අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

ඡබ‍්බිසොධන සුත‍්තං - සජීවී ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව​​​ - 2021/06/27

අරහත් ඵලයට පත්වූ  උතුමකු අනුගමනය කළ මඟ සහ ඒ මඟ විස්තර වන ආකාර කීපයක් පෙන්වන ඡබ්බිසෝදන සූත්‍රය * ඛීණා ජාතිවුසිතං බ්‍රහ්මචරියං ,,,,,,,,ආදි වූ අරහත් වීම පිළිබඳව  යම් පුද්ගලයෙක් ප්‍රකාශ කළවිට ,එකවරම ප්‍රතික්ෂේප කිරීම හෝ,පිළිගැනීම හෝ නොකළයුතු බව *ප්‍රඥ්ඥානුසාරී  දෙදෙනෙක් ,ධම්මානුසාරී දෙදෙනෙක් , සහ සද්ධානුසාරී  දෙදෙනෙක් ලෙස තුන් ආකාරයකින් අරහත් බවට පත් වන පුද්ගලයින් හය දෙනෙක් ගැන >> ප්‍රඥ්ඥානුසාරී >>1* චතුසුවොහාරේසු  පිළිබඳව යථාපරිදි - දිට්ඨෙව දිට්ඨමත්‍තං භවිස්සති ආකාරයට වටහාගැනීමෙන් මඟඵල පූරණය කරන පුද්ගලයා - චතුසු වොහාරෙසු අනුපාදාය ආසවෙහි චිත්තං විමුත්තංති. දිට්ඨ,සුත,මුත විඥ්ඥත  යථාභූත ඥාණයෙන් දැක ඛීණා ජාතිවුසිතං බ්‍රහ්මචරියං කථංකරණීයං ඉතත්ථායාති පජානාති වූ අරහත් බවට පත්වීම. *>>2- තෙසංඛයා,විරාගා,නිරොධා,පටිනිස්සග්ගා, පඤ්චසූපාදානක්ඛන්ධෙසු අනුපාදාය ආසවෙහි චිත්තං විමුත්තංති,,, පංච උපාදානස්කන්ධයෙන් මිදී සමුදය නිරෝධ කිරීමෙන්, ධම්මානුසාරී>>> 1* ඉමාසු ඡසු ධාතුසු අනුපාදාය ආසවෙහි චිත්තං විමුත්තංති, විමුක්තංමේ චිත්තංති පජානාමි ලෙසින් ඡධාතු විභංගය යථාභූත ඥාණයෙන්ම  දැන දැක මිදී නිදහස් වීමෙන්. * >>2 ,එවංඛො මෙ ආවුසො ජානතො එවං පස්සතො ඉමෙසු ඡසු අජ්ජත්තිකබාහිරෙසු ආයතනෙසු අනුපාදාය ආසවෙහි චිත්තංවිමුත්තංති. ඇස,කණ,නාසය දිව,ශරීරය,මන යන බාහිර ආයතන හයට අරමුණු වන බාහිර අරමුණු හයක් ගැන යථාභූත ඥාණයෙන් දැක ඊට චන්දරාගයෙන් නොබැඳී මිදී නිදහස් වීම . සද්ධානුසාරී>> 1* සො ඉමිනා අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතෝ අජ්ඣත්තං අනවජ්ජ සුඛං පටිසංවේදෙසිං ලෙසින්, පහාය තිණ්නවිචිකිච්ඡා විහාසිං අකථඞකථි කුසලෙසු ධම්මෙසු ,විචිකිච්චාය චිත්තං පරිසොධෙසිං දුක්ඛාපටිපදාවෙන් බුදුපියාණන් ගේ හෝ බුද්ධසාවකයෙකුගෙන් ධර්මය අසා, පටිවිරතෝහෝති සීලයෙන් යුතුව සතර සංවර සීලයෙහි පිහිටා කටයුතුකොට කෙලෙස් ප්‍රහාණය කිරීමෙන්, සංපජානකාරී හෝති වී සතර සතිපට්ඨානය පූරණය  කරගැනීමට වීර්‍යයෙන් කටයුතු කොට මිදී නිදහස් වීමෙන්. *>>2. සො ඉමෙ පංඤ්ච නීවරණෙසු පහායචෙතසො උපකිලෙස පඥ්ඥාය දුබ්බලීකරණෙ විවිච්චෙන කාමෙහි,විවිච්චෙන අකුසලෙහි ,ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජංපීතිසුඛංපඨමං ඣානං සිට .... චතුත්ථං ඣානං උපසංපජ්ජ විහාසිං- ජානතො ඒවං පස්සතො ඉමස්මිඤ්ච සවිඥ්ඥාණකෙ කායෙබහිද්ධාවා සබ්බනිමිත්තෙසු අහංකාර,මමංකාර මානානුසයා සමූහතාති ලෙස අවසන් කොටනිබ්බාණ මඟ පූරණය කිරීමෙන්, සතර අරිය ධ්‍යාන පූරණය කර ගනිමින්, ආසව නිරෝධ ගාමිණී පටිපදාව පූරණයකොට,  නොඇලී නොගැටී, මාන අනුසය සහ පංචනීවරණ ඉවත්කිරීමට කටයුතු කිරීමෙන් නිබ්බාණ මඟ පූරණය කර ගැනීම.>> පින්අනුමෝදන් කරද්දී  ඒ පින් ලැබෙන්නේ  පරදත්තූප ජීවීන්ට පමණක් ද - පින් අනුමෝදන් කළ පසුවත් තවත් ශේෂයක් හෝ ඉතිරි වුණොත් එය සුදු කර්මයක් වීමට පුලුවන්ද * කම්පිතං ප්‍රකම්පිතං සම්පකම්පිතං යන ධර්මතාවය අරිය පුද්ගලයකු තුළ හා පෘථග්ජන පුද්ගලයෙකු තුළ ක්‍රියාත්මක වන ආකාරය පහදා දෙන්න * මියගිය ඥාතීන්ට අනුමෝදන් කළ හැකි වුවත්,ජීවත්වන මනුස්සයෙකුට පින් දෙන්න බැහැ නේද * බාහිර කෙනෙක් වෙනුවෙන් අධිෂ්ඨානයක් කළ යුත්තේ තුන් සිත පහදාගෙන පින් අනුමෝදන් කිරීමට පෙරද - ඊට පසුව ද * උපකාරක,උපඝාතක, උපපීඩක උපස්ථම්භක ආදී වශයෙන් කර්ම  පථයක් සම්පූර්ණ වෙන ආකාරය වෙන  වෙනම පහදා දෙන්න *  ඔන්ලයින් පාඩම් නිසා දරුවන් සහ මම කලක සිට නිවසට කොටුවී පීඩා විඳිනවා, එයින් මිදීමට ක්‍රමයක් පහදා දෙන්න * මනසිකරෝතා ලෙස විවිධ දේශනාවල සඳහන් වන්නේ කුමක්ද * මහා කාශ්‍යප හිමියන්ගේ දේහය තැන්පත් කළ ස්ථානය සහ පසේ බුදුවරුන්ගේ දේහයන් තැන්පත් කළ ගන්ධමාන නමැති ප්‍රදේශයක් මේ හෙළබිමේ තිබේද *  මරණානුස්සතිය හා ධම්මානුස්සතියටත් පසුව ඇති ඛයානුපස්සී විහරති ඝණ සංඥා පජහති ආදී ලෙස එක දිගටම ඇති  ධර්ම කරුණු පිලිබඳ කෙටියෙන් පහදා දෙන්න * මේ ධර්මය අසා දැන ගත්තු දිනයෙහි සිට රාත්‍රී නින්දට යාමට පෙරත්  උදේ පාන්දරින් නැගිට පිරිසිදු වූ සැනින්මත් ණය විනය කිරීම දිගටම කරගෙන යමි, එය සීලබ්බත පරාමාසයට අහු වෙනවද * මෙත්තානුස්සති - අසුභානුස්සති - මරණානුස්සති - බුද්ධානුස්සති කොට,අනිස්සිතෝච විහරති නච කිංචි ලෝකේ උපාදියති කිරීමෙන් කම්මක්ඛය වෙනවද * අරියමඟ යන කෙනෙකුට යමෙක් හිරිහැර බාධා කරනවා නම්, ඒ අයව රටින් පන්නන්නට උත්සාහ කරයි නම්, එවන් අයට අත්වන ඉරණම කුමක්ද * තමන්ගේ දරුවන්ට සහ අන්‍ය දරුවන්ට  වියපැහැදම් කරමින් ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් යම් දෙයක් කොට ඔවුන්ගේදියුණුව අපේක්ෂා කිරීම අභිසංකාරයක්ද * අප බණ අසා සෝතාපන්න මාර්ගය වඩමින් යද්දී මිය ගියොත් කුමක් වේද *" මයින්ඩ් ෆුල්නස්"  සහ "සතිසංපජඥ්ඥ" යන වචන දෙකේ අරුත එකක්ද -  "මයින්ඩ්ෆුල්නස් " යන්න භාවිතා කරන්නේ විඥ්ඥාණයට කියන වචනයක් ලෙසද * කාමච්ඡන්දය ප්‍රහාණය කළාම බොඩි එක අයින් වෙනවාද - ආනපාන සතිසමාධිය වැඩූ අයගේ සිරුරට  කපා,කොටා පණ පිටින්ම මැහුම් දැමූවත් දැනෙන්නේ නැද්ද එවන් කටයුත්තක් වෛද්‍යවරයෙක් විසින් කරයි, මේ ගැන පහදා දෙන්න * ඡබ්බිසෝදන සූත්‍රයේ පෙන්වන  ධම්මානුසාරී පුද්ගලයින් දෙදෙනාගෙන් ආයතන පිළිබඳ දැක්ම ඇති පුද්ගලයාට ඡ ධාතු ගැන දැක්මක් නැද්ද / සහ ඡධාතු ගැන දැක්ම ඇති පුද්ගලයාට ආයතන පිළිබඳ දැක්මක් නැද්ද >>

පොසොන් පොහොය​ 2021 - ධම්ම දේශණාව සහ ධම්ම සාකච්ඡාව

පොසොන් පෝය දිනක මිහිඳු හිමියන් විසින් ජන්බුදීපයේ සිට ලංකාපුරට  පැමිණීම සහ  උන්වහන්සේ කළ යුග මෙහෙවර පිළිබඳ විග්‍රහයක් * සංදේශනාව සහිතවූ  චූලහත්ථිපදෝපම සූත්‍රය,   සමචිත්තපරියාය සූත්‍රය, පේතවත්ථු, විමාන වත්ථු, දේවදූත සූත්‍රය සහ අග්ගික්කන්දෝපම සූත්‍රය, ආශිවිසෝපම සූත්‍රය, අනමතග්ගියසූත්‍රය, ඛජ්ජනීය සූත්‍රය , ධම්මචක්කපවත්තන සූත්‍රය  ආදී සූත්‍ර දේශනාකොට සාසන ශෝධනයක් කිරීම*  මාසතුනක් පුරා දහම් දේශනාකොට අවසන් වූ විට තිස්දහසක පමණ පිරිසක් පැවිදි බිමට පත් වීම * මහාවංශයේ සඳහන් වන ආකාරයේ බුද්ධාගම ගෙන ඒමක් නොව,මේ රටේ තිබී යටපත්ව තිබූ බුදු දහම නැවත මතු කොට පිරිසිදු  බුදු දහම නැවත පණ පිහිටවූ මිහිඳු මහ අරහතුන්  වහන්සේගේ  යුග මෙහෙවර ගැන * සසුනේ දුස්සීල පැවිදි පිරිස් නිවැරදි මඟට යොමු කිරීම පිණිස  බුදුපියාණන් දේශනා කළ අග්ගික්කන්දෝපම සූත්‍රය මිහිඳු මාහිමියන් විසින් නැවත  ලංකාපුරදී දේශනා කරන්නට යෙදුනේ ඇයිදැයි විමසා බැලිය යුතු බව * ලංකාපුර කොටසට බුදුපියාණන්ගේ ශාරීරික ධාතූන් වැඩම කරවීම * යුගමෙහෙවර අවසන් කොට ජන්බුදීපයට වැඩම කිරීම - සහ මිහිඳු මාහිමියන්ගේ භෂ්මාවශේෂ අදටත් රජගල තැන්පත්ව ඇති බව * මහින්දාගමනය සිදු වෙද්දී,  හෙළබිමේ දහම යටපත් වී තිබී නැවත සාසනය මතුකොට පණ පිහිටවීම *  එසේ නැවත මතුකළ ධම්ම පරියාය අනුගමනය කොට බෞද්ධයින් විසින්  නිබ්බාණ මඟ පූරණය කරගතයුතු බව * ප්‍රශ්න >> පෘතග්ජන පුද්ගලයෙක් සහ අරහතුන් වහන්සේගේ මනෝමය කායේ වෙනසක් තිබේද *  මනෝමය කායත් කර්මජ කායත් එකක් ද - මෙහි කාය තුනක් යනු  කොටස් තුනක්ද, නැතිනම් ක්‍රියාකාරකමක්ද *  විතක්කවිචාර  වූපසමෝ  වූ  අවස්ථාවක බුද්ධ මඟ වඩන පුද්ගලයෙක් තුල  අභ්‍යන්තරය ක්‍රියාත්මක වී දහම පසක් වන්නේ කුමන ධම්මතාවයක් උදව් කරගෙනද* ණයගණුදෙනුව ගැන සඳහන් වන සූත්‍ර මොනවාද * මියගිය ඥාතින්ට පින් අනුමෝදන් කරන විට වඩාත් සුදුසු වන්නේ  අපකළ පින් ඥාතීන්ට අනුමෝදන් වේවා ලෙස සිතීමද,  නැතහොත් සියලුම දෙනාට සමස්තයක් ලෙස උපෙක්ඛා සිතින් අනුමෝදන් කිරීම පමණක් ඇතිද*  පටිච්ච යන්නෙහි පටි යන්න බැඳීම නම්, පටිසෝත,පටිලෝම,පටිඝ ආදී බොහෝ තැන්වලත් ඇත්තේ බැඳීම යන්නමද * රූපස්කන්ධය යනු,පඨවි , ආපෝ, බැඳෙන, වැගිරෙන,ඇලෙන ආදී  ස්වභාවයන්ද* නිබ්බිදා වීම තුලම අජර- අමර නිවන තිබෙනවා නේද - අජරාමර නිවන් සැප කියන්නේත් එයමද* ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන පුද්ගලයෙකු හැටියට තම පෞද්ගලික කටයුතු කර ගැනීමේදී කේන්දර බැලීම යන්ත්‍ර මන්ත්‍ර වැනි දේ කිරීමෙන් නිවන් මඟට බාධාවක් වේද* උතු නියාමය,ධම්ම නියාමය ගැන පහදා දෙන්න * සංයෝජන පුග්ගල සූත්‍රයේ ඕරම්භාගිය සංයෝජන යනු බිමට බරවන ගතිය බව දනිමු,  මෙම බිමට බරවන ගතියතුල ගුරුත්වාකර්ෂණ ගතියක් තිබේද * ගුරුත්වාකර්ෂණ බලය වැනි භෞතික දේකින් අපට මානසික බලපෑම් ඇතිවන්නේ කෙසේද * මුගලන් හිමිට සොරුන් පහරදීම මනෝමයකායේ කර්ම බීජ ක්‍රියාත්මක වීමක්ද * සිව්පිළිසිඹියාපත් අරිහතුන්වහන්සේට තෙසැත්තෑ බුද්ධඥාණ වලින් කීයක් තිබේද * වර්තමානයේ පවත්නා සංචරණ සීමා යන්නම සංදේශනාව වටහා ගන්නට උපමාවක් නේද * කුමක්  හෝ කම්මාවරණයක්  නිසා කෙනෙකට යම්  කාලයක් නිවන් මඟ වැසුනා නම් නැවත නිවන් මඟට පිවිසෙන්නේ කෙසේද* පුඥ්ඥාභිසංකාර - අපුඤ්ඤාභිසංකාර - අනේඥ්ඥාභිසංකාර හැර නිවන වසන වෙනත් සංකාර තිබේද *ජානතො, පස්සතො, අරහතො සංමාසංබුද්ධස්ස ගැන * මාගධී  බසේ වචනවල ප්‍රකාශයක අවසානයේදී බිංදුවක් යෙදෙන අවස්ථා ගැන පහදා දෙන්න , උදාහරණ සරණං, චරණං *  පංචස්කන්ධය - පංච උපාදානස්කන්ධය සහ සංකාර  පිළිබඳ ප්‍රශ්නයක් * දහම් මඟ අනුගමනය කරන කොරෝනා ආසාදිතයෙකුගේ අත්දැකීමක් ගැන * බිම්බිසාර රජුගේ කකුල පලා ලුණු දැමීම සහ වජ්‍රාසනය වසා ඒ මත පෙනී සිටීමින් පින්තූර පළකිරීම ගැන හේතුඵල දහම අනුව පහදා දෙන්න * රටක් පාලනය මෙහෙයවන අයගේ ක්‍රියාවලිය අනුව හිමිවන ප්‍රතිඵල මොනවාද * නිරෝධං යන්න පිළිබඳව ත්‍රිපිටකයේ සඳහන් කරුණක් පිළිබඳ පැනයක් >>>

සංඛාරුප්පත්ති සුත්තං (II) - ධම්ම දේශණාව සහ ධම්ම සාකච්ඡාව - 2021/06/20

බෞද්ධයෙක්  දතයුතු  අනිච්චාති - දුක්ඛාති වූ සබ්බෙ සංකාරා * කථමෙ තයො සංකාරා - පුණ්‍ය - අපුඤ්ඤ-අනෙඥ්ඥ - අභිසංකාර  * විවිධාකාරවූ සංකාර අතරින් සංකාරුප්පත්ති යකට හේතුවන, පුණ්‍ය -  අනෙඥ්ඥ - අභිසංකාර * නිබ්බාණ සාක්ෂාත් කිරීමට නම් විසංකාර ගතං චිත්තං කළයුතු බව * සද්ධා -සීල - සුත- චාග-  පඥ්ඥා  සමන්නාගතො හෝතිවූ  අයෙක් වුවත් මියපරලොව යන අවස්ථාවේදී පුඥ්ඥ - පාප පහීනස්ස  නොකොට,ඒවා සිතින් උපාදානය කොට, සංකාරුප්පත්තියකට පත්වීම * රජ, සිටු, බ්‍රාහ්මණ, ආදී සහ සදෙව් ලොව හෝ,සක් දෙව්, වැනි තැන්වල සංකාරුප්පත්තියකට හේතුවන පුඥ්ඥාභිසංකාර * සුඛ සහ ආයුෂය බහුලවූ අසඥ්ඥ තල ඇතුළු බ්‍රහ්ම තල වල සංකාරුප්පත්තියකට හේතුවන අනෙඤාභිසංකාර * මමත්වයෙන් අස්මිමානයෙන් යුතුව පින්කම් උපාදානය හා ධ්‍යාන  උපාදානයෙන් අභිසංකරෝති කිරීම සමඟ සංකාරුප්පත්තියකට හිමිකම ලබා ගැනීම *  තිලක්ඛණය නොදන්නාකම,  පැවැත්ම තුල සුව පහසුව විදිමින් යන්නට ඇති කැමැත්ත, නිසා සසරේ අතරමං වීම  *  සංකාර සහ විසංකාර ගැන, සමුදය නිරෝදය කොට තණ්හාණංඛයමජ්ජගාති වී සංකාරුප්පත්තියකින් මිදීම ගැන භික්ඛූ පිරිසට බුදු පියාණන් කළ දේශනාව * සද්ධා,සීල,සුත,චාග,පඥ්ඥා   සමන්නාගතෝ වුවත් අභිසංකරෝති කිරීමෙන් නිවන වසා ගනී * අභිසංකරෝති වලින් මිදී නාභිසංකාර  කිරීම දන්නා  සුතවත් අරිය සාවකයා නිවන් මඟ විවර කර ගනී * >>> අජ්ජත්තික ආයතන සහ  සහ බහිද්ධ ආයතන අතර සිදුවන අන්තර් ක්‍රියාව නිසා පරිශුද්ධ සහ පරියෝදාන විඥ්ඥාණ ශක්තියක් අරිහතුන්වහන්සේ ගේ සිත තුල ජනිතවී  ප්‍රඥ්ඥාවක් බවට පත් වන්නේ කෙසේද * රූපයේ බාහිර සහ අභ්‍යන්තර එකොලොස් ආකාරය පිළිබඳව උදාහරණයක් සහිතව පැහැදිලි කර දෙන්න. * ප්‍රිය දේට පමණක්  පංච උපාදානස්කන්ධයම හට ගනීනම් සිතක ද්වේශය හටගන්නේ කෙසේද * වර්තමානය සංඛාරයක්  එනවිට චතුරාරක්ඛා වඩා නිරෝධ කර ගත්තද, අතීත සිදුවීම් නොකඩවා සිතට එද්දී ඉන් නිදහස් වන්නේ කෙසේද * අවිද්‍යාමූල පටිච්ච සමුප්පාදයේ එන ආදීනව අවස්ථාවට පෙර ඕනෑම අවස්ථාවකදී සමුදය නිරෝධ කළ හැකියි නේද * කායායතනය ගැන පහදා දෙන්න * යම් සංඛතයක උදයංගම අත්තංගම ආස්වාද යනු "ප්‍රිය" ලෙසත්, ආදීනව සහ නිස්සරණ යනු "අප්‍රිය" ලෙසත් කිව  හැකිද * මෝහය යනු ප්‍රිය අප්‍රිය අතර වැරදි සේ මැනීම නම් ,නිවැරදි ලෙස මනින ආකාරය කුමක්ද * පංචස්කන්ධයේ එන සංඥා ගැන පහදා දෙන්න * අනිච්ච දුක්ඛ අනත්ත යන තිලක්ඛණයේ ඇති  දුක්ඛ යනු පහදා දෙන්න  *  බඹරගල තෙල්දෙණිය ආශ්‍රිතව වික්ටෝරියා වේල්ල ඉදිකිරීම අපේ අතීතය වසා දැමීමේ ක්‍රියාවලියක් දැයි සිතෙයි, වර්තමානයේ ධර්මය මතුවීමත් සමඟ ජල කඳ මගින් වසා ඇති හෙළ ඉතිහාසය ඉදිරියේ දී නැවත වරක් විවෘත වේවි ද * නූතනයේ අප ජීවත් වන සමාජය තාක්ෂණික භෞතික ලෙස ක්‍රියා කරයි,එය රිදී- කාසි - නෝට්ටු ලෙස ඇති භෞතික මුදල් වලට එහා ගොස් විද්‍යුත් කරන්සි ඒකක බිහිවී ඇත. මෙය මනඃකල්ප විනාශයට අයත්ද * මනුස්සයෙක් වශයෙන් දිට්ඨෙව ධම්මේ සසංකාරික හෝ අසංකාරික පරිනිබ්බායී හෝති පුද්ගලයන් පරිනිබ්බායි  වීමෙන් පසුව අනුසය බිහි නොකළත් පටිසම්භිදාමග්ග පාලියේ දාහතර වන බුද්ධ ඥානය යටතේ සඳහන් කරන පරිදි අරහත් මග වඩන අයකුට රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිද්‍යා, යන උද්ධම්භාගිය සංයෝජන පහ අනුසය වශයෙන්ද  මාන අනුසය, බව රාගානුසය , අවිජ්ජා අනුසය, යන අනුසය තුන ඇතුළුව උපකිලේස 8ක් සම්මා සමුච්ජින්නා කරන්නට ඉතිරිවී  තිබෙන  බව සඳහන් වන්නේ ඇයි *අහංකාර - මමංකාරය ගැන බොහෝ සූත්‍ර වල සඳහන්වී ඇති අවස්ථා  සහ කතංජානතො පනායස්මතො ආදී කොටසේ  ඇති  සවිඥ්ඥාණකෙ කායේ බහිද්දාච ලෙසින් සඳහන්  වුවද අජ්ජත්තික ලෙස නොදක්වන්නේ ඇයි * අභයදානය යනු එකම කෝණය තුල මැනිය නොහැකි දෙයක් නේද - බුද්ධ දේශනාව අනුව  පරමාර්ථ ලෙසින් දෙන " අභය දානය"  ගැන විග්‍රහයක් කර දෙන මෙන් ඉල්ලා සිටිමි *  සුතවත් අරිය සාවකයෙක් නිවන්මග පූරණය සඳහා අනරියකෙනෙකු ගෙන් උපකාර  ඉල්ලීම  සුදුසුද *  ආසව ප්‍රහාණය කරන  පරියායන් පහ ගැන පැහැදිලි කර දෙන්න *විඥ්ඥාණය මියැදී නැවත උපතක්  ලබන්නට නොහැකි තත්වයට පත් වීම යනු පහදා දෙන්න * ප්‍රිය අප්‍රිය  සහ මනාප අමනාප දෙකේ වෙනස පහදා දෙන්න * තද සීතලක් දැනුන විට රෙද්දකින් පොරවා ගැනීම මැනීමක් ද  *  මලියදේව අරහතුන් වහන්සේ බුදු පියාණන් වහන්සේගේ කාලයේදී සෝතාපත්තියට පත්වී ජාතසෝතාපන්න ලෙස ඉපදී අරහත්වයට පත්වෙද්දී ධර්මය අසා ගත්තේ කෙසේද *  මිනිසත් බවක් ලබන්නේ සංසාරගතව සම්බන්ධවූ සියලු දෙනාට යුතුකම් වගකීම් ඉෂ්ටකර ණයගණුදෙනුවෙන්  මිදෙන්නට නම්,  භාවනා කොට  පින් අනුමෝදන් කිරීමෙනුත් ණය ගනුදෙනුව පියවේද * මග ඵලයක්  බලාපොරොත්තුවෙන් භාවනා කටයුතුවල යෙදෙමින්  යුතුකම් වගකීම් ඉටු නොකළොත් මගඵල ලැබීම පමා වෙනවද * අරහතුන් වහන්සේ පංචස්කන්ධය භාවිතා කරද්දී වෙනස ගැන පහදා දෙන්න >>>

සංඛාරුප්පත්ති සුත්තං - සජීවී ධම්ම දේශණාව සහ ධම්ම සාකච්ඡාව - 2021/06/19

සද්ධාය - සීලෙන - සුතෙන -  චාගෙන - පඥ්ඥාය - සමන්නාගතො හෝතිවූ නිවන් දැකීමට ශක්තියක් ඇති අයෙක් වුවත්, මියපරලොව යන අවස්ථාවේ දී රජ සැප, බ්‍රාහ්මණ සැප, සිටු සැප,හෝ~~~ඊටත් වඩා අධික ආයුෂ සහ සැප ඇති  විවිධ වූදෙව් තල  ගැන පුඥ්ඥාභිසංකාර කරමින් හෝ ඊටත් වඩා ආයුවර්ණ ,සැප,  බල ඇතියයි අසා ඇති විවිධාකාරවූ  අසඥ්ඥ තල ඇතුළු බ්‍රහ්ම තල හෝ ~~~~මහා බ්‍රහ්මයා වීම ආදී  වූ  තැන්වල උප්පත්තියක් ලබා ගැනීම පිණිස තමන් අසා ඇති දේවල් අනුව තද බැඳීමකින් යුතුව  අනෙඤාභිසංකාර කොට හෝ  නිවන වසා ගන්නා ආකාරය පෙන්වන    සංඛාරුප්පත්ති සූත්‍රය * සතර අපාය හැර අන් සියලු තල වර්ණනා කරමින් නිවන්මඟ වසා දැමූ, ආකාරය විස්තර කරන සංඛාරුප්පත්ති සූත්‍රය *  සද්ධාය - සීලෙන - සුතෙන -  චාගෙන - පඥ්ඥාය - සමන්නාගතො හෝතිවූ,  චතුරාරක්ඛා වඩා චේතෝවිමුක්තිය සහ පඥ්ඥාවිමුක්තිය පූරණය කරමින්  උපසංපජ්ජ විහරතිවූ, නිබ්බාණ වීම පිණිසම ඇප කැපවූ  සැබෑ අරියසාවකයා  * සංකාර උප්පත්තියක් නිසා කාම ලෝක හා සුගතියේ වුවත්, බ්‍රහ්ම තල වල වුවත් නිවන වසනබව *  පුණ්‍යාභිසංකාර - අනේඥ්ඥාභිසංකාර නිවන ට බාධාවක් බව*  දෙව්තල බ්‍රහ්ම තල පිළිබඳ වර්ණනා කළ ආගමික අධ්‍යාපනය සහ  දහම යටපත් කළ ආගම * සබ්බෙ සංකාරා අනිච්චාති , දුක්ඛාති සබ්බෙ ධම්මා අනත්තාතී  බව යථාවබෝධ කරගතහැකි  මනුස්සත්තපටිලාභෝ *    තිලක්ඛණය සහිතව සතර කමටහන් වැඩීම තුලින් සංකාර උප්පත්තියෙන් සහ උපාදානයෙන් මිදී නිදහස් විය හැකි බව** ප්‍රශ්න  >>>මේ සූත්‍රය පුරාම උප්පජ්ජති වෙනුවට උපපජ්ජති ලෙස යෙදී ඇත්තේ ඇයි එහි වෙනස කුමක්ද*මහා පරිනිබ්බාන සූත්‍රයේ සිංහල පරිවර්තනය තුල සතර ස්ථාන වැඳ පුදා ගැනීමෙන් සගමොක් සුව, හෝ ස්වර්ගයේ සැප ලැබෙන බව සඳහන් කර ඇත්තේ ඇයි * ශුන්‍යතාවය යනු කුමක්ද ප * සුක්ඛංන්තී යන තැන සුඛයත් යම්කිසි අවස්ථාවක අවසන් වී යනවාද* සතර කමටහන් වඩමින් යද්දී වුවත් ඉඳහිට ද්වේශ සිතුවිලි මතුවී සැනෙකින් ඉවත්වීමට හේතුව සහ එය නිවැරදි කර ගන්නේ කෙසේද * හේතුංපටිච්ච සංභූතං - හේතුභංගා නිරුජ්ජති යන්න  පහදා දෙන්න * හේතුඵල ධර්මටත්  නියාම ධර්ම අනුවත් සියල්ල සිදුවන ආකාරය එකිනෙකට ගලපා පහදා දෙන්න*අව්ජ්ජාමූල පටිච්චසමුප්පාදයේ  නාමරූප නිසා සලායතන ඇතිවන හැටි පහදා දෙන්න *  විඥ්ඥාණං අසති යනු සති යන්නෙහි විරුද්ධ පදයද * සංමාදිට්ඨි සූත්‍රයේ සෑම කරුණක්  අවසානයේම පාහේ ඇති පටිවිනොදෙත්වා සහ සමූහනිත්වා යන්නෙහි අර්ථය පහදා දෙන්න, එහි දිට්ඨිමානානුසය යනු අවිජ්ජා අනුසයද* මේ දිනවල යන ටෙලිනාට්‍යයක භික්ෂූන් වහන්සේගේ චරිතය රඟපාන රංගන ශිල්පියා සම්මත බුද්ධාගමට එහා ගිය බුද්ධ ධර්මයක් ඇතිබව දෙබස්  තුලින් පෙන්වා දෙයි, එවැනි ආදර්ශමත් චරිතයක් රඟපෑම විසූක දස්සනයක්ද *දීඝංවා සහ රස්සංවා දෙකෙන්ම ආසය මතුවන්නේ  කරමජ කයෙහි අතීතයේ තැන්පත් කල ආසය නිසාද * සිතක පළමුව හටගන්නේ සමුදයද, ආසයද * අභය දානය යන්නෙහි ධර්මාර්ථය පහදා දෙන්න * අවිජ්ජාමුල පටිච්චසමුප්පාදය අනුව යම් බවකට පත්ව ගතියක් හෙවත් කර්ම බීජයක් අනුව ගති බල, ගතිගුණ  අනුව උපත ලබා ජීවත්වී නැවත මරණයට පත්වී නැවත නැවතත් ඒ ගතිය අනුවම දිගින් දිගටම ඊලඟ ජාතියක් සකස් වන අවස්ථා ගැන පහදා දෙන්න *  අරිය මඟ යන කෙනෙක් අරිය උපෙක්ඛාවෙන් කටයුතු කරනවා යනු පහදා දෙන්න * අවිජ්ජා මූල පටිච්චසමුප්පාදයේ දැක්වෙන සංකාර සහ විඥ්ඥාණත් පංචස්කන්ධයේ සංකාර සහ විඥ්ඥාණ  යන්නත් එකක්මද *චත්තාරි මානි ඨානානි දස්සනීයානං සංවේජනීයානං වීම ගැන පහදා දෙන්න * අනාගාමී පුද්ගකුට ඒකබීජ සූත්‍රයේ ඇති පරිදි ඉතිරි සංයෝජන ගෙවී යනතෙක් බලා සිටිය යුතු වන්නේ කුමන අවස්ථාව තුලදීද *යම් පුද්ගලයකුගේ  කයට මනෝකායක්  එකතුවී සැදුනත් ඊට බාහිර ඉෂ්ඨ දෙවියකුගේ හෝ භූතයෙකුගේ බලපෑමකුත්  තිබේද >>>

සජීවී ධම්ම දේශණාව සහ ධම්ම සාකච්ඡාව - 2021/06/13

පෘතග්ජනෝ - පටිච්චසමුප්පාදං අනනුබෝධා අප්පටිවේදා *  අභිඥ්ඥාතං අභිඥ්ඥෙයිය පරිඥ්ඥාතං පරිඥ්ඥෙයිය - අභිධර්මය  * විභංගප්‍රකරණය - පටිසංභිදා මග්ගප්‍රකරණය ඇතුළු  ප්‍රකරණ පොත් * බුදු පියණන්  පටිච්චසමුප්පාද දහම තුළ පෙන්වූඅර්ථ නානත්ථය >>> * පෘතග්ජන පුද්ගලයෙක් තුල වර්තමාන මොහොතේ එකයායට  සිදුවන පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය :- චක්කුංච පටිච්ච රූපේච උප්පාදෝ චක්ඛු විඥ්ඥාණං  - සෝතංච පටිච්ච සද්දං උප්පාදෝ  සෝත විඥ්ඥාණං - ආදී කොට සලායතන මගින් හය ආකාරයකට උප්පාදවන විඥ්ඥාණ ශක්තීන් හයක්  ගැන ගාම්භීර වූත්, සරලවූත් විග්‍රහයක් * උප්පාදෝ, පවත්තං, නිමිත්තං , පටිසංධිං,ආයුහනං ,ගතිං, නිබ්බත්තිං, උපප්පත්ති ,ජාති, ජරා,ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව දුක්ඛ,දෝමනස්සං, උපායාසා, සංභවංති • සංභූතං වීම * චක්කුංච "න පටිච්ච " අනුප්පාදෝ >>  අපවත්තං - අනිමිත්තං - අනායුහනං -  අප්පටිසංධිං - අගතිං - අනිබ්බත්තිං - අනුපපත්තිං - අජාති - අජර - අව්‍යාධිං  -අමර - අසෝක- අපරිදේව -  අනුපායාසෝ - පටිලෝම හෙවත් පටිසෝතගාමී ලෙසින් විමුක්තිං බවට පත්වීම  *  උප්පාදෝ පවත්තං  - අනුප්පාදෝ අපවත්තං   ආදී කොට ඇති ද්වතාවය යථාභූතං පජානාති වීමෙන් අරිය සාවකයෙක් බවට පත් වීම * අනුසය ලෙසින් හිත තුල  කෙලෙස්  උපදින්නට එනවිට ඊට හේතුවන කරුණ, "පටිච්චවීම "  දැක  පටිච්ච වීමෙන් මිදී  " න පටිච්ච" වීමෙන් අනුප්පාද නිරෝධයෙන් සමුදය බිහිවීම නැවැත්වීම සඳහා  කළයුතු  සතර කමටහන් හෙවත් චතුරාරක්ඛා*උප්පාදෝ දුක්ඛංති • අනුපාදෝ සුඛංති - පවත්තං දුක්ඛංති • අපවත්තං සුඛංති - නිමිත්තං දුක්ඛංති•  අනිමිත්තං සුඛංති ආදීකොට ඇති .......>>    උපායාසං දුක්ඛංති • අනුපයාසා සුඛංති ලෙස නිරාමිස සුඛං පිළිබඳ පෙන්වා දීම *  අනිච්ච දුක්ඛ, අනත්ථ, වැඩීමෙන් නිච්ච,සුඛ අත්ථ, මරා දැමීම * උප්පාදෝ භයං,අනුප්පාදෝ ඛේමං - පවත්තං  භයං,  අපවත්තං ඛේමං ....ආදී කොට ඇති අසෝක, අපරිදේව, අනුපයාසා ඛේමං  ලෙසින්  ද්වතාවය පෙන්වා දීම * උප්පාදෝ සාමිසං • අනුප්පාදෝ නිරාමිසං - පවත්තං සාමිසං • අපවත්තං නිරාමිසං .....    ආදීකොට ඇති ද්වතාවය ධර්මය ගැන * උප්පාදෝ සංඛාරං • අනුප්පාදෝ  නිබ්බාණංතී - පවත්තං සංඛාරං • අපවත්තං නිබ්බාණංති ආදීකොට ඇති ද්වතාවය ධර්ම විග්‍රහය * උප්පාදෝ දුක්ඛං • උප්පාදෝ  භයං • උප්පාදෝ සාමිසං • උප්පාදෝ සංඛාරං•  ලෙස  කරුණු හතරක් * නිවන් මඟට උපකාර වන කුසලමූල පටිච්ච සමුප්පාද විග්‍රහය ගැන * පුණ්‍ය, පාප , ධ්‍යාන, කර්ම උපාදානය  තුලින් උප්පාදෝ වීමට ගතියක් සකසා ගැනීමෙන් සමුදය බිහිවීම  * පච්චුප්පට්ඨිතාහෝති ලෙසින් වර්තමානයේ සිත පැවැත්වීම * ආමිසයට, දුකට,භයට, සංකාරයකට හේතුවන වේගයක්,ආවේගයක්,ශක්තියක් , උපදින්නට එද්දීම  සතරකමටහන් ආනපානසති සමාධිය සහිතව නිවැරැදිවත් ප්‍රායෝගිකවත් වැඩීමෙන් උප්පාදෝ නවත්වා අනුප්පාදෝ නිබ්බාණංතී කළයුතු බව * රාගක්ඛයෝ, ද්වේශක්ඛයො මෝහක්ඛයෝ, කම්මක්ඛයෝ, ආසවක්ඛයෝ නිබ්බාණංතී * ප්‍රශ්න >> බව සංයෝජන යනු රූපරාග, අරූපරාග ලෙසත් උප්පත්ති සංයෝජනය යනු  මාන දිට්ඨි අවිද්‍යා ලෙසත් වටහාගැනීම නිවැරදිද * උද්ධම්භාගිය රූප අරූප අවස්ථා පැහැදිලි කර දෙන්න *අරහතුන් වහන්සේට පිරි - අපිරි නැතත් මනාප අමනාප ඇති කරුණ පහදා දෙන්න * තිප්පා පටිපදාව හෝ ධඥ්ඥා පටිපදාව අනුගමනය කොට මඟඵල පූරණය කරද්දී  , ධඥ්ඥා පටිපදා වඩන කෙනෙකුට කෙලෙස් කැපිය නොහැකිද -  ඔහු කෙළෙස් දැවෙන තෙක් සිටිය යුතුමද  * මේ දහම අසා දැනගත් මුල් අවදියේ සතර කමටහන් වැඩීම හා කෙලෙස් උපදින ආකාරය වහාම දැක ගැනීම ද සිදු විය, නමුත් දැන් කෙලෙස් උපදින ආකාරය දැක ගැනීමට පවා නොහැකියි . එසේ වූයේ ඇයි* පටිච්ච සමුප්පාද විග්‍රහයට අනුව පටිඝ අනුසය අඤ්ඤමඤ්ඤ වශයෙන් දැකීම සුදුසුද *  සංඥා සහ ඵස්ස යනු එකක්ද *  සංඛාර යන වචනය තුළම කෙලෙස් සහිත ක්‍රියාකාරකමක් ඇති බව අර්ථ ගැන්වෙද්දී  උපාදානයෙන් තොරව භාවිතාවේදී සංඛාර යන්න කෙසේ භාවිතා වේද * පංචස්කන්ධයේ එන සංඥා යනු රස සංඥා රූප සංඥා වැනි දේ ද ,නැතහොත් වේදනාව ඇතිවීමට බලපාන ස්පර්ශයද - සංඛාර යනු වේදනා පච්චයා තණ්හා ලෙස හැඳින්වෙන තණ්හාවමද  *  ආයතන හයක් නිසා විඥ්ඥාණ හයක්  ඇති වී ඒ අනුව පංච උපාදානස්කන්ධය හය ආකාරයකට කාය තිස් හයක් බවට පත්වන ආකාරය ගැන වඩේ ගෙඩියක  උදාහරණයෙන් පහදා දෙන්න * සිදුහත් කුමරුට නම් තබන දිනයේ දී බුදු වන බව  කී අසිත තවුසා මිය ගිය පසු නැවත වතාවක් ඉපිද බුදුන්ගෙන්  බණ ඇසූ බවට,ගණිත ක්‍රමයකට ශාස්ත්‍ර කියන එක එක්තරා මහත්මයෙක් සඳහනක් කර තිබෙනවා, එය ඇත්තක්ද * සම්මා සති යනු යෝනිසෝ මනසිකාරයද *ධර්ම මාර්ගයේ යන යම් පුද්ගලයෙක් අරහත්වය දක්වාම යන ගමන් මාර්ගය ගැන  විවිධ සූත්‍ර වල විවිධ ආකාරයට  පෙන්වා දී ඇත්තේ ඇයි * අරහත් මගෙහි සිටිමින් ඵලයට පත් වන්නට සිටින උත්තමයෙක්  විසින්  චතුත්ථ ධ්‍යානය හරහා උපසම්පජ්ජ විහරතිවී යම් අවස්ථාවකදී  උපේක්ඛා සහගත පාරිශුද්ධ චිත්තයක් පවත්වද්දී  ආසවක්ඛය ඤාණය ලැබීම පිණිස ප්‍රහණය කළයුතු කෙලෙස් දකින්නේ කෙසේද *පෘථිවිය භ්‍රමණය වීමත් සමගම සතර මහා ධාතු විපරිණාමයට පත් වන ආකාරය පහදා දෙන්න * රාග ද්වේශ මෝහ නතර කිරීමට ආරම්භයක් ගතයුත්තේ කෙසේද * නීති කෙටුම්පත් වලින්  දහම අනුගමනය කිරීමට උපදෙස් දීම සහ මානව අයිතිවාසිකම් නැතිකිරීම සුදුසුද >>

පටිච්චසමුප්පාදය​ - සජීවී ධම්ම දේශණාව සහ ධම්ම සාකච්ඡාව - 2021/06/12

අනුලෝම සහ පටිලෝම වශයෙන්, සක්කාය සමුදය ගාමිණී පටිපදාවත් - සක්කාය නිරෝධ ගාමිණී පටිපදාවත් මතුවනසේ දේශනා කළ පටිච්චසමුප්පාද දහම *දහම අනනුබෝධා අප්පටිවේදා  බව නිසා පුණ්‍යාභිසංකාර - අපුඤ්ඤාභිසංකාර - අනේඥ්ඥාභිසංකාර කිරීමෙන්  අනුලෝම පටිච්චසමුප්පාද ක්‍රියාවලිය ක්‍රියාත්මක කරමින් සසරට බැඳීම * පරියාප්ති- ප්‍රතිපත්ති- ප්‍රතිවේධ සාසනය ගැන* පුඥ්ඥ පාප පහීනස්ස කළයුත්තේ ඇයි* සං උප්පාද සහ සමුදය නිරෝධය පිළිබඳව,  අවබෝධා - පටිවේදා කලයුතු බව * යෝ පටිච්චසමුප්පාදං පස්සති සො ධම්මං පස්සති *සතර කමටහන් නිවැරැදිවත්  ප්‍රායෝගික වත් වැඩීමෙන් කෙලෙස් මුල් උදුරා දැමීම * සත්වයෙක් තුළ නිරයාසයෙන්ම ක්‍රියාත්මක වන අනුලෝම පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය සහ  නිවන් මඟට උපකාර වන, පටිච්ච සමුප්පාදයේ පටිලෝම විග්‍රහය සහ තිපරිවට්ටය  * සමුදය නිරෝධය සමඟම ලබන  චතුඅරිය සච්ච අවබෝධය* නිවන් මඟ පූරණය පිණිස ඒකධම්මො වන නිවැරැදි  ආනපානසති සමාධි සතරකමටහන් ලෙස සතර ඉරියව්වේදීම *  ප්‍රශ්න >> කුසලමූල පටිච්ච සමුප්පාද ධර්මය ගැන සුළු විග්‍රහ කරදෙන්න*  සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ මනෝසමාචාරං පාහං යනු පහදා දෙන්න *සිතක නාමරූප උපදින්නේ යම්අරමුණක වේදනා වෙන් පසු සංඥාවද, සංඥාවෙන් පසු චේතනාවද ලෙස අනුපිලිවෙලකින්ද , නැත්නම් නාම කොටස් පහ වෙන වෙනම හෝ කීපයක් එකට ක්‍රියාත්මක වී හෝ සංකාර කර විඥ්ඥාණ ශක්තියක් උපදවා ගැනීමෙන්ද *යම් පුද්ගලයකු විසින් බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස,ස්පර්ශ, යන පහ අරමුණු නොකර මනසින් මනසිකාරද නොකොට යම්කිසි කාල පරාසයක් ගත කරයි නම්, ඒ අවස්ථාව තුළ යම් ආකාරයකට විඥ්ඥාණය දුර්වලවී සිතේ ප්‍රඥ්ඥාව මතුවීමක් වේද * බාහිර දේ කෙරෙහි අරමුණු වලට වඩා මනසින් මනසිකාර කරමින් කරන මනෝමය රූප නිසා ඇතිවන  සංකාර වලින් සිතේ යම් කුක්කුච්ච බවක් ඇතිවේ, මින් මිදීමට කළ යුත්තේ කුමක්ද *  හේතුව සහ ඵලය සම්බන්ධ කරන යම් ශක්තියක් ඇද්ද ,එම ශක්තිය විඥ්ඥාණ ශක්තිය ද නැතිනම් වෙන යමක් ද - හේතුව හා ඵලය වෙන්කර විපරිණාමයට පත් කරන ගතියක් ඇත, මෙය පහදා දිය හැකිද * අප්ප්පිච්ච- අප්පමද සහ මද -පමද - අප්පමද පහදා දෙන්න  * අවිජ්ජා  මූල පටිච්ච  සමුප්පාදයේ නාම රූප, සංඵස්ස, වේදනා , සහ තණ්හා ගැන පහදා දෙන්න *  පටිච්ච -සං- උප්පාද යන ශබ්ද සංඥාව කුසල මූලයට යොදා ගැනීමට හැකිද * සංඛතයක උදයංගම අත්තංගම අස්සාද ආදීනව නිස්සරණ අවස්ථා පහ ගැන පහදා දෙන්න *සතරකමටහන් වැඩීමේදී සමථ වීම අවිජ්ජාමූල නිරෝධ පටිච්ච සමුප්පාදය ලෙසද, මරණානුස්සතිය වැඩීම කුසලමූල පටිච්ච සමුප්පාදය ලෙසද වටහා ගැනීම නිවැරැදිද * පුත්තමංත සූත්‍රය හෙවත් තම දෙමාපියන් විසින් තම දරුවා මරා ආහාරයට ගැනීම  ගැන කතාවක් ත්‍රිපිටකයේ සඳහන්ද * රූපයක් හඳුනාගත්විට ඒ කෙරෙහි  සංචේතනා පවත්වා ,සංඵස්ස වීම කියන්නේ අවිජ්ජාවද, අවිජ්ජා මූල පටිච්චසමුප්පාදය පටන් ගන්නේ එතැනින් ද * දේවදූත සූත්‍රයේ පෙන්වන නිරය  සහ  නිරය පාලකයින් ගැන පහදා දෙන්න * අච්චරිය අබ්භූත සූත්‍රය තුල මහාමායා දේවිය පිළිබඳ  ආශ්චර්යය වත් අද්භූත සිදුවීම,සහ සිදුහත් කූමාර උපතේදී පියවර හතක් ඇවිදීම ගැන අරුත් පහදා දෙන්න * විඥ්ඥාණ ආහාර සහ කබලිංකාර ආහාර ගැන පහදා දෙන්න * කුසල හෙවත් කුණු සලාහැරීම ගැන පහදා දෙන්න *  අධිෂ්ඨාන ශක්තිය ඉතා බලවත්වූ අරියමඟ යන සුතවත් පුද්ගලයින්ගේ කටයුතු වෙනුවෙන් අරිය නොවන පුද්ගලයිගෙන්  අයැදීම  සුදුසු නැහැ නේද *  සංයුක්ත නිකායේ නිරාමිස සුත්‍රය ඇසුරින් පැනයක් * රාග ද්වේශ මෝහ නැවැත්වීමට ආරම්භය පිණිස සුදුසුම අවස්ථාව කුමක්ද * බුදු පියාණන් භගවත් ගුණය යනු පහදා දෙන්න  >>>   

~ වෙසක් පොහොය​ 2021 ~ ඓතිහාසික ත්‍රිපිටකය සහ හෙළ අටුවා පිළිබඳ විශේෂ සජීවී අනුසාසනාව

සාසන ඉතිහාසය සහ ත්‍රිපිටක ඉතිහාසය ගැන බිඳක් * බුදු පියාණන් ජීවමානව සිටියදීම හෙළ බසින් ලියූ අට්ඨ කතා * සද්දනීති ප්‍රකරණය පොත* ධර්මය වනපොත් කරමින් ගෙනා භාණකවරුන්ගේ සාසනික සේවාව *  එළු බසින් ලියූ වංශකතා * ත්‍රිපිටකය ග්‍රන්ඨාරූඩ කිරීමට හේතු * බුද්ධ පරිනිබ්බාණයෙන් වසර 456 ට පසු  කෑගල්ල මාතුල අළුලෙනේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරිම * බුද්ධ පරිනිබ්බාණයේ මුල් යුගය පසුවී, නැවත  ක්‍රමයෙන් දහම වෙනස් වීම* බුදුදහමේ වචන ඇසුරෙන් ඉන්දියාවේ  මහාසාංඝික නිකායක් , වෛතුල්‍යවාදී ත්‍රිපිටකයක්, හා සංස්කෘත බෞද්ධ  සාහිත්‍යයක් බිහිවී ජනප්‍රිය බුද්ධාගමක් බිහිවීම*ථේරවාදය අභිබවා, වෛතුල්‍යවාදී අදහස්  මහාවිහාරය තුලටද  සංක්‍රමණය වී කොටසක් බෙදී ගොස් අභයගිරි විහාරය ආරම්භ වීම * පැවැත්ම යහපත් ලෙස පවත්වාගෙන යාම පිණිස ලියූ වෛතුල්‍යවාදී ත්‍රිපිටකය  සහ නිබ්බාණ වීම අරමුණු කොට මාතුල අළුලෙනදී ලියූ නිර්මල ත්‍රිපිටකය * විහාර අතර ගැටළුව- ගෝඨාභය රජු විසින් පත් කළ කමිටුව  සහ කමිටුවේ නිර්දේශය * වෛතුල්‍යවාදීන් පිටුවහල් කිරීම *  ජෙට්ඨතිස්ස කුමරු  රජවීම * සංඝමිත්ත නම් කූඨ  පුරොහිත බමුණාගේ සහ මහසෙන් කුමරුගේ  කුමන්ත්‍රණය * ජෙට්ඨතිස්ස රජුගේ හදිසි මරණය * වෛතුල්‍යවාදීන් පිටුවාහල් කිරීමේ පළිය ගැනීමට සංඝමිත්‍ත පුරෝහිතයා දැරූ උපක්‍රම * පතංජලී දහමේ  පරප්‍රාප්ත  බුද්ධඝෝෂ හිමිගේ පැමිණීම * මහා විහාරයේ ස්වාමීන් වහන්සේලාගෙන් පරිවර්තන පිණිස යැයි අට්ඨකථා පොත් ලබාගැනීම සහ  තම අදහස්ද ඇතුලුකොට පොත් දාහතක් ලිවීම * මහානාම හිමි විසින් සිංහල මහාවංසය  පාලි බසට හැරවීම *බුද්ධඝෝෂ හිමිගේ පරිවර්තන පොත් දාහත පමණක් ඉතිරි වනසේ මහා විහාරය ගිනිබත් වී අටුවා පොත් විනාශ වීම * ලෞකික දේ අගය කළ වෛතුල්‍යවාදී  ත්‍රිපිටකය පිළිගත් පිරිස වැඩිවීමත්,හෙළ අටුවා විනාශවීමත්, අභයගිරි පාර්ශවයේ බලය සහ ස්වාමීන් වහන්සේලා වැඩිවීමත්, නිසා  සමන්තප්‍රාසාදිකාව සහ බුද්ධඝෝෂ ගේ විසුද්ධි මාර්ගය ආගමක් බවට පත්වීමෙන් නිර්මල ධර්මය යටපත් වීම * කෑගල්ල මාතුල  අළුලෙනේදී ලියූ  නිර්මල ත්‍රිපිටකය කිසිදු  විනාශය කට හසු නොවී හොඳින් ආරක්ෂාවී තිබීම* කල්යාමේදී  හෙළබිම බටහිර ජාතීන්ට යටත් වීම * කෑගල්ල අළුලෙනේ තිබුණු ත්‍රිපිටකය සුදු නිලධාරීන් විසින් සුළු මුදලක්ගෙවා ලබාගෙන එංගලන්තයට ගෙන යාම * දහම දිගින් දිගටම යටපත් වීම * වසර කීපයකට පෙර 2009 දී පමණ පූර්ණ වශයෙන්ම දහම මතුවීම, චත්තාරිමානි ඨානානි හඳුනා ගැනීම සහ එංගලන්තයේ තිබූ නිර්මල ත්‍රිපිටක පිටපත් ගෙන්වා ගැනීමට හැකිවීම  * බොහෝ පිරිසක් නිවන් මඟට අවතීර්ණ වීම *  සම්මතයේ සිටින අයගේ  වරප්‍රසාද , වරදාන, ව්‍යාපාර සහ පැවැත්මට තර්ජනයක් වේයැයි  භීතියෙන් අණපනත් නීති,දඬුවම්  පනවා දහම සහ නිවැරැදි චත්තාරිමානි ඨානානි යටපත් කිරීමට දරණ උත්සාහ ගැන * ගංගා පෙයියාලයේ පංචම පාචීන නින්න සුත්තං ඇසුරින් ඇසුරින්  ජන්බුදීපයේ පිහිටීම ගැන දැක්වීම * ජන්බුද්වීපය අර්ථ  නිරුක්ති ඇසුරින් * >>> වජ්‍රාසනය නැවතත් වසා දැමීම අයහපත් ප්‍රතිඵල ගෙනදීමට හේතුවේද * සුනාපරන්තය, අපරාපරන්තය,  පතිරූපදේශය ආදී ලෙස දහම තුල  භූමි පෙන්වා දෙන්නේ ඒ රටවල් වල තිබෙන භූවිෂමතා අනුවද * කොරෝනා නිසා ඇතිවූ මරණ බියත් සමඟම අනාගතයේ ඇතිවිය හැකි අමනුස්ස බිය කෙබඳු ආකාරයකට හෙළබිමට සහ ලෝකයට බලපෑම් ඇති කරයිද * සෝවාන් පුද්ගලයෙක් ගැන "නතේ භවං අට්ඨමං ආදියන්ති" ලෙසින් සඳහන් වන්නේ කුමක්ද * දෙවුරම් වෙහෙර පිහිටා ඇත්තේ මේ හෙළබිමේ කුමන ප්‍රදේශයේ ද * සක්කාය සමුදය  නිරෝධ කර ගැනීමට වඩාත් හොඳම ක්‍රමය වන්නේ  චතුරාරක්ඛා ප්‍රායෝගිකව දිගින්දිගටම පුහුණු කිරීමද * මගේ තිස් හය හැවිරිදි විවාහක සොහොයුරා කුඩා අවදියේ සිටම අපගේ මව කෙරෙහි අසාමාන්‍ය ලෙස වෛරී සහගතව හැසිරෙයි, බැණ අඬගැසීම පුරුද්දක් කොටගෙන සිටී, මෙම පාපී බවින් ඔහු ගලවාගැනීමටත්, මවගේ සිතේ ඔහු ගැන ඇති වේදනාව දුරු කිරීමටත් කුමක් කලයුතුද * අනුපාදිසේස නිබ්බාණයෙන් නිවන පූරණය කර සිටින අරිහතුන්වහන්සේ  සඥ්ඥා වේදයිත සමාපත්තියට සමවැදීමට  නම්, මඟඵල පූරණය කරන අවස්ථාවේ සිට පියවරෙන් පියවරට ආවර්ජන වසිතාවේ පටන් පච්චවෙක්ඛණ වසිතා දක්වා ද්වතාවය ,තිපරිවට්ටය ආදී ධර්මතා අනුපස්සනා කරමින් වසිතා  පහම පුහුණුකොට අවසන්වී තිබේද - සඥ්ඥා වේදයිත නිරෝධ සමාපත්තියට සමවැදීම ගැන පහදා දෙන්න * හේතුඵල දහමට අනුව ණය ගෙවීමට  ඉපදුනත් පවුලකට හෝ බාහිර සමාජයට උදව්වක් අවශ්‍ය නිසා කෙනෙකු උපත ලබනවාද - ඔබවහන්සේ ගේ මේ යුගමෙහෙවර ගැන සලකා බලනවිට එය එසේ සිදු වූ බව සිතමි, පහදා දෙන්න* වෙසක් පෝදින බුදු පියාණන් පිළිබඳ සිදුවූ තෙමඟුල  පිළිබඳ  ධර්ම අර්ථය පහදා දෙන්න  *ලොව්තුරා බුදුපියාණන් සම්බන්ධ විශේෂිත අවස්ථා සියල්ලම සිදුවී ඇත්තේ පොහොය දිනයකදී නම් එවන් පොහෝදිනවල  යම් විශේෂ විශ්ව ශක්තිය තිබේද * එවන් පොහෝ දිනවලදී බුද්ධ ශක්තියට අනුගතවී අධිෂ්ඨාන කොට විහිඳුවා හරින සුදු කිරණ වල බලපෑම  අනිත් දිනවලට වඩා විශේෂිතද  * බුද්ධ භාෂිතය ලෙස අනුදැන වදාළේ යම්කිසි භාෂාවක්ද - නැතිනම් යම් වැඩපිළිවෙලක් ද *  අරහතුන් වහන්සේ කෙනෙක් තුළ පිහිටන ආනන්තරීය කුසල ධර්මය කුමක්ද >>>

2021 වෙසක් පෝය

යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති- යෝ ධම්මං පස්සති- සෝ මංපස්සති  * බුද්ධාගම සහ බුදු දහම දෙකක් බව දැන වැරදුනු තැන්  දැක හඳුනාගෙන නිවැරදි මඟට පිවිසීම * අස්සුතවත් පෘතග්ජන පුද්ගලයාගේ ස්වභාවය* විසංකාර ගැන නොදැනීම හෙවත් සංවට්ටය  විවට්ට කරන්නට නොදන්නා කම * සංදෙස්සේති, සංමාදපේති, සමුච්චේදේති, සංපහංසේති, සංපද සතර  සහිතවූ  සංදේශනාව පිළිබඳ නප්පජානාති නිසා සංසාර සේ දැකීම * වේරමණී සීලය -  යං සමාදානංතංවතං සංවරට්ඨෙන සීලං * දාන,සීල ,භාවනා, සහ ධ්‍යාන,උපාදානය නිසා නිවන් මඟ වැසී යාම * තමා තුළ තණ්හාව උපදින ආකාරය දැකගත යුතු බව * ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං* චාගෝපටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ අසේසවිරාග නිරෝධෝ ගැන දැක්ම * පටිවිරතෝහෝති සීලය *  සමුදය බිහිවන ආකාරය දැක ගැනීම * එත්තෙසං උප්පජ්ජමානා උප්පජ්ජති එත්තේසං පහීයමානා පහීයති එත්තේසං නිරුජ්ජමානා නිරුජ්ජති * සතරකමටහන් පූර්ණය කර ගන්නා ආකාරය*  අනුසය සකස් නොකොට නානුසේති ලෙසින් අනුප්පාද නිරෝධයෙන් සමුදය බිහිවීම  නැවැත්වීම * අභිසංකාර කිරීමෙන් වැළකීම * ඡඡක්ක සූත්‍රයේ  පෙන්වා වදාළ කාය තිස් හයක් * කායේ කාය - සතර සතිපට්ඨානය - සහ  ඒක ධම්මෝ පිළිබඳ යථාවබෝධය * සතර සෘදිපාද - ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බලගැන්වෙන අයුරු * සත් තිස් බෝධි පාක්ෂික ධර්ම පූර්ණය කොට නිවන් මඟ පසක්  කරගැනීම * මෝහයෙන් ඉවත්වීම  * නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්ධවත්  සතර කමටහන් සහිත ආනාපානසති සමාධිය ඒකධම්මො ලෙසින්  භාවිතො බහුලීකතෝ කිරීමෙන්  කුසලස්ස උපසම්පදා වීම *ආස්වාස ප්‍රාස්වාස කසින භාවනා බුදුන් .දේශනා කළ දෙයක් නොවන බව වටහා වටහාගත යුතු වීම * බුදු පියාණන් දේශනා කළ මාර්ගය අනුගමනය කොට යෝ ධම්මං පස්සති වීමෙන්  බුදුන් දැක නිවන් දැකීම >>>>>>>>>>>>>>>>> රාජකාරි කරන අතරතුරේ සතර කමටහන් භාවිතයේදී අව්‍යාකත සිතිවිලි ආවට කමක් නැද්ද * අරිය ධ්‍යාන හා අනරිය ධ්‍යාන පිළිබඳව පහදා දෙන්න * පටිච්චසමුප්පාද යන්නෙහි  නාම රූප යනු පංචස්කන්ධය ලෙස ගැනීම හරිද * සෝතාපන්න මාර්ගයේ හෝ සෝතාපන්න ඵලයේ හෝ ඉන් එහා මාර්ගඵලයකට පත්වුණු පුද්ගලයෙකුට යම් හෙයකින් මඟ වැසී යන්නට ඉඩක් වේද - ඊට භේතු හා ඉන් මිදී නිදහස් වන ආකාරය පහදා දෙන්න * ඒකබීජ සූත්‍රය  ඇසුරින් කෙලේස පරිනිබ්බාණ වූ උත්තමයින් ගැන සහ එම අයගේ  ජීවත පැවැත්ම පිළිබඳව පැනයක් * බෝසත් චරිතයේ ඇති අද්භූත ආශ්චර්ය විස්තර ගැන  පාසල් ශිෂ්‍යාවක් ගෙන් ප්‍රශ්නයක් * ඉතිපිසෝ ගාථාවේ ධර්ම අර්ථය පැහැදිලි කර දෙන්න * පරවීමංසන සූත්‍රය ඇසුරින් ප්‍රශ්න දෙකක්  * සතරමඟ,සතරඵල පිළිබඳව කෙටියෙන් පහදා දෙන්න * රෝග පීඩා සහ වෙනත්   ව්‍යසනයන්  මතුවන්නේ මිනිස් සත්වයාට  ධර්මාවබෝධයක් ලබාදී ස්වභාව ධර්මය පිරිසිදු කිරීම පිණිසද * අංගුත්තර නිකායේ ඡක්ක නිපාත පාලියෙ  මහා වග්ග කොටසේ නිබ්බේදික පාලියෙන් ප්‍රශ්නයක්>>>

පරවීමංසන සුත්තං(II) - සජීවී ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව​​​ - 2021/05/16

පටිච්චසමුප්පාද විග්‍රහය අගසිට මුලටම ගෙන එකිනෙක කරුණ බැගින් චතු අරිය සච්චයට ගලපමින් විග්‍රහ කොට වදාල පරිවිමංසන සූත්‍රය*පරීවිමංසමානො ඒවං පජානාති - අනෙක විධං නානාපකාරං දුක්ඛං ලෝකේ උප්පජ්ජති ජරාමරණං - කිං දුක්ඛං ජාති නිධානං - කිං ජාති සමුදයං - කිං ජාති නිරෝධං - කිං ජාති නිරෝධ ගාමිණී පටිපදං   පජානාති * කිස්මිං සති ජාති හෝති - කිස්මිං අසතිං * "ජරාමරණ " බවට පත්වීමට  හේතු  වූ "ජාති" පටන් කරුණු එකිනෙක ආපස්සට පෙන්වා දෙමින් "බව"  - බව සමුදය - බව නිරෝධය - බව නිරෝධගාමිණී පටිපදාව *උපාදාන,උපාදාන සමුදය,උපාදාන නිරෝධය -  උපාදාන නිරෝධගාමිණී පටිපදාව - ආදී ලෙසින් සංකාර දක්වා සියලුම අවස්ථා අවරෝහණ ආකාරයට චතු අරිය සච්චයට ගලපමින් විග්‍රහ කිරීම - අවිජ්ජා හේතුවෙන්  සංකාර ක්‍රියාත්මක වීමේ සිට සංභවංති  දක්වා *අවිජ්ජා ගතෝයංපුරිසපුග්ගලෝ පුඥ්ඥංචේසංකාරං අභිසංකරෝති - * පුඥ්ඥාපගතංහෝති විඥ්ඥාණං * අපුඥ්ඥංචේසංකාරං අභිසංකරෝති - අපුඥ්ඥාපගතංහෝති විඥ්ඥාණං * ආනෙඥ්ඥංචෙ සංකාරං අභිසංකරෝති - අනෙඥ්ඥාපගතංහෝති විඥ්ඥාණං *   *පුඥ්ඥාභිසංකාරංවා අභිසංකරෙයිය - අපුඥ්ඥාභිසංකාරංවා අභිසංකරෙයිය - *අනෙඥ්ඥාභිසංකාරංවා අභිසංකරෙයිය  *  * පුඥ්ඥ කම්ම - පුඥ්ඥංවේ සංකාරං අභිසංකරෝති • * පාප කර්ම - අපුඥ්ඥංවේ සංකාරං අභිසංකරෝති • * ධ්‍යාන උපාදානය - අනෙඥ්ඥංවේ සක්කාරං අභිසංකරෝති • *උක්ත දහම් කරුණු ගැන අර්ථ, ධර්ම නිරුක්ති දැනගැනීමේ අත්‍යවශ්‍යතාවය *  පුඥ්ඥාභිසංකාර වලට කුසල සංකාර ලෙසින් අරුත් ගැන්වීමෙන් නිවන වැසීයාම. *අවිජ්ජා ප්‍රහාණය කොට අභිසංකාර නොකරන,විජ්ජූපාදා වූ තැනැත්තා. *කුසල ධම්මං - නිබ්බාණංතී * අභිසංකරෙයිය  නොකරන ඛීණාසව බවට පත්වූ අරහතුන් වහන්සේ ප්‍රශ්න >>> කෙලේස,පරිනිබ්බාණය සූත්‍රයේ සඳහන්  හිරිබල සහ ඔත්තප්ප බල  ඉන්ද්‍රිය බවට පත්වෙන ආකාරය ගැන පැහැදිලි කර දෙන්න * අසංකාරී ආනාගාමී තත්වයට පත්වූ උත්තමයන් තුළ  සබ්බලෝකේ අභිරත සංඥා සහ මරණ සංඥා ඉතිරිව පවතිනවා දැයි පහදා දෙන්න * කෘෂිකර්ම කටයුතු වලදී උදැල්ලෙන් නඟුලෙන් වැඩ කරද්දී කුඩා සතුන් මියයාමේදී පවක් සිදුවේද * නවංගේ සමන්නාගතෝ සහ දසඅංගේ සමන්නාගතෝ ගැන පහදා දෙන්න * ආනාපාන සති සමාධිය වඩමින් කෙලෙස් නසමින් යන සෝවාන් පුද්ගලයාට සකෘදාගාමී සහ අනාගාමී ඵලයන් වලට පත්වූ විට  තමන්ටම දැක ගැනීමට හැකි වන්නේ කෙසේද * අපි ජිවත් වෙනවා කියන්නේ තියෙන පොතක් කියවන එක ද - නැතිනම් අලුත් පොතක් ලියන එකද *  යම් සිතිවිල්ලක් එන වෙලාවට එය එක සිතිවිල්ලක් පමණයි කියා ඉවත් කිරීම වැරදි කමටහනක්ද *" ආකාශික් රෙකෝඩ්" ලෙස විශ්වයේ පහළවූ අතීත,වර්තමාන, අනාගත සියලුම ජීවීන්ගේ තොරතුරුද,විශ්වයේ සියලුම දැනුම් පද්ධතිද ,ශක්ති ජාලයක්සේ දත්ත ගබඩාවක් ලෙසින් විශ්වයේ කොහේ හෝ නැවත  ගත හැකි ලෙස තැන්පත් වී තිබේද- මෙය මනෝමය කායේ ඇති කර්ම බීජ හා ගති වලට සම්බන්ධයක් පවතීද * අස්සුතවත් පෘථග්ජන පුද්ගලයෙකුගේ කරජ කයේ ඇති ශුද්ධාෂ්ඨක සහ අරිය පුද්ගලයකුගේ  කරජ කයේ ඇති ශුද්ධාෂ්ඨක අතර වෙනස්කම් තිබෙනවාද - සතර සතිපට්ඨානයේ දක්වා ඇති,කරජ කයේ ඇතිවන වෙනස්කම් දක්වන්නේ ශුද්ධාෂ්ඨක වල ඇති වෙනස්කම් නිසාද * ප්‍රත්‍ය සංවර සීලයෙන් කුසලය වඩා වර්ධනය වනවාසේම, අනිවාර්යෙන් නින්දට යන්නට පෙර පින්දී පින් අනුමෝදන් කිරීමෙන්ද කුසලය පූරණය වනවාද * අසාධාරණයක් දුටු විට එයට විරුද්ධව නැගී සිටීම සහ එය දැක අහක බලා ඉන්නට බැරි කමක් තවමත් තිබීම,නිවනට බාධාවක්ද * කෙලේස පරිනිබ්බායී අවස්ථා පහක් ගැන සූත්‍රපිටක වල බොහෝ තැන් වලත් ඒකබීජ සූත්‍රයේත් දැක්වේ - ඒවා අතරින් දිට්ඨෙවධම්මෙ ලෙස  මිනිස් ජාතියේදීම කෙලේස පරිනිබ්බායී වී කායස්සභේදා වනතෙක් මනුස්සයෙක් ලෙස ජීවත් වෙන්නට පුලුවන් අවස්ථා මොනවාද -  කෙලේස පරිනිබ්බාණයයේ විවිධාකාරත්වය ගැන තවත් පැනයක් * කාලකාරාම සූත්‍රයේ යංකිංචි දිට්ඨං, සුතං ,මුතංවා, අජ්ජෝසිතං , නසේසුතාදීසයසං.....ආදී ගාථාවේ පද අරුත් පහදා දෙන්න * කොරෝනා වෛරසයෙන් කුසතුළ දරුවෙක් සමඟ මවක් මියයාමේ හේතුව ධර්මානුකූලව පහදා දෙන්න * කුසලය යනු කුණු සලා හැරීම නම්  කුසලය රැස් කරනවා යනු පහදා දෙන්න * බුදුපියාණන් වැරදි තැන් දුටුවිට, ඒවා දෝෂ දර්ශනයට ලක් කොට පෙන්වාදී තුබුණද, වර්තමානයේ ධර්මය අධර්මය කරමින් එයද ඉක්මවා ඒවා නීතිගත කරගන්නතත් උත්සාහ දරනවා - මෙවැනි දේට දඬුවම් දීමේ ක්‍රමයක් බුදුපියාණන් අනුදැන වදාරා නැද්ද >>>>

සජීවී ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව​​​ - 2021/05/15

නානාප්‍රකාර වූ දුක්ඛක්ඛන්ධයක්  ඇතිවන්නට හේතු වන කරුණු පිළිබඳ විමංසනාත්මක  දේශනාව  පරිවිමංසන සූත්‍රය - පරිවීමංසනො - පරිවීමංසෙයිය * "ජාති" බවට පත්වීමට  හේතු වූ කරුණු එකිනෙක ආපස්සට පෙන්වා දෙමින්    "බව"  - බව සමුදය - බව නිරෝධය - බව නිරෝධගාමිණී පටිපදාව *උපාදාන,උපාදාන සමුදය,උපාදාන නිරෝධය -  උපාදාන නිරෝධගාමිණී පටිපදාව -  තණ්හා,තණ්හා සමුදය ,තණ්හා නිරෝධය ,තණ්හා නිරෝධගාමිණී පටිපදාව-  වේදනා ,වේදනා සමුදය ,වේදනා නිරෝධය ,වේදනා නිරෝධ නිරෝධගාමිණී පටිපදාව - සංඵස්ස , ඵස්ස සමුදය - ඵස්ස නිරෝධය ,ඵස්ස ගාමිණී පටිපදාව - සලායතන,සළායතන සමුදය, සළායතන නිරෝධය ,සළායතන නිරෝධ ගාමිණී  පටිපදාව - නාම රූප, නාම රූප සමුදය,නාම රූප නිරෝධය ,නාම රූප නිරෝධගාමිණී පටිපදාව - විඤ්ඤාණ, විඤ්ඤාණ සමුදය ,විඤ්ඤාණ නිරෝධය, විඤ්ඤාණ නිරෝධගාමිණී පටිපදාව- සංඛාර, සංඛාර සමුදය ,සංඛාර නිරෝධය ,සංඛාර නිරෝධ ගාමිණී පටිපදාව ලෙස අවිජ්ජා හේතුවෙන්  සංකාර ක්‍රියාත්මක වීමේ සිට සංභවංති  දක්වා වූ පටිච්චසමුප්පාද විග්‍රහය අගසිටමුලටම ගෙන එකිනෙක කරුණ බැගින් චතු අරිය සච්චයට ගලපමින් විගහ කොට වදාල පරිවිමංසන සූත්‍රය *අවිජ්ජා ප්‍රහාණය කොට අභිසංකාර නොකරන,විජ්ජූපාදා වූ තැනැත්තා *පුඥ්ඥාභිසංකාරංවා අභිසංකරෙයිය - අපුඥ්ඥාභිසංකාරංවා අභිසංකරෙයිය - අනෙඥ්ඥාභිසංකාරංවා අභිසංකරෙයිය * පුණ්‍ය කර්ම -  පුඥ්ඥංවේ සංකාරං අභිසංකරෝති • පාප කර්ම - අපුඥ්ඥංවේ සංකාරං අභිසංකරෝති • ධ්‍යාන උපාදානය - අනෙඥ්ඥංවේ සක්කාරං අභිසංකරෝති * කුසල ධම්මං - නිබ්බාණංතී *අභිසංකරෙයිය  නොකරන ඛීණාසව බවට පත්වූ අරහතුන් වහන්සේ * බුද්ධාගම පදනම් වී ඇති ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සහ බුදු දහමේ පදනමවූ ප්‍රඥ්ඥා ,සීල, සමාධි * ප්‍රශ්න >> සංයෝජන සූත්‍රය අනුව අනාගාමී පුද්ගලයෙකුට අනුසය උපදින්නේ නැතිනම් සියලුම  සංයෝජන එකවර ප්‍රහාණය වන බව සඳහන් වුවත් , කෙලේස පරිනිබ්බාණ සූත්‍රය අනුව අනාගාමී පුද්ගලයෙකුට අනුසය උපදින්නේ නැති නමුත් උප්පත්ති හෝ බවපටිලාභ ඇතිනම්  සංයෝජන එක්වර ප්‍රහාණය නොවන බවත් ඇති බැවින් මේ සූත්‍ර දෙකේ ඇති අදහස තේරුම් ගන්නේ කෙසේද * මාගධි බසේ කාය ලෙස හැඳින්වෙන්නේ සිංහල  භාෂාවේ  ඇති කය  නොවන බව දේශනා කොට ඇති නමුත්, ශරීරයෙන් කෙරෙන දුෂ්චරිත වලට කාය දුෂ්චරිත ලෙස කියන්නේ ඇයි *  සතරසති පට්ඨානයේ දුක්ඛ සච්ච නිද්දේසයේ "ව්‍යාධිපිදුක්ඛා"  යන්න සඳහන් නොවන්නේ ඇයි * පටිච්චසමුප්පාද ධර්මයට අනුව "චිත්ත -  චෛතසික" ගැන විග්‍රහ කර දෙන්න * සංස්කෘත බසින් බුද්ධ වචනය භාවිතා කිරීම නිවන් දැකීමට බාධා වන හේතුවක් වේද * එදිනෙදා ජීවත් වීම යනු හේතුවලට උරුම ඵල ගෙවමින් ගමන් කිරීම නේද - එය අජ්ජත්තයේ උප්පජ්ජති වන හේතු නිසාම උපදින ශක්තියක් නේද *  ලංකාව ලෞකික ලෙසින්  සංවර්ධිත ‍රටක් ලෙසින් විශාල  ලෙස දියුණුවකට පත් කරන්නට නොහැකිවන්නේ එය ආධ්‍යාත්මික වශයෙන් දියුණු වීමට නියමවූ රටක් නිසා සහ තවමත් බුද්ධොත්පත්ති කාලයක් වීම නිසා ද * ධ්‍යානයක් ලැබීමේදී සිතට දැනෙන වෙනස පැහැදිලි කරන්න. * සමාජය පුරා කොරෝනා වෛරසය මෙතරම් පැතිරයාමට හේතුව සමාජය ඉතාම දූෂිත ලෙසින් කටයුතු කිරීමට විරුද්ධව සොබාදහම ආයුධ අතට ගැනීමක්ද * වංචා සහගත පුද්ගලයින් කරන ප්‍රතිකාර මෙවන් වසංගත වැලැක්වීමට සඳහා භාවිතා කිරීමෙන් ඵලක් වේද * මලක් දැක රූප වේදනා සංඥා සංකාර පසුකොට විඥ්ඥාණ තත්වයට පත්වන්නේ විඳ්ඥාණයෙන්ම මල දැකීම නිසාද * සසංකාරික - අසංකාරික  හෝ සුද්ධාවාස තත්වයෙහි සිටිනා පුද්ගලයන් තුළත් තවදුරටත් අස්මිමානය තිබේද *  විඥ්ඥාණ කාය යනු අවසාන මොහොත දක්වාම පංචස්කන්ධය උපයෝගි කරගනිමින් පැවැත්ම පවත්වාගෙන යන අවස්ථාවක්ද * විඥ්ඥාණ කායේ ක්‍රියාකාරීවය මැනැවින් තේරුම් ගෙන ප්‍රඥ්ඥාවෙන් යුතුව අනුසය බිහිවෙන්නට එද්දීම නානුසේති කරන විට නගති තත්වයට පත්වේද- නගති තත්වයේ ස්වභාවය කුමක්ද * අනරිය ධ්‍යාන ලැබූ අයට තම පූර්ව ජීවිත පිළිබඳව දැක්මක් ලැබී සසර විඳි දුක වැටහී ඒ අනුව නිවන් මඟ පූරණය කරගැනීමට කටයුතු කළ හැකිද - අරිය මඟ යන පිරිසෙන් කොටසකට පමණක් ධ්‍යාන වැඩෙනවාද - අරිය ධ්‍යාන වැඩුනත් නිබ්බාණ මඟ පූරණය සඳහා සතරසතිපට්ඨානය අනුගමනය කළ යුතුද * අවිජ්ජාමුල පටිච්චසමුප්පාද විග්‍රහයේ නාමරූප යන්නට "ඵස්ස"  යන්නද ඇතුලත් බැවින් නාමරූප සහ නිවන් මඟට හේතුවන තැන "ඵස්ස" අතර වෙනස්කම් පහදා දෙන්න * කෙලේස පරිනිබ්බාණ සූත්‍රය ඇසුරින් අනාගාමී උතුමෙකු  සංයෝජන උදුරා දැමීම පිළිබඳ  පැනයක් >>>

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56 57 58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255