අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

පටිච්චසමුප්පාදය​ - සජීවී ධම්ම දේශණාව සහ ධම්ම සාකච්ඡාව - 2021/06/12

අනුලෝම සහ පටිලෝම වශයෙන්, සක්කාය සමුදය ගාමිණී පටිපදාවත් - සක්කාය නිරෝධ ගාමිණී පටිපදාවත් මතුවනසේ දේශනා කළ පටිච්චසමුප්පාද දහම *දහම අනනුබෝධා අප්පටිවේදා  බව නිසා පුණ්‍යාභිසංකාර - අපුඤ්ඤාභිසංකාර - අනේඥ්ඥාභිසංකාර කිරීමෙන්  අනුලෝම පටිච්චසමුප්පාද ක්‍රියාවලිය ක්‍රියාත්මක කරමින් සසරට බැඳීම * පරියාප්ති- ප්‍රතිපත්ති- ප්‍රතිවේධ සාසනය ගැන* පුඥ්ඥ පාප පහීනස්ස කළයුත්තේ ඇයි* සං උප්පාද සහ සමුදය නිරෝධය පිළිබඳව,  අවබෝධා - පටිවේදා කලයුතු බව * යෝ පටිච්චසමුප්පාදං පස්සති සො ධම්මං පස්සති *සතර කමටහන් නිවැරැදිවත්  ප්‍රායෝගික වත් වැඩීමෙන් කෙලෙස් මුල් උදුරා දැමීම * සත්වයෙක් තුළ නිරයාසයෙන්ම ක්‍රියාත්මක වන අනුලෝම පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය සහ  නිවන් මඟට උපකාර වන, පටිච්ච සමුප්පාදයේ පටිලෝම විග්‍රහය සහ තිපරිවට්ටය  * සමුදය නිරෝධය සමඟම ලබන  චතුඅරිය සච්ච අවබෝධය* නිවන් මඟ පූරණය පිණිස ඒකධම්මො වන නිවැරැදි  ආනපානසති සමාධි සතරකමටහන් ලෙස සතර ඉරියව්වේදීම *  ප්‍රශ්න >> කුසලමූල පටිච්ච සමුප්පාද ධර්මය ගැන සුළු විග්‍රහ කරදෙන්න*  සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ මනෝසමාචාරං පාහං යනු පහදා දෙන්න *සිතක නාමරූප උපදින්නේ යම්අරමුණක වේදනා වෙන් පසු සංඥාවද, සංඥාවෙන් පසු චේතනාවද ලෙස අනුපිලිවෙලකින්ද , නැත්නම් නාම කොටස් පහ වෙන වෙනම හෝ කීපයක් එකට ක්‍රියාත්මක වී හෝ සංකාර කර විඥ්ඥාණ ශක්තියක් උපදවා ගැනීමෙන්ද *යම් පුද්ගලයකු විසින් බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස,ස්පර්ශ, යන පහ අරමුණු නොකර මනසින් මනසිකාරද නොකොට යම්කිසි කාල පරාසයක් ගත කරයි නම්, ඒ අවස්ථාව තුළ යම් ආකාරයකට විඥ්ඥාණය දුර්වලවී සිතේ ප්‍රඥ්ඥාව මතුවීමක් වේද * බාහිර දේ කෙරෙහි අරමුණු වලට වඩා මනසින් මනසිකාර කරමින් කරන මනෝමය රූප නිසා ඇතිවන  සංකාර වලින් සිතේ යම් කුක්කුච්ච බවක් ඇතිවේ, මින් මිදීමට කළ යුත්තේ කුමක්ද *  හේතුව සහ ඵලය සම්බන්ධ කරන යම් ශක්තියක් ඇද්ද ,එම ශක්තිය විඥ්ඥාණ ශක්තිය ද නැතිනම් වෙන යමක් ද - හේතුව හා ඵලය වෙන්කර විපරිණාමයට පත් කරන ගතියක් ඇත, මෙය පහදා දිය හැකිද * අප්ප්පිච්ච- අප්පමද සහ මද -පමද - අප්පමද පහදා දෙන්න  * අවිජ්ජා  මූල පටිච්ච  සමුප්පාදයේ නාම රූප, සංඵස්ස, වේදනා , සහ තණ්හා ගැන පහදා දෙන්න *  පටිච්ච -සං- උප්පාද යන ශබ්ද සංඥාව කුසල මූලයට යොදා ගැනීමට හැකිද * සංඛතයක උදයංගම අත්තංගම අස්සාද ආදීනව නිස්සරණ අවස්ථා පහ ගැන පහදා දෙන්න *සතරකමටහන් වැඩීමේදී සමථ වීම අවිජ්ජාමූල නිරෝධ පටිච්ච සමුප්පාදය ලෙසද, මරණානුස්සතිය වැඩීම කුසලමූල පටිච්ච සමුප්පාදය ලෙසද වටහා ගැනීම නිවැරැදිද * පුත්තමංත සූත්‍රය හෙවත් තම දෙමාපියන් විසින් තම දරුවා මරා ආහාරයට ගැනීම  ගැන කතාවක් ත්‍රිපිටකයේ සඳහන්ද * රූපයක් හඳුනාගත්විට ඒ කෙරෙහි  සංචේතනා පවත්වා ,සංඵස්ස වීම කියන්නේ අවිජ්ජාවද, අවිජ්ජා මූල පටිච්චසමුප්පාදය පටන් ගන්නේ එතැනින් ද * දේවදූත සූත්‍රයේ පෙන්වන නිරය  සහ  නිරය පාලකයින් ගැන පහදා දෙන්න * අච්චරිය අබ්භූත සූත්‍රය තුල මහාමායා දේවිය පිළිබඳ  ආශ්චර්යය වත් අද්භූත සිදුවීම,සහ සිදුහත් කූමාර උපතේදී පියවර හතක් ඇවිදීම ගැන අරුත් පහදා දෙන්න * විඥ්ඥාණ ආහාර සහ කබලිංකාර ආහාර ගැන පහදා දෙන්න * කුසල හෙවත් කුණු සලාහැරීම ගැන පහදා දෙන්න *  අධිෂ්ඨාන ශක්තිය ඉතා බලවත්වූ අරියමඟ යන සුතවත් පුද්ගලයින්ගේ කටයුතු වෙනුවෙන් අරිය නොවන පුද්ගලයිගෙන්  අයැදීම  සුදුසු නැහැ නේද *  සංයුක්ත නිකායේ නිරාමිස සුත්‍රය ඇසුරින් පැනයක් * රාග ද්වේශ මෝහ නැවැත්වීමට ආරම්භය පිණිස සුදුසුම අවස්ථාව කුමක්ද * බුදු පියාණන් භගවත් ගුණය යනු පහදා දෙන්න  >>>   

~ වෙසක් පොහොය​ 2021 ~ ඓතිහාසික ත්‍රිපිටකය සහ හෙළ අටුවා පිළිබඳ විශේෂ සජීවී අනුසාසනාව

සාසන ඉතිහාසය සහ ත්‍රිපිටක ඉතිහාසය ගැන බිඳක් * බුදු පියාණන් ජීවමානව සිටියදීම හෙළ බසින් ලියූ අට්ඨ කතා * සද්දනීති ප්‍රකරණය පොත* ධර්මය වනපොත් කරමින් ගෙනා භාණකවරුන්ගේ සාසනික සේවාව *  එළු බසින් ලියූ වංශකතා * ත්‍රිපිටකය ග්‍රන්ඨාරූඩ කිරීමට හේතු * බුද්ධ පරිනිබ්බාණයෙන් වසර 456 ට පසු  කෑගල්ල මාතුල අළුලෙනේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරිම * බුද්ධ පරිනිබ්බාණයේ මුල් යුගය පසුවී, නැවත  ක්‍රමයෙන් දහම වෙනස් වීම* බුදුදහමේ වචන ඇසුරෙන් ඉන්දියාවේ  මහාසාංඝික නිකායක් , වෛතුල්‍යවාදී ත්‍රිපිටකයක්, හා සංස්කෘත බෞද්ධ  සාහිත්‍යයක් බිහිවී ජනප්‍රිය බුද්ධාගමක් බිහිවීම*ථේරවාදය අභිබවා, වෛතුල්‍යවාදී අදහස්  මහාවිහාරය තුලටද  සංක්‍රමණය වී කොටසක් බෙදී ගොස් අභයගිරි විහාරය ආරම්භ වීම * පැවැත්ම යහපත් ලෙස පවත්වාගෙන යාම පිණිස ලියූ වෛතුල්‍යවාදී ත්‍රිපිටකය  සහ නිබ්බාණ වීම අරමුණු කොට මාතුල අළුලෙනදී ලියූ නිර්මල ත්‍රිපිටකය * විහාර අතර ගැටළුව- ගෝඨාභය රජු විසින් පත් කළ කමිටුව  සහ කමිටුවේ නිර්දේශය * වෛතුල්‍යවාදීන් පිටුවහල් කිරීම *  ජෙට්ඨතිස්ස කුමරු  රජවීම * සංඝමිත්ත නම් කූඨ  පුරොහිත බමුණාගේ සහ මහසෙන් කුමරුගේ  කුමන්ත්‍රණය * ජෙට්ඨතිස්ස රජුගේ හදිසි මරණය * වෛතුල්‍යවාදීන් පිටුවාහල් කිරීමේ පළිය ගැනීමට සංඝමිත්‍ත පුරෝහිතයා දැරූ උපක්‍රම * පතංජලී දහමේ  පරප්‍රාප්ත  බුද්ධඝෝෂ හිමිගේ පැමිණීම * මහා විහාරයේ ස්වාමීන් වහන්සේලාගෙන් පරිවර්තන පිණිස යැයි අට්ඨකථා පොත් ලබාගැනීම සහ  තම අදහස්ද ඇතුලුකොට පොත් දාහතක් ලිවීම * මහානාම හිමි විසින් සිංහල මහාවංසය  පාලි බසට හැරවීම *බුද්ධඝෝෂ හිමිගේ පරිවර්තන පොත් දාහත පමණක් ඉතිරි වනසේ මහා විහාරය ගිනිබත් වී අටුවා පොත් විනාශ වීම * ලෞකික දේ අගය කළ වෛතුල්‍යවාදී  ත්‍රිපිටකය පිළිගත් පිරිස වැඩිවීමත්,හෙළ අටුවා විනාශවීමත්, අභයගිරි පාර්ශවයේ බලය සහ ස්වාමීන් වහන්සේලා වැඩිවීමත්, නිසා  සමන්තප්‍රාසාදිකාව සහ බුද්ධඝෝෂ ගේ විසුද්ධි මාර්ගය ආගමක් බවට පත්වීමෙන් නිර්මල ධර්මය යටපත් වීම * කෑගල්ල මාතුල  අළුලෙනේදී ලියූ  නිර්මල ත්‍රිපිටකය කිසිදු  විනාශය කට හසු නොවී හොඳින් ආරක්ෂාවී තිබීම* කල්යාමේදී  හෙළබිම බටහිර ජාතීන්ට යටත් වීම * කෑගල්ල අළුලෙනේ තිබුණු ත්‍රිපිටකය සුදු නිලධාරීන් විසින් සුළු මුදලක්ගෙවා ලබාගෙන එංගලන්තයට ගෙන යාම * දහම දිගින් දිගටම යටපත් වීම * වසර කීපයකට පෙර 2009 දී පමණ පූර්ණ වශයෙන්ම දහම මතුවීම, චත්තාරිමානි ඨානානි හඳුනා ගැනීම සහ එංගලන්තයේ තිබූ නිර්මල ත්‍රිපිටක පිටපත් ගෙන්වා ගැනීමට හැකිවීම  * බොහෝ පිරිසක් නිවන් මඟට අවතීර්ණ වීම *  සම්මතයේ සිටින අයගේ  වරප්‍රසාද , වරදාන, ව්‍යාපාර සහ පැවැත්මට තර්ජනයක් වේයැයි  භීතියෙන් අණපනත් නීති,දඬුවම්  පනවා දහම සහ නිවැරැදි චත්තාරිමානි ඨානානි යටපත් කිරීමට දරණ උත්සාහ ගැන * ගංගා පෙයියාලයේ පංචම පාචීන නින්න සුත්තං ඇසුරින් ඇසුරින්  ජන්බුදීපයේ පිහිටීම ගැන දැක්වීම * ජන්බුද්වීපය අර්ථ  නිරුක්ති ඇසුරින් * >>> වජ්‍රාසනය නැවතත් වසා දැමීම අයහපත් ප්‍රතිඵල ගෙනදීමට හේතුවේද * සුනාපරන්තය, අපරාපරන්තය,  පතිරූපදේශය ආදී ලෙස දහම තුල  භූමි පෙන්වා දෙන්නේ ඒ රටවල් වල තිබෙන භූවිෂමතා අනුවද * කොරෝනා නිසා ඇතිවූ මරණ බියත් සමඟම අනාගතයේ ඇතිවිය හැකි අමනුස්ස බිය කෙබඳු ආකාරයකට හෙළබිමට සහ ලෝකයට බලපෑම් ඇති කරයිද * සෝවාන් පුද්ගලයෙක් ගැන "නතේ භවං අට්ඨමං ආදියන්ති" ලෙසින් සඳහන් වන්නේ කුමක්ද * දෙවුරම් වෙහෙර පිහිටා ඇත්තේ මේ හෙළබිමේ කුමන ප්‍රදේශයේ ද * සක්කාය සමුදය  නිරෝධ කර ගැනීමට වඩාත් හොඳම ක්‍රමය වන්නේ  චතුරාරක්ඛා ප්‍රායෝගිකව දිගින්දිගටම පුහුණු කිරීමද * මගේ තිස් හය හැවිරිදි විවාහක සොහොයුරා කුඩා අවදියේ සිටම අපගේ මව කෙරෙහි අසාමාන්‍ය ලෙස වෛරී සහගතව හැසිරෙයි, බැණ අඬගැසීම පුරුද්දක් කොටගෙන සිටී, මෙම පාපී බවින් ඔහු ගලවාගැනීමටත්, මවගේ සිතේ ඔහු ගැන ඇති වේදනාව දුරු කිරීමටත් කුමක් කලයුතුද * අනුපාදිසේස නිබ්බාණයෙන් නිවන පූරණය කර සිටින අරිහතුන්වහන්සේ  සඥ්ඥා වේදයිත සමාපත්තියට සමවැදීමට  නම්, මඟඵල පූරණය කරන අවස්ථාවේ සිට පියවරෙන් පියවරට ආවර්ජන වසිතාවේ පටන් පච්චවෙක්ඛණ වසිතා දක්වා ද්වතාවය ,තිපරිවට්ටය ආදී ධර්මතා අනුපස්සනා කරමින් වසිතා  පහම පුහුණුකොට අවසන්වී තිබේද - සඥ්ඥා වේදයිත නිරෝධ සමාපත්තියට සමවැදීම ගැන පහදා දෙන්න * හේතුඵල දහමට අනුව ණය ගෙවීමට  ඉපදුනත් පවුලකට හෝ බාහිර සමාජයට උදව්වක් අවශ්‍ය නිසා කෙනෙකු උපත ලබනවාද - ඔබවහන්සේ ගේ මේ යුගමෙහෙවර ගැන සලකා බලනවිට එය එසේ සිදු වූ බව සිතමි, පහදා දෙන්න* වෙසක් පෝදින බුදු පියාණන් පිළිබඳ සිදුවූ තෙමඟුල  පිළිබඳ  ධර්ම අර්ථය පහදා දෙන්න  *ලොව්තුරා බුදුපියාණන් සම්බන්ධ විශේෂිත අවස්ථා සියල්ලම සිදුවී ඇත්තේ පොහොය දිනයකදී නම් එවන් පොහෝදිනවල  යම් විශේෂ විශ්ව ශක්තිය තිබේද * එවන් පොහෝ දිනවලදී බුද්ධ ශක්තියට අනුගතවී අධිෂ්ඨාන කොට විහිඳුවා හරින සුදු කිරණ වල බලපෑම  අනිත් දිනවලට වඩා විශේෂිතද  * බුද්ධ භාෂිතය ලෙස අනුදැන වදාළේ යම්කිසි භාෂාවක්ද - නැතිනම් යම් වැඩපිළිවෙලක් ද *  අරහතුන් වහන්සේ කෙනෙක් තුළ පිහිටන ආනන්තරීය කුසල ධර්මය කුමක්ද >>>

2021 වෙසක් පෝය

යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති- යෝ ධම්මං පස්සති- සෝ මංපස්සති  * බුද්ධාගම සහ බුදු දහම දෙකක් බව දැන වැරදුනු තැන්  දැක හඳුනාගෙන නිවැරදි මඟට පිවිසීම * අස්සුතවත් පෘතග්ජන පුද්ගලයාගේ ස්වභාවය* විසංකාර ගැන නොදැනීම හෙවත් සංවට්ටය  විවට්ට කරන්නට නොදන්නා කම * සංදෙස්සේති, සංමාදපේති, සමුච්චේදේති, සංපහංසේති, සංපද සතර  සහිතවූ  සංදේශනාව පිළිබඳ නප්පජානාති නිසා සංසාර සේ දැකීම * වේරමණී සීලය -  යං සමාදානංතංවතං සංවරට්ඨෙන සීලං * දාන,සීල ,භාවනා, සහ ධ්‍යාන,උපාදානය නිසා නිවන් මඟ වැසී යාම * තමා තුළ තණ්හාව උපදින ආකාරය දැකගත යුතු බව * ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං* චාගෝපටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ අසේසවිරාග නිරෝධෝ ගැන දැක්ම * පටිවිරතෝහෝති සීලය *  සමුදය බිහිවන ආකාරය දැක ගැනීම * එත්තෙසං උප්පජ්ජමානා උප්පජ්ජති එත්තේසං පහීයමානා පහීයති එත්තේසං නිරුජ්ජමානා නිරුජ්ජති * සතරකමටහන් පූර්ණය කර ගන්නා ආකාරය*  අනුසය සකස් නොකොට නානුසේති ලෙසින් අනුප්පාද නිරෝධයෙන් සමුදය බිහිවීම  නැවැත්වීම * අභිසංකාර කිරීමෙන් වැළකීම * ඡඡක්ක සූත්‍රයේ  පෙන්වා වදාළ කාය තිස් හයක් * කායේ කාය - සතර සතිපට්ඨානය - සහ  ඒක ධම්මෝ පිළිබඳ යථාවබෝධය * සතර සෘදිපාද - ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බලගැන්වෙන අයුරු * සත් තිස් බෝධි පාක්ෂික ධර්ම පූර්ණය කොට නිවන් මඟ පසක්  කරගැනීම * මෝහයෙන් ඉවත්වීම  * නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්ධවත්  සතර කමටහන් සහිත ආනාපානසති සමාධිය ඒකධම්මො ලෙසින්  භාවිතො බහුලීකතෝ කිරීමෙන්  කුසලස්ස උපසම්පදා වීම *ආස්වාස ප්‍රාස්වාස කසින භාවනා බුදුන් .දේශනා කළ දෙයක් නොවන බව වටහා වටහාගත යුතු වීම * බුදු පියාණන් දේශනා කළ මාර්ගය අනුගමනය කොට යෝ ධම්මං පස්සති වීමෙන්  බුදුන් දැක නිවන් දැකීම >>>>>>>>>>>>>>>>> රාජකාරි කරන අතරතුරේ සතර කමටහන් භාවිතයේදී අව්‍යාකත සිතිවිලි ආවට කමක් නැද්ද * අරිය ධ්‍යාන හා අනරිය ධ්‍යාන පිළිබඳව පහදා දෙන්න * පටිච්චසමුප්පාද යන්නෙහි  නාම රූප යනු පංචස්කන්ධය ලෙස ගැනීම හරිද * සෝතාපන්න මාර්ගයේ හෝ සෝතාපන්න ඵලයේ හෝ ඉන් එහා මාර්ගඵලයකට පත්වුණු පුද්ගලයෙකුට යම් හෙයකින් මඟ වැසී යන්නට ඉඩක් වේද - ඊට භේතු හා ඉන් මිදී නිදහස් වන ආකාරය පහදා දෙන්න * ඒකබීජ සූත්‍රය  ඇසුරින් කෙලේස පරිනිබ්බාණ වූ උත්තමයින් ගැන සහ එම අයගේ  ජීවත පැවැත්ම පිළිබඳව පැනයක් * බෝසත් චරිතයේ ඇති අද්භූත ආශ්චර්ය විස්තර ගැන  පාසල් ශිෂ්‍යාවක් ගෙන් ප්‍රශ්නයක් * ඉතිපිසෝ ගාථාවේ ධර්ම අර්ථය පැහැදිලි කර දෙන්න * පරවීමංසන සූත්‍රය ඇසුරින් ප්‍රශ්න දෙකක්  * සතරමඟ,සතරඵල පිළිබඳව කෙටියෙන් පහදා දෙන්න * රෝග පීඩා සහ වෙනත්   ව්‍යසනයන්  මතුවන්නේ මිනිස් සත්වයාට  ධර්මාවබෝධයක් ලබාදී ස්වභාව ධර්මය පිරිසිදු කිරීම පිණිසද * අංගුත්තර නිකායේ ඡක්ක නිපාත පාලියෙ  මහා වග්ග කොටසේ නිබ්බේදික පාලියෙන් ප්‍රශ්නයක්>>>

පරවීමංසන සුත්තං(II) - සජීවී ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව​​​ - 2021/05/16

පටිච්චසමුප්පාද විග්‍රහය අගසිට මුලටම ගෙන එකිනෙක කරුණ බැගින් චතු අරිය සච්චයට ගලපමින් විග්‍රහ කොට වදාල පරිවිමංසන සූත්‍රය*පරීවිමංසමානො ඒවං පජානාති - අනෙක විධං නානාපකාරං දුක්ඛං ලෝකේ උප්පජ්ජති ජරාමරණං - කිං දුක්ඛං ජාති නිධානං - කිං ජාති සමුදයං - කිං ජාති නිරෝධං - කිං ජාති නිරෝධ ගාමිණී පටිපදං   පජානාති * කිස්මිං සති ජාති හෝති - කිස්මිං අසතිං * "ජරාමරණ " බවට පත්වීමට  හේතු  වූ "ජාති" පටන් කරුණු එකිනෙක ආපස්සට පෙන්වා දෙමින් "බව"  - බව සමුදය - බව නිරෝධය - බව නිරෝධගාමිණී පටිපදාව *උපාදාන,උපාදාන සමුදය,උපාදාන නිරෝධය -  උපාදාන නිරෝධගාමිණී පටිපදාව - ආදී ලෙසින් සංකාර දක්වා සියලුම අවස්ථා අවරෝහණ ආකාරයට චතු අරිය සච්චයට ගලපමින් විග්‍රහ කිරීම - අවිජ්ජා හේතුවෙන්  සංකාර ක්‍රියාත්මක වීමේ සිට සංභවංති  දක්වා *අවිජ්ජා ගතෝයංපුරිසපුග්ගලෝ පුඥ්ඥංචේසංකාරං අභිසංකරෝති - * පුඥ්ඥාපගතංහෝති විඥ්ඥාණං * අපුඥ්ඥංචේසංකාරං අභිසංකරෝති - අපුඥ්ඥාපගතංහෝති විඥ්ඥාණං * ආනෙඥ්ඥංචෙ සංකාරං අභිසංකරෝති - අනෙඥ්ඥාපගතංහෝති විඥ්ඥාණං *   *පුඥ්ඥාභිසංකාරංවා අභිසංකරෙයිය - අපුඥ්ඥාභිසංකාරංවා අභිසංකරෙයිය - *අනෙඥ්ඥාභිසංකාරංවා අභිසංකරෙයිය  *  * පුඥ්ඥ කම්ම - පුඥ්ඥංවේ සංකාරං අභිසංකරෝති • * පාප කර්ම - අපුඥ්ඥංවේ සංකාරං අභිසංකරෝති • * ධ්‍යාන උපාදානය - අනෙඥ්ඥංවේ සක්කාරං අභිසංකරෝති • *උක්ත දහම් කරුණු ගැන අර්ථ, ධර්ම නිරුක්ති දැනගැනීමේ අත්‍යවශ්‍යතාවය *  පුඥ්ඥාභිසංකාර වලට කුසල සංකාර ලෙසින් අරුත් ගැන්වීමෙන් නිවන වැසීයාම. *අවිජ්ජා ප්‍රහාණය කොට අභිසංකාර නොකරන,විජ්ජූපාදා වූ තැනැත්තා. *කුසල ධම්මං - නිබ්බාණංතී * අභිසංකරෙයිය  නොකරන ඛීණාසව බවට පත්වූ අරහතුන් වහන්සේ ප්‍රශ්න >>> කෙලේස,පරිනිබ්බාණය සූත්‍රයේ සඳහන්  හිරිබල සහ ඔත්තප්ප බල  ඉන්ද්‍රිය බවට පත්වෙන ආකාරය ගැන පැහැදිලි කර දෙන්න * අසංකාරී ආනාගාමී තත්වයට පත්වූ උත්තමයන් තුළ  සබ්බලෝකේ අභිරත සංඥා සහ මරණ සංඥා ඉතිරිව පවතිනවා දැයි පහදා දෙන්න * කෘෂිකර්ම කටයුතු වලදී උදැල්ලෙන් නඟුලෙන් වැඩ කරද්දී කුඩා සතුන් මියයාමේදී පවක් සිදුවේද * නවංගේ සමන්නාගතෝ සහ දසඅංගේ සමන්නාගතෝ ගැන පහදා දෙන්න * ආනාපාන සති සමාධිය වඩමින් කෙලෙස් නසමින් යන සෝවාන් පුද්ගලයාට සකෘදාගාමී සහ අනාගාමී ඵලයන් වලට පත්වූ විට  තමන්ටම දැක ගැනීමට හැකි වන්නේ කෙසේද * අපි ජිවත් වෙනවා කියන්නේ තියෙන පොතක් කියවන එක ද - නැතිනම් අලුත් පොතක් ලියන එකද *  යම් සිතිවිල්ලක් එන වෙලාවට එය එක සිතිවිල්ලක් පමණයි කියා ඉවත් කිරීම වැරදි කමටහනක්ද *" ආකාශික් රෙකෝඩ්" ලෙස විශ්වයේ පහළවූ අතීත,වර්තමාන, අනාගත සියලුම ජීවීන්ගේ තොරතුරුද,විශ්වයේ සියලුම දැනුම් පද්ධතිද ,ශක්ති ජාලයක්සේ දත්ත ගබඩාවක් ලෙසින් විශ්වයේ කොහේ හෝ නැවත  ගත හැකි ලෙස තැන්පත් වී තිබේද- මෙය මනෝමය කායේ ඇති කර්ම බීජ හා ගති වලට සම්බන්ධයක් පවතීද * අස්සුතවත් පෘථග්ජන පුද්ගලයෙකුගේ කරජ කයේ ඇති ශුද්ධාෂ්ඨක සහ අරිය පුද්ගලයකුගේ  කරජ කයේ ඇති ශුද්ධාෂ්ඨක අතර වෙනස්කම් තිබෙනවාද - සතර සතිපට්ඨානයේ දක්වා ඇති,කරජ කයේ ඇතිවන වෙනස්කම් දක්වන්නේ ශුද්ධාෂ්ඨක වල ඇති වෙනස්කම් නිසාද * ප්‍රත්‍ය සංවර සීලයෙන් කුසලය වඩා වර්ධනය වනවාසේම, අනිවාර්යෙන් නින්දට යන්නට පෙර පින්දී පින් අනුමෝදන් කිරීමෙන්ද කුසලය පූරණය වනවාද * අසාධාරණයක් දුටු විට එයට විරුද්ධව නැගී සිටීම සහ එය දැක අහක බලා ඉන්නට බැරි කමක් තවමත් තිබීම,නිවනට බාධාවක්ද * කෙලේස පරිනිබ්බායී අවස්ථා පහක් ගැන සූත්‍රපිටක වල බොහෝ තැන් වලත් ඒකබීජ සූත්‍රයේත් දැක්වේ - ඒවා අතරින් දිට්ඨෙවධම්මෙ ලෙස  මිනිස් ජාතියේදීම කෙලේස පරිනිබ්බායී වී කායස්සභේදා වනතෙක් මනුස්සයෙක් ලෙස ජීවත් වෙන්නට පුලුවන් අවස්ථා මොනවාද -  කෙලේස පරිනිබ්බාණයයේ විවිධාකාරත්වය ගැන තවත් පැනයක් * කාලකාරාම සූත්‍රයේ යංකිංචි දිට්ඨං, සුතං ,මුතංවා, අජ්ජෝසිතං , නසේසුතාදීසයසං.....ආදී ගාථාවේ පද අරුත් පහදා දෙන්න * කොරෝනා වෛරසයෙන් කුසතුළ දරුවෙක් සමඟ මවක් මියයාමේ හේතුව ධර්මානුකූලව පහදා දෙන්න * කුසලය යනු කුණු සලා හැරීම නම්  කුසලය රැස් කරනවා යනු පහදා දෙන්න * බුදුපියාණන් වැරදි තැන් දුටුවිට, ඒවා දෝෂ දර්ශනයට ලක් කොට පෙන්වාදී තුබුණද, වර්තමානයේ ධර්මය අධර්මය කරමින් එයද ඉක්මවා ඒවා නීතිගත කරගන්නතත් උත්සාහ දරනවා - මෙවැනි දේට දඬුවම් දීමේ ක්‍රමයක් බුදුපියාණන් අනුදැන වදාරා නැද්ද >>>>

සජීවී ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව​​​ - 2021/05/15

නානාප්‍රකාර වූ දුක්ඛක්ඛන්ධයක්  ඇතිවන්නට හේතු වන කරුණු පිළිබඳ විමංසනාත්මක  දේශනාව  පරිවිමංසන සූත්‍රය - පරිවීමංසනො - පරිවීමංසෙයිය * "ජාති" බවට පත්වීමට  හේතු වූ කරුණු එකිනෙක ආපස්සට පෙන්වා දෙමින්    "බව"  - බව සමුදය - බව නිරෝධය - බව නිරෝධගාමිණී පටිපදාව *උපාදාන,උපාදාන සමුදය,උපාදාන නිරෝධය -  උපාදාන නිරෝධගාමිණී පටිපදාව -  තණ්හා,තණ්හා සමුදය ,තණ්හා නිරෝධය ,තණ්හා නිරෝධගාමිණී පටිපදාව-  වේදනා ,වේදනා සමුදය ,වේදනා නිරෝධය ,වේදනා නිරෝධ නිරෝධගාමිණී පටිපදාව - සංඵස්ස , ඵස්ස සමුදය - ඵස්ස නිරෝධය ,ඵස්ස ගාමිණී පටිපදාව - සලායතන,සළායතන සමුදය, සළායතන නිරෝධය ,සළායතන නිරෝධ ගාමිණී  පටිපදාව - නාම රූප, නාම රූප සමුදය,නාම රූප නිරෝධය ,නාම රූප නිරෝධගාමිණී පටිපදාව - විඤ්ඤාණ, විඤ්ඤාණ සමුදය ,විඤ්ඤාණ නිරෝධය, විඤ්ඤාණ නිරෝධගාමිණී පටිපදාව- සංඛාර, සංඛාර සමුදය ,සංඛාර නිරෝධය ,සංඛාර නිරෝධ ගාමිණී පටිපදාව ලෙස අවිජ්ජා හේතුවෙන්  සංකාර ක්‍රියාත්මක වීමේ සිට සංභවංති  දක්වා වූ පටිච්චසමුප්පාද විග්‍රහය අගසිටමුලටම ගෙන එකිනෙක කරුණ බැගින් චතු අරිය සච්චයට ගලපමින් විගහ කොට වදාල පරිවිමංසන සූත්‍රය *අවිජ්ජා ප්‍රහාණය කොට අභිසංකාර නොකරන,විජ්ජූපාදා වූ තැනැත්තා *පුඥ්ඥාභිසංකාරංවා අභිසංකරෙයිය - අපුඥ්ඥාභිසංකාරංවා අභිසංකරෙයිය - අනෙඥ්ඥාභිසංකාරංවා අභිසංකරෙයිය * පුණ්‍ය කර්ම -  පුඥ්ඥංවේ සංකාරං අභිසංකරෝති • පාප කර්ම - අපුඥ්ඥංවේ සංකාරං අභිසංකරෝති • ධ්‍යාන උපාදානය - අනෙඥ්ඥංවේ සක්කාරං අභිසංකරෝති * කුසල ධම්මං - නිබ්බාණංතී *අභිසංකරෙයිය  නොකරන ඛීණාසව බවට පත්වූ අරහතුන් වහන්සේ * බුද්ධාගම පදනම් වී ඇති ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සහ බුදු දහමේ පදනමවූ ප්‍රඥ්ඥා ,සීල, සමාධි * ප්‍රශ්න >> සංයෝජන සූත්‍රය අනුව අනාගාමී පුද්ගලයෙකුට අනුසය උපදින්නේ නැතිනම් සියලුම  සංයෝජන එකවර ප්‍රහාණය වන බව සඳහන් වුවත් , කෙලේස පරිනිබ්බාණ සූත්‍රය අනුව අනාගාමී පුද්ගලයෙකුට අනුසය උපදින්නේ නැති නමුත් උප්පත්ති හෝ බවපටිලාභ ඇතිනම්  සංයෝජන එක්වර ප්‍රහාණය නොවන බවත් ඇති බැවින් මේ සූත්‍ර දෙකේ ඇති අදහස තේරුම් ගන්නේ කෙසේද * මාගධි බසේ කාය ලෙස හැඳින්වෙන්නේ සිංහල  භාෂාවේ  ඇති කය  නොවන බව දේශනා කොට ඇති නමුත්, ශරීරයෙන් කෙරෙන දුෂ්චරිත වලට කාය දුෂ්චරිත ලෙස කියන්නේ ඇයි *  සතරසති පට්ඨානයේ දුක්ඛ සච්ච නිද්දේසයේ "ව්‍යාධිපිදුක්ඛා"  යන්න සඳහන් නොවන්නේ ඇයි * පටිච්චසමුප්පාද ධර්මයට අනුව "චිත්ත -  චෛතසික" ගැන විග්‍රහ කර දෙන්න * සංස්කෘත බසින් බුද්ධ වචනය භාවිතා කිරීම නිවන් දැකීමට බාධා වන හේතුවක් වේද * එදිනෙදා ජීවත් වීම යනු හේතුවලට උරුම ඵල ගෙවමින් ගමන් කිරීම නේද - එය අජ්ජත්තයේ උප්පජ්ජති වන හේතු නිසාම උපදින ශක්තියක් නේද *  ලංකාව ලෞකික ලෙසින්  සංවර්ධිත ‍රටක් ලෙසින් විශාල  ලෙස දියුණුවකට පත් කරන්නට නොහැකිවන්නේ එය ආධ්‍යාත්මික වශයෙන් දියුණු වීමට නියමවූ රටක් නිසා සහ තවමත් බුද්ධොත්පත්ති කාලයක් වීම නිසා ද * ධ්‍යානයක් ලැබීමේදී සිතට දැනෙන වෙනස පැහැදිලි කරන්න. * සමාජය පුරා කොරෝනා වෛරසය මෙතරම් පැතිරයාමට හේතුව සමාජය ඉතාම දූෂිත ලෙසින් කටයුතු කිරීමට විරුද්ධව සොබාදහම ආයුධ අතට ගැනීමක්ද * වංචා සහගත පුද්ගලයින් කරන ප්‍රතිකාර මෙවන් වසංගත වැලැක්වීමට සඳහා භාවිතා කිරීමෙන් ඵලක් වේද * මලක් දැක රූප වේදනා සංඥා සංකාර පසුකොට විඥ්ඥාණ තත්වයට පත්වන්නේ විඳ්ඥාණයෙන්ම මල දැකීම නිසාද * සසංකාරික - අසංකාරික  හෝ සුද්ධාවාස තත්වයෙහි සිටිනා පුද්ගලයන් තුළත් තවදුරටත් අස්මිමානය තිබේද *  විඥ්ඥාණ කාය යනු අවසාන මොහොත දක්වාම පංචස්කන්ධය උපයෝගි කරගනිමින් පැවැත්ම පවත්වාගෙන යන අවස්ථාවක්ද * විඥ්ඥාණ කායේ ක්‍රියාකාරීවය මැනැවින් තේරුම් ගෙන ප්‍රඥ්ඥාවෙන් යුතුව අනුසය බිහිවෙන්නට එද්දීම නානුසේති කරන විට නගති තත්වයට පත්වේද- නගති තත්වයේ ස්වභාවය කුමක්ද * අනරිය ධ්‍යාන ලැබූ අයට තම පූර්ව ජීවිත පිළිබඳව දැක්මක් ලැබී සසර විඳි දුක වැටහී ඒ අනුව නිවන් මඟ පූරණය කරගැනීමට කටයුතු කළ හැකිද - අරිය මඟ යන පිරිසෙන් කොටසකට පමණක් ධ්‍යාන වැඩෙනවාද - අරිය ධ්‍යාන වැඩුනත් නිබ්බාණ මඟ පූරණය සඳහා සතරසතිපට්ඨානය අනුගමනය කළ යුතුද * අවිජ්ජාමුල පටිච්චසමුප්පාද විග්‍රහයේ නාමරූප යන්නට "ඵස්ස"  යන්නද ඇතුලත් බැවින් නාමරූප සහ නිවන් මඟට හේතුවන තැන "ඵස්ස" අතර වෙනස්කම් පහදා දෙන්න * කෙලේස පරිනිබ්බාණ සූත්‍රය ඇසුරින් අනාගාමී උතුමෙකු  සංයෝජන උදුරා දැමීම පිළිබඳ  පැනයක් >>>

විශාලා මහනුවර ඇති වූ තුන්බිය සහ කොරෝනා වසංගතය |මහ අරහතුන් වහන්සේගේ පණිවිඩය[2021-05-14]

කිලෙසපරිනිබ්බාන සුත්තං(II) - සජීවී ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව​​​ - 2021/05/09

සංතොසංවිජ්ජමානාවූ,තිප්පා පටිපදා දෙදෙනෙක් සහ ධඥ්ඥා පටිපදා දෙදෙනෙක්  ලෙස පුද්ගලයින් සිව් දෙනෙක් ගැන* # තිප්පා පටිපදා>>1)ඒකච්චො පුග්ගලෝ ,, "දිට්ඨෙව ධම්මෙ සසංකාර"පරිනිබ්බායී හෝති 2)ඉදපන භික්ඛවේ ඒකච්චො පුග්ගලෝ "කායස්සභේදා පරංමරණා සසංකාර" පරිනිබ්බායී හෝති නආගාමී . # ධඥ්ඥා පටිපදා>>1)ඉදපණභික්ඛවෙ ඒකච්චො පුග්ගලෝ "දිට්ඨෙව ධම්මෙ අසංකාර" පරිනිබ්බායී හෝති * 2) ඉදපණභික්ඛවෙ "කායස්සභෙදා අසංකාර" පරිනිබ්බායී හෝති.********** * " දිට්ඨෙව ධම්මෙ සසංකාර" පරිනිබ්බායී හෝති අනුගමනය කරන මඟ:-- "ඉද භික්ඛවේ අසුභානුපස්සී •ආහාරෙහි පටික්කූල සංඥේ  •සබ්බලොකෙ අනභිරත සඥ්ඥේ• සබ්බ සංකාරේසු අනිච්ච අනුපස්සී මරණ සඥ්ඥේ විහරෙය්ය * ජීවිත කාලය තුලදීම  තිප්පා පටිපදාවෙන් කෙලෙස් මුල් කැපීමෙන්, සොඉමානි පංචසේඛබලාය උපනිස්සාය විහරති - තස්සිමානි පංචඉන්ද්‍රියානි "අධිමත්තතානි පාතුභවන්ති" ලෙසින්  දිට්ඨෙව ධම්මෙ සසංකාර පරිනිබ්බායී හෝති කොට කෙලේස පරිනිබ්බායී තත්වයට පත්ව අනාගාමී ඵලයට පැමිණේ. * කායස්සභේදා සසංකාර පරිනිබ්බායී හෝති  මඟ:-- •ඉද භික්ඛවේ අසුභානුපස්සී •ආහාරෙහි පටික්කූල සංඥේ, •සබ්බලොකෙ අනභිරත සඥ්ඥේ• සබ්බසංකාරේසු අනිච්චඅනුපස්සී මරණ සඥ්ඥේ විහරෙය්ය . * පංචසේඛබලාය උපනිස්සාය විහරති - තස්සිමානි පංචඉන්ද්‍රියානි අධිමත්තතානි ලෙස නොව මුදුතා ලෙසින් කායස්සභේදා - ජීවිතය අවසන්වී මරණයට පත්වෙද්දී   "සසංකාර පරිනිබ්බායී හෝති'' ලෙසින් කෙලේස පරිනිබ්බාණයෙන් අනාගාමී බවට පත් වේ.) ************* *"දිට්ඨෙවධම්මෙ අසංකාර පරිනිබ්බායීහෝති" *ඉදභික්ඛවෙ විවිච්ච කාමෙහි,විවිච්චපාපෙහි අකුසල ධම්මෙහි සවිතක්කං සවිචාරං පීති සුඛඒකාග්ගතා,පඨම,දුතිය,තථිය ,චතුත්ථ ධ්‍යානං ලෙසින් අරිය ධ්‍යාන ලබයි* "පංච සේඛ බලානි උපනිස්සාය"ලෙස බලධර්ම   "අධිමත්තානි පාතුබලංති" ආකාරයට  අධිමත්තතානි ලෙසගැන්වේ * ධඥ්ඥා පටිපදාවෙන් ජීවිත කාලය තුලදීම කෙලේස පරිනිබ්බායී කොට අසංකාර පරිනිබ්බායී හෝති ලෙසින් අනාගාමී බවට පත්වේ. * "කායස්සභේදා පරම්මරණා අසංකාර" පරිනිබ්බායීහෝති *ඉදභික්ඛවෙ  විවිච්ච කාමයෙහි,විවිච්ච පාපේහිඅකුසල ධම්මෙහි, සවිතක්කං සවිචාරං පීති සුඛ ඒකග්ගතා සහිතවූ පඨම,දුතිය,තථිය,චතුත්ථ ධ්‍යාන ලබා "පංචබලානි බලගැන්වීම අධිමත්තානි ලෙස නොව මුදුතා ලෙසින්  බල ගැන්වීමෙන්, කායස්සභේදා පරම්මරණා ආකාරයට මරණයට පත්වන අවස්ථාවේ කෙලේස පරිනිබ්බායීවී අසංකාර පරිනිබ්බායී ලෙස අනාගාමී බවට පත්වේ*** දස්සනා පහාතබ්බා වූ සෝතාපත්තියට පත් පුද්ගලයා කිසිසේත්ම සතර අපායේ නූපදී * කෙලේස පරිනිබ්බායී හෝති වූ , නැවත අනුසය බිහිවීම නැවැත්වූ පුද්ගලයා - සතර අපාය, කාම ලෝක හෝ සුගති ලෝකවල නූපදී * මිනිස් ලොව නැතිව සුද්ධාවාස හෝ අසංකාරික හෝ සසංකාරික අන්තර්භවික ලෙස  පැවැත්ම ගෙවී ගොස් ගමන අවසන් කරයි* අරහතුන් වහන්සේ අනුපාදිසේස පරිනිබ්බායී  බවට පත්වී අවසන් බැවින් ආයුසය අවසන් වී සව්පදිසේස පරිනිබ්බාණ යෙන් පැවැත්ම අවසන් කරයි * ප්‍රශ්න >> ආහාරෙහි පටික්කූල සඥ්ඥෙ පිළිබඳ පහදා දෙන්න * කෙලෙස පරිනිබ්බාන - අනුපදිසේස පරිනිබ්බාන සහ  - සව්පදිසේස පරිනිබ්බානයේදී   අතහරින්නේ උපාදානය කරගැනීමද* අනාගාමී ගන්ධබ්බ පුද්ගලයා ආහාර  නොගන්නා නිසා ගන්ධය අබ්බ කරනවාද * කෙලේස පරිනිබ්බාණ සූත්‍රයේ බලධර්ම පහ තුල සඳහන් වන "ඔතප්ප බල" යනු පහදා දෙන්න * සකෘදාගාමී අනාගාමී ඵල සඳහා බුද්ධ ශක්තියට අනුගත වීම අවශ්‍යද * ඕරම්භාගිය සහ උද්දම්භාගිය සංයෝජන ගැන තව දුරටත් පහදා දෙන්න* යම් අයෙක්  අප ඉදිරියේ ක්‍රෝධයකින් වැඩකරද්දී අප මෛත්‍රී සිතින් කටයුතු කලොත් එහි ගුණය ඒ අයටත් බලපානවාද *  අනාගාමී පුද්ගලයා අතින් අනුසය බිහි නොවන නිසා ආනපාන  නොකෙරේද *  අනුපරිවත්තංති යන්න පහදා දෙන්න * සංථාන විතක්ක සූත්‍රය ඇසුරින් සහ සයදොරින් වැගිරෙන කෙලෙස් පිළිබඳ පැන දෙකක්  * අසංකාරික සහ සසංකාරික යන අවස්ථා දෙක ගැන පහදා දෙන්න * දානයක්  දීමෙන් ආයු වර්ණ,සැප මෙන්ම බල, ප්‍රඥ්ඥාවත් ලැබේද * පරිනිබ්බාණය වන ආකාර සියල්ල මඟඵල ලැබූ උතුමන්හට බැවින්, බුද්ධ දේශනාවෙහි අපවත්වීම ගැන  සඳහන් වන ආකාරය ගැන  පහදා දෙන්න * අජ්ජත්තය වෙනමත්  බහිද්දය වෙනමත් දැනේ - පිරි හෝ අපිරි  එම නිසා නොදැනේ- කාමරාග පටිඝ වලින් මිදීමට එය පහසු වක් නේද * දුක්ඛ වේදනාවේ අනිච්ච බලන්නේ කෙසේද - දුක්ඛ වේදනාවේ ආස්වාදය ,ආදීනව නිස්සරණය කුමක්ද - දුක්ඛ වේදනාවේ අස්සාදයක් තිබේනම් ස්පර්ශ ආයතන හයටම වේදනාව ගෙනදෙන අපායගාමී සත්වයින්ද   දුක්ඛ වේදනාවේ ආස්වාදයක් විඳිද * මනුස්ස ලෝකයේදීම අනාගාමී වන කෙනෙක් අසංකාරික හෝ සසංකාරික ලෙස නිබ්බායි වන පුද්ගලයෙක් විය යුතුයි නේද * කාම ලෝකයක සිටින අයට අනුසය උපදිනවා නේද *අනාගාමි උත්තමයා තුල අවිජ්ජා අනුසයවත් සකස් වන්නේ නැද්ද * කසීභාරද්වාජ බමුණා ගැන දේශනාව අසද්දී ඔහුගැන යම් ද්වේශයක් සිතේ මැවෙනවා, එය රූප රාගයක් නොවේද * විදේශයක ජීවත් වන බැවින් අරිය උතුමන් අභිමුඛව ධර්මය අසන්නට තවමත් නොහැකි වුවත්, ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් කීපයක් අසද්දීම කිසිදු අපහසුවකින් තොරව සියලු දේශනා මැනැවින් පසක් දේශනා සවන්දෙමින්ම ඉතාම නිවැරැදිව මාර්ගය අනුගමනය කරමි -  ධම්ම උද්ධච්ච විග්ගහිතමානසං ක්‍රමයෙන් නිවන් දැක ගැනීමට හැකිවේද * කාම, ව්‍යාපාද  විහිංසා,යන  විතක්කවිචාර ගැන පහදා දෙන්න * පටිසංභිදා මග්ගපාලියේ  සක්කාය දිට්ඨියත් අත්ථානුදිට්ඨියත් එකම ආකාරයට සඳහන් කොට ඇත - සෝතාපන්න ඵලයට පත්වූ කෙනාගේ සක්කාය දිට්ඨිය ඉවත්වීම සමඟම අත්‍ථානුදිට්ඨියත් ඉවත් වේද * දුෂ්චරිතයක් මතුවන විටම, සුචරිතයේ පිහිටා රාග,ද්වෙශ මෝහ ඉවත් කරන විට  සතර සතිපට්ඨානය වැඩී සත්‍තබොජ්ජංගම වැඩෙනවාද* අනිමිත්ත,අප්පණිහිත,සුඥ්ඥත,    විමෝකෝ වලට ලඟාවීමට, එම සමාධි හරහා මඟ වැඩෙන්නේ අනාගාමී ඵලයෙන් පසු  මඟවඩන අරිය උත්තමයන්ට පමණද - එම සමාපත්ති වැඩෙන්නේත් ඒ අවස්ථාවේමද * චුල්ලකම්මවිභංග සූත්‍රයේ සෝතෙන, කම්මේන,ඒවං සමතේන,  ඒවංසමාධියෙන, ඒවංකායස්සභේදා පරංමරණං යන්නෙහි "කායස්සභේදා පරංමරණං" යන්න සිංහලෙන් ඇත්තේ "කාබුන්මරණය" ලෙසයි, එය පැහැදිලි කර දෙන්න >>

සජීවී ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව​​​ - 2021/05/08

සුතවත් අරියසාවකයා සහ අස්සුතවත් පෘතග්ජන පුද්ගලයා * අජ්ජත්තික සහ බාහිර ලෝක පැවැත්වීම  * සංවර- සංසිඳීම - සංමා නොවී, අයෝනිසෝමනසොකාරයෙන් කටයුතු කිරීම * සලායතන ක්‍රියාත්මක කරමින් මඥ්ඥතාවයෙන්,තණ්හාවෙන් උපාදානය කරගත් දේ තුල විපරිණාමය නොදකින, සමුදය නිරෝධය නොදන්නා, අස්සුතවත් පෘතග්ජන පුද්ගලයා * පින් අභිසංකාර සහ  ධ්‍යාන උපාදානය කරගැනීම නිසා නිවන් මඟ වසාගැනීම * සසරගමනේ පැවැත්මට කර්ම බීජ පොදියක් සකසාගැනීම**** සෝතාපත්ති අංග සතර පූරණය කරගත් සද්දස්ස කුලපුත්තස්ස පුද්ගලයා * සක්කාය නිරෝධ ගාමිණී පටිපදාවේ යෙදෙන සුතවත් අරිය සාවකයා * සංමාදිට්ඨියට පත්වීම * ඉන්ද්‍රිය ධර්ම සහ බලධර්ම මතුවීම සහ  ක්‍රියාත්මක වීම * තීනි සුචරිතයේ පිහිටීම *උභතෝභාග විමුක්තිය ගැන දැක්ම * සතරකමටහන් ආනපාන සති සමාධි ලෙසින් නිවැරැදිවත් ප්‍රායෝගිකවත් වැඩීම *සංමාඅංග පූරණය  සහ චතුඅරිය සච්ච යථාභූත ඥාණයෙන් දැක ගැනීම, සංමා ඥාණ - සංමා විමුක්තිය පූරණය කෙරෙහි කැප වීම * සප්ත බොජ්ජංග පූරණය කරගැනීම - දුකින් මිදී නිදහස් වීම >>> * අනතිවත්ථනාට්ඨෙන භාවනා යන්න පහදා දෙන්න * ඒතංසංතං ඒතං පණීතං යන්නෙහි "පනීතං''යන්නත්, "සංවේජනීයානං" යන්නෙහිත් ඇත්තේ එකම අරුතක්ද * උභය අර්ථ සාධනය යනු පහදා දෙන්න * අක්ඛණ සූත්‍රයේ පෙන්වන දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් මිදීම සුතවත් අරියසාවකයෙක් වීමට කොතරම් උපකාර වේදැයි පහදා  දෙන්න * මෝහය ඉවත් කිරීමට මරණානුස්සතිය සහ බුද්ධානුස්සතිය වඩන ආකාරය පැහැදිලි කර දෙන්න * බාහිර පුද්ගලයෙක් කෙරෙහි ද්වේෂයක් ඇතිවූ විට, මෙත්තානුස්සතිය වඩන ආකාරය වැටහුනත්,වෙනත් අරමුණක් හෝ සිදුවීමක්  කෙරෙහි ද්වේෂයක් ඇති වූ විට එය වටහා ගන්නේ කෙසේද * නාම රූප තවදුරටත් පහදා දෙන්න * උදයංගම,අත්තංගම,අස්සාද , ආදීනව, නිස්සරණ අතරින් අත්තංගම යනු අතුපතර විහිදීමද, නැතහොත් අත්ථ ලෙස ගැනීමද * අභිංඥාතං- අභිඥ්ඥෙයිය - අභිඥ්ඥාතංතී වන අවස්ථාවේදී සමුදය නිරෝධ කළහැකි දැයි පහදා දෙන්න *කායේකාය අනුපස්සනා නොකරන  කෙනාගේ චිත්තය ආතුරකායෝ - ආතුරචිත්තො - ලෙසින් ,ආතුර වෙනවාද * ආහාරපාන ලබා ගැනීමේදී මවට හා බිරිඳට ණය වීමක් පිරිමියෙක් ලෙස සිදුවේ, මේ ණයෙන් නිදහස් වීමට දිනපතා ඒ ඒ අවස්ථාවේ පින් අනුමෝදන් කිරීම හෝ දිනපතා නින්දට යාමට පෙර පින් අනුමෝදන් කිරීම කළයුතු ආකාරය පහදා දෙන්න * ධර්ම ඥානය ලැබේවා, චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා !! යැයි පැතීමත්  තණ්හාවක් වේද * නකුලපිතු සූත්‍රයේ දේශනා වන්නේ අට්ඨානුදෘෂ්ඨිය ගැනද * සම්මා දිට්ඨික දෙවිවරුන් විසින් පින් කර ගත හැකිද * බුදුන් වහන්සේ දෙසූ දහම  නැවත සැරියුත් අරිහතුන් වහන්සේ විස්තර කළ අවස්ථා වල දේශනා කිරීමට පෙර කියන සංඛිත්තේන සහ සංඛිත්තේන පංච  උපාදානස්කන්ධා දුක්ඛා යන්නෙහි එන සංඛිත්තේන යන්න පහදා දෙන්න * රූපංවා සහ රූපවන්තංවා යන පද දෙකේ අරුත පැහැදිලි කර දෙන්න * සෝතාපන්න මාර්ග පටිපදාව වඩමින් යන අයෙකුට හිරිවඩුන්න බෝධිය වෙත යාමට පෙර මරණයට පත් වුවහොත් යම් අඩුවක් වේද * බුදු පියාණන් අවසාන දානය වළඳන්නේ වර්තමාන හම්බෙගමුව විහාරය තිබෙන ස්ථානයේදීද * අදුක්ඛමඅසුඛ වේදනාව සම්බන්ධයෙන් චූලවේදල්ල සූත්‍රය ඇසුරෙන් පැනයක් * ඡඡක්ක සූත්‍රයේ  අදුක්ඛමඅසුඛ වේදනාව ගැන සඳහන් වන ආකාරය පිළිබඳව පැනයක් * චුල්ලහත්තිපදෝපම සූත්‍රයේ සඳහන් වන  සංදේස්සේති සංමාදපෙති, සමුච්චේදේති සංපහංසේති වන ඥාණ පද හතරේද පෙන්වා දී තිබෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයම නොවේද * ඇස,කණ,නාසය,දිව,කය, මන,  හයට අරමුණ වනසෑම  සිතුවිල්ලක්ම  අනිච්ඡ දුක්ඛ අනත්ථ ලෙස බලා අනුපස්සනා කළ යුතුද යන්න පැහැදිලි කර දෙන්න * සමහර සූත්‍ර වල  යක්ඛාදේවා,යක්ඛා භූතා ලෙස සඳහන් වීම ගැන පහදා දෙන්න * අරහන්ත සූත්‍රයේ සඳහන් වන විදිත්වා,අනුපාදා, විමුක්තෝ යන්නෙහි "විදිත්වා" යනු කුමක්ද >>>

12. බුද්ධ භාවනා - මීරිගම (2021-04-09 am)

11. බුද්ධ භාවනා - මීරිගම (2021-04-08 pm)

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55 56 57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254