අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පිටු 540 කින් යුත් නව ග්‍රන්ථය
"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය
විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද?
සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම
සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක්
සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා
සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච
ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි?
සංඛාරුප්පත්ති සුත්තං (II) - ධම්ම දේශණාව සහ ධම්ම සාකච්ඡාව - 2021/06/20 බෞද්ධයෙක් දතයුතු අනිච්චාති - දුක්ඛාති වූ සබ්බෙ සංකාරා * කථමෙ තයො සංකාරා - පුණ්‍ය - අපුඤ්ඤ-අනෙඥ්ඥ - අභිසංකාර * විවිධාකාරවූ සංකාර අතරින් සංකාරුප්පත්ති යකට හේතුවන, පුණ්‍ය - අනෙඥ්ඥ - අභිසංකාර * නිබ්බාණ සාක්ෂාත් කිරීමට නම් විසංකාර ගතං චිත්තං කළයුතු බව * සද්ධා -සීල - සුත- චාග- පඥ්ඥා සමන්නාගතො හෝතිවූ අයෙක් වුවත් මියපරලොව යන අවස්ථාවේදී පුඥ්ඥ - පාප පහීනස්ස නොකොට,ඒවා සිතින් උපාදානය කොට, සංකාරුප්පත්තියකට පත්වීම * රජ, සිටු, බ්‍රාහ්මණ, ආදී සහ සදෙව් ලොව හෝ,සක් දෙව්, වැනි තැන්වල සංකාරුප්පත්තියකට හේතුවන පුඥ්ඥාභිසංකාර * සුඛ සහ ආයුෂය බහුලවූ අසඥ්ඥ තල ඇතුළු බ්‍රහ්ම තල වල සංකාරුප්පත්තියකට හේතුවන අනෙඤාභිසංකාර * මමත්වයෙන් අස්මිමානයෙන් යුතුව පින්කම් උපාදානය හා ධ්‍යාන උපාදානයෙන් අභිසංකරෝති කිරීම සමඟ සංකාරුප්පත්තියකට හිමිකම ලබා ගැනීම * තිලක්ඛණය නොදන්නාකම, පැවැත්ම තුල සුව පහසුව විදිමින් යන්නට ඇති කැමැත්ත, නිසා සසරේ අතරමං වීම * සංකාර සහ විසංකාර ගැන, සමුදය නිරෝදය කොට තණ්හාණංඛයමජ්ජගාති වී සංකාරුප්පත්තියකින් මිදීම ගැන භික්ඛූ පිරිසට බුදු පියාණන් කළ දේශනාව * සද්ධා,සීල,සුත,චාග,පඥ්ඥා සමන්නාගතෝ වුවත් අභිසංකරෝති කිරීමෙන් නිවන වසා ගනී * අභිසංකරෝති වලින් මිදී නාභිසංකාර කිරීම දන්නා සුතවත් අරිය සාවකයා නිවන් මඟ විවර කර ගනී * >>> අජ්ජත්තික ආයතන සහ සහ බහිද්ධ ආයතන අතර සිදුවන අන්තර් ක්‍රියාව නිසා පරිශුද්ධ සහ පරියෝදාන විඥ්ඥාණ ශක්තියක් අරිහතුන්වහන්සේ ගේ සිත තුල ජනිතවී ප්‍රඥ්ඥාවක් බවට පත් වන්නේ කෙසේද * රූපයේ බාහිර සහ අභ්‍යන්තර එකොලොස් ආකාරය පිළිබඳව උදාහරණයක් සහිතව පැහැදිලි කර දෙන්න. * ප්‍රිය දේට පමණක් පංච උපාදානස්කන්ධයම හට ගනීනම් සිතක ද්වේශය හටගන්නේ කෙසේද * වර්තමානය සංඛාරයක් එනවිට චතුරාරක්ඛා වඩා නිරෝධ කර ගත්තද, අතීත සිදුවීම් නොකඩවා සිතට එද්දී ඉන් නිදහස් වන්නේ කෙසේද * අවිද්‍යාමූල පටිච්ච සමුප්පාදයේ එන ආදීනව අවස්ථාවට පෙර ඕනෑම අවස්ථාවකදී සමුදය නිරෝධ කළ හැකියි නේද * කායායතනය ගැන පහදා දෙන්න * යම් සංඛතයක උදයංගම අත්තංගම ආස්වාද යනු "ප්‍රිය" ලෙසත්, ආදීනව සහ නිස්සරණ යනු "අප්‍රිය" ලෙසත් කිව හැකිද * මෝහය යනු ප්‍රිය අප්‍රිය අතර වැරදි සේ මැනීම නම් ,නිවැරදි ලෙස මනින ආකාරය කුමක්ද * පංචස්කන්ධයේ එන සංඥා ගැන පහදා දෙන්න * අනිච්ච දුක්ඛ අනත්ත යන තිලක්ඛණයේ ඇති දුක්ඛ යනු පහදා දෙන්න * බඹරගල තෙල්දෙණිය ආශ්‍රිතව වික්ටෝරියා වේල්ල ඉදිකිරීම අපේ අතීතය වසා දැමීමේ ක්‍රියාවලියක් දැයි සිතෙයි, වර්තමානයේ ධර්මය මතුවීමත් සමඟ ජල කඳ මගින් වසා ඇති හෙළ ඉතිහාසය ඉදිරියේ දී නැවත වරක් විවෘත වේවි ද * නූතනයේ අප ජීවත් වන සමාජය තාක්ෂණික භෞතික ලෙස ක්‍රියා කරයි,එය රිදී- කාසි - නෝට්ටු ලෙස ඇති භෞතික මුදල් වලට එහා ගොස් විද්‍යුත් කරන්සි ඒකක බිහිවී ඇත. මෙය මනඃකල්ප විනාශයට අයත්ද * මනුස්සයෙක් වශයෙන් දිට්ඨෙව ධම්මේ සසංකාරික හෝ අසංකාරික පරිනිබ්බායී හෝති පුද්ගලයන් පරිනිබ්බායි වීමෙන් පසුව අනුසය බිහි නොකළත් පටිසම්භිදාමග්ග පාලියේ දාහතර වන බුද්ධ ඥානය යටතේ සඳහන් කරන පරිදි අරහත් මග වඩන අයකුට රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිද්‍යා, යන උද්ධම්භාගිය සංයෝජන පහ අනුසය වශයෙන්ද මාන අනුසය, බව රාගානුසය , අවිජ්ජා අනුසය, යන අනුසය තුන ඇතුළුව උපකිලේස 8ක් සම්මා සමුච්ජින්නා කරන්නට ඉතිරිවී තිබෙන බව සඳහන් වන්නේ ඇයි *අහංකාර - මමංකාරය ගැන බොහෝ සූත්‍ර වල සඳහන්වී ඇති අවස්ථා සහ කතංජානතො පනායස්මතො ආදී කොටසේ ඇති සවිඥ්ඥාණකෙ කායේ බහිද්දාච ලෙසින් සඳහන් වුවද අජ්ජත්තික ලෙස නොදක්වන්නේ ඇයි * අභයදානය යනු එකම කෝණය තුල මැනිය නොහැකි දෙයක් නේද - බුද්ධ දේශනාව අනුව පරමාර්ථ ලෙසින් දෙන " අභය දානය" ගැන විග්‍රහයක් කර දෙන මෙන් ඉල්ලා සිටිමි * සුතවත් අරිය සාවකයෙක් නිවන්මග පූරණය සඳහා අනරියකෙනෙකු ගෙන් උපකාර ඉල්ලීම සුදුසුද * ආසව ප්‍රහාණය කරන පරියායන් පහ ගැන පැහැදිලි කර දෙන්න *විඥ්ඥාණය මියැදී නැවත උපතක් ලබන්නට නොහැකි තත්වයට පත් වීම යනු පහදා දෙන්න * ප්‍රිය අප්‍රිය සහ මනාප අමනාප දෙකේ වෙනස පහදා දෙන්න * තද සීතලක් දැනුන විට රෙද්දකින් පොරවා ගැනීම මැනීමක් ද * මලියදේව අරහතුන් වහන්සේ බුදු පියාණන් වහන්සේගේ කාලයේදී සෝතාපත්තියට පත්වී ජාතසෝතාපන්න ලෙස ඉපදී අරහත්වයට පත්වෙද්දී ධර්මය අසා ගත්තේ කෙසේද * මිනිසත් බවක් ලබන්නේ සංසාරගතව සම්බන්ධවූ සියලු දෙනාට යුතුකම් වගකීම් ඉෂ්ටකර ණයගණුදෙනුවෙන් මිදෙන්නට නම්, භාවනා කොට පින් අනුමෝදන් කිරීමෙනුත් ණය ගනුදෙනුව පියවේද * මග ඵලයක් බලාපොරොත්තුවෙන් භාවනා කටයුතුවල යෙදෙමින් යුතුකම් වගකීම් ඉටු නොකළොත් මගඵල ලැබීම පමා වෙනවද * අරහතුන් වහන්සේ පංචස්කන්ධය භාවිතා කරද්දී වෙනස ගැන පහදා දෙන්න >>> | |
සංඛාරුප්පත්ති සුත්තං - සජීවී ධම්ම දේශණාව සහ ධම්ම සාකච්ඡාව - 2021/06/19 සද්ධාය - සීලෙන - සුතෙන - චාගෙන - පඥ්ඥාය - සමන්නාගතො හෝතිවූ නිවන් දැකීමට ශක්තියක් ඇති අයෙක් වුවත්, මියපරලොව යන අවස්ථාවේ දී රජ සැප, බ්‍රාහ්මණ සැප, සිටු සැප,හෝ~~~ඊටත් වඩා අධික ආයුෂ සහ සැප ඇති විවිධ වූදෙව් තල ගැන පුඥ්ඥාභිසංකාර කරමින් හෝ ඊටත් වඩා ආයුවර්ණ ,සැප, බල ඇතියයි අසා ඇති විවිධාකාරවූ අසඥ්ඥ තල ඇතුළු බ්‍රහ්ම තල හෝ ~~~~මහා බ්‍රහ්මයා වීම ආදී වූ තැන්වල උප්පත්තියක් ලබා ගැනීම පිණිස තමන් අසා ඇති දේවල් අනුව තද බැඳීමකින් යුතුව අනෙඤාභිසංකාර කොට හෝ නිවන වසා ගන්නා ආකාරය පෙන්වන සංඛාරුප්පත්ති සූත්‍රය * සතර අපාය හැර අන් සියලු තල වර්ණනා කරමින් නිවන්මඟ වසා දැමූ, ආකාරය විස්තර කරන සංඛාරුප්පත්ති සූත්‍රය * සද්ධාය - සීලෙන - සුතෙන - චාගෙන - පඥ්ඥාය - සමන්නාගතො හෝතිවූ, චතුරාරක්ඛා වඩා චේතෝවිමුක්තිය සහ පඥ්ඥාවිමුක්තිය පූරණය කරමින් උපසංපජ්ජ විහරතිවූ, නිබ්බාණ වීම පිණිසම ඇප කැපවූ සැබෑ අරියසාවකයා * සංකාර උප්පත්තියක් නිසා කාම ලෝක හා සුගතියේ වුවත්, බ්‍රහ්ම තල වල වුවත් නිවන වසනබව * පුණ්‍යාභිසංකාර - අනේඥ්ඥාභිසංකාර නිවන ට බාධාවක් බව* දෙව්තල බ්‍රහ්ම තල පිළිබඳ වර්ණනා කළ ආගමික අධ්‍යාපනය සහ දහම යටපත් කළ ආගම * සබ්බෙ සංකාරා අනිච්චාති , දුක්ඛාති සබ්බෙ ධම්මා අනත්තාතී බව යථාවබෝධ කරගතහැකි මනුස්සත්තපටිලාභෝ * තිලක්ඛණය සහිතව සතර කමටහන් වැඩීම තුලින් සංකාර උප්පත්තියෙන් සහ උපාදානයෙන් මිදී නිදහස් විය හැකි බව** ප්‍රශ්න >>>මේ සූත්‍රය පුරාම උප්පජ්ජති වෙනුවට උපපජ්ජති ලෙස යෙදී ඇත්තේ ඇයි එහි වෙනස කුමක්ද*මහා පරිනිබ්බාන සූත්‍රයේ සිංහල පරිවර්තනය තුල සතර ස්ථාන වැඳ පුදා ගැනීමෙන් සගමොක් සුව, හෝ ස්වර්ගයේ සැප ලැබෙන බව සඳහන් කර ඇත්තේ ඇයි * ශුන්‍යතාවය යනු කුමක්ද ප * සුක්ඛංන්තී යන තැන සුඛයත් යම්කිසි අවස්ථාවක අවසන් වී යනවාද* සතර කමටහන් වඩමින් යද්දී වුවත් ඉඳහිට ද්වේශ සිතුවිලි මතුවී සැනෙකින් ඉවත්වීමට හේතුව සහ එය නිවැරදි කර ගන්නේ කෙසේද * හේතුංපටිච්ච සංභූතං - හේතුභංගා නිරුජ්ජති යන්න පහදා දෙන්න * හේතුඵල ධර්මටත් නියාම ධර්ම අනුවත් සියල්ල සිදුවන ආකාරය එකිනෙකට ගලපා පහදා දෙන්න*අව්ජ්ජාමූල පටිච්චසමුප්පාදයේ නාමරූප නිසා සලායතන ඇතිවන හැටි පහදා දෙන්න * විඥ්ඥාණං අසති යනු සති යන්නෙහි විරුද්ධ පදයද * සංමාදිට්ඨි සූත්‍රයේ සෑම කරුණක් අවසානයේම පාහේ ඇති පටිවිනොදෙත්වා සහ සමූහනිත්වා යන්නෙහි අර්ථය පහදා දෙන්න, එහි දිට්ඨිමානානුසය යනු අවිජ්ජා අනුසයද* මේ දිනවල යන ටෙලිනාට්‍යයක භික්ෂූන් වහන්සේගේ චරිතය රඟපාන රංගන ශිල්පියා සම්මත බුද්ධාගමට එහා ගිය බුද්ධ ධර්මයක් ඇතිබව දෙබස් තුලින් පෙන්වා දෙයි, එවැනි ආදර්ශමත් චරිතයක් රඟපෑම විසූක දස්සනයක්ද *දීඝංවා සහ රස්සංවා දෙකෙන්ම ආසය මතුවන්නේ කරමජ කයෙහි අතීතයේ තැන්පත් කල ආසය නිසාද * සිතක පළමුව හටගන්නේ සමුදයද, ආසයද * අභය දානය යන්නෙහි ධර්මාර්ථය පහදා දෙන්න * අවිජ්ජාමුල පටිච්චසමුප්පාදය අනුව යම් බවකට පත්ව ගතියක් හෙවත් කර්ම බීජයක් අනුව ගති බල, ගතිගුණ අනුව උපත ලබා ජීවත්වී නැවත මරණයට පත්වී නැවත නැවතත් ඒ ගතිය අනුවම දිගින් දිගටම ඊලඟ ජාතියක් සකස් වන අවස්ථා ගැන පහදා දෙන්න * අරිය මඟ යන කෙනෙක් අරිය උපෙක්ඛාවෙන් කටයුතු කරනවා යනු පහදා දෙන්න * අවිජ්ජා මූල පටිච්චසමුප්පාදයේ දැක්වෙන සංකාර සහ විඥ්ඥාණත් පංචස්කන්ධයේ සංකාර සහ විඥ්ඥාණ යන්නත් එකක්මද *චත්තාරි මානි ඨානානි දස්සනීයානං සංවේජනීයානං වීම ගැන පහදා දෙන්න * අනාගාමී පුද්ගකුට ඒකබීජ සූත්‍රයේ ඇති පරිදි ඉතිරි සංයෝජන ගෙවී යනතෙක් බලා සිටිය යුතු වන්නේ කුමන අවස්ථාව තුලදීද *යම් පුද්ගලයකුගේ කයට මනෝකායක් එකතුවී සැදුනත් ඊට බාහිර ඉෂ්ඨ දෙවියකුගේ හෝ භූතයෙකුගේ බලපෑමකුත් තිබේද >>> | |
සජීවී ධම්ම දේශණාව සහ ධම්ම සාකච්ඡාව - 2021/06/13 පෘතග්ජනෝ - පටිච්චසමුප්පාදං අනනුබෝධා අප්පටිවේදා * අභිඥ්ඥාතං අභිඥ්ඥෙයිය පරිඥ්ඥාතං පරිඥ්ඥෙයිය - අභිධර්මය * විභංගප්‍රකරණය - පටිසංභිදා මග්ගප්‍රකරණය ඇතුළු ප්‍රකරණ පොත් * බුදු පියණන් පටිච්චසමුප්පාද දහම තුළ පෙන්වූඅර්ථ නානත්ථය >>> * පෘතග්ජන පුද්ගලයෙක් තුල වර්තමාන මොහොතේ එකයායට සිදුවන පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය :- චක්කුංච පටිච්ච රූපේච උප්පාදෝ චක්ඛු විඥ්ඥාණං - සෝතංච පටිච්ච සද්දං උප්පාදෝ සෝත විඥ්ඥාණං - ආදී කොට සලායතන මගින් හය ආකාරයකට උප්පාදවන විඥ්ඥාණ ශක්තීන් හයක් ගැන ගාම්භීර වූත්, සරලවූත් විග්‍රහයක් * උප්පාදෝ, පවත්තං, නිමිත්තං , පටිසංධිං,ආයුහනං ,ගතිං, නිබ්බත්තිං, උපප්පත්ති ,ජාති, ජරා,ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව දුක්ඛ,දෝමනස්සං, උපායාසා, සංභවංති • සංභූතං වීම * චක්කුංච "න පටිච්ච " අනුප්පාදෝ >> අපවත්තං - අනිමිත්තං - අනායුහනං - අප්පටිසංධිං - අගතිං - අනිබ්බත්තිං - අනුපපත්තිං - අජාති - අජර - අව්‍යාධිං -අමර - අසෝක- අපරිදේව - අනුපායාසෝ - පටිලෝම හෙවත් පටිසෝතගාමී ලෙසින් විමුක්තිං බවට පත්වීම * උප්පාදෝ පවත්තං - අනුප්පාදෝ අපවත්තං ආදී කොට ඇති ද්වතාවය යථාභූතං පජානාති වීමෙන් අරිය සාවකයෙක් බවට පත් වීම * අනුසය ලෙසින් හිත තුල කෙලෙස් උපදින්නට එනවිට ඊට හේතුවන කරුණ, "පටිච්චවීම " දැක පටිච්ච වීමෙන් මිදී " න පටිච්ච" වීමෙන් අනුප්පාද නිරෝධයෙන් සමුදය බිහිවීම නැවැත්වීම සඳහා කළයුතු සතර කමටහන් හෙවත් චතුරාරක්ඛා*උප්පාදෝ දුක්ඛංති • අනුපාදෝ සුඛංති - පවත්තං දුක්ඛංති • අපවත්තං සුඛංති - නිමිත්තං දුක්ඛංති• අනිමිත්තං සුඛංති ආදීකොට ඇති .......>> උපායාසං දුක්ඛංති • අනුපයාසා සුඛංති ලෙස නිරාමිස සුඛං පිළිබඳ පෙන්වා දීම * අනිච්ච දුක්ඛ, අනත්ථ, වැඩීමෙන් නිච්ච,සුඛ අත්ථ, මරා දැමීම * උප්පාදෝ භයං,අනුප්පාදෝ ඛේමං - පවත්තං භයං, අපවත්තං ඛේමං ....ආදී කොට ඇති අසෝක, අපරිදේව, අනුපයාසා ඛේමං ලෙසින් ද්වතාවය පෙන්වා දීම * උප්පාදෝ සාමිසං • අනුප්පාදෝ නිරාමිසං - පවත්තං සාමිසං • අපවත්තං නිරාමිසං ..... ආදීකොට ඇති ද්වතාවය ධර්මය ගැන * උප්පාදෝ සංඛාරං • අනුප්පාදෝ නිබ්බාණංතී - පවත්තං සංඛාරං • අපවත්තං නිබ්බාණංති ආදීකොට ඇති ද්වතාවය ධර්ම විග්‍රහය * උප්පාදෝ දුක්ඛං • උප්පාදෝ භයං • උප්පාදෝ සාමිසං • උප්පාදෝ සංඛාරං• ලෙස කරුණු හතරක් * නිවන් මඟට උපකාර වන කුසලමූල පටිච්ච සමුප්පාද විග්‍රහය ගැන * පුණ්‍ය, පාප , ධ්‍යාන, කර්ම උපාදානය තුලින් උප්පාදෝ වීමට ගතියක් සකසා ගැනීමෙන් සමුදය බිහිවීම * පච්චුප්පට්ඨිතාහෝති ලෙසින් වර්තමානයේ සිත පැවැත්වීම * ආමිසයට, දුකට,භයට, සංකාරයකට හේතුවන වේගයක්,ආවේගයක්,ශක්තියක් , උපදින්නට එද්දීම සතරකමටහන් ආනපානසති සමාධිය සහිතව නිවැරැදිවත් ප්‍රායෝගිකවත් වැඩීමෙන් උප්පාදෝ නවත්වා අනුප්පාදෝ නිබ්බාණංතී කළයුතු බව * රාගක්ඛයෝ, ද්වේශක්ඛයො මෝහක්ඛයෝ, කම්මක්ඛයෝ, ආසවක්ඛයෝ නිබ්බාණංතී * ප්‍රශ්න >> බව සංයෝජන යනු රූපරාග, අරූපරාග ලෙසත් උප්පත්ති සංයෝජනය යනු මාන දිට්ඨි අවිද්‍යා ලෙසත් වටහාගැනීම නිවැරදිද * උද්ධම්භාගිය රූප අරූප අවස්ථා පැහැදිලි කර දෙන්න *අරහතුන් වහන්සේට පිරි - අපිරි නැතත් මනාප අමනාප ඇති කරුණ පහදා දෙන්න * තිප්පා පටිපදාව හෝ ධඥ්ඥා පටිපදාව අනුගමනය කොට මඟඵල පූරණය කරද්දී , ධඥ්ඥා පටිපදා වඩන කෙනෙකුට කෙලෙස් කැපිය නොහැකිද - ඔහු කෙළෙස් දැවෙන තෙක් සිටිය යුතුමද * මේ දහම අසා දැනගත් මුල් අවදියේ සතර කමටහන් වැඩීම හා කෙලෙස් උපදින ආකාරය වහාම දැක ගැනීම ද සිදු විය, නමුත් දැන් කෙලෙස් උපදින ආකාරය දැක ගැනීමට පවා නොහැකියි . එසේ වූයේ ඇයි* පටිච්ච සමුප්පාද විග්‍රහයට අනුව පටිඝ අනුසය අඤ්ඤමඤ්ඤ වශයෙන් දැකීම සුදුසුද * සංඥා සහ ඵස්ස යනු එකක්ද * සංඛාර යන වචනය තුළම කෙලෙස් සහිත ක්‍රියාකාරකමක් ඇති බව අර්ථ ගැන්වෙද්දී උපාදානයෙන් තොරව භාවිතාවේදී සංඛාර යන්න කෙසේ භාවිතා වේද * පංචස්කන්ධයේ එන සංඥා යනු රස සංඥා රූප සංඥා වැනි දේ ද ,නැතහොත් වේදනාව ඇතිවීමට බලපාන ස්පර්ශයද - සංඛාර යනු වේදනා පච්චයා තණ්හා ලෙස හැඳින්වෙන තණ්හාවමද * ආයතන හයක් නිසා විඥ්ඥාණ හයක් ඇති වී ඒ අනුව පංච උපාදානස්කන්ධය හය ආකාරයකට කාය තිස් හයක් බවට පත්වන ආකාරය ගැන වඩේ ගෙඩියක උදාහරණයෙන් පහදා දෙන්න * සිදුහත් කුමරුට නම් තබන දිනයේ දී බුදු වන බව කී අසිත තවුසා මිය ගිය පසු නැවත වතාවක් ඉපිද බුදුන්ගෙන් බණ ඇසූ බවට,ගණිත ක්‍රමයකට ශාස්ත්‍ර කියන එක එක්තරා මහත්මයෙක් සඳහනක් කර තිබෙනවා, එය ඇත්තක්ද * සම්මා සති යනු යෝනිසෝ මනසිකාරයද *ධර්ම මාර්ගයේ යන යම් පුද්ගලයෙක් අරහත්වය දක්වාම යන ගමන් මාර්ගය ගැන විවිධ සූත්‍ර වල විවිධ ආකාරයට පෙන්වා දී ඇත්තේ ඇයි * අරහත් මගෙහි සිටිමින් ඵලයට පත් වන්නට සිටින උත්තමයෙක් විසින් චතුත්ථ ධ්‍යානය හරහා උපසම්පජ්ජ විහරතිවී යම් අවස්ථාවකදී උපේක්ඛා සහගත පාරිශුද්ධ චිත්තයක් පවත්වද්දී ආසවක්ඛය ඤාණය ලැබීම පිණිස ප්‍රහණය කළයුතු කෙලෙස් දකින්නේ කෙසේද *පෘථිවිය භ්‍රමණය වීමත් සමගම සතර මහා ධාතු විපරිණාමයට පත් වන ආකාරය පහදා දෙන්න * රාග ද්වේශ මෝහ නතර කිරීමට ආරම්භයක් ගතයුත්තේ කෙසේද * නීති කෙටුම්පත් වලින් දහම අනුගමනය කිරීමට උපදෙස් දීම සහ මානව අයිතිවාසිකම් නැතිකිරීම සුදුසුද >> | |
පටිච්චසමුප්පාදය - සජීවී ධම්ම දේශණාව සහ ධම්ම සාකච්ඡාව - 2021/06/12 අනුලෝම සහ පටිලෝම වශයෙන්, සක්කාය සමුදය ගාමිණී පටිපදාවත් - සක්කාය නිරෝධ ගාමිණී පටිපදාවත් මතුවනසේ දේශනා කළ පටිච්චසමුප්පාද දහම *දහම අනනුබෝධා අප්පටිවේදා බව නිසා පුණ්‍යාභිසංකාර - අපුඤ්ඤාභිසංකාර - අනේඥ්ඥාභිසංකාර කිරීමෙන් අනුලෝම පටිච්චසමුප්පාද ක්‍රියාවලිය ක්‍රියාත්මක කරමින් සසරට බැඳීම * පරියාප්ති- ප්‍රතිපත්ති- ප්‍රතිවේධ සාසනය ගැන* පුඥ්ඥ පාප පහීනස්ස කළයුත්තේ ඇයි* සං උප්පාද සහ සමුදය නිරෝධය පිළිබඳව, අවබෝධා - පටිවේදා කලයුතු බව * යෝ පටිච්චසමුප්පාදං පස්සති සො ධම්මං පස්සති *සතර කමටහන් නිවැරැදිවත් ප්‍රායෝගික වත් වැඩීමෙන් කෙලෙස් මුල් උදුරා දැමීම * සත්වයෙක් තුළ නිරයාසයෙන්ම ක්‍රියාත්මක වන අනුලෝම පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය සහ නිවන් මඟට උපකාර වන, පටිච්ච සමුප්පාදයේ පටිලෝම විග්‍රහය සහ තිපරිවට්ටය * සමුදය නිරෝධය සමඟම ලබන චතුඅරිය සච්ච අවබෝධය* නිවන් මඟ පූරණය පිණිස ඒකධම්මො වන නිවැරැදි ආනපානසති සමාධි සතරකමටහන් ලෙස සතර ඉරියව්වේදීම * ප්‍රශ්න >> කුසලමූල පටිච්ච සමුප්පාද ධර්මය ගැන සුළු විග්‍රහ කරදෙන්න* සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ මනෝසමාචාරං පාහං යනු පහදා දෙන්න *සිතක නාමරූප උපදින්නේ යම්අරමුණක වේදනා වෙන් පසු සංඥාවද, සංඥාවෙන් පසු චේතනාවද ලෙස අනුපිලිවෙලකින්ද , නැත්නම් නාම කොටස් පහ වෙන වෙනම හෝ කීපයක් එකට ක්‍රියාත්මක වී හෝ සංකාර කර විඥ්ඥාණ ශක්තියක් උපදවා ගැනීමෙන්ද *යම් පුද්ගලයකු විසින් බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස,ස්පර්ශ, යන පහ අරමුණු නොකර මනසින් මනසිකාරද නොකොට යම්කිසි කාල පරාසයක් ගත කරයි නම්, ඒ අවස්ථාව තුළ යම් ආකාරයකට විඥ්ඥාණය දුර්වලවී සිතේ ප්‍රඥ්ඥාව මතුවීමක් වේද * බාහිර දේ කෙරෙහි අරමුණු වලට වඩා මනසින් මනසිකාර කරමින් කරන මනෝමය රූප නිසා ඇතිවන සංකාර වලින් සිතේ යම් කුක්කුච්ච බවක් ඇතිවේ, මින් මිදීමට කළ යුත්තේ කුමක්ද * හේතුව සහ ඵලය සම්බන්ධ කරන යම් ශක්තියක් ඇද්ද ,එම ශක්තිය විඥ්ඥාණ ශක්තිය ද නැතිනම් වෙන යමක් ද - හේතුව හා ඵලය වෙන්කර විපරිණාමයට පත් කරන ගතියක් ඇත, මෙය පහදා දිය හැකිද * අප්ප්පිච්ච- අප්පමද සහ මද -පමද - අප්පමද පහදා දෙන්න * අවිජ්ජා මූල පටිච්ච සමුප්පාදයේ නාම රූප, සංඵස්ස, වේදනා , සහ තණ්හා ගැන පහදා දෙන්න * පටිච්ච -සං- උප්පාද යන ශබ්ද සංඥාව කුසල මූලයට යොදා ගැනීමට හැකිද * සංඛතයක උදයංගම අත්තංගම අස්සාද ආදීනව නිස්සරණ අවස්ථා පහ ගැන පහදා දෙන්න *සතරකමටහන් වැඩීමේදී සමථ වීම අවිජ්ජාමූල නිරෝධ පටිච්ච සමුප්පාදය ලෙසද, මරණානුස්සතිය වැඩීම කුසලමූල පටිච්ච සමුප්පාදය ලෙසද වටහා ගැනීම නිවැරැදිද * පුත්තමංත සූත්‍රය හෙවත් තම දෙමාපියන් විසින් තම දරුවා මරා ආහාරයට ගැනීම ගැන කතාවක් ත්‍රිපිටකයේ සඳහන්ද * රූපයක් හඳුනාගත්විට ඒ කෙරෙහි සංචේතනා පවත්වා ,සංඵස්ස වීම කියන්නේ අවිජ්ජාවද, අවිජ්ජා මූල පටිච්චසමුප්පාදය පටන් ගන්නේ එතැනින් ද * දේවදූත සූත්‍රයේ පෙන්වන නිරය සහ නිරය පාලකයින් ගැන පහදා දෙන්න * අච්චරිය අබ්භූත සූත්‍රය තුල මහාමායා දේවිය පිළිබඳ ආශ්චර්යය වත් අද්භූත සිදුවීම,සහ සිදුහත් කූමාර උපතේදී පියවර හතක් ඇවිදීම ගැන අරුත් පහදා දෙන්න * විඥ්ඥාණ ආහාර සහ කබලිංකාර ආහාර ගැන පහදා දෙන්න * කුසල හෙවත් කුණු සලාහැරීම ගැන පහදා දෙන්න * අධිෂ්ඨාන ශක්තිය ඉතා බලවත්වූ අරියමඟ යන සුතවත් පුද්ගලයින්ගේ කටයුතු වෙනුවෙන් අරිය නොවන පුද්ගලයිගෙන් අයැදීම සුදුසු නැහැ නේද * සංයුක්ත නිකායේ නිරාමිස සුත්‍රය ඇසුරින් පැනයක් * රාග ද්වේශ මෝහ නැවැත්වීමට ආරම්භය පිණිස සුදුසුම අවස්ථාව කුමක්ද * බුදු පියාණන් භගවත් ගුණය යනු පහදා දෙන්න >>> | |
~ වෙසක් පොහොය 2021 ~ ඓතිහාසික ත්‍රිපිටකය සහ හෙළ අටුවා පිළිබඳ විශේෂ සජීවී අනුසාසනාව සාසන ඉතිහාසය සහ ත්‍රිපිටක ඉතිහාසය ගැන බිඳක් * බුදු පියාණන් ජීවමානව සිටියදීම හෙළ බසින් ලියූ අට්ඨ කතා * සද්දනීති ප්‍රකරණය පොත* ධර්මය වනපොත් කරමින් ගෙනා භාණකවරුන්ගේ සාසනික සේවාව * එළු බසින් ලියූ වංශකතා * ත්‍රිපිටකය ග්‍රන්ඨාරූඩ කිරීමට හේතු * බුද්ධ පරිනිබ්බාණයෙන් වසර 456 ට පසු කෑගල්ල මාතුල අළුලෙනේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරිම * බුද්ධ පරිනිබ්බාණයේ මුල් යුගය පසුවී, නැවත ක්‍රමයෙන් දහම වෙනස් වීම* බුදුදහමේ වචන ඇසුරෙන් ඉන්දියාවේ මහාසාංඝික නිකායක් , වෛතුල්‍යවාදී ත්‍රිපිටකයක්, හා සංස්කෘත බෞද්ධ සාහිත්‍යයක් බිහිවී ජනප්‍රිය බුද්ධාගමක් බිහිවීම*ථේරවාදය අභිබවා, වෛතුල්‍යවාදී අදහස් මහාවිහාරය තුලටද සංක්‍රමණය වී කොටසක් බෙදී ගොස් අභයගිරි විහාරය ආරම්භ වීම * පැවැත්ම යහපත් ලෙස පවත්වාගෙන යාම පිණිස ලියූ වෛතුල්‍යවාදී ත්‍රිපිටකය සහ නිබ්බාණ වීම අරමුණු කොට මාතුල අළුලෙනදී ලියූ නිර්මල ත්‍රිපිටකය * විහාර අතර ගැටළුව- ගෝඨාභය රජු විසින් පත් කළ කමිටුව සහ කමිටුවේ නිර්දේශය * වෛතුල්‍යවාදීන් පිටුවහල් කිරීම * ජෙට්ඨතිස්ස කුමරු රජවීම * සංඝමිත්ත නම් කූඨ පුරොහිත බමුණාගේ සහ මහසෙන් කුමරුගේ කුමන්ත්‍රණය * ජෙට්ඨතිස්ස රජුගේ හදිසි මරණය * වෛතුල්‍යවාදීන් පිටුවාහල් කිරීමේ පළිය ගැනීමට සංඝමිත්‍ත පුරෝහිතයා දැරූ උපක්‍රම * පතංජලී දහමේ පරප්‍රාප්ත බුද්ධඝෝෂ හිමිගේ පැමිණීම * මහා විහාරයේ ස්වාමීන් වහන්සේලාගෙන් පරිවර්තන පිණිස යැයි අට්ඨකථා පොත් ලබාගැනීම සහ තම අදහස්ද ඇතුලුකොට පොත් දාහතක් ලිවීම * මහානාම හිමි විසින් සිංහල මහාවංසය පාලි බසට හැරවීම *බුද්ධඝෝෂ හිමිගේ පරිවර්තන පොත් දාහත පමණක් ඉතිරි වනසේ මහා විහාරය ගිනිබත් වී අටුවා පොත් විනාශ වීම * ලෞකික දේ අගය කළ වෛතුල්‍යවාදී ත්‍රිපිටකය පිළිගත් පිරිස වැඩිවීමත්,හෙළ අටුවා විනාශවීමත්, අභයගිරි පාර්ශවයේ බලය සහ ස්වාමීන් වහන්සේලා වැඩිවීමත්, නිසා සමන්තප්‍රාසාදිකාව සහ බුද්ධඝෝෂ ගේ විසුද්ධි මාර්ගය ආගමක් බවට පත්වීමෙන් නිර්මල ධර්මය යටපත් වීම * කෑගල්ල මාතුල අළුලෙනේදී ලියූ නිර්මල ත්‍රිපිටකය කිසිදු විනාශය කට හසු නොවී හොඳින් ආරක්ෂාවී තිබීම* කල්යාමේදී හෙළබිම බටහිර ජාතීන්ට යටත් වීම * කෑගල්ල අළුලෙනේ තිබුණු ත්‍රිපිටකය සුදු නිලධාරීන් විසින් සුළු මුදලක්ගෙවා ලබාගෙන එංගලන්තයට ගෙන යාම * දහම දිගින් දිගටම යටපත් වීම * වසර කීපයකට පෙර 2009 දී පමණ පූර්ණ වශයෙන්ම දහම මතුවීම, චත්තාරිමානි ඨානානි හඳුනා ගැනීම සහ එංගලන්තයේ තිබූ නිර්මල ත්‍රිපිටක පිටපත් ගෙන්වා ගැනීමට හැකිවීම * බොහෝ පිරිසක් නිවන් මඟට අවතීර්ණ වීම * සම්මතයේ සිටින අයගේ වරප්‍රසාද , වරදාන, ව්‍යාපාර සහ පැවැත්මට තර්ජනයක් වේයැයි භීතියෙන් අණපනත් නීති,දඬුවම් පනවා දහම සහ නිවැරැදි චත්තාරිමානි ඨානානි යටපත් කිරීමට දරණ උත්සාහ ගැන * ගංගා පෙයියාලයේ පංචම පාචීන නින්න සුත්තං ඇසුරින් ඇසුරින් ජන්බුදීපයේ පිහිටීම ගැන දැක්වීම * ජන්බුද්වීපය අර්ථ නිරුක්ති ඇසුරින් * >>> වජ්‍රාසනය නැවතත් වසා දැමීම අයහපත් ප්‍රතිඵල ගෙනදීමට හේතුවේද * සුනාපරන්තය, අපරාපරන්තය, පතිරූපදේශය ආදී ලෙස දහම තුල භූමි පෙන්වා දෙන්නේ ඒ රටවල් වල තිබෙන භූවිෂමතා අනුවද * කොරෝනා නිසා ඇතිවූ මරණ බියත් සමඟම අනාගතයේ ඇතිවිය හැකි අමනුස්ස බිය කෙබඳු ආකාරයකට හෙළබිමට සහ ලෝකයට බලපෑම් ඇති කරයිද * සෝවාන් පුද්ගලයෙක් ගැන "නතේ භවං අට්ඨමං ආදියන්ති" ලෙසින් සඳහන් වන්නේ කුමක්ද * දෙවුරම් වෙහෙර පිහිටා ඇත්තේ මේ හෙළබිමේ කුමන ප්‍රදේශයේ ද * සක්කාය සමුදය නිරෝධ කර ගැනීමට වඩාත් හොඳම ක්‍රමය වන්නේ චතුරාරක්ඛා ප්‍රායෝගිකව දිගින්දිගටම පුහුණු කිරීමද * මගේ තිස් හය හැවිරිදි විවාහක සොහොයුරා කුඩා අවදියේ සිටම අපගේ මව කෙරෙහි අසාමාන්‍ය ලෙස වෛරී සහගතව හැසිරෙයි, බැණ අඬගැසීම පුරුද්දක් කොටගෙන සිටී, මෙම පාපී බවින් ඔහු ගලවාගැනීමටත්, මවගේ සිතේ ඔහු ගැන ඇති වේදනාව දුරු කිරීමටත් කුමක් කලයුතුද * අනුපාදිසේස නිබ්බාණයෙන් නිවන පූරණය කර සිටින අරිහතුන්වහන්සේ සඥ්ඥා වේදයිත සමාපත්තියට සමවැදීමට නම්, මඟඵල පූරණය කරන අවස්ථාවේ සිට පියවරෙන් පියවරට ආවර්ජන වසිතාවේ පටන් පච්චවෙක්ඛණ වසිතා දක්වා ද්වතාවය ,තිපරිවට්ටය ආදී ධර්මතා අනුපස්සනා කරමින් වසිතා පහම පුහුණුකොට අවසන්වී තිබේද - සඥ්ඥා වේදයිත නිරෝධ සමාපත්තියට සමවැදීම ගැන පහදා දෙන්න * හේතුඵල දහමට අනුව ණය ගෙවීමට ඉපදුනත් පවුලකට හෝ බාහිර සමාජයට උදව්වක් අවශ්‍ය නිසා කෙනෙකු උපත ලබනවාද - ඔබවහන්සේ ගේ මේ යුගමෙහෙවර ගැන සලකා බලනවිට එය එසේ සිදු වූ බව සිතමි, පහදා දෙන්න* වෙසක් පෝදින බුදු පියාණන් පිළිබඳ සිදුවූ තෙමඟුල පිළිබඳ ධර්ම අර්ථය පහදා දෙන්න *ලොව්තුරා බුදුපියාණන් සම්බන්ධ විශේෂිත අවස්ථා සියල්ලම සිදුවී ඇත්තේ පොහොය දිනයකදී නම් එවන් පොහෝදිනවල යම් විශේෂ විශ්ව ශක්තිය තිබේද * එවන් පොහෝ දිනවලදී බුද්ධ ශක්තියට අනුගතවී අධිෂ්ඨාන කොට විහිඳුවා හරින සුදු කිරණ වල බලපෑම අනිත් දිනවලට වඩා විශේෂිතද * බුද්ධ භාෂිතය ලෙස අනුදැන වදාළේ යම්කිසි භාෂාවක්ද - නැතිනම් යම් වැඩපිළිවෙලක් ද * අරහතුන් වහන්සේ කෙනෙක් තුළ පිහිටන ආනන්තරීය කුසල ධර්මය කුමක්ද >>> | |
2021 වෙසක් පෝය යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති- යෝ ධම්මං පස්සති- සෝ මංපස්සති * බුද්ධාගම සහ බුදු දහම දෙකක් බව දැන වැරදුනු තැන් දැක හඳුනාගෙන නිවැරදි මඟට පිවිසීම * අස්සුතවත් පෘතග්ජන පුද්ගලයාගේ ස්වභාවය* විසංකාර ගැන නොදැනීම හෙවත් සංවට්ටය විවට්ට කරන්නට නොදන්නා කම * සංදෙස්සේති, සංමාදපේති, සමුච්චේදේති, සංපහංසේති, සංපද සතර සහිතවූ සංදේශනාව පිළිබඳ නප්පජානාති නිසා සංසාර සේ දැකීම * වේරමණී සීලය - යං සමාදානංතංවතං සංවරට්ඨෙන සීලං * දාන,සීල ,භාවනා, සහ ධ්‍යාන,උපාදානය නිසා නිවන් මඟ වැසී යාම * තමා තුළ තණ්හාව උපදින ආකාරය දැකගත යුතු බව * ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං* චාගෝපටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ අසේසවිරාග නිරෝධෝ ගැන දැක්ම * පටිවිරතෝහෝති සීලය * සමුදය බිහිවන ආකාරය දැක ගැනීම * එත්තෙසං උප්පජ්ජමානා උප්පජ්ජති එත්තේසං පහීයමානා පහීයති එත්තේසං නිරුජ්ජමානා නිරුජ්ජති * සතරකමටහන් පූර්ණය කර ගන්නා ආකාරය* අනුසය සකස් නොකොට නානුසේති ලෙසින් අනුප්පාද නිරෝධයෙන් සමුදය බිහිවීම නැවැත්වීම * අභිසංකාර කිරීමෙන් වැළකීම * ඡඡක්ක සූත්‍රයේ පෙන්වා වදාළ කාය තිස් හයක් * කායේ කාය - සතර සතිපට්ඨානය - සහ ඒක ධම්මෝ පිළිබඳ යථාවබෝධය * සතර සෘදිපාද - ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බලගැන්වෙන අයුරු * සත් තිස් බෝධි පාක්ෂික ධර්ම පූර්ණය කොට නිවන් මඟ පසක් කරගැනීම * මෝහයෙන් ඉවත්වීම * නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්ධවත් සතර කමටහන් සහිත ආනාපානසති සමාධිය ඒකධම්මො ලෙසින් භාවිතො බහුලීකතෝ කිරීමෙන් කුසලස්ස උපසම්පදා වීම *ආස්වාස ප්‍රාස්වාස කසින භාවනා බුදුන් .දේශනා කළ දෙයක් නොවන බව වටහා වටහාගත යුතු වීම * බුදු පියාණන් දේශනා කළ මාර්ගය අනුගමනය කොට යෝ ධම්මං පස්සති වීමෙන් බුදුන් දැක නිවන් දැකීම >>>>>>>>>>>>>>>>> රාජකාරි කරන අතරතුරේ සතර කමටහන් භාවිතයේදී අව්‍යාකත සිතිවිලි ආවට කමක් නැද්ද * අරිය ධ්‍යාන හා අනරිය ධ්‍යාන පිළිබඳව පහදා දෙන්න * පටිච්චසමුප්පාද යන්නෙහි නාම රූප යනු පංචස්කන්ධය ලෙස ගැනීම හරිද * සෝතාපන්න මාර්ගයේ හෝ සෝතාපන්න ඵලයේ හෝ ඉන් එහා මාර්ගඵලයකට පත්වුණු පුද්ගලයෙකුට යම් හෙයකින් මඟ වැසී යන්නට ඉඩක් වේද - ඊට භේතු හා ඉන් මිදී නිදහස් වන ආකාරය පහදා දෙන්න * ඒකබීජ සූත්‍රය ඇසුරින් කෙලේස පරිනිබ්බාණ වූ උත්තමයින් ගැන සහ එම අයගේ ජීවත පැවැත්ම පිළිබඳව පැනයක් * බෝසත් චරිතයේ ඇති අද්භූත ආශ්චර්ය විස්තර ගැන පාසල් ශිෂ්‍යාවක් ගෙන් ප්‍රශ්නයක් * ඉතිපිසෝ ගාථාවේ ධර්ම අර්ථය පැහැදිලි කර දෙන්න * පරවීමංසන සූත්‍රය ඇසුරින් ප්‍රශ්න දෙකක් * සතරමඟ,සතරඵල පිළිබඳව කෙටියෙන් පහදා දෙන්න * රෝග පීඩා සහ වෙනත් ව්‍යසනයන් මතුවන්නේ මිනිස් සත්වයාට ධර්මාවබෝධයක් ලබාදී ස්වභාව ධර්මය පිරිසිදු කිරීම පිණිසද * අංගුත්තර නිකායේ ඡක්ක නිපාත පාලියෙ මහා වග්ග කොටසේ නිබ්බේදික පාලියෙන් ප්‍රශ්නයක්>>> | |
පරවීමංසන සුත්තං(II) - සජීවී ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව - 2021/05/16 පටිච්චසමුප්පාද විග්‍රහය අගසිට මුලටම ගෙන එකිනෙක කරුණ බැගින් චතු අරිය සච්චයට ගලපමින් විග්‍රහ කොට වදාල පරිවිමංසන සූත්‍රය*පරීවිමංසමානො ඒවං පජානාති - අනෙක විධං නානාපකාරං දුක්ඛං ලෝකේ උප්පජ්ජති ජරාමරණං - කිං දුක්ඛං ජාති නිධානං - කිං ජාති සමුදයං - කිං ජාති නිරෝධං - කිං ජාති නිරෝධ ගාමිණී පටිපදං පජානාති * කිස්මිං සති ජාති හෝති - කිස්මිං අසතිං * "ජරාමරණ " බවට පත්වීමට හේතු වූ "ජාති" පටන් කරුණු එකිනෙක ආපස්සට පෙන්වා දෙමින් "බව" - බව සමුදය - බව නිරෝධය - බව නිරෝධගාමිණී පටිපදාව *උපාදාන,උපාදාන සමුදය,උපාදාන නිරෝධය - උපාදාන නිරෝධගාමිණී පටිපදාව - ආදී ලෙසින් සංකාර දක්වා සියලුම අවස්ථා අවරෝහණ ආකාරයට චතු අරිය සච්චයට ගලපමින් විග්‍රහ කිරීම - අවිජ්ජා හේතුවෙන් සංකාර ක්‍රියාත්මක වීමේ සිට සංභවංති දක්වා *අවිජ්ජා ගතෝයංපුරිසපුග්ගලෝ පුඥ්ඥංචේසංකාරං අභිසංකරෝති - * පුඥ්ඥාපගතංහෝති විඥ්ඥාණං * අපුඥ්ඥංචේසංකාරං අභිසංකරෝති - අපුඥ්ඥාපගතංහෝති විඥ්ඥාණං * ආනෙඥ්ඥංචෙ සංකාරං අභිසංකරෝති - අනෙඥ්ඥාපගතංහෝති විඥ්ඥාණං * *පුඥ්ඥාභිසංකාරංවා අභිසංකරෙයිය - අපුඥ්ඥාභිසංකාරංවා අභිසංකරෙයිය - *අනෙඥ්ඥාභිසංකාරංවා අභිසංකරෙයිය * * පුඥ්ඥ කම්ම - පුඥ්ඥංවේ සංකාරං අභිසංකරෝති • * පාප කර්ම - අපුඥ්ඥංවේ සංකාරං අභිසංකරෝති • * ධ්‍යාන උපාදානය - අනෙඥ්ඥංවේ සක්කාරං අභිසංකරෝති • *උක්ත දහම් කරුණු ගැන අර්ථ, ධර්ම නිරුක්ති දැනගැනීමේ අත්‍යවශ්‍යතාවය * පුඥ්ඥාභිසංකාර වලට කුසල සංකාර ලෙසින් අරුත් ගැන්වීමෙන් නිවන වැසීයාම. *අවිජ්ජා ප්‍රහාණය කොට අභිසංකාර නොකරන,විජ්ජූපාදා වූ තැනැත්තා. *කුසල ධම්මං - නිබ්බාණංතී * අභිසංකරෙයිය නොකරන ඛීණාසව බවට පත්වූ අරහතුන් වහන්සේ ප්‍රශ්න >>> කෙලේස,පරිනිබ්බාණය සූත්‍රයේ සඳහන් හිරිබල සහ ඔත්තප්ප බල ඉන්ද්‍රිය බවට පත්වෙන ආකාරය ගැන පැහැදිලි කර දෙන්න * අසංකාරී ආනාගාමී තත්වයට පත්වූ උත්තමයන් තුළ සබ්බලෝකේ අභිරත සංඥා සහ මරණ සංඥා ඉතිරිව පවතිනවා දැයි පහදා දෙන්න * කෘෂිකර්ම කටයුතු වලදී උදැල්ලෙන් නඟුලෙන් වැඩ කරද්දී කුඩා සතුන් මියයාමේදී පවක් සිදුවේද * නවංගේ සමන්නාගතෝ සහ දසඅංගේ සමන්නාගතෝ ගැන පහදා දෙන්න * ආනාපාන සති සමාධිය වඩමින් කෙලෙස් නසමින් යන සෝවාන් පුද්ගලයාට සකෘදාගාමී සහ අනාගාමී ඵලයන් වලට පත්වූ විට තමන්ටම දැක ගැනීමට හැකි වන්නේ කෙසේද * අපි ජිවත් වෙනවා කියන්නේ තියෙන පොතක් කියවන එක ද - නැතිනම් අලුත් පොතක් ලියන එකද * යම් සිතිවිල්ලක් එන වෙලාවට එය එක සිතිවිල්ලක් පමණයි කියා ඉවත් කිරීම වැරදි කමටහනක්ද *" ආකාශික් රෙකෝඩ්" ලෙස විශ්වයේ පහළවූ අතීත,වර්තමාන, අනාගත සියලුම ජීවීන්ගේ තොරතුරුද,විශ්වයේ සියලුම දැනුම් පද්ධතිද ,ශක්ති ජාලයක්සේ දත්ත ගබඩාවක් ලෙසින් විශ්වයේ කොහේ හෝ නැවත ගත හැකි ලෙස තැන්පත් වී තිබේද- මෙය මනෝමය කායේ ඇති කර්ම බීජ හා ගති වලට සම්බන්ධයක් පවතීද * අස්සුතවත් පෘථග්ජන පුද්ගලයෙකුගේ කරජ කයේ ඇති ශුද්ධාෂ්ඨක සහ අරිය පුද්ගලයකුගේ කරජ කයේ ඇති ශුද්ධාෂ්ඨක අතර වෙනස්කම් තිබෙනවාද - සතර සතිපට්ඨානයේ දක්වා ඇති,කරජ කයේ ඇතිවන වෙනස්කම් දක්වන්නේ ශුද්ධාෂ්ඨක වල ඇති වෙනස්කම් නිසාද * ප්‍රත්‍ය සංවර සීලයෙන් කුසලය වඩා වර්ධනය වනවාසේම, අනිවාර්යෙන් නින්දට යන්නට පෙර පින්දී පින් අනුමෝදන් කිරීමෙන්ද කුසලය පූරණය වනවාද * අසාධාරණයක් දුටු විට එයට විරුද්ධව නැගී සිටීම සහ එය දැක අහක බලා ඉන්නට බැරි කමක් තවමත් තිබීම,නිවනට බාධාවක්ද * කෙලේස පරිනිබ්බායී අවස්ථා පහක් ගැන සූත්‍රපිටක වල බොහෝ තැන් වලත් ඒකබීජ සූත්‍රයේත් දැක්වේ - ඒවා අතරින් දිට්ඨෙවධම්මෙ ලෙස මිනිස් ජාතියේදීම කෙලේස පරිනිබ්බායී වී කායස්සභේදා වනතෙක් මනුස්සයෙක් ලෙස ජීවත් වෙන්නට පුලුවන් අවස්ථා මොනවාද - කෙලේස පරිනිබ්බාණයයේ විවිධාකාරත්වය ගැන තවත් පැනයක් * කාලකාරාම සූත්‍රයේ යංකිංචි දිට්ඨං, සුතං ,මුතංවා, අජ්ජෝසිතං , නසේසුතාදීසයසං.....ආදී ගාථාවේ පද අරුත් පහදා දෙන්න * කොරෝනා වෛරසයෙන් කුසතුළ දරුවෙක් සමඟ මවක් මියයාමේ හේතුව ධර්මානුකූලව පහදා දෙන්න * කුසලය යනු කුණු සලා හැරීම නම් කුසලය රැස් කරනවා යනු පහදා දෙන්න * බුදුපියාණන් වැරදි තැන් දුටුවිට, ඒවා දෝෂ දර්ශනයට ලක් කොට පෙන්වාදී තුබුණද, වර්තමානයේ ධර්මය අධර්මය කරමින් එයද ඉක්මවා ඒවා නීතිගත කරගන්නතත් උත්සාහ දරනවා - මෙවැනි දේට දඬුවම් දීමේ ක්‍රමයක් බුදුපියාණන් අනුදැන වදාරා නැද්ද >>>> | |
සජීවී ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව - 2021/05/15 නානාප්‍රකාර වූ දුක්ඛක්ඛන්ධයක් ඇතිවන්නට හේතු වන කරුණු පිළිබඳ විමංසනාත්මක දේශනාව පරිවිමංසන සූත්‍රය - පරිවීමංසනො - පරිවීමංසෙයිය * "ජාති" බවට පත්වීමට හේතු වූ කරුණු එකිනෙක ආපස්සට පෙන්වා දෙමින් "බව" - බව සමුදය - බව නිරෝධය - බව නිරෝධගාමිණී පටිපදාව *උපාදාන,උපාදාන සමුදය,උපාදාන නිරෝධය - උපාදාන නිරෝධගාමිණී පටිපදාව - තණ්හා,තණ්හා සමුදය ,තණ්හා නිරෝධය ,තණ්හා නිරෝධගාමිණී පටිපදාව- වේදනා ,වේදනා සමුදය ,වේදනා නිරෝධය ,වේදනා නිරෝධ නිරෝධගාමිණී පටිපදාව - සංඵස්ස , ඵස්ස සමුදය - ඵස්ස නිරෝධය ,ඵස්ස ගාමිණී පටිපදාව - සලායතන,සළායතන සමුදය, සළායතන නිරෝධය ,සළායතන නිරෝධ ගාමිණී පටිපදාව - නාම රූප, නාම රූප සමුදය,නාම රූප නිරෝධය ,නාම රූප නිරෝධගාමිණී පටිපදාව - විඤ්ඤාණ, විඤ්ඤාණ සමුදය ,විඤ්ඤාණ නිරෝධය, විඤ්ඤාණ නිරෝධගාමිණී පටිපදාව- සංඛාර, සංඛාර සමුදය ,සංඛාර නිරෝධය ,සංඛාර නිරෝධ ගාමිණී පටිපදාව ලෙස අවිජ්ජා හේතුවෙන් සංකාර ක්‍රියාත්මක වීමේ සිට සංභවංති දක්වා වූ පටිච්චසමුප්පාද විග්‍රහය අගසිටමුලටම ගෙන එකිනෙක කරුණ බැගින් චතු අරිය සච්චයට ගලපමින් විගහ කොට වදාල පරිවිමංසන සූත්‍රය *අවිජ්ජා ප්‍රහාණය කොට අභිසංකාර නොකරන,විජ්ජූපාදා වූ තැනැත්තා *පුඥ්ඥාභිසංකාරංවා අභිසංකරෙයිය - අපුඥ්ඥාභිසංකාරංවා අභිසංකරෙයිය - අනෙඥ්ඥාභිසංකාරංවා අභිසංකරෙයිය * පුණ්‍ය කර්ම - පුඥ්ඥංවේ සංකාරං අභිසංකරෝති • පාප කර්ම - අපුඥ්ඥංවේ සංකාරං අභිසංකරෝති • ධ්‍යාන උපාදානය - අනෙඥ්ඥංවේ සක්කාරං අභිසංකරෝති * කුසල ධම්මං - නිබ්බාණංතී *අභිසංකරෙයිය නොකරන ඛීණාසව බවට පත්වූ අරහතුන් වහන්සේ * බුද්ධාගම පදනම් වී ඇති ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සහ බුදු දහමේ පදනමවූ ප්‍රඥ්ඥා ,සීල, සමාධි * ප්‍රශ්න >> සංයෝජන සූත්‍රය අනුව අනාගාමී පුද්ගලයෙකුට අනුසය උපදින්නේ නැතිනම් සියලුම සංයෝජන එකවර ප්‍රහාණය වන බව සඳහන් වුවත් , කෙලේස පරිනිබ්බාණ සූත්‍රය අනුව අනාගාමී පුද්ගලයෙකුට අනුසය උපදින්නේ නැති නමුත් උප්පත්ති හෝ බවපටිලාභ ඇතිනම් සංයෝජන එක්වර ප්‍රහාණය නොවන බවත් ඇති බැවින් මේ සූත්‍ර දෙකේ ඇති අදහස තේරුම් ගන්නේ කෙසේද * මාගධි බසේ කාය ලෙස හැඳින්වෙන්නේ සිංහල භාෂාවේ ඇති කය නොවන බව දේශනා කොට ඇති නමුත්, ශරීරයෙන් කෙරෙන දුෂ්චරිත වලට කාය දුෂ්චරිත ලෙස කියන්නේ ඇයි * සතරසති පට්ඨානයේ දුක්ඛ සච්ච නිද්දේසයේ "ව්‍යාධිපිදුක්ඛා" යන්න සඳහන් නොවන්නේ ඇයි * පටිච්චසමුප්පාද ධර්මයට අනුව "චිත්ත - චෛතසික" ගැන විග්‍රහ කර දෙන්න * සංස්කෘත බසින් බුද්ධ වචනය භාවිතා කිරීම නිවන් දැකීමට බාධා වන හේතුවක් වේද * එදිනෙදා ජීවත් වීම යනු හේතුවලට උරුම ඵල ගෙවමින් ගමන් කිරීම නේද - එය අජ්ජත්තයේ උප්පජ්ජති වන හේතු නිසාම උපදින ශක්තියක් නේද * ලංකාව ලෞකික ලෙසින් සංවර්ධිත රටක් ලෙසින් විශාල ලෙස දියුණුවකට පත් කරන්නට නොහැකිවන්නේ එය ආධ්‍යාත්මික වශයෙන් දියුණු වීමට නියමවූ රටක් නිසා සහ තවමත් බුද්ධොත්පත්ති කාලයක් වීම නිසා ද * ධ්‍යානයක් ලැබීමේදී සිතට දැනෙන වෙනස පැහැදිලි කරන්න. * සමාජය පුරා කොරෝනා වෛරසය මෙතරම් පැතිරයාමට හේතුව සමාජය ඉතාම දූෂිත ලෙසින් කටයුතු කිරීමට විරුද්ධව සොබාදහම ආයුධ අතට ගැනීමක්ද * වංචා සහගත පුද්ගලයින් කරන ප්‍රතිකාර මෙවන් වසංගත වැලැක්වීමට සඳහා භාවිතා කිරීමෙන් ඵලක් වේද * මලක් දැක රූප වේදනා සංඥා සංකාර පසුකොට විඥ්ඥාණ තත්වයට පත්වන්නේ විඳ්ඥාණයෙන්ම මල දැකීම නිසාද * සසංකාරික - අසංකාරික හෝ සුද්ධාවාස තත්වයෙහි සිටිනා පුද්ගලයන් තුළත් තවදුරටත් අස්මිමානය තිබේද * විඥ්ඥාණ කාය යනු අවසාන මොහොත දක්වාම පංචස්කන්ධය උපයෝගි කරගනිමින් පැවැත්ම පවත්වාගෙන යන අවස්ථාවක්ද * විඥ්ඥාණ කායේ ක්‍රියාකාරීවය මැනැවින් තේරුම් ගෙන ප්‍රඥ්ඥාවෙන් යුතුව අනුසය බිහිවෙන්නට එද්දීම නානුසේති කරන විට නගති තත්වයට පත්වේද- නගති තත්වයේ ස්වභාවය කුමක්ද * අනරිය ධ්‍යාන ලැබූ අයට තම පූර්ව ජීවිත පිළිබඳව දැක්මක් ලැබී සසර විඳි දුක වැටහී ඒ අනුව නිවන් මඟ පූරණය කරගැනීමට කටයුතු කළ හැකිද - අරිය මඟ යන පිරිසෙන් කොටසකට පමණක් ධ්‍යාන වැඩෙනවාද - අරිය ධ්‍යාන වැඩුනත් නිබ්බාණ මඟ පූරණය සඳහා සතරසතිපට්ඨානය අනුගමනය කළ යුතුද * අවිජ්ජාමුල පටිච්චසමුප්පාද විග්‍රහයේ නාමරූප යන්නට "ඵස්ස" යන්නද ඇතුලත් බැවින් නාමරූප සහ නිවන් මඟට හේතුවන තැන "ඵස්ස" අතර වෙනස්කම් පහදා දෙන්න * කෙලේස පරිනිබ්බාණ සූත්‍රය ඇසුරින් අනාගාමී උතුමෙකු සංයෝජන උදුරා දැමීම පිළිබඳ පැනයක් >>> | |
විශාලා මහනුවර ඇති වූ තුන්බිය සහ කොරෝනා වසංගතය |මහ අරහතුන් වහන්සේගේ පණිවිඩය[2021-05-14] | |
කිලෙසපරිනිබ්බාන සුත්තං(II) - සජීවී ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව - 2021/05/09 සංතොසංවිජ්ජමානාවූ,තිප්පා පටිපදා දෙදෙනෙක් සහ ධඥ්ඥා පටිපදා දෙදෙනෙක් ලෙස පුද්ගලයින් සිව් දෙනෙක් ගැන* # තිප්පා පටිපදා>>1)ඒකච්චො පුග්ගලෝ ,, "දිට්ඨෙව ධම්මෙ සසංකාර"පරිනිබ්බායී හෝති 2)ඉදපන භික්ඛවේ ඒකච්චො පුග්ගලෝ "කායස්සභේදා පරංමරණා සසංකාර" පරිනිබ්බායී හෝති නආගාමී . # ධඥ්ඥා පටිපදා>>1)ඉදපණභික්ඛවෙ ඒකච්චො පුග්ගලෝ "දිට්ඨෙව ධම්මෙ අසංකාර" පරිනිබ්බායී හෝති * 2) ඉදපණභික්ඛවෙ "කායස්සභෙදා අසංකාර" පරිනිබ්බායී හෝති.********** * " දිට්ඨෙව ධම්මෙ සසංකාර" පරිනිබ්බායී හෝති අනුගමනය කරන මඟ:-- "ඉද භික්ඛවේ අසුභානුපස්සී •ආහාරෙහි පටික්කූල සංඥේ •සබ්බලොකෙ අනභිරත සඥ්ඥේ• සබ්බ සංකාරේසු අනිච්ච අනුපස්සී මරණ සඥ්ඥේ විහරෙය්ය * ජීවිත කාලය තුලදීම තිප්පා පටිපදාවෙන් කෙලෙස් මුල් කැපීමෙන්, සොඉමානි පංචසේඛබලාය උපනිස්සාය විහරති - තස්සිමානි පංචඉන්ද්‍රියානි "අධිමත්තතානි පාතුභවන්ති" ලෙසින් දිට්ඨෙව ධම්මෙ සසංකාර පරිනිබ්බායී හෝති කොට කෙලේස පරිනිබ්බායී තත්වයට පත්ව අනාගාමී ඵලයට පැමිණේ. * කායස්සභේදා සසංකාර පරිනිබ්බායී හෝති මඟ:-- •ඉද භික්ඛවේ අසුභානුපස්සී •ආහාරෙහි පටික්කූල සංඥේ, •සබ්බලොකෙ අනභිරත සඥ්ඥේ• සබ්බසංකාරේසු අනිච්චඅනුපස්සී මරණ සඥ්ඥේ විහරෙය්ය . * පංචසේඛබලාය උපනිස්සාය විහරති - තස්සිමානි පංචඉන්ද්‍රියානි අධිමත්තතානි ලෙස නොව මුදුතා ලෙසින් කායස්සභේදා - ජීවිතය අවසන්වී මරණයට පත්වෙද්දී "සසංකාර පරිනිබ්බායී හෝති'' ලෙසින් කෙලේස පරිනිබ්බාණයෙන් අනාගාමී බවට පත් වේ.) ************* *"දිට්ඨෙවධම්මෙ අසංකාර පරිනිබ්බායීහෝති" *ඉදභික්ඛවෙ විවිච්ච කාමෙහි,විවිච්චපාපෙහි අකුසල ධම්මෙහි සවිතක්කං සවිචාරං පීති සුඛඒකාග්ගතා,පඨම,දුතිය,තථිය ,චතුත්ථ ධ්‍යානං ලෙසින් අරිය ධ්‍යාන ලබයි* "පංච සේඛ බලානි උපනිස්සාය"ලෙස බලධර්ම "අධිමත්තානි පාතුබලංති" ආකාරයට අධිමත්තතානි ලෙසගැන්වේ * ධඥ්ඥා පටිපදාවෙන් ජීවිත කාලය තුලදීම කෙලේස පරිනිබ්බායී කොට අසංකාර පරිනිබ්බායී හෝති ලෙසින් අනාගාමී බවට පත්වේ. * "කායස්සභේදා පරම්මරණා අසංකාර" පරිනිබ්බායීහෝති *ඉදභික්ඛවෙ විවිච්ච කාමයෙහි,විවිච්ච පාපේහිඅකුසල ධම්මෙහි, සවිතක්කං සවිචාරං පීති සුඛ ඒකග්ගතා සහිතවූ පඨම,දුතිය,තථිය,චතුත්ථ ධ්‍යාන ලබා "පංචබලානි බලගැන්වීම අධිමත්තානි ලෙස නොව මුදුතා ලෙසින් බල ගැන්වීමෙන්, කායස්සභේදා පරම්මරණා ආකාරයට මරණයට පත්වන අවස්ථාවේ කෙලේස පරිනිබ්බායීවී අසංකාර පරිනිබ්බායී ලෙස අනාගාමී බවට පත්වේ*** දස්සනා පහාතබ්බා වූ සෝතාපත්තියට පත් පුද්ගලයා කිසිසේත්ම සතර අපායේ නූපදී * කෙලේස පරිනිබ්බායී හෝති වූ , නැවත අනුසය බිහිවීම නැවැත්වූ පුද්ගලයා - සතර අපාය, කාම ලෝක හෝ සුගති ලෝකවල නූපදී * මිනිස් ලොව නැතිව සුද්ධාවාස හෝ අසංකාරික හෝ සසංකාරික අන්තර්භවික ලෙස පැවැත්ම ගෙවී ගොස් ගමන අවසන් කරයි* අරහතුන් වහන්සේ අනුපාදිසේස පරිනිබ්බායී බවට පත්වී අවසන් බැවින් ආයුසය අවසන් වී සව්පදිසේස පරිනිබ්බාණ යෙන් පැවැත්ම අවසන් කරයි * ප්‍රශ්න >> ආහාරෙහි පටික්කූල සඥ්ඥෙ පිළිබඳ පහදා දෙන්න * කෙලෙස පරිනිබ්බාන - අනුපදිසේස පරිනිබ්බාන සහ - සව්පදිසේස පරිනිබ්බානයේදී අතහරින්නේ උපාදානය කරගැනීමද* අනාගාමී ගන්ධබ්බ පුද්ගලයා ආහාර නොගන්නා නිසා ගන්ධය අබ්බ කරනවාද * කෙලේස පරිනිබ්බාණ සූත්‍රයේ බලධර්ම පහ තුල සඳහන් වන "ඔතප්ප බල" යනු පහදා දෙන්න * සකෘදාගාමී අනාගාමී ඵල සඳහා බුද්ධ ශක්තියට අනුගත වීම අවශ්‍යද * ඕරම්භාගිය සහ උද්දම්භාගිය සංයෝජන ගැන තව දුරටත් පහදා දෙන්න* යම් අයෙක් අප ඉදිරියේ ක්‍රෝධයකින් වැඩකරද්දී අප මෛත්‍රී සිතින් කටයුතු කලොත් එහි ගුණය ඒ අයටත් බලපානවාද * අනාගාමී පුද්ගලයා අතින් අනුසය බිහි නොවන නිසා ආනපාන නොකෙරේද * අනුපරිවත්තංති යන්න පහදා දෙන්න * සංථාන විතක්ක සූත්‍රය ඇසුරින් සහ සයදොරින් වැගිරෙන කෙලෙස් පිළිබඳ පැන දෙකක් * අසංකාරික සහ සසංකාරික යන අවස්ථා දෙක ගැන පහදා දෙන්න * දානයක් දීමෙන් ආයු වර්ණ,සැප මෙන්ම බල, ප්‍රඥ්ඥාවත් ලැබේද * පරිනිබ්බාණය වන ආකාර සියල්ල මඟඵල ලැබූ උතුමන්හට බැවින්, බුද්ධ දේශනාවෙහි අපවත්වීම ගැන සඳහන් වන ආකාරය ගැන පහදා දෙන්න * අජ්ජත්තය වෙනමත් බහිද්දය වෙනමත් දැනේ - පිරි හෝ අපිරි එම නිසා නොදැනේ- කාමරාග පටිඝ වලින් මිදීමට එය පහසු වක් නේද * දුක්ඛ වේදනාවේ අනිච්ච බලන්නේ කෙසේද - දුක්ඛ වේදනාවේ ආස්වාදය ,ආදීනව නිස්සරණය කුමක්ද - දුක්ඛ වේදනාවේ අස්සාදයක් තිබේනම් ස්පර්ශ ආයතන හයටම වේදනාව ගෙනදෙන අපායගාමී සත්වයින්ද දුක්ඛ වේදනාවේ ආස්වාදයක් විඳිද * මනුස්ස ලෝකයේදීම අනාගාමී වන කෙනෙක් අසංකාරික හෝ සසංකාරික ලෙස නිබ්බායි වන පුද්ගලයෙක් විය යුතුයි නේද * කාම ලෝකයක සිටින අයට අනුසය උපදිනවා නේද *අනාගාමි උත්තමයා තුල අවිජ්ජා අනුසයවත් සකස් වන්නේ නැද්ද * කසීභාරද්වාජ බමුණා ගැන දේශනාව අසද්දී ඔහුගැන යම් ද්වේශයක් සිතේ මැවෙනවා, එය රූප රාගයක් නොවේද * විදේශයක ජීවත් වන බැවින් අරිය උතුමන් අභිමුඛව ධර්මය අසන්නට තවමත් නොහැකි වුවත්, ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් කීපයක් අසද්දීම කිසිදු අපහසුවකින් තොරව සියලු දේශනා මැනැවින් පසක් දේශනා සවන්දෙමින්ම ඉතාම නිවැරැදිව මාර්ගය අනුගමනය කරමි - ධම්ම උද්ධච්ච විග්ගහිතමානසං ක්‍රමයෙන් නිවන් දැක ගැනීමට හැකිවේද * කාම, ව්‍යාපාද විහිංසා,යන විතක්කවිචාර ගැන පහදා දෙන්න * පටිසංභිදා මග්ගපාලියේ සක්කාය දිට්ඨියත් අත්ථානුදිට්ඨියත් එකම ආකාරයට සඳහන් කොට ඇත - සෝතාපන්න ඵලයට පත්වූ කෙනාගේ සක්කාය දිට්ඨිය ඉවත්වීම සමඟම අත්‍ථානුදිට්ඨියත් ඉවත් වේද * දුෂ්චරිතයක් මතුවන විටම, සුචරිතයේ පිහිටා රාග,ද්වෙශ මෝහ ඉවත් කරන විට සතර සතිපට්ඨානය වැඩී සත්‍තබොජ්ජංගම වැඩෙනවාද* අනිමිත්ත,අප්පණිහිත,සුඥ්ඥත, විමෝකෝ වලට ලඟාවීමට, එම සමාධි හරහා මඟ වැඩෙන්නේ අනාගාමී ඵලයෙන් පසු මඟවඩන අරිය උත්තමයන්ට පමණද - එම සමාපත්ති වැඩෙන්නේත් ඒ අවස්ථාවේමද * චුල්ලකම්මවිභංග සූත්‍රයේ සෝතෙන, කම්මේන,ඒවං සමතේන, ඒවංසමාධියෙන, ඒවංකායස්සභේදා පරංමරණං යන්නෙහි "කායස්සභේදා පරංමරණං" යන්න සිංහලෙන් ඇත්තේ "කාබුන්මරණය" ලෙසයි, එය පැහැදිලි කර දෙන්න >> |
෴ [මුල පිටුව] < පෙර පිටුවට • ඊළඟ පිටුවට > [අග පිටුව] ෴
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40
41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60
61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80
81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100
101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120
121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140
141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160
161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180
181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200
201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220
221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240
241 242 243 244 245 246 247 248 249 250 251 252 253 254 255 256 257 258 259 260
261 262 263