අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

03. බුද්ධ භාවනා - මීරිගම (2021-03-21 pm)

02. බුද්ධ භාවනා - මීරිගම (2021-03-21 am)

01. බුද්ධ භාවනා - මීරිගම (2021-03-20)

මැදින් පොහොය​ සජීවී විකාශය​​ - 2021/03/28

මනෝමය කාය තුල තැන්පත් කරගන්නා කෙලෙස් පොදියේ උපකාරයෙන් සත්වයින් විසින් සතර ආකාරයක උප්පත්ති සකසා ගැනීම * සංසාරගත ඥාතීන්ව සිට දුකට පත්ව ඇති ඥාතීන්ට ඒ දුකින් මිදීමටත්, පින් දෙන අයට ණයෙන් මිදී නිදහස් වීමටත්, තමන් කරන පින අනුව ප්‍රාර්ථනා -  බලාපොරොත්තු සහිත වූ  පුඥ්ඥාභිසංකාරයක් හෝ අකුසලයක් හෝ බවට පත්  නොවීමටත්, නිබ්බාණ ගාමී මාර්ගය විවර වනසේ සැබෑම කුසලධම්ම පූරණයක් කරගැනීම පිණිසමත් තිරෝකුඩ්ඩ සූත්‍රය තුලින් පැහැදිලි කළ ඥාතිධර්ම ඉටු කරන නිවැරදි ආකාරය * සද්ධානුසාරී, වීර්‍යානුසාරී, ප්‍රඥ්ඥානුසාරී සාසන ගැන කෙටි විග්‍රහයක් * සිරිසද්ධර්මය ඇසීමේ වාසනාව ලබන්නට පුබ්බේතකතපුඤ්ඤතා ශක්තිය හේතු වේද - ඒ ශක්තිය ගැන පහදා දෙන්න * නන්දති, අභිනන්දති, අභිවඩති ලෙස සිත පුම්බන අවස්ථාව පහදා දෙන්න * දානමාන පින්කම් වලදී සිව්පසයෙන් කරන සංග්‍රහ අනුව මියගිය ඥාතීන්ටත් සිව්පසය ලැබේද *මව්කුසකට ඔක්කන්ති වන බීජයක් ඉවත්වීම ගැන ධර්මානුකූලව පහදා දෙන්න * සමුදය ධම්මාවා වයධම්මාවා පහදා දෙන්න * කරන පින්කම් මතු ප්‍රයෝජනයට තබා ගැනීම නුසුදුසුද * සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ ඇති නිවන වසන අවස්ථා ගැන පහදා දෙන්න * දස සංඥා භාවිතාවට ගන්නා අයුරු පහදා දෙන්න *සතරදිග්භාගයෙන් වඩින මහාසංඝයාට  ආරාමයක් සාදා පූජා කිරීමකත් බලුකපුටු දානයකත් ආනිසංස වල වෙනස පහදා දෙන්න * සත් බුදුවරුන් අතර ප්‍රඥ්ඥා බුදුවරයෙක් වූයේ ගෝතම බුදුපියාණන් පමණද *මතක සටහන් නිසා අනුසය බිහිවේද - අධ්‍යාපනය ලබද්දී තබා ගන්නා මතක සටහන්  අනුසය බිහිවීමට හේතුවේද *මහවේදල්ල සූත්‍රයේ  දැක්වෙන පජානාති - විජානාති අතරින් විජානාති යනු  ආසවාදය ආස්වාදනය කිරීමද * නිරාමිස වූ,පස්සදි වූ,නිබ්බාණ සුවය සහිතවූ උපාදානයෙන් තොරව ලබන අරිය ධ්‍යාන සහ ධ්‍යාන තදස්සාදේති - තංනිකාමේති - තබ්බහුලවිහාරී වීම අතර වෙනස කුමක්ද * ධ්‍යාන සුවයට ඇබ්බැහි වූ අයෙක් අරිය ධර්මය ලැබූ පසුවත් අරිහත් බවට පත්වීමට පෙර අරිය ධ්‍යාන සහ ඵල සමාපත්තියට ඇබ්බැහි වේ නම් ඉතිරි මඟඵල පමා වේද *  වර්තමාන මොහොතේ සංමා වීම  ඊලඟ මොහොතේම පුබ්බේතකතපුඤ්ඤතා ශක්තියක් බවට පත්වේද *  නිර්මාංශ මගේ ආහාර පිසීමේදී ලුණුඇඹුල් පදමට දමා රස කරගැනීමෙන් රාගයක්  සහ ඒවා අඩු පාඩු වීමෙන් ආහාර නීරස වීම නිසා ද්වේශයක් ඇති වීමෙන් මිදෙන්නේ කෙසේද *බුද්ධ පූජාව පිලියෙල කිරීමේදී ලුණු බැලීම වරදක්ද *ඉන්ද්‍රිය ධර්ම - බලධර්ම -සෘදිපාද පූරණය වීම කෙසේ සිදුවේද * ඇස්වහ කටවහ යනු කළුකිරණ ශක්තියක්ද * අති බලවත් වූ පංච ආනන්තරීය කර්ම තරම් ප්‍රබල කර්ම අතරට සාමාන්‍ය පැවිදි හිමිවරුන් දෙදෙනක් භේද කිරීම සංඝභේදයක් ලෙස සැලකීම ආනතරීය කර්මයක් තරමට බලවත් වරදක් නොවේද * උපසංපදා වීමට පැවිදි විය යුතුමද * අවිජ්ජා පච්චයා සංකාරා සහ උපාදාන පච්චයා සංබවෝ - කම්ම බවෝ - උප්පත්ති බවෝ - පහදා දෙන්න *  ප්‍රතිලාභ ,ප්‍රණාම  සඳහා මහණ වේනම්,  දහම් දෙසයි නම් එහි ඇති වරද ගැන පහදා දෙන්න >>>  

ධම්ම​ අනුසාසනාව​ සහ ධම්ම සාකච්ඡාව​ - 2021/03/27

පරියාප්ති සාසනය සහ පංච පරියාය * පරියාප්ති සාසනය රැක ගත් භාණක පරම්පරා ගැන * සක්කාය සමුදය ගාමිණී පටිපදාව හදුනා ගැනීම * නිවන වසන පුඥ්ඥාභිසංකාර - අනේඥ්ඥාභිසංකාර  සහ අභිනිවේසානුසය  * ආනපාන සති සමාධිය සහ චතුරාරක්ඛා *වෛතුල්‍යවාදය පැතිර යාම *මිනිස් රුවක් ලැබූ පමණින් පරම දුල්ලභෝ වූ මනුස්සත්තපටිලාභෝ ලැබූවෙක් වේද * ඉච්ඡ පිලිබඳ විග්‍රහ කර දෙන්න *  අස්මිමානය නැති කරන්නේ කෙසේද * සබ්බධම්මමූලපරියාය යනු පහදා දෙන්න * මඥ්ඥති යන්නෙහි තිපරිවට්ටය * මරණයට පත්වීමේදී ත්‍රිජකාය ක්‍රියාත්මක වන ආකාරය පහදා දෙන්න * ලෝකවිනාශයකදී කෙලෙස් සහිත සත්වයින්ගේ මනෝමය කායයන්ට  සිදුවන්නේ කුමක්ද * සංකතං, ඕලාරිකං,  පටිච්ච සමුප්පන්නං යන්නෙහි ඕලාරිකං යන්න පහදා දෙන්න *උද්දච්චය විග්ගහිත කිරීමට අවශ්‍ය වන්නේ කුමක්ද * සමුදයංච, අත්තංගමංච,අස්සාදංච, පසුකරමින් නිස්සාරණය වන අවස්ථාව සහ අවිජ්ජා මූල පටිච්චසමුප්පාදයේ පච්චයා විග්‍රහයේ ඇති නව අවස්ථාවෙන් එකකදී සමුදය නිරෝධයවී නිස්සරණයට පත්වීමක් සිදුවේද  * යම්  විපතක් වූ විට මෙය සිදුවූයේ පෙර කර්මයක් පලදීමක් යයි හිත හදාගන්නට හැකි වුවත් ප්‍රීති දනවන යමක් වූ විට ඒ ගැන උදම් ඇනීමටත්,අන් අයට එය කියන්නටත් සිතෙන්නේ මානය නිසාද - එසේනම් එයින් මිදෙන්නේ කෙසේද * මහාපරිනිබ්බාණ සූත්‍රයේ දැක්වෙන ලභාමමනොභාවනීයේ සහ ලභාම පයුරුපාසානාය පහදා දෙන්න * භික්ඛු සාසනය සහ භික්ඛුණී සාසනය ලෙස බුද්ධකාලයේ සාසනයේ කොටස් දෙකක් තිබුණාද * මියගිය සිරුරු වළදැමීම හෝ පුළුස්සා දැමීම දෙකින් වඩා සුදුසු කුමක්ද * පංචස්කන්ධය සහ පංචස්කන්ධ පරිහරණය ගැන පහදා දෙන්න * අත්ථභාවය සහ අස්මිමානය අතර වෙනස කුමක්ද * චක්කුස්ස උදයෝපි,වයෝපි,පඥ්ඥායති යන ධර්මතාවය තුල චක්කුස්ස යනු උපාදානය වී අවසන්වීමද * නාමරූප විග්‍රහයේ රූප කොටසේ, බහිද්ධව විද්‍යමාන වන  රූපය නිසා අජ්ජත්තිකව ඇතිවන රූපය සමඟ සංකාර ඇතිවීම ගැන පහදා දෙන්න - අරහතුන් වහන්සේතුල උපදින රූප  අව්‍යාකතයිද යන්න පහදා දෙන්න *සීලවන්ත සූත්‍රය ඇසුරින් පෘතග්ජන පුද්ගලයා සහ අරහතුන් වහන්සේ පිළිබඳ පැනයක් * අරහත් බවට පත්වීමට පෙර කාලයේ උපාදානය කරගත් දේ අරහත්වූ පසුවත් දීඝංවා ලෙසින් අරමුණුවිය හැකිද - එවිට අරහතුන් වහන්සේගේ පංචස්කන්ධය කෙසේ ක්‍රියාත්මක වේද *සිදුහත් කුමරු නියත වශයෙන්ම බුදුබවට පත්වනබව පැවසූ අෂ්ඨාභිඥ්ඥාලාභී කොණ්ඩඥ්ඥ තවුසා ඇතුළු පංචවග්ගියේ භික්ඛු පිරිසටත් මුල්දින කීපයේ එකවරම බුද්ධ දේශනාව වටහා ගැනීමට අපහසු වූයේ නම් වර්තමානයේ අරහතුන් වහන්සේ කෙනෙක් හඳුනා ගන්නට එකම ක්‍රමය දේශනා ප්‍රාතිහාර්යය නොවේද - දේශනාව සවන් දුන්නද එය වටහා ගැනිමට පුබ්බේතකත පුඤ්ඤතා ශක්ති‍යක්ද තිබිය යුතුම නොවේද * අනාගාමී ඵල ලාභීයෙකු හෝ අරහත් මඟ ඉන්නා උතුමෙකුට හදිසි අනතුරක් වැනි කම්ම විපාකයකට මුහුණ දීමට සිදු වූ විට  සුළු මොහොතකට මනෝමය කාය ඉවත්වී නැවත සිරුරට ඇතුළු වුවහොත් එසේ වන්නේ තව දුරටත් වැයකිරීමට ඇති නිසාද  >>>

සමණ, දුතිය සමණ, සෝතාපන්න, අරහන්ත සුත්තං(II) - සජීවී​ ධම්ම​ අනුසාසනාව​ - 2021/03/14

රූපස්ඛන්ධය ප්‍රමුඛපංච උපාදානක්ඛන්ධය * සම්මත උපසංපදාව  සහ සයංඅභිඥ්ඥා සච්චිකත්තං උපසංපජ්ජ විහරති * අනුක්‍රමික පියවර පහකින් විපරිනාමයට පත්වීම * ඡන්දරාග ප්‍රහාණය කොට මුක්ති අනාලයෝ වීම * ආස්වාදයෙන් බැඳෙන අවස්ථාවන් * පව හෝ පින හෝ ධ්‍යාන උපාදානය කරගැනීම * පංචස්කන්ධය පරිහරණය කිරීම ඉක්මවා උපාදානය කර ගැනීම * ප්‍රශ්න >>> සමුදය බිහිවීමට හේතුව කුමක්ද * එය නුවණින් මෙනෙහි කිරීම යනු කුමක්ද* අංගුලිමාල එතරම් මිනිස් ඝාතන කළත් නිවන් අවබෝධ කළබව සත්‍යයක්ද - එය අහෝසි කර්මයක් වූයේ කෙසේද* පිංකමක් ලෝකෝත්තර හෝ ලෞකික වන්නේ කෙසේද * යම් අවස්ථා වල සෘජුව ප්‍රකාශයක් කරන්නට යද්දී වේගයක් එන්නේ ඇයි* එසේ වේගයක් මතුව එන බව පෙනුනත් එය ඉවත් කරගන්නේ කෙසේද * බුදුන් හෙළබිමේ බව, ධර්මය නොදන්නා කෙනෙකුට කියන්න යාමේදී ඔහුට වේගයක් එනවානම් ඊට පාරකැපීම සුදුසුද * දුක යනු අනිත්‍ය දෙයක්  නිසා එය ඉවසාගෙන සිටීමෙන් දුක ඉවත් වේද* පරමසත්‍යය ගැන අන්තර්ජාලයෙන් කතා කිරීමේදී සමහර අය විරුද්ධවන  නිසා එවන් වාදයට තුඩු දෙන දේ පළ නොකළ යුතුද* යම් අරමුණක් උදයංගම, අත්තංගම..ආදී ලෙස විපරිනාමයට පත්වෙන ආකාරය පහදා දෙන්න*  අරියමඟ වඩද්දී සුඛා, දුක්ඛා, ධඥ්ඥා ආදී පටිපදාවන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නේ යම් ධර්මතාවයක් නිසාද * දීඝංවා ලෙස සහ අනාගතමද්දානං ලෙසත් සමුදය බිහිවෙනවාද * පංචවසිතා යනු පහදා දෙන්න *යමෙක් අටලෝ දහම තුළින් රාග දේශ මෝහ පසක්කොට හඳුනා ගත්තේ නම් එය පටිච්ච සමුප්පාදයට අනුගත කරන්නේ කෙසේද * අනෝවතප්ත විල, මහාමේරු, සහ හිමවත, පිහිටියේ කොහිද * නිස්සරණ,නෙක්ඛම්ම  සුවයට කැමතිවීම තවත් ආමිස සුවය කට හැරෙන්නට පුලුවන්ද * වලාහක සූත්‍රයේ වැස්ස වලාහක දෙවිකෙනෙක් වර්ෂාව පාලනය කරන බව සත්‍යයක්ද * බුද්ධ කාලයට පෙර තිබූ ආනපාන භාවනාව සහ ආනපාන සති සමාධි භාවනාව ගැන පහදා දෙන්න * විමුක්ති ඥාණ නිද්දේස කොටසේ සඳහන්  අරහන්ත මග්ගයේ, බුද්ධඥාණ  පිළිබඳ ප්‍රශ්නයක් *අධ්‍යාපන ක්‍රමයේ පීඩනය පිළිබඳ සිසුවකුගේ පැනයක් * අනුප්පාද නිරෝධය සහ සමුදය වැයවී යාමේදී සිතතුල සිදුවන්නේ කෙබඳු ක්‍රියාවලියක්ද යන්න ගැන * සිතට දැඩි වේදනාවක් දැනෙන අවස්ථාවක සමුදය බිහිවී අවසන්ද - එවිට ආනාපානසති සමාධිය වැඩි හැකිද >>>

සමණ, දුතිය සමණ, සෝතාපන්න, අරහන්ත සුත්තං - සජීවී​ ධම්ම​ අනුසාසනාව​ සහ​ ධම්ම සාකච්ඡාව​ - 2021/03/13

සම්මත බමුණු, මහණ උපසංපදා අයෙක්  වුවත්, ඔහු පෘතග්ජනයෙක් නම්, යථාභූත ඥාණයක් නොමැති ඒ පුද්ගලයා පංච උපාදානස්කන්යෙන් තොරව ජීවත් වීම නොදනී * පංචස්කන්ධය නිර්මාණය වී ඇති නාම සහ එකොලොස් ආකාරවූ රූප* යථොකෝ භික්ඛවේ අරිය සාවකෝ ඉමේසං පංචානං උපාදානක්ඛන්ධානං සමුදයංච, අත්තංගමංච, අස්සාදංච, ආදීනවංච නිස්සරණංච, යථාභූතංපජානාති, අයංවුච්චති භික්ඛවේ අරියසාවකො,සොතාපන්නො අවිනිපාතධම්මො නියතොසංබොධි පරායනොති* පංචස්කන්ධය  නොව උපාදානය පමණක් සසර බැම්මට හේතු සකසන බව * විපරිණාම ධම්මං යථාභූතං පජානාති වීමෙන්ම දුකින් නිදහස් වියහැකි බව*   ප්‍රශ්න >> අජ්ජත්තික  සහ බහිද්ද  පංචස්කන්ධය ලෙස ගැනෙන්නේ කුමක්ද * සමුදයංච යනු උදයංගම යන්නද * එකම සිදුවීමක් අරභයා  තිදෙනෙක් අතින් කම්මයක් සිදුවන්නේ තුන් ආකාරයටද * පංචස්කන්ධය යනු සොබාදහම විසින් අපේ පරිහරණය පිණිස ලබා දුන් දෙයක්ද* අව්‍යාකත සිතක් සංකාර සිතකින් සහ ක්‍රියා සිතකින් වෙනස් වන්නේ කෙසේද  * සංකාර සිතක් ඇති වන්නේ  ප්‍රිය මිම්මෙන් මැන සකසාගත් අරමුණු නිසා සිතට අඩුවක්, මදි බවක් දැනෙන නිසාද * ඒ ගැන ත්‍රිපිටකයේ ඇති දේශනා මොනවාද* කාය යන්න ශරීරයද ශරීරයේ ක්‍රියාවද  *ධ්‍යාන ලාභියෙකු  අනරිය ධ්‍යානයකට සමවැදී  අඛණ්ඩව  දින හතක් ගත කළහොත් රාග ද්වේශ නූපදවා සිටින නිසා විඥ්ඥාණයට ආහාර නොමැති වීමෙන් නිබ්බාණයට  පත්වේද * තණ්හක්ඛයෝ කොට නිබ්බාණයට පත්වූ බුද්ධ පුත්‍රයෙකුට  අරිහත් ධජය පැළඳීමට රජයෙන් අවසර ලබාගත යුතුයි කියා නීතියක්  බුදුපියාණන්  හෝ ධර්ම අටුවාවක හෝ පැනවූවාද *  දීඝංවා ලෙස මතුවන  කෙලෙස් ඉවත් කිරීමට කළයුත්තේ කුමක්ද * සද්දස්සකුලපුත්තස්ස පුද්ගලයෙක් හිරිවඩුන්න බෝධිය වෙතගොස් බුද්ධ ශක්තියට අනුගත වන්නේ කෙසේද  * තමන් අතින් නොදැනුවත්ව සතෙක් මියගියහොත් එවෙලේම ඒ සත්වයාගෙන් සමාව ගෙන පින්දීමෙන් ණයෙන් නිදහස් වේද- නැතහොත් නොදැන වරදක් වූවානම් ඒ සියලු සත්වයින් ගෙන් සමාවගෙන පින්දී  නිදහස් වීම නිවැරදිද  * ඕරංභාගිය සංයෝජන ඉවත් කරන විට උද්දංභාගිය සංයෝජනත් ඉවත් වෙනවාද *අනාගාමී බවට පත්වූ ස්වාමිපුරුෂයෙක් හෝ ස්වාමිදියණියක් මියයන තෙක් තම සහකරු සහ දරුවන් සමඟ දිවිය ගත කරන්නට හැකි ආකාරයක් වේද  *පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ සිටින ඇතැමෙක් සත්‍ය හෙළබොදු ඉතිහාසය දැනසිටියත් බියෙන් හෝ වෙනත් හේතුවක් නිසා සත්‍යය නොකියයි නම් අරිය උපවාදයට ලක් වේද *  මඟඵල ලාභීන්ටත් යම් කම්ම වැය කරන්නට තිබෙනවාද *අනිත්‍ය,දුක්ඛ, අනාත්ම ලෙස භාවිතා කිරීමෙන් ඛණ සංපත්තිය ලැබියහැකිද * අදුක්ඛම වේදනාව යනු සංකාර නොවන මනසිකාර තත්වයක් ද * අත්තංගම සහ අත්‍තංගමෝ ගැන ප්‍රශ්නයක්* පරම දුල්ලභවූ මනුස්සත්ත පටිලාභය ලබා තිබියදීත්  රාග ද්වේශ මෝහ සිතින්ම කටයුතු කළොත් නැවත මිනිසෙක් ලෙස උපදින්නට හැකිද *අවිජ්ජාමූලපටිච්ච සමුප්පාද ක්‍රියාවලියේ උප්පජ්ජති ගැන * ඉපදුනු අනුසය දින හතකින් වැයවී යාම ගැන පහදා දෙන්න>>>

12. බුද්ධ භාවනා - මීරිගම (2021-03-05 am)

11. බුද්ධ භාවනා - මීරිගම (2021-03-04 pm)

10. බුද්ධ භාවනා - මීරිගම (2021-03-04 am)

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
61 62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255