෙහි තේරුම ආනපාන යන්නමද *මතකය සහ නිත්‍ය අතර සම්බන්ධ තාවය කුමක්ද * ජයසිරිමහාබෝධිය ඉදිරියේ බුද්ධ ශක්තියට අනුගත වීමට ගිය අයෙකුගේ අත්දැකීමක් ගැන පැනයක් * ඵරුෂාවාචා, පිසුණා වාචා,සංපප්ප්‍රලාපා යන වචන වල අරුත් පහදා දෙන්න * ලෝක විනාශයකදී මධ්‍ය මණ්ඩලයේ තිබෙන අතීත බුදු වරුන්ගේ මනෝමයකාය වලට කුමක් සිදු වේද >>>

ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව - 15/01/2022

නිබ්බාණ පූරණයට බුදුපියාණන් දේශනා කළ ඒකධම්මෝ * කුසලය ඇසුරු කිරීම සහ අකුසලය බැහැරකිරීම * පින සහ ධ්‍යාන තදස්සාදේති ලෙස උපාදානය කර ගැනීමෙන් , නිවන් මඟ වැසීයාම ගැන * සසරට බැඳෙන සංයෝජන දහයක් ගැන * සංයෝජන පහානාය කිරීම පිණිස බුද්ධ භාවනාව සඳහා පෙර සූදානමක් ගැන * සමසතලිස් භාවනා - කසින භාවනා සහ බුදුපියාණන් දෙසූ දස අනුස්සති අතර වෙනස * වර්තමාන මොහොතේ සිත පවත්වමින් අනුසය බිහිවීමට ඉඩනොදී සමුග්ඝාතාය ලෙස සංවත්තති කිරීම ගැන * සත්තිස් බෝධිපාක්ෂික ධර්ම පූරණය සහිතව මහත්ඵල මහානිසංස ලැබ උපාදානයෙන් මිදී අද්දාන පරිඥ්ඥාය සංවත්තති වීම - බව උදුරා දමා නිබ්බාණ මඟ පූරණය - පිණිස බුද්ධ දේශනාවේ අනුදැන වදාල ඒකධම්මො වන ආනපානසති සමාධි භාවනාව චතුරාරක්ඛා සහිතව නිවැරදිවත් ප්‍රායෝගික වත් යුගනද්ධවත් සතර ඉරියව්වේදීම භාවිතෝ බහුලීකතෝ කිරීම >>>>ප්‍රශ්න * කුසල මූල සංඛාර යනු කුමක්ද * කාමරාග පටිඝ යන්නෙහි ධර්ම අර්ථය පහදා දෙන්න * සකෘදාගාමී පුද්ගලයෙකු ඕලාරික වශයෙන් කාමරාග ඉවත් කරනවා යන්නෙහි "ඕලාරික" යනු කුමක්ද * යම් රූපයකට ඇලෙන්නට යද්දි සතර කමටහන් වැඩීමේදී ඉවත් කල යුත්තේ රූපයෙ අනිච්ච බවද - නැතහොත් මනසෙහි එම රූපය කෙරෙහි පවත්වාගෙන යන නිච්ච බවද * අප්‍රිය දේට ගැටීම නිසා ඇති වන පටිඝය නිසා අනුසය ආසයත් , ප්‍රිය දෙයට ඇලීම නිසා ඇතිවන රාග අනුසය ආසයත් ඊට පසු ජාතියක විපාක අවස්ථාවක පුද්ගල අනන්‍යතාවක් සේ හඳුනා ගෙන(සේරිවාණිජ ජාතකයේ ලෙස) විපාක ක්‍රියාත්මක වන්නේ කෙසේද * සෝතාපන්න වූ දෙවි කෙනෙකුට මනුස්සාවෙසුංවී බණ අසා ඉතුරු මගඵල පූර්ණය කර ගැනීමට හැකිද - නැතිනම් නිවන සාක්ෂාත් කරගැනීම පිණිස මනුස්සත්ත පටිලාභයක්ම ලැබිය යුතුද * විඤ්ඤාණය යනු කුණු කලවම්වූ චිත්තජ කායද, නැත්නම් චිත්තජ කායටත් මනෝමය කායටත් පරිබාහිරවූ වෙනම දෙයක්ද * කායෙකාය යනු පහදා දෙන්න * කාලාමා සූත්‍රය අනුව සිරි සද්ධර්මය දේශනා කරන දේශකයාණන් වහන්සේ කෙනෙක් හඳුනා ගන්නේ කෙසේද * "පට්ඨාන" යන්නෙහි අරුත පහදා දෙන්න * පිළිකා වැනි රෝගයක් ඇති යම් පුද්ගලයෙකුට වෙනත් අයෙක් " ඔබට පිළිකාවක් තිබෙනවා" යැයි කීමෙන් පසු හිත බලවත්සේ රෝගී වීමෙන් රෝගය වඩාත් උත්සන්න වීමට ඉඩ ඇති නමුත් අනාගාමි උත්තමයෙකුට එවන් රෝගයක් තිබුණද, ඒ රෝගය පිළිබඳ අනිච්ච- දුක්ඛ -විපරිනාම ධම්ම - පිළිබඳ සත්‍ය තත්වය දැක ඉන් මිදී නිදහස් වීමට හැකි නොවේද * කරන සැම දේකටම නියමිත තැනක් , වෙලාවක්, නිශ්චිත සේ යොදාගෙන එයට තදින් බැඳීමෙන් සමුදය බිහිවෙනවා නේද * නාමරූප පිලිබඳව විග්‍රහකරදෙන්න * ධනවාදය සහ සමාජවාදී ක්‍රම අතරින් සමාජවාදී ක්‍රමය නිවන් දැකීමට පහසුවක් වනවා නේද >>>

12. බුද්ධ භාවනා - මීරිගම (2021-12-10 am)

11. බුද්ධ භාවනා - මීරිගම (2021-12-09 pm)

10. බුද්ධ භාවනා - මීරිගම (2021-12-09 am)

09. බුද්ධ භාවනා - මීරිගම (2021-12-08 pm)

08. බුද්ධ භාවනා - මීරිගම (2021-12-08 am)

07. බුද්ධ භාවනා - මීරිගම (2021-12-07 pm)

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49 50 51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255