අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

පඤ‍්චඉට්ධම්ම සුත‍්තං - සජීව​ ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව - 25/09/2021

බොහෝ දෙනෙක් පුණ්‍යාභිසංකාර කරමින් ප්‍රාර්ථනා, ආයාචනා කොට බලාපොරොත්තු වන ඉෂ්ඨකාන්තවූ, ධර්මතා පහක් මෙන්ම අරිය සාවකයෙක් විසින් බලාපොරොත්තු නොවිය යුතු  ඒ ධර්මතා පිළිබඳව අනේපිඬු සිටු තුමාට දේශනා කළ  පඤ්ච ඉට්ඨ ධම්ම සූත්‍රය. * ආයු - වර්ණ -  සැප - යස- සග්ගසුවය-  යන  මනාපවූ  දුල්ලභවූ,ඉෂ්ඨ කාන්තවූ ධම්මතා ගැන විග්‍රහය. * න ආයාචනාහේතුවා පත්ථනාහේතු වා පටිලාභං වදාමි ලෙසින්  ආයාචනා ප්‍රාර්ථනා හේතුවෙන් එවන් ඉෂ්ඨ කාන්තවූ දේ ලැබීම අභව්‍ය බව, *අරිය සාවකයෙක් නම් ආයු කාමෝ, වණ්ණකාමො,සුඛකාමෝ, යස කාමෝ සග්ගකාමෝ යන මේවා ආයාචනා ප්‍රාර්ථනා ලෙසින් නොකළයුතු දේවල් බව පෙන්වා දීම. *අස්සුතවත් පුද්ගලයා බාහිර බලවේග වලින් යැදුම් පැතුම්,  කිරීමෙන් ආයුකාමෝ ඇතුළු ඉෂ්ඨකාන්තවූ ධර්ම සියල්ල ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් ප්‍රාර්ථනා,  ආයචනා, කිරීම නිසා  තණ්හාවෙන් උපාදනයක් ඇතිකර, සමුදය බිහිකර, අනුසය උපදවාගෙන  සසර බැම්මට බැඳී පැවැත්ම දිගටම පවත්වාගෙන යයි. * එහෙත් අරිය සාවකයෙක් ආයු කාමයක් බලාපොරොත්තු  වෙන් ආයාචනා, ප්‍රාර්ථනා,නොකළ යුතුය. ආයු කාමයෙන් අභිනන්දනය නොකළ යුතුය. එවන් දෙයින් මිදී නිදහස් විය යුතුය. * එ පරිද්දෙන්ම  අරිය සාවකයා වණ්ණකාමය වෙනුවෙන්ද ආයාචනා  අභිනන්දිතුංවා, වණ්ණස්සවා පිහෙතුං ලෙස ආයාචනා, ප්‍රාර්ථනා නොකළ යුතුය. අරිය සාවකයා  මිදී නිදහස් විය යුතුය. *එපරිද්දෙන්ම අරියසාවකයා  සුඛ කාමය බලාපොරොත්තුවෙන්ද  ආයාචනා ප්‍රාර්ථනා කරමින්,අභිනන්දනය කරමින්, ඉෂ්ඨ කාන්තවූ දේ ලැබීමේ බලාපොරොත්තු වෙන් කටයුතු නොකළ යුතුය. * අරියසාවකයා යස කාමය පිණිසද ආයාචනා ප්‍රාර්ථනා කරමින් අභිනන්දනයෙන් ඉෂ්ඨ කාන්තවූ දේ ලැබීමේ බලාපොරොත්තු වෙන් කටයුතු නොකළ යුතුය. * අරියසාවකයා සග්ගකාමෝ වූ බ්‍රහ්ම සැප ආදී සුව පිණිසද ආයාචනා ප්‍රාර්ථනා ලෙස කරමින් අභිනන්දනයෙන් යුතුව ඉෂ්ඨ කාන්තවූ දේ ලැබීමේ බලාපොරොත්තු වෙන් කටයුතු නොකළ යුතුය. එසේ පංඥ්ච ඉෂ්ඨ ධම්මතාකෙරෙහි ඇලීමෙන්,අභිනන්දනයෙන්, කටයුතු කොට  ප්‍රාර්ථනා, ආයචනා, කිරීම නිසා උපාදනයක්, තණ්හාවක් ඇතිවන බව සහ  සමුදය බිහිවීම,අනුසය උපදීම, පිළිබඳව දැක අරිය සාවකයා ඉන්  මිදී නිදහස් වීම සඳහාම අතහැරීමේ චේතනාවෙන්ම,තමන් කරන පින්කම් කුසලයක් බවටම පත් කරගනී,   ආයුකාමෝ, සුඛකාමෝ.... ආදී හේතු, අතහැරිය යුතු හේතු බව දැන දැක පංඤ්ච ඉෂ්ඨ ධම්මතා පිළිබඳව  කාමයෙන් ආයාචනා,අභිනන්දනයෙන් කටයුතු නොකරයි. ඒ ධම්මතා කෙරෙහි කැමැත්තෙන් නොඇලෙන, මත්වීමෙන් මිදී නිදහස් වන, පණ්ඩිතවූ  අරිය සාවකයා දුක් පැවැත්මෙන්ද මිදී නිදහස් වෙයි >>> ධම්ම සහ අනුධම්ම අතර වෙනස කුමක්ද - ධම්මානුධම්ම පටිපදාව යන්නෙන් අදහස් වන්නේත් එයමද * අනේපිඩු සිටුතුමාගේ දේවිය සහ දරුවන් ගැන කිසිම විස්තරයක් ඉතිහාසයේ දැනගන්නට නැත්තේ ඇයි *එතුමා ජේතවනාරාමය සාදා පූජා කර විශාල පිනක් කර  ගත්තත් අරිහත් නොවුනේ මන්ද *අප විසින් සතර අපාගාමී පුද්ගලයන්ට පින්දීමේ දී තිරිසන්, ප්‍රේත, අසුර ලෙසින්  කියන අසුර අපාය කුමක්ද * ලාභිච්ඡා සූත්‍රයේ ලාභය ලබන්න කැමති ඒත් ඊට උත්සාහ නොකරන  තුන්වන පුද්ගලයා ලාභය නොලැබීම නිසා හටගන්නා ද්වේශය තමාගේ වරදක් යයි සිතා කම්පා වෙයි, එහිදී මෙත්තානුස්සතිය වඩන්නේ කෙසේද * කාන්තාවන්ට බුදු බව ලැබීමට යම් අඩුවක් ඇති බව බුදුපියාණන්  සඳහන් කලේ  කුමන හේතුවක් නිසාද * ධර්මයේදී අප අසා ඇති පඥ්ඥත්තස්සායං ධම්මෝ සහ දුප්පඥ්ඥස්ස ලෙස දෙපැත්තක් පෙන්වයි -  ඉතාම සරලව පහදා දෙන මේ දහම තවත් සරල කරන්නට යාමෙන් මේ ධර්මය නැවතත් යටපත් විය හැකිද * අධික ලාභයක් පිළිබඳව කිසි විටෙක බලාපොරොත්තු නොවුනද,   මට දහම් මඟෙහි යෙදීමට කාලවේලාව මදි වීමට ඉඩ ඇති නිසා ව්‍යාපාරය දියුණු කිරීමට උත්සාහ කිරීම වරදක්ද * යම් අයෙක් මමය මාගේය  මගේ ආත්මය ලෙස ගත්විට  අජ්ජත්ත බහිද්ධ ලෙස ක්‍රියාත්මක වන මේ  සබ්බකාය ක්‍රියාවලිය එම පුද්ගලයාම මම මගේ ආත්මය  යන පුද්ගල සංඥාවෙන් මිදුනේ නම් ඔහු තුල ඉස්මතු වන චිත්ත පාරිශුද්ධ භාවයට ගෝචර වන්නේත් මේ සබ්බකාය ක්‍රියාවලියමද *  සක්කාය දිට්ඨිය ද - සත්කාය දිට්ඨිය ද- ඉන් අදහස් වන්නේ කෙබඳු ක්‍රියාකාරකමක්දැයි පහදා දෙන්න * අපි යම් පංචස්කන්ධයකට ඇලෙන්නට යද්දී ඒ පටිච්ච වන මොහොතේම ශේෂයක්වත් ඉතිරි නොකොට එය මරා දැමීම මරණානුස්සතිය වැඩීමද *මෙත්තානුස්සතියේදී  සියලුලෝක සියලු සත්වයෝ ලෙස හඳුන්වන්නේ කවුරුද යන්න පහදා දෙන්න * නිවසේ දී පින් අනුමෝදන් කිරීම නුසුදුසුද - තිරොකුඩ්ඪ සූත්‍රය අනුව පින් අනුමෝදන් කරන්නේ කෙසේදැයි  පැහැදිලි කර දෙන මෙන් ඉල්ලමි * යම්දරුවෙක් තම දෙමව්පියන් වෙනුවෙන් සියලුම යුතුකම් වගකීම් නොපිරිහෙළා කරද්දී  දරුවාගේ මව එයින් සෑහීමකට පත් නොවී පවුලේ අනෙක් සහෝදරයන්ටත් උදව් කරනලෙස දරුවාට බල කරයි නම් ඒ දරුවා අපහසුතාවයට පත්වී ඉවත් වන්නේ ණය ගනුදෙනුවක් අවසාන වීම නිසාද >>>

බිනර පොහොය 2021 - සජීව​ ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව

පැවිදි දිවියට පත්ව, පවිචිත්තස්ස විහරතො නිරායත්තවුත්තිනො වූ දිවියකට කැමැතිව දිවිගෙවන, භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිව්වනක් පිරිසේ අය අතර යමෙක්,,,, ලාභයක් කැමැත්තෙන් සිට තමාට ලැබෙන  ලාභය හෝ අලාභය පිළිබඳ  දක්වන හිතන, ක්‍රියාත්මක කරන ආකාරය අනුව නිවන් මඟින්  ඉවත් වී සද්ධර්ම මඟ වසා ගන්නා සිව් දෙනෙක් සහ සද්ධර්ම මගින් ඉවත් නොවී  නිවන් මඟ වසා නොගන්නා පුද්ගලයින් සිව් දෙනෙක් පිළිබඳව විග්‍රහ කළ ලාභිච්ඡා සූත්‍රය . *ලාභිච්ඡා නිසා නිවන වසා ගන්නා පුද්ගලයින් සතර දෙනෙකි. **** පවිචිත්තස්සවිහරතො නිරායත්තවුත්තිනො ලෙස පබ්බජ්ජා සුවයෙන් සිටින යම් පුද්ගලයෙක් තුල ඉච්ඡා උප්පජ්ජති ලාභාය ලෙස ••• ඉන්ද්‍රිය පිනවීමට හෝ සිව්පසයට, හෝ පංචස්කන්ධ පරිහරණයට හෝ ආදී යමක් පිලිබඳව ලාභයක් ලැබීමේ කැමැත්තක් ඉපදීම *  ඒ වෙනුවෙන් උට්ඨහතො -ඝඨතො - වායමතො ලෙස කටයුතු කරයි. එහෙත් ලාභාය නූප්පජ්ජති වේ. එසේ ඔහු බලාපොරොත්තු වූ ලාභය නොලැබ අලාභයක් වීමේ හේතුවෙන් හෙතෙම සෝචති,කිලමති, පරිදේවති උරක්ඛාලිංකන්දති, සංමෝහං ආපජ්ජති ලෙස දුකට පත් වේ.  උත්සාහයක්, ගැටීමක් ,වෑයමක් කළද, ලැබූ අලාභය නිසාම  ශෝචීච, පරිදේවීච ලෙසින් දොම්නස් වීමෙන් ~~  චුතෝච සද්ධම්මං~~ ලෙස  ඔහුකෙරෙන් සද්ධර්මය ඉවත්වේ. නිවන් මඟට බාධාවක් වේ. ****පවිචිත්තස්ස විහරතො ලෙස ගතකරන දෙවන පුද්ගලයා තුලද පෙරසේ ..... ලාභයක් ලැබීමේ කැමැත්ත ඇතිව උත්සාහයක් - ගැටීමක් - වෑයමක් කොට ඔහුට බලාපොරොත්තුවූ ලාභය උපදී.  ඒ උපන් ලාභය කෙරේ ඔහු මජ්ජති - පමජ්ජති- පමාදමාපජ්ජති ලෙස  ලාභයෙන් මත්වේ. එසේ ලද ලාභයෙන් මදීච,පමාදීච වීමෙන් ඔහුකෙරෙන් ~~චුතෝච සද්ධම්මො ~~ ලෙස නිවන් මඟ ඉවත් වේ, නිවන් මඟට බාධා කර ගනී. ****පවිචිත්තස්ස විහරතො පුද්ගලයෙක් වන තෙවැනියාද පෙරසේ ......ලාභයක් ලැබීමේ කැමැත්ත ඇතිවීම.  එහෙත් ඔහු  පෙර දෙදෙනා සේ  උත්සාහයයක් ,ගැටීමක්,වෑයමක් නොකරයි. ඒ නිසා ඔහුට ලාභයක් නූපදී.  ඒ නිසා ඔහුද අලාභය ලැබූ පළමු වැන්නා සේ සෝචති ආදී .......සේ දුකට පත්වී .... සංමෝහංආපජ්ජති බවට පත් වේ. එසේ අලාභය නිසා සෝචීච, පරිදේවීච වී  ~~  චුතෝච සද්ධම්මො  ~~ ලෙස  සද්ධර්මය ඔහු කෙරෙන් ඉවත් වේ. දහම් මඟට බාධාවේ . **** පෙර පරිදි ම පවිචිත්තස්ස විහරතො .... වූ  සිව් වැන්නා   ලාභයක් ලැබීමට කැමති වේ. ඔහු ඒ සඳහා උත්සාහයක් ,ගැටීමක්,වෑයමක් නොදැරුවද ඔහුට ලාභය උපදී. කිසිදු වෑයමකින් තොරව ලද  ඒ ලාභය කෙරෙහි මත්වී,නැවත නැවතත් මත්වී, පමද වීමෙන් මිදීමට නොදත් නිසා ලාභීච,මදීච,පමාදීච  වී ~~චුතෝච සද්ධම්මා ~~ලෙස  සද්ධර්මය ඔහු කෙරෙන් ඉවත් වී නිවන් මඟට බාධාවේ. ±±ලාභිච්ඡා  හේතුවෙන් නිවන වසා නොගන්නා පුද්ගලයින් සිව් දෙනා  ±± ****පවිචිත්තස්ස විහරතො වූ පස්වැනි පුද්ගලයාද ලාභයක් ලැබීමට කැමැතිවේ* ඒ සඳහා  උත්සාහයක්, වෑයමක්,ගැටීමක් කරයි* එහෙත් ලාභයක් නූපදී * ඔහුට ලාභයක් නොව අලාභයක් වූවද ඒ නිසා න සෝචති නකිලමති  ආදී  ලෙස ..........සේ දුකට පත් නොවේ *  උත්සාහ දැරුවත් ලාභය නොලැබීම හේතුවෙන්  න ච ලාභී, නච සෝචී, නච  පරිදේවී ලෙසින් මිදී නිදහස් වී  ~~~අච්චුතොච  සද්ධම්මො ~~~ ලෙස  නිවන වසා නොගනී* ඔහු ධර්ම මාර්ගයෙන් ඉවත් නොවේ. ****පවිචිත්තස්ස විහරතො  ලෙස සිටින සයවැනි පුද්ගලයාද ලාභයක් ලැබීමේ කැමති වේ * ඔහු උත්සාහයක් ගැටීමක්,වෑයමක් කරයි * ඒ අනුව ඔහුට  ඒ ලාභය උපදී * එසේ තමාට උපන්  ලාභය නිසා නමජ්ජති, න පමජ්ජති, නපමාදමාපජ්ජති, ලෙස මිදී නිදහස් වේ * උත්සාහ,ගැටීම ආදී ......  නිසා ලැබූ ලාභයෙන්  මජ්ජති....නොවීමෙන්....නච මදී,නච පමාදීව ~~~ අච්චුතොච සද්ධම්මා ~~~ලෙස ධර්මය ඔහුගෙන් ඉවත් නොවේ * නිවන්  මඟ නොවැසේ. ****පවිචිත්තස්ස විහරතොවූ සත් වැනි  පුද්ගලයාද ලාභයක් ලැබීමේ කැමැත්තක් ඇත *එහෙත් උත්සාහයක් ගැටීමක්,වෑයමක්, නොකරයි*  ඒ නිසා ලාභයක් නූපදී * ඒ අලාභය නිසා  ඔහු නසොචති, නකිලමති, ආදී ලෙසින්  .......දුකට පත් නොවේ*  න සෝචති ආදීලෙස මිදී නිදහස්වේ* එසේ නච ලාභී,නච සෝචී,නචපරිදේවී, හේතුවෙන් ~~~~ අච්චුතොච සද්ධම්මා ~~~ ලෙස සද්ධර්මය ඔහු වෙතින් ඉවත් නොවේ*  නිවන් මඟ වසා නොගනී. ****පවිචිත්තස්ස විහරතො  සුවයෙන් ඉන්නා අටවෙනි තැනැත්තාද ලාභයක් ලැබීමෙහි කැමැත්තක් ඇත * සො න උට්ඨාති,න ඝටති, නවායමති ලාභාය ලෙස  ඊට උත්සාහයක්, ගැටීමක්, වෑයමක් නොකළද  ලාභයක් උපදී. * ඒ ලාභය නිසා න මජ්ජති,න පමජ්ජති ,නපමාදමාපජ්ජති  වේ * ලාභයක් ලැබීමේ කැමත්තක් නැතිව , උත්සාහ‍යක් ගැටීමක්, වෑයමක්  නොමැතිවම  ලැබු ලාභය ගැන වුවත්, නච මදී, නච පමාදී ලෙසින් එයින්ද මිදී නිදහස් වී ~~~අච්චුතොච සද්ධම්මා ~~~ ලෙස සද්ධර්මය ඔහුගෙන් ඉවත් නොවේ *  ධර්ම මාර්ගය නොවැසේ* ඔහු නිබ්බාණ මඟෙහි ගමන් කරයි. ප්‍රශ්න >>>අද බොහෝ ධර්ම දේශනාවල සෙසු පිටක වලට වඩා අභිධර්ම පිටකයට විශේෂ සැලකීමක් ලැබෙන හේතුව කුමක්ද * ප්‍රඥාව සහ බුද්ධිය යනු එකක්ද  -  ඕනෑම බුද්ධිමතෙකුට සිරි සද්ධර්මය අසා මගඵල ලැබිය හැකිද * නිවැරැදිව සතර සතිපට්ඨානය සහිතව මඟ වඩන කෙනෙකුට, කිසියම් කම්ම විපාකයක් හේතුවෙන්, අවුරුදු හතක්  ඇතුලත  අනාගාමී ඵලයටවත්  පත්විය නොහැකි ද * ධම්මානුධම්ම පටිපදාව අනුගමනය  කරන  මගඵල ලාභියෙක්  බණ ඇසීම නවතා තනිව මග වැඩීමට ගන්නේ   කුමන ඵලයේ සිට ද - නැතිනම් ඒ යෝගාවචරයා බණ ඇසීම නවත්වන්නේ ප්‍රඥ්ඥාව මතද * ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කිරීමේදි නිවන් මඟ වැසීගොස් ඇති  බව අසා ඇත. එසේනම් ඉංගිරිසි , ජර්මන් හෝ තායි වැනි වෙනත් භාෂාවන්ට කළ පරිවර්තනයන් හෝ නිවන් මඟට අනුකූලව තිබේද යන්න පහදා දෙන්න * ලාභයක් සඳහා උත්සාහ කිරීමේදී රාගයක් තිබෙනවා නේද - ලද ලාභයක් කෙරෙහි පැහැදීමක් නැති වූවොත්  සතර කමටහන් වැඩිය යුතුද * අනුපිලිවෙලින්   මඟඵල ලබද්දි විපල්ලාස දුරුවෙන අනු පිලිවෙලක් තිබේද * ද්වෙශ ගති අසේවිතබ්බා ලෙස ප්‍රහාණය කර සබ්බෙධම්මා අනත්තාතී දැන දැකගත් ධම්මවිහාරී කෙනෙකුට ආයාසයෙන් සතර කමටහන් අනුගමනය කිරීමට අවශ්‍ය නැහැ නේද * නිවන් දැකීමේ ඒකායන මගවූ සතරකමටහන් ආනපාන සති සමාධි භාවනාව ලෙස ඒ ඒ අවස්ථාවට අනුකූලව යුගනද්ධව වැඩීම ගැන පහදා දෙන්න *   සේරිවාණිජගේ සිට දෙව්දත් දක්වා බෝසතුන් කෙරෙහි  වූ ඒකපාර්ශවීය වෛරය  බෝසතුන්ගේ බුදුවීමෙන් පසුවද එහි විපාක ලැබීම  සහ  එතැනදී චේතනාහංභික්ඛවෙ කම්මං වදාමි හා මනෝපුබ්බංගමා ධම්මා  මනෝසෙට්ඨා මනෝමයා ක්‍රියාත්මක වූයේ කෙසේදැයි පහදා දෙන්න * වර්තමානයේ බිහිවන  සමුදය නිරෝධ කරමින් මඟ වඩන කෙනෙකුට දින හතක් ඇතුලත කීපවරක්ම හිතේ තදගතියක් දැනේ - ඊට පසුව දින කීපයක්ම කෙලෙස් වලින් අසඥ්ඥ තත්වයක් උදාවේ- මේ වැඩූ මාර්ගය නිවැරදිදැයි පහදා දෙන්න * ගෙදර බුදුන් වශයෙන් සලකන අම්මා ලවා  සම්මතයේ කුල දරුවකු පැවිදි කරද්දී වැන්ඳවීම  පාපයක් ද-  ඊට කුමක් කළයුතුද *  නිවැරදි සද්ධර්මය  අනුගමනය කරන අයට දැඩිව හිංගි හිංසා කිරීම ගැන පැනයක් *සීල සූත්‍රයේ එන අනිච්චතෝ, දුක්ඛතෝ, අනත්ථතෝ  සහ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ එන සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං දෙකම විපස්සනා ක්‍රමයමද * උපාදානයෙන් තොරව මුදල් පරිහරණය කළහැකිද >>>

සජීව​ ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව - 19/09/2021

අනුපරිවත්තංති ලෝකං තුල  සියලුම ලෝක වාසීන්ට පොදුවේ අත් දකින්නටත්  අත් විඳින්නටත් ලැබෙන ලාභොච,අලාභොච, යසොච අයසොච, නින්දාච,පසංසාච, සුඛෝච,දුක්ඛංච යන අට්ඨලෝක ධම්ම*  ඒ කෙරෙහි අස්සුතවත්පෘතග්ජන පුද්ගලයා සහ සුතවත් අරියසාවකයා දක්වන  ප්‍රතිචාර අතර වෙනස ,විශේෂය, අධිප්පයාසය, සහ නානාත්වය පිළිබඳ විග්‍රහ වන දුතියලෝකධම්ම සූත්‍රය * සිංහල පරිවර්තයේ "පි" අතහැර පරිවර්තනය කිරීමෙන් සිදුවී ඇති විකෘතිය ගැන. * අස්සුතවත්පෘතග්ජන පුද්ගලයා,, උප්පජ්ජති වන ලාභං-අලාභං, යසෝ- අයසො, නින්දා - පසංසා, සුඛං - දුක්ඛං, පිළිබඳ ,සො  නඉතිපටිසඤ්චික්ඛති *ලැබූ ලාභය හෝ අලාභය ආදීවූ ධම්මතා අට කෙරෙහි අනිච්චං, දුක්ඛං, විපරිණාම ධම්මං යථාභූතං  නප්පජානාති  වේ * ඒ අනුව උපන් ලාභය- අලාභය, යස- අයස,....... ආදී අට්ඨලෝක ධම්මතා කෙරෙහි චිත්තං පරියාදාය ඨිත්ඨති වේ*  පිරි ලෙස ගත් ලාභ,යස,පසංසා,සුඛ කෙරෙහි අනුරුජ්ඣති සේ ගනී * අපිරි ලෙස ගත් අලාභ,අයස, නින්දා,දුක්ඛ යන ධම්මතා කෙරෙහි පටිවිරුජ්ඣති ආදී ලෙසින්  අනුරොධ,විරොධ කරමින් සොක පරිදෙව දුක්ඛදෝමනස්ස ආදී ලෙසින්  නපරිමුච්චති දුක්ඛස්මා' ති වේ * සුතවත් අරියසාවකයා  උපදින ලාභය  කෙරෙහි පටිසඤ්චික්ඛති වේ * තමා අත්දකින ලාභ - අලාභ,යස -අයස ආදී අට්ඨලෝක ධම්මතා කෙරෙහි අනිච්චො, දුක්ඛෝ, විපරිණාම ධම්මො'ති යථාභූතං පජානාති වේ *ලබන ලාභ - අලාභ,යස- අයස ....ආදීවූ  ධම්මතා කෙරෙහි නපරියාදාය ඨිත්ඨති වේ* ලාභං,යසං,පසංසා,සුඛං  යන දේ කෙරෙහි පවා නානුරුජ්ඣති වේ * අලාභං,අයසං,නින්දා,දුක්ඛෝ  කෙරෙහි පවා නප්පටිවිරුජ්ඣති වේ* අනුරොධ විරෝධ විප්පහීනෝ පරිමුච්චති ජාතිය්ස,ජරාය,මරණෙන, සොකෙහි පරිදෙවෙහි,දුක්ඛෙහිදොමනස්සෙහි,උපායාසෙහි පරිමුච්චති දුක්ඛස්මාති වදාමි වේ. මෙසේ සුතවත් අරිය සාවකයා සහ අස්සුතවත්පෘතග්ජන පුද්ගලයා අතර  එකම කාරණා කෙරෙහි  වෙනස්ම වූ, විශේෂ වූ නානාකරණං ස්වභාවය  පෙන්වා වදාල දුතියලෝකධම්ම සූත්‍රය පිළිබඳ විග්‍රහය.<< >>>> ලාභය නිච්ච සුඛ,අත්ථ සේ ගැනීම වැටහේ,අලාභය නිච්ච සුඛ අත්ථ සේ ගැනීම ගැන පහදා දෙන්න * සතරසතිපට්ඨානය වඩන අරිය මඟ යන පුද්ගලයෙකුට  පස් වන හෝ හයවන අරිය ධ්‍යානය ලැබිය හැකිද * අසාධ්‍ය ලෙඩෙක් වෙනුවෙන් මරණයට කැපවූ හරකෙක් නිදහස් කිරීමෙන් යහපතක් වේද *  සත්ව මාංශ භාවිතාවෙන් සංසාර ණය ගණුදෙනුව දිගුවන  බව යථාපරිදි  දැන මස් මාංශ ආහාරයට ගැනීමෙන් වැලකුනද ඉන්පසු , අතපය  ඇඟිලි හිරිවැටීම් ,අත්පා වෙව්ලීම ආදිය ඇතිවේ, ඒ නිසා මේ දහම වටහා ගැනීමට ශරීර ශක්තිය හීනවී යාදැයි සිත තුල බියක් ඇති වේ,මෙය විඥ්ඥාණයේ වංචක ධර්මයක්ද *  යම් පුද්ගලයෙක් අලවිය පිණිස සුරතල් මසුන් ඇතිකිරීමෙන් ‍යම් අකුසලයක්  වෙනවාද *  මළපොතේ අකුර දන්නෙ නෑ කියන්නේ අට්ඨක්කරා තීනිපදා ගැන නොදන්නා එකද * යමෙක් දින හතක්  පුරා ආසය අනුසය නොඋපදවා කර්මබීජ  තැන්පත්  නොකොට සිටියොත් කුමක් වනවාද - අභිමුඛව බණ අසා බුද්ධශක්තියට අනුගත විය යුත්තේ ඊට පසුවද * සං ඇතිවූ පසු,සං බිහිවී අවසන් බව අපට දැනී ඇති නිසා සැණෙකින් එය නිරොධ කරන්නේ කෙසේද * හිතේ තදූභයං පටිච්ච වූ සංකතයකින් සිත මුදා ගැනීමට එම සංඛතය පිළිබඳව  සිතට එන රාග සහ ද්වේශ අරමුණු සතර කමටහන් වඩමින් ප්‍රහාණය කළද , මෝහය සියුම් ලෙස බලවත් වන බවක් සහ ඒ නිසා පටිඝයක් උපදින බව පැහැදිලිව පෙනේ. මේ උපාදානය වූ සංඛතයෙන් පූර්ණ වශයෙන් නිබ්බිදා වීමට මේ බලවත් වන මෝහමූලය  උදුරා දැමීමට උපදෙසක්  අනුකම්පා කොට ලබා දෙන මෙන් ඉල්ලමි * ස්වභාවික  පරිසරය වෙනස් කිරීමට හේතුවන පස් සහ ගස් කැපීම්,වැලි ගොඩ දැමීම් ආදි‍යේදී  වඩාත් අයහපත් ඵල උරුමවන්නේ අවසර පත් ලබා දුන් අයටද- ඒවා කරන අයටද * කේක් කෑල්ලක් කෑමෙන් පසු රස සහ නීරස  අතර මැනීමක්  කරන්නේ ඒ ගැන දැනීමක් නිසා නේද - එසේනම් අරහතුන් වහන්සේ මැනීමක් නොකරන්නේ රසය නොදැනෙන නිසාද * ඔබවහන්සේ ලියූ පොතේ අනතිවත්ථනට්ඨෙන භාවනා පැහැදිලි කර කරුණු දහ අටක් පෙන්වා ඇත, එහි අධිපඥ්ඥා ධම්ම විපස්සනා විහරති සාධාභිනිවේසං පජානාති යන කොටස සහ ඉන්පසු කොටස පහදා දෙන මෙන් ඉල්ලමි *  පටිච්චසමුප්පාදයේ ද්වතාවයක්,සහ තිපරිවට්ටයක් තිබේද * සංසාර ණයගණුදෙනුවෙන් මිදී නිදහස් වීම දිනපතා තුන්වරක් කරමින් යමි,  එසේ දිගට කරද්දී භූත පේත කොටස් වලින් යම් අයට කරදර වූ බව දැනගතිමි,  ඉන් මිදීමට  පින්දීම පින්අනුමෝදන් කිරීම  පමණක් කිරීම ප්‍රමාණවත්ද * මධුපිණ්ඩික සූත්‍රය තුල සහ , ආනාපානසති සමාධිය තුලත් "සති" යන්න ඇත, හේතුඵල දහමට ගලපා  කටයුතු කරද්දී ඉබේම මරණානුස්සතිය වැඩෙනවාද - නැතිනම්  සතර අනුස්සති වැඩීමේදී සතිය වැඩෙනවාද* මනෝකායට රූපයක් හැඩයක් තිබෙනවාද  >>>

සජීව​ ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව - 18/09/2021

යමෙක් දේශනා කරන්නේ  බුදු දහම නම්, ඒ මඟ අනුගමනය  තුලින්   මහත්ඵල මහානිසංස ලබා ගන්නා ආකාරය  පැහැදිලි කළයුතු බව * සක්කාය සමුදය වන බවගාමී ලෝක ධම්ම - සක්කාය නිරෝධගාමී ලෝකෝත්තර ධම්ම  * කුසලං - කුසල මූලං සහ අකුසලං- අකුසල මූලං පජානාති * කර්ම - ඥායංධම්මො දුප්පඥ්ඥස්ස • ධර්ම - පඥ්ඥාවන්තස්සායං ධම්මො * බව නිරෝධ ගාමිණී පටිපදාවේ නිවැරැදිව යෙදෙන්නේ කෙසේද සහ නිරෝධ කළයුත්තේ සහ කළ හැක්කේ මොනවාද * අත්තාතියො වදෙයිය බව දැන ගතයුතු බව * අරිය ධර්මය - අනරිය ධර්ම  ගැන * අවිජ්ජාමුල පටිච්චසමුප්පාදය  නිසා - වේදනා - තණ්හා - උපාදාන පච්චයා සංභවංති වීම සහ  කුසලමූල පටිච්චසමුප්පාදය නිසා - වේදනා - පච්චයා පසාදෝ -  අධිමොක්ඛෝ  ඒවමෙතෙසං ධම්මානං සමුදයෝහෝති * සුඛයට නොඇලී දුකට නොගැටී අදුක්ඛම අසුඛ නිසා මුලා නොවී නිදහස් වීමට  සතර කමටහන් භාවිතාව * කර්මබීජ සකස් කරන විඥ්ඥාණ ශක්තිය * සංචේතනා - සංඵස්ස - සංකාර -  අනුව සමුදය බිහිකරගන්නා ආකාරය * තණ්හා නිරෝධෝ - උපාදාන නිරෝධෝ- සමුදය නිරෝධෝ * සක්කාය නිරෝධ ගාමිණී  පටිපදාව වචනයට  පමණක්  සීමා නොකර  ප්‍රායෝගිකවම අනුගමනය කිරීම  නිවන් මඟ බව * ආයතන හයට අරමුණු වන අරමුණු දිගේ පිරි- අපිරි - හෝ මැනීමෙන් රෝද ගැසීම නැවැත්වීම * පින ,පව, ධ්‍යාන සාර ලෙස ගැනීම රාග,ද්වේශ මෝහ,  සාරලෙස ගැනීමෙන්  සංසාර දිට්ඨිය * අභිඥ්ඥා හෝ ධ්‍යාන ලාභියෙක් වුවද සමුදය නිරෝධය නොදනී නම් ඔහු අරිය පුද්ගලයෙක් නොවන බව * බුදුපියාණන් අනුදැන වදාළ  ඒකධම්මො නිවැරැදිව වටහාගෙන අනුගමනය කළ යුත්තේ කුමක් පිණිසද * සතර ඉරියව්වේදීම නිවැරැදිවත් ප්‍රායෝගික වත් යුගනද්ධවත්  චතුරාරක්ඛා ආනපාන සති සමාධිය ලෙසින්  භාවිතය * පුඤ්ඤ පාප පහීනස්ස කළයුතු බව * ප්‍රශ්න >>> සබ්බෙ සංකාරා අනිච්චාති වුවත් සබ්බෙධම්මා අනිච්චාති ලෙස නැත්තේ ඇයි * කුසලමූල පටිච්චසමුප්පාදය ඇරඹෙන්නේ කුසලමූල සංකාර වලින්ද  * එහි අවස්ථා 9 පැහැදිලි කර දෙන්න * කොසොල් රජු බුදුපියාණන් ඇසුරු කරමින්, පින්කම් කරමින් සිට අවසානයේ දුකට පත්වී මියයාමට තරම් බලවත් හේතුව කුමක්ද * කුණ්ඩලීනි ශක්තිය යනු කුමක්ද - එය අනරිය ධ්‍යාන වලට වඩා වෙනස් දෙයක්ද * මානසික වියවුල්  හෝ depression  ඇති අයෙක් ඉන් මුදවාගැනීමට ධර්මය ඇසුරින් කළහැකි යමක් වේද *  මෝහය සහ අස්මිමානය නැතිකොට දුකින් මිදී නිදහස් වීමට අධිෂ්ඨාන  කිරීම තුල සිත පිරිසිදු වේද*සාරදාඅභිනිවේසං පජහති යනු කුමක්ද * විඥ්ඥාණයෙන් කටයුතු කරන සතුන්ට අවශ්‍ය ආහාර - නින්ද - භය - මෛථුනය -  යන කරුණු අතරින් නින්දේදී විඥ්ඥාණය ක්‍රියාවලිය ගැන පහදා දෙන්න *  දැඩි බැඳීම නිසා පවුලේ කිට්ටුවන්තයෙකුගේ  විපතකදී  දුකක් ඇතිවීම ස්වභාවික වුවත් රූපවාහිනී වැනි මාධ්‍යයක එවන් දෙයක් දැකීමෙන් සංවේගයට පත් වන්නේ ඒ කෙරෙහි බැඳීමක් නිච්චවී ඇති නිසාද - ඒවා නිසාත් කර්මබීජ සැකසෙනවාද *  තම අභ්‍යන්තරය තුලම උපදින සංඥා කෙරෙහි අනිච්ච දුක්ඛ අනත්ථ සහ අසුභය නොදැකීම නිසාම බිහිකරගන්නා  තුන් ආකාරවූ  විපල්ලාස නිසා සසරට බැඳෙනවා නොවේද * පටිසංභිදා මග්ගප්පකරණයේ විපල්ලාස කථා ඇසුරින් පැනයක් *උගත් පිරිස් අතරින් 60% ක් පමණ සහ  දේශපාලන‍ය හා බැඳි  සෑහෙන පිරිසක්  නිවන යනු මනෝරාජික සංකල්ප‍යක් බව, චීනය වැනි රටවල දියුණුව උදාහරණ ලෙස  ගෙන පෙන්වාගෙන යති, නිවන සහ මගඵල යනු මනෝරාජික සංකල්පයක්ද >>>

සජීව​ ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව - 12/09/2021

සඥ්ඥා,චිත්ත,දිට්ඨි,ලෙස විපල්ලාස තුනක් ගැන * තිලක්ඛණය මූලිකකොට ඒ හා අසුභය ගැන වටිනා විග්‍රහයක් පෙන්වා දුන් විපල්ලාස සූත්‍රය. *අනිච්චේ නිච්චංති ලෙස ගෙන අනිච්චවූ දෙයක් පිළිබඳව සංඥා විපල්ලාසයක්, චිත්ත විපල්ලාසයක්,දිට්ඨි විපල්ලාසයක් ඇති කරගැනීම * ඒ ආකාරයට මුළු පංචස්කන්ධය පිළිබඳවම වැරදි ලෙස සංඥා, චිත්ත ,දිට්ඨි, ලෙස ගැනීම නිසා ඒ පිළිබඳ විපල්ලාසයක් ඇතිකර නිච්ච කර ගැනීම * බාහිර ලෝකයේ ඇති  විපරිණාමයට පත්වන සියලු දේ  ගැන යථාභූත ඥාණයෙන් නොදැකීම. *අනිච්චේ නිච්ච නොදැකීම නිසා  ඒ පිලිබඳ සඥ්ඥා විපල්ලාසයක් - චිත්ත විපල්ලාසයක් සහ දිට්ඨි විපල්ලාසයක්  සකසාගන්නා ආකාරය - නිච්ච හෝ අනිච්ච ස්වභාවය ඇත්තේ තමන්ගේ සිත තුල බව නොදැනීම * ඒ ආකාරයටම දුක්ඛේ සුඛන්ති නොදැකීමෙන් සංඥා - චිත්ත - දිට්ඨි ලෙස ආකාර තුනක විපල්ලාස ඇති කරගැනීම * ඒ ආකාරයට ම අනත්තේ  අත්ථාති නොදැකීමෙන් - සඥ්ඥා - චිත්ත- දිට්ඨි ලෙස විපල්ලාස ඇතිකරගැනීම * ඒ ආකාරයටම අසුභයේ  සුභංති  නොදැකීමෙන් සඥ්ඥා  - චිත්ත -දිට්ඨි ලෙස විපල්ලාස ඇතිකර ගැනීම. *තිලක්ඛණය සහ අසුභය ගැන නප්පජානාති බව නිසාම විපල්ලාස තුනක් සකසාගැනීමෙන් නිවන් මඟ වසා ගන්නා ආකාරය. * අනිච්චේ අනිච්චංති, දුක්ඛේ දුඛංති,අනත්තේ අනත්තංතී ,අසුභයේ අසුභංති දැකගත යුතු බව >>>>> * කම්මා වරණ - විපාකාවරණ සහ   කාම බව - උප්පත්ති බව ගැන  පැහැදිලි කර දෙන්න *  යම්කිසි පුද්ගලයෙක් අරිය ධ්‍යාන හෝ අනරිය ධ්‍යානවලට සමවැදී  සිටින විට රාගය හෝ  ද්වේෂය නොමැති වුවත් මෝහය ඇති නිසා ඔහු අතින් අකුසල් සිදු විය හැකිද * මධ්‍ය මණ්ඩලයේ හිරිවඩුන්න මහා බෝධිය හැර බුද්ධ ශක්තියට අනුගත වීම පිණිස චත්තාරි මානි ඨානානි වල ඉතිරි  ස්ථාන තුන උපකාර නොවේද * සතර අපාය යනු පැහැදිලි කර දෙන්න * පංචස්කන්ධයක් උපාදානය වී ආස්සාදයට පෙර අනිච්චං දුක්ඛං  විපරිනාම ධම්මං ලෙසින් ආදීනව දැකීමෙන් පහාතබ්බංච පහීනං කළ හැකිද  * මරණානුස්සතිය සහ මරණ සතිය යනු එකක් ද දෙකක් ද * සාරණීය වග්ගයේ සහ පඨම මරණ සති සුත්තං  ඇසුරින් පැනයක් * තිස් එක් තලයක් ගැන අප කතාකළද ඇත්තෙන්ම අප ළඟ තියෙන්නේ  ගති විසි හතක් පමණක් නේද * සීලවිසුද්ධිය, චිත්ත විසුද්ධිය දිට්ඨි විසුද්ධිය  පිළිබඳ පහදා දෙන්න * විචිකිච්චාව සංයෝජනයක් ලෙසින් සෝතාපත්ති ඵලයේදී නැතිවුනත් පසුව නීවරණ ධර්මයක් ලෙස නැවත මතු විය හැකිද * ධර්මදේශනා සවන් දෙමින් දහම්මග යන මට නිවන පුර්ණයට අනුගමනය කළයුතු තවත් යමක් වේද * මා සහ දරුවන් දහම් මඟ යමින් නිවැරදිව ආදර්ශමත් වුවත්, සැමියා ඒ මගට ගැනීමට  නොහැකි බැවින්, මෙත් සිතින් ඔහුට එසේ සිටීමට ඉඩ හැරීම වරදක්ද * සුරතලයට අප විසින් ඇති කරන සතුන් ගැන පටිච්ච වී උපාදානය කරගැනීම නිසා මරණයෙන් මතු  අපට තිරිසන් උපතක් හිමිවීමට ඉඩ තිබේද * ආසය හා අනුසය දෙක සතරකමටහන් වැඩීමෙන් ඛය වේ නම් අරිහත් ඵලයට ලැබූ උත්තමයෙකු ගේ විපාක පළ දෙන්නේ ඒවා මනෝමය කාය තුල තැන්පත්ව තිබූ නිසා ද,නැතිනම් වෙන ක්‍රමයකටද * රාගයක්, ද්වේශයක්,මෝහයක් එන මොහොතේ ම සතර කමටහන් කිරීම සුදුසුද, ඒ නිසා අසඤ්ඤ වෙනවාද * කබලිංකාර ආහාර වල  සහ කාමරාග පටිඝ වල ඕලාරික - සුකුම බව අතර වෙනස පහදා දෙන්න * එමෙන්ම ඕලාරික හා සුකුම යන්න  ගැන තවත් පැහැදිලි කර දෙන්න *  ඉච්ඡ,අභිච්ච , පටිච්ච,නිච්ච සහ නන්දති, අභිනන්දති අභිවඩති, අජ්ජෝසායඨිත්ඨති යන්න පහදා දෙන්න * සංඥා ,චිත්ත,දිට්ඨි විපල්ලාස යනු  තිපරිවට්ටයක්ද - ඒ ගැන පහදා දෙන්න* මරණයට පත් වෙද්දී තමා මැරෙන බව තමාටම දැනෙනවද *අභිධර්මයේ ඇති චිත්තවීථි පිළිබඳව බුදුපියාණන්ටත් පෙර පටන් වේදයේ පවා තිබුණාද, එසේ නම් ඒවා දැනගත හැකි මූලාශ්‍ර මොනවාද * ජවන්සිත් සහ විතක්ක විචාර පිළිබඳ ප්‍රශ්නයක් * ඔබවහන්සේ දේශනා කරන ධර්මය සවන්දීමට බාධාවීම ගැන කණස්සල්ල ක් මතුවීම සහ ඊට දැඩි වුවමනාවක් ඇතිවීම යනු උපාදානය වීමක්ද >>>

නිබ්බිදාසුත‍්තං / ආසවක‍්ඛයසුත‍්තං - සජීව​ ධම්ම දේශණාව සහ ධම්ම සාකච්ඡාව - 11/09/2021

පරියත්ති බහුලෝ - සඥ්ඥත්ති  බහුලෝ - සජ්ජායබහුලෝ - විතක්කබහුලෝ නධම්මවිහාරි - නඅනුයුඥ්ඦති * නිබ්බිදා සූත්‍රය සහ ආසවක්ඛයේ සූත්‍රය අනුව ධම්මවිහාරී හෝති වන අවස්ථාව *යුඣ්ඦති, අනුයුඣ්ඦති, අනුගමනයෙන් ඒකන්ත නිබ්බිදාය වීම පෙන්වා දුන් ආකාර  පහක් * * අසුභානුපස්සී කායේ විහරති. * ආහාරෙහි පටික්කුල සංඥෙ. * සබ්බලොකෙ අනභිරත සඥ්ඥෙ. *  සබ්බසංකාරේසු අනිච්ච සඤ්ඤේ. * මරණ සඥ්ඥෙ කොපනස්ස සුප්පඨිත්ථා හෝති . * අසුභානුපස්සී කායේ විහරති යන්න පිළිබඳ විග්‍රහය -- සබ්බ කාය  හෙවත් කාය 36 පිළිබඳවම පච්චුප්පන්නයො ධම්මො තත්ථ තත්ථ විපස්සති ලෙසින් යුඥ්ඦති වීමෙන් . * සතර ආහාරයන් පිළිබඳවම පටි කුලකය බෙදා බලමින් පටික්කූල සඥ්ඥාවෙන් කටයුතු කිරීමෙන් . * සියලුම අනෙඤාභිසංකාර ඇතුළු අභිසංකාර අතහැර අභිරත සඥ්ඥා වෙන් මිදී කටයුතු කිරීමෙන් . *  සියලු සංකාර පිළිබඳ ඇති නිච්චතා බවින් මිදීමෙන්. * මරණානුස්සතියෙන් නිච්ච,සුඛ,අත්ථ ඉවත් කිරීමෙන්.   අනුගමනීය පටිපදාව ක්‍රියාත්මක කරමින් යුඥ්ඦති අනුයුඥ්ඦති ලෙසින් කටයුතු කිරීම. *පස් ආකාරයට ආසවක්ඛය කිරීම. පංචධම්මා භාවිතා බහුලීකතා කිරීමෙන් ඒකාන්ත වශයෙන්ම නිබ්බිදාය විරාගාය ආදී ලෙසින්  ආසවක්ඛය කොට, ආරභත, නෙක්ඛමත,යුඣ්ඦත, වූ බුද්ධ සාසනයට අයත් අරිය පුද්ගලයෙක් වීම * ඒ සඳහා සතර ඉරියව්වේදීම භාවිතා කළහැකි  ඒකධම්මො වන ආනපාන සති සමාධිය පූරණය පිණිස පංචනීවරණ ධර්ම වලින් මිදී , සිත තුල ඉන්ද්‍රියධර්ම බලගැන්වීමෙන් නිබ්බිදාය ,විරාගාය,නිරෝධාය පටිනිස්සග්ගාය ආදී ලෙසින් සබ්බූපදි පජහති වීමෙන් ධම්මවිහාරී බවට පත්වීම.>>>>> අනුසය උපදින විට තණ්හා,පටිඝ ,අවිජ්ජා ලෙස විග්‍රහ  කළත්,  ආසව වලදී පටිඝ ආසය නැත්තේ ඇයි - බව ආසව කියන්නේ මොනවාද * උප්පත්ති පටිලාභයත් භව පටිලාභයත් ඛය වන හැටි පැහැදිලි කර  දෙන්න * ගිහි විනය ලෙස හැඳින්වෙන, බුද්ධ දේශනාවේ ඇති පරාභව සූත්‍රය සහ ව්‍යග්ඝපජ්ජ සූත්‍රය කෙලෙස් නැතිකිරීමට උපයෝගී නොවන්නේද  * ආහාරේහි පටික්කුල සඥ්ඥේ යන්න විස්තර කර දෙන්න *සතං සමාගමෝහෝතු යන්න පැහැදිලි කර දෙන්න *පටිසංභිදා මග්ගප්පාලියේ සඥ්ඥා මග්ගෝ වල සඥ්ඥා කතා ඇසුරින් පැනයක් *  ක්‍රීඩා කරද්දී ප්‍රතිවදියා පැරැද්දවීම පිණිස ඔහු  කෙරෙහි යම් ද්වේශයක් ඇති වීම නිසා නිවන් මඟ වැසෙනවාද * මධුපිණ්ඩික සූත්‍රයේ ඇති සති අසති යන්න ආන පාන දෙපැත්තම නොවේද * දීඝංවා රස්සංවා ලෙස ඇති සියලු ආසව  ඛය කරමින් අවසන් කරන්නට හැක්කේ අරහතුන් වහන්සේටද * අනුයුංඥ්ඦති ලෙසින් ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙමින්  සෝතාපන්න මගෙහි සිටම අරිහත් මඟ දක්වා සියලුම අරිය උත්තමයින් ධම්මවිහාරී පුද්ගලයින්ද * කරණීය අකරණීය ධම්ම තෝරාගෙන අනුයුඥ්ඣති ලෙසින් ධම්මවිහාරී හෝතිව මඟ අනුගමනය කරද්දී සමහර අවස්ථාවක  තමා මේ ගතකරන්නේ තමාගේ අවසාන ජාතිය යැයි විටින් විට සිතට දැනී ලැබෙන  සැහැල්ලුව සාමාන්‍ය දෙයක්ද, නැතිනම්   විඥ්ඥායේ වංචක ධර්මයක්ද * හැකි හැම විටම ධර්ම මාර්ගය අනුගමනය කරමින්, දැන දැකගන්නට යුඥ්ඦති, අනුයුංඥ්ජති  වීමට උත්සාහ කරන්නේ උපාදානය වීමක් නිසාද * බණ ඇහුවත්, දහම කතා කළත් ධර්මය වටහා ගැනීමට හැකියාවක් නැත්තේ කම්මාවරණයක් නිසාද * "අත්ථාතියෝවදෙයිය" යන්න පහදා දෙන්න * පූර්ණ ධර්මාවබෝධය ලැබූ පසු  කෙනෙකුට මහණවීමට අවශ්‍ය නම් යම්ගුරුවරයෙක්  නොමැතිව මහණ වීමට හැකිද *  සංකාරසිත ඉවත් කරන්නට උත්සාහ කරද්දී  ක්‍රියා සිත වෙනුවට අව්‍යාකත සිතක් මතුවේ නම් එය හඳුනාගන්නේ කෙසේද >>>

පඨමධම්මවිහාරී, දුතියධම්මවිහාරී සුත‍්තං - සජීව​ ධම්ම දේශනාව සහ ධම්ම සාකච්ඡාව - 05/09/2021

ආරභත - නෙක්ඛමත - යුඥ්ඦත -බුද්ධ සාසනය තුල  ධම්මවිහාරීහෝති අයෙක් වියයුත්තේ ඇයි * ධම්ම විහාරී නොවූ භික්ෂූන් සිව් දෙනෙක් සහ ධම්ම විහාරී වූ භික්ෂුව කවුරුන් දැයි හඳුනාගැනීම පිණිස දේශනා කළ ධම්මවිහාරී සූත්‍ර * සිව්වනක් පිරිසේ අයෙක් ලෙස දහම් දැනුමෙන් පරිපූර්ණ උගතෙක් වුවද අන් අයට දේශනා කරන්නටද හැකිවුවද, සමුදය නිරෝධ ගාමිණී පටිපදාවේ නොයෙදේ නම්, 1)භික්ඛු පරියත්ති බහුලො නොධම්ම විහාරි අයෙක් නම්, ප්‍රඥ්ඥා විමුක්තියට පත් නොවූ අයෙක් හෙවත්,  ධම්මවිහාරී නොවන අයෙක්  වේ. * 2)තමන් මනාව උගත් වුවද,අන් අයට දේශනා කළ හැකි වුවද සඥ්ඥත්ති බහුලො අයෙක් නම් ඔහු ධම්මවිහාරී අයෙක් නොවන බව . * රිඤ්චති පටිසල්ලානං නානුයුඤ්ජති ....ථාසුතං,ථාපරිත්තං, ධම්මං  විත්ථායරන සජ්ඣාං කයරාති සජ්ජායනය පමණක් කරයි නම් 3) සජ්ඣා බහුලෝ නො ධම්ම විහාරී හෙවත් ධම්මවිහාරී අයෙක් නොවනබව * අනුවිතයක්කති අනුවිචාරයරති, මනසානුයපෙක්ඛති,,,,,,,රිංචති පටිසල්ලානං නානුයුඤ්ජති නම්  4)විතක්ක බහුලො නො ධම්ම විහාරී. * 5) භික්ඛු ධම්මං පරියාපුණ්නං.....යසා තාධම්මපරියත්තියා....නදිවසංඅතිනායමති නාපි රිඤ්චති පටිසල්ලානං ,  අනුයුඤ්ජති....ලෙසින් නිවැරැදිව අනුගමනීය මඟ වඩන පුද්ගලයා  පමණක්  ධම්මවිහාරී අයෙක් ලෙස බුද්ධ සාසනයට අයත් අයෙක් වෙයි * ධම්ම විහාරී නොවූ පරිත්ති බහුයලා, සඤ්ඤත්ති බහුයලා, සජ්ඣාබහුයලා , විතක්ක බහුයලා, යන නානුයුංඥ්ජති පුද්ගලයා හෙවත් ධම්මවිහාරීනොවූ, නප්පජානාති වූවකු  බුද්ධ සාසනයට අයත් වූවකු නොවේ. *යුඥ්ඦත බුද්ධ සාසනය පූරණය පිණිස අනුගමනීය පටිපදාව වන  ආනපාන සති සමාධිය චතුරාරක්ඛා සහිතව නිවැරැදිවත් ප්‍රායෝගිකවත් යුගනද්ධවත් වඩමින් භාවිතො බහුලීකතෝ කිරීම. * යුඤ්ඦති, අනුයුඤ්ඦති,ධම්මවිහාරී වූ පුද්ගලයා,  පච්චුපන්නංච යො ධම්මො තත්ථ තත්ථ විපස්සති ලෙසින් චතුරාරක්ඛා වඩන්නේ කුමක් පිණිසදැයි තමා තුලින්ම දැන දැක ගනී * පජානාති වූ එම පුද්ගලයා තුලබොජ්ජංග ධර්ම වැඩේ. තමා තුල ඇතිවන වෙනස තමාටම  දැනගනී. ආරභත - නෙක්ඛමත -යුඤ්ජත - බුද්ධ සාසනයට අයත් අයෙක් වෙයි.>>>> රාග - නන්දිරාග සහ අභිනන්දන අතර වෙනස කුමක්ද *භෝග සුඛය ගැන ලෞකික ලෝකෝත්තර අර්ථයන් පහදා දෙන්න * අස්සුතවත් පෘතග්ජනයෙක්ට  බුදුබණ නොඅසා අරිය ධ්‍යානයක් ලබාගත හැකිද *යම් පුද්ගලයෙක් හෝ සත්වයෙක් ඔළු දෙකක් සහිතව ඉපදුනොත් ඒ සත්වයාට  විඥ්ඥාණ දෙකක් පිහිටනවාද *  ද්වේශය සහ පටිඝය අතර වෙනස පහදා දෙන්න * සක්කාය දිට්ඨිය,විචිකිච්ඡා ,සීලබ්බත පරාමාස, කඩා කාමරාග පටිඝයද ඉවත් කළ පුද්ගලයා තුල අවිජ්ජාව තිබේද * ගච්චාමි සරණං බුද්ධං,ධම්මං,සංඝං කරන්නට පෙර විරජං වීතමළං වියයුතු ද *  පේත භූත වැනි කොටස් සහ  දිව්‍ය තල වල සිටින අයට  තමන්ගේ පෙර ජාති ගැන දැනගතහැකි  වුවත් මිනිසුන්ට එසේ නොහැක්කේ ඇයි * ප්‍රාර්ථනා - අධිෂ්ඨාන - සත්‍යක්‍රියාව - අතරින් වඩාත් සුදුසු වන්නේ කුමක්ද * "මඟඵල ලාභියෙක් සංඛාර උපෙක්ඛා ඥාණය තුන් ආකාරයකින් අවබෝධ කරගනී"  යන්න පහදා දෙන්න * කාම තණ්හා - භවතණ්හා - විභවතණ්හා - සහ කාමරාග භවරාග අතර සංබන්ධයක් තිබේද * දීඝංවා වල තීව්‍ර තාවය සහ අවිජ්ජාමුල පටිච්චසමුප්පාද ආරම්භය අතර සහ සංබන්ධයක් තිබේද  * බුදුපියාණන් නැතිකලේ දුකද,නැතිනම් පැවැත්මද * බෝධි මූලයේදී සියලු දුක නැතිකොට ඒ සුවය ජීවිතය තුලදීම අත්දුටුවාද, නැතිනම් දුකින් මිදීම අත්දකින්නේ මරණයෙන් පසුවද *උපාදානයෙන් තොරව පංචස්කන්ධය පරිහරණය කරන්නේ කෙසේද * උපේක්ෂාවට රාගයෙන් බැඳෙනවාද *  දහම අසා නිවැරැදිව   මඟ වඩමින් යන මා හට සිතෙහි නිවීමක් දැනුනද, වරෙක එය මායාවක් ලෙස දැනෙන්නේ ඇයි * ආකාසඥ්ඥායතන....ආදී සහ සංඥාවේදයිත නිරෝධය  පිළිබඳ   පැනයක් * බහුධාතු සූත්‍රය ඇසුරින් පැනයක් *පරවීමංසන සූත්‍රය ඇසුරින් කාය පරියන්තිකං  සහ ජීවිත පරියන්තිකං ගැන පැනයක් * කාමරාග සහ පටිඝ යන සංයෝජන දෙක ඕලාරිකංවා සහ සුකුමංවා ලෙස ඉවත් කොට නිදහස් වීම ගැන පහදා දෙන්න * යමෙක් තමා විසින්ම අවැඩක් කරගන්නට යද්දී  ණය ගණුදෙනුවකට නොබැඳී ඔහුව මුදවා නිදහස් කර ගන්නේ කෙසේද  * සමාධිභාවනා සූත්‍රයේ සතිසංපජඥ්ඥා ක්‍රමය සහ ආසව ඛය කිරීමේ ක්‍රමය ගැන තව දුරටත් පහදා දෙන්න * ශරීර කූඩුවේ කොටස් තිස් දෙක මනාප හෝ අමනාපං ලෙස ගත්තොත් නිවන් මඟ පැටලෙනවා නේද >>>

සජීව​ ධම්ම දේශණාව සහ ධම්ම සාකච්ඡාව - 04/09/2021

පච්චුපන්නංච යො ධම්මො තත්ථ තත්‍ථ විපස්සති * වසර 45 ක් පුරා කළ දේශනාව කැටිකොට මහාපරිනිබ්බාණ සූත්‍රයේ දැක්වූ ධර්ම කරුණු ගැන * චතුංනං අරිය සච්චානං පිලිබඳව අනනුබෝධා අප්පටිවේදා  වීමෙන්  සසර දිගුවන ආකාරය සහ  චතු අරිය සච්ච පිළිබඳව නිවැරදි දැක්ම * යංකිංචි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං *  කසින පිරියම් හෝ ප්‍රාණයාම භාවනා හෝ සමුදය නිරෝධ කිරීමේ මඟ නොවන බව  * සමුදය නිරෝධය පිණිස ආනපාන සති සමාධි භික්ඛවෙ ඒකධම්මො භාවිතො බහුලීකතෝ *  ආනපාන සති භාවනාව චතුරාරක්ඛා ලෙස නිවැරැදි වත්,ප්‍රායෝගිකවත් ,යුගනද්ධවත්  වැඩීම තුලින් සියලු උපාදානයන්ගෙන් මිදී නිබ්බාණ සාක්ෂාත් කළහැකි බව * සතර ඉරියව්වේදීම වැඩිය හැකි  සතර කමටහන් *  සාස්තං සව්‍යංජනං කේවලපරිපුණ්නං පරිසුද්ධං වූ බුද්ධ දේශනාව >>වර්තමානයේ මේ සමාජය බොහෝ  විපරීතවී  කාර්‍ය බහුල වීම නිසා බහුලව දැකිය හැකි මානසික ආතතිය වැනි බාධාවන්ගෙන් මිදී  ධර්ම මාර්ගයට පැමිණීමට හැකි ක්‍රමය කුමක්ද  * මම කොට ගන්නා පංචස්කන්ධය අජ්ජත්ත ලෙසත්, මගේ කොටගන්නා පංචස්කන්ධය බහිද්ධ ලෙසත් සැලකීම හරිද * යම් කෙනෙක් සිරිසද්ධර්මය නිතර ඇසුවත්, ධම්මධර වුවත් යම් කමටහනක් ලද විට ඒ අනුව තමා තුලින් ඇතිවන වෙනස හඳුනාගත නොහැකි වන්නේ  නප්පජානාති නිසාද * වීර්‍යාධික හෝ සද්ධාධික බුද්ධ සාසනයක ප්‍රඥ්ඥාධික  බුද්ධශ්‍රාවකයන් සිටිය නොහැකිද * වර්තමානයේ බහුලව සාකච්ඡා වෙන දියසෙන් ශක්තිය ගැන ධර්මානුකූලව පහදා දෙන්න * අරියමඟ වඩන පුද්ගලයෙකු තමන්ගේ  අනුදැනුමකින් තොරව මාංශමය ආහාරයක් ගැනුනොත් ණයගණු දෙනුවකට බැඳේද * නියාම ධර්ම පවතින්නේ කෙසේද,කොහේද * සම්මත බුද්ධාගම තුල බුදුපියාණන් පෙන්වා දුන් සුඤ්ඤතාව දකින්නට ලැබේද  >>>

නිකිණි​ පොහොය​ 2021 ~ යොගසුත‍්තං ~ සජීව​ ධම්ම දේශණාව සහ ධම්ම සාකච්ඡාව

කාම යෝග- බව යෝග - දිට්ඨි යෝග - අවිජ්ජා යෝග ලෙසින් බුදුපියාණන් පෙන්වා දෙන යෝග 4ක් ගැන * කාමානං සමුදයංච- අත්තංගමංච - අස්සාදංච -ආදීනවංච- නිස්සරණංච - නප්පජානාති වීම නිසා සිතක සැකසෙන කාමයෝග * ඒ අනුව කාමරාග- කාම සිනෙහො- කාම මුච්ඡා-කාම පිපාසා-කාම පරිළාහෝ-කාමජෙඣාසානං- කාම තණ්හා - අප්පජානතො නිසා කාමයෝග සානුසේති වීම වන ආකාරය පිළිබඳව කළ විග්‍රහය * එම ආකාරයෙන්ම පියවරෙන් පියවරට භව යෝග පිළිබඳවද නප්පජානාති වීමේ හේතුවෙන් භව යෝග සකස් වීම සහ පෙර පරිදිම  අප්පජානතො ලෙස භව රාගෝ -භවනන්දි  ආදී පියවරෙන් පියවරට යෝග ක්‍රියාත්මක ලෙස සානුසේති වීම * නැවතත් එම ආකාරයෙන්ම පියවරෙන් පියවරට දිට්ඨි  යෝග පිළිබඳවද නප්පජානාති වීමේ හේතුවෙන් දිට්ඨි  යෝග සකස් වීම සහ අප්පජානතො ලෙසින් දිට්ඨි යෝග සානුසේති වීම * ඒකච්චොඡන්නංඵස්සායතනං සමුදයංච,අත්තංගමංච... ආදීකොට  එම ආකාරයෙන්ම පියවරෙන් පියවරට අවිජ්ජා යෝග පිළිබඳවද නප්පජානාති වීම හේතුවෙන් අවිජ්ජා යෝග සකස් වීම සහ අප්පජානතොයා ඡසු ඵස්සායතනෙසු අවිජ්ජා අඤ්ඤාණං සානුසෙති  ලෙසින් අවිජ්ජා යෝග  වලින් බැඳීම සහ මේ සතර ආකාරයේ යෝග නිසා සංසාර බැම්ම තදින් සකස් වන ආකාරය පෙන්වා දීම *  අවිජ්ජායෝග විසංයෝගො - කාමයෝග විසංයෝගො -භවයෝග විසංයෝගො - දිට්ඨියෝග විසංයොගො කිරීමේ මග පෙන්වා දීම . යෙච කාමෙ පරිඥ්ඥාය භව යොගඤ්ච සබ්බසො දිට්ඨියොගං  සමූහච්ච අවිජ්ජඤ්ච විරාජයං  සබ්බයොගවිසංයුත්තො තෙ යොගාතිමුනීති .ලෙසින් යෝග පිළිබඳව යථාභූත ඥාණයෙන් දැන දැක ගැනීමෙන් ඒවා මුලින් උදුරා දැමීම පිණිස  භාවිතොබහුලීකතෝ කරමින් අනුගමනය කළයුතු ඒකධම්මො ලෙස බුද්ධ දේශනාවේ පෙන්වා දෙන  නිවැරැදිවත්, ප්‍රායෝගිකවත්, යුගනද්ධවත් වැඩියයුතු චතුරාරක්ඛා සහිත ආනපාන සති සමාධි භාවනාව * භව- භවය ලෙස ගැනීමෙන් වූ විකෘතිය, සහ මූල අට්ඨකතා උපකාරයෙන් විශුද්ධි මාර්ගය  ලියූවද , මාගධි බුද්ධ දේශනාවේ ගාථා ඊට ඇතුලත් කොට තිබුණද පරිවර්තනයේදී ඒවාට  වැරදි අර්ථ ලියා තැබීම නිසා නිවන් මඟ වැසී යාම* ප්‍රාණයාම භාවනා ,කසින පිරියම් වැනි බුද්ධ දේශනාවට පෙර පවා පැවති අනරිය භාවනා බුද්ධ දේශනාව ලෙසින් ප්‍රචලිත කොට ඒත්තු ගැන්වීම නිසා නිවැරදි බුද්ධ ආනපාන සති සමාධි භාවනාව යටපත් වීමෙන් නිවන් මඟ යටපත් වූ ආකාරය ගැන විග්‍රහය >>> පච්චුප්පන්නංච යෝ ධම්මො තත්ථ තත්ථ විපස්සති යන්න පහදා දෙන්න * ඕඝ සහ විසංයෝග  යනු මොනවාද * ආහුනෙයිය පාහුනෙයිය යන්නෙහි ආයු,පාහු යනු ආනපානමද * අද පරම පවිත්‍ර සිරි සද්ධර්මය අසන්නට අවස්ථාව ලැබී තිබෙන නිසා බුදුමග නිවැරදිවමඅනුගමනය කරන අයෙකුට විශ්වයේ තියන බුද්ධ ශක්තියට අනුගත වීමට අවශ්‍ය වන්නේ ඇයි * යම්කිසි කෙනෙකුගේ දුකට හේතුවන්නේ අස්මිමානය බව ඔබවහන්සේගේ දේශනාව සවන්දීමෙන් පසක් වුනි, ඒ මග වඩන ආකාරය පහදා දෙන්න  * අවිජ්ජා යෝග විසංයෝග කිරීමේදී ඵස්සආයතනය ක්‍රියාත්මක වන ආකාරය පහදා දෙන්න * ඔබ වහන්සේගෙන්  කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලබා ගැනීමට  විදේශයක සිට විද්‍යුත්මාර්ගයෙන් බණ ඇසීමෙන් හැකිද * සෝතාපත්ති ඵලයට පත්වූ අයෙක් තුල බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ධම්මෙහි යන්න පහදා දෙන්න * බණඅසා මග වඩමින් අධිෂ්ඨානයෙන් සිටින මට පෙර තරම් සිතිවිලි එන්නේ නැත්තේ මා නිවැරැදි මඟ සිටින නිසාද* අධි පඤ්ඤා ධම්ම විපස්සනා විහරති ආදී කොටස ගැන පහදා දෙන්න *  සියළු ලෝක සත්වයින්ට මෛත්‍රී චිත්තයෙන් සුදු කිරණ  පැතිරවීම යහපතක්සේම නිවනට උපකාර යක්ද * නාලන්දා ගෙඩිගේ සහ හිරිවඩුන්න ජයසිරි මහ බෝධිය අතර භූමි ප්‍රදේශවල සම්බන්ධතාවයක් තිබුණාද*  යමෙක් වායෝ ධාතුවට කරන ලද හිංගි හිංසාවක් නිසා කොරෝනා වැනි රෝගවලින් අධික පීඩා  විඳින්නට හේතු වේද * පංච උපාදානස්කන්ධය නිරෝධ කිරීම මගින් භව නිරෝධ කළ හැකිද * විඤ්ඤාණ ඥාණ, පඤ්ඤා යන තිපරිවට්ටය පිළිබඳ පහදා දෙන්න*  දූරං ගමං ඒක චරං යන්න පහදා දෙන්න * ජ්‍යොතිෂය ඇති නරක යෝගවලට පසඟ පිහිටුවා පිළියම් කිරීම සහ බුද්ධ දේශනාවේ සඳහන් වන යෝග ගැන පහදා දෙන්න *  හිතේ සංඛාර ඇති වන විට එය තමාට දැකගත හැකි වන්නේ  කෙසේද * ආයතන හයට සංඥා එන්නේ එක්වර එකක් බැගින් වෙන වෙනම ද * අප විසින් තාප්ප වැට බැඳ, කැමරා සවිකොට ආරක්ෂා කරගන්නට  උත්සාහ කරන්නේ උපාදානය කරගත් දේම නේද >>>

සජීව​ ධම්ම දේශණාව සහ ධම්ම සාකච්ඡාව - 21/08/2021

බවගාමී පටිපදාව -  කර්මබීජ සකස්වීම  * රුජ්ජති - සාරුජ්ජති- අනුරුජ්ජති - විරුජ්ජති- පටිවිරුජ්ජති  *ඒතං මම - ඒතොහමස්මිං - ඒතොමෙ අත්තාති *  සක්කාය සමුදයගාමිණී පටිපදාව * අනුසය සකස් වීම  *අරමුණු වන පංචස්කන්ධය උපාදානය කොට නිච්චසේ සුඛ සේ අත්ථ සේ ගැනීම * සුඛයක් බලාපොරොත්තු වීම * ඉච්ච - පටිච්ච - නිච්ච  * පින - පව - සහ ධ්‍යාන  නිච්ච කරගැනීම * පුඤ්ඤ - අපුඤ්ඤ - අනෙඤ අභිසංකාර * කාමාවචර - රූපාවචර - අරූපාවචර *  අකරණීය ධර්ම * රාගය, ද්වේශය මෝහය පැවැත්වීම * ප්‍රාණයාම භාවනා  - කසිනපිරියම් - නිමිත්තග්‍රාහී වීම  *පෘතග්ජන පුද්ගලයා -  බවගාමී පටිපදාව නිසා නොනවත්වා සසරට බැඳීම * ****බව නිරෝධ ගාමිණී පටිපදාව හෙවත් සමුදය නිරෝධ කිරීම *  සබ්බූපදි පජහති * නිරුජ්ජති - නප්පටිවිරුජ්ජති * නේතං මම - නේතොහමස්මිං- නමෙසො අත්තාති * අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං ලෙස දැකීම * යොධම්මො යො විනයො සො භාසිතබ්බෝ  - චර බව නවත්වා චරණං වීම * කරණීය  ධර්ම  * වීතරාගී, වීතද්වේශී, වීතමෝහී වීම * අරිය සාවකයා * නිවන් මඟට ඒකධම්මො වන ආනපාන සති සමාධි භාවනාව චතුරාරක්ඛා  සහිතව නිවැරැදිවත්, ප්‍රායෝගිකවත්, යුගනද්ධවත්, සතර ඉරියව්වේදීම  භාවිතා කිරීම තුලින් බව නිරෝධ ගාමිණී පටිපදාව අනුගමනය කොට නිවන් මඟ පූරණය කිරීම *පච්චුප්පන්නයෝ ධම්මො තත්ථ තත්ථ විපස්සති කළයුතු බව  >>>වීර්‍යාධික සාසනය  සද්ධාධික සාසන සහ ප්‍රඥ්ඥාධික බුද්ධ සාසනයක් අතර වෙනස කුමක්ද * උතුම් සද්ධර්මය යටපත් කිරීමට කටයුතු කිරීමත් හිරිවඩුන්න වසාදැමීමත් මේ රටේ ව්‍යසන වැඩි වීමට හේතුවක්ද * වර්තමානයේ භික්ෂූන් සංඝ ලෙස ඇමතීම ගැන සහ  භික්ඛු තත්වය ගැන පහදා දෙන්න * පටික්කුල  මනසිකාරයේ ඝණසංඥා දුව සංඥා ලෙස  නිවැරදිව  බෙදා වෙන්කර බැලීම පිලිබද පහදා දෙන්න *  පින් පැවරීම සහ පින් කැපකොට අනුමෝදන් කිරීම අතර වෙනසක් වේද * භව නිරෝධ කිරීමට නම් බවගාමී යන්න  හඳුනාගත යුතුයි නේද * උප්පජ්ජති යන්නෙහි සිදුවන්නේ සංභවං වීමද *  බුද්ධ සාසනය අනුව පැවතීම  යනු ණය විනය හඳුනා ධර්ම මාර්ගයේ යාමද * ගෙදර දොරේ ඉවත දමන ද්‍රව්‍ය පිලිස්සීම නිසා  හානියක් වන්නට ඉඩ ඇති නිසා එයින් මිදී කටයුතු කරන්නේ කෙසේද * ලෞකික සංමාදිට්ඨිය නිවනට උපකාර වේද * සතර අගතිය සහ සතර සෘදිපාද ගැන පහදා දෙන්න *  1931 විහාර දේවාලගම් පණත නිර්මල  බුදුසසුන වෙනුවෙන්ද - නිවනට එවන් පණත් ඕනෑද * කෝවිල් විහාර දේවාල පණතට අයත් වුයේ කුමක් නිසාද -  ත්‍රිපිටක සංරක්ෂණ පණත ගැන පැනයක් * පුබ්බේතකතපුඤ්ඤතා ශක්තිය දහම් මඟට උපකාර  වේද * පුබ්බේත කතපුඤ්ඤතා ශක්තියක් ඇතිකර ගන්නේ කෙසේද *  නිවසේ අනාගාමී අයෙක් සිටීනම්, ඔහු සහ නිවසේ සිටින අන්අය අතර  කෙබඳු පැවැත්මක් විය හැකිද * උත්තරීතර හුදෙකලාව යනු කුමක්ද * යෝපටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සතිවූ අරිය පුද්ගලයා උත්තරීතර හුදකලාව ගැන දැනගත් අයෙක් ද >>>

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86 87 88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255  256  257  258  259  260 
 261  262  263  264  265  266  267  268  269  270  271  272  273  274  275  276  277  278  279  280 
 281  282  283  284  285  286  287