අති ගෞරවනීය පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා

අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්‍රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පි‍ටු 540 කින් යුත් නව ග්‍රන්ථය Download

"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය Download

විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද? Download

සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම Download

සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක් Download

සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා  Download

සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච Download

ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි? Download

 

සෙවීම් උදාහරණ : "සංකාර"

චූළහත්ථිපදොපම සුත්තං​ (වෙසක් පොහොය 2023)

පිලෝතිකා පරිබ්‍රාජිකයා සහ ජානුසෝනි බ්‍රාහ්මණයා අතර මහමඟදී කළ සාකච්ඡාව සහ පිලෝතිකා සඳහන් කළ විස්තර කෙරෙහි බ්‍රාහ්මණයාගේ පැහැදීම * ඒ අනුව " නමෝතස්ස භගවතෝ අරහතෝ සංමා සංබුද්ධස්ස ලෙසින් ඔහු දැක්වූ ප්‍රතිචාරය * ඉන් පසු ජානුසෝනි බුදුපියාණන් මුණගැසී තව දුරටත් ධර්මය ගැන විමසීම * සංදෙස්සේති - සංමාදපේති - සමුච්ඡේදේති - සංපහන්සේති යන ඥාණ පද හතරක් සහිතව සංදේශනාවක් ලෙසින් පෙන්වා දීම * බුදුපියාණන් දේශනා කොට වදාළ මහා ධර්මස්කන්ධය ඇතෙකුගේ සිරුරටත් එම ධර්මස්කන්ධය දරා සිටින ඥාණපද සතර ඇත්පාද හතරටත් උපමාකොට කළ චුල්ලහත්ථිපදෝපම සූත්‍ර දේශනාව * සංදේශනාවේ බුද්ධ ඥාණ පද හතර අනුගමනය කොට දුකින් මිදී නිදහස් වන ආකාරය * පඨමං බුද්ධ ඥාණ පදං - සංදෙස්සේති >> සමුදය උපදින ආකාරය • ලෝභ - ද්වේශ - මෝහ * දුතියං බුද්ධඥාණ පදං - සංමාදපේති >> අලෝභ - අද්වේශ - අමෝහ * තතියං බුද්ධඥාණ පදං - සමුච්ඡේදේති >> ලෝභක්ඛය- ද්වේශක්ඛය - මෝහක්ඛය * චතුත්ථං බුද්ධඥාණ පදං - සංපහන්සේති >> උපසංපජ්ජ විහරති - කෙලෙස් මුල් සහමුලින්ම උදුරා ගලවා නිදහස් වීම * දුකින් මිදීමට මූලිකවම අත්‍යාවශ්‍ය වූ බුදුපියාණන් අනුදැන වදාළ දස අකුසලයෙන් මිදීම - සහ සමාදන් වීමේ සීලය ඉක්මවූ පටිවිරතෝ හෝති සීලය සහිතවූ, සංවර - චේතනා - ප්‍රහාණ - වේරමණී සහ අවිතික්කම ආදීවූ අරිය කාන්ත සීල පටිපදාව * මිහිඳු හිමියන් අනුරාධපුරයේදීද නැවතත් දේශනා කොට වදාළ සංදේශනාවක්ම වූ චුල්ලහත්ථිපදෝපම සූත්‍රය * ප්‍රශ්න >>> මඣිම නිකායේ අනෙඥ්ඣ සප්පාය සූත්‍රය අනුව, ධර්මය අනුගමනය කළත්, ධ්‍යාන හෝ අභිඥ්ඥා පමණක් ලැබූවත් අයෙක්මඟඵල නොලබන්නේ සංදේශනාව නොදැනීම හෝ සංදිට්ඨිකෝ නොවීම නිසාද *චුල්ලහත්ථිපදෝපම සූත්‍රයේ බුද්ධඥාණපද හතර අනුව සංතිට්ඨති, සංනිසීදති, ඒකෝදියති,සමාදියති යන තැන, ධ්‍යාන වලට පත්වෙද්දී ඒකාග්‍රතාවයට පත්වූවාට මඟඵල ලැබීමක් සිදු නොවෙන්නේ ඇයි * "සංදේශනාව" යනු ධර්මය ‍යටපත් වන අවස්ථාවලදී නැවත නැවතත් මතු කරවන ආකාරයේ දේශනාවක්ද * මිහිඳු හිමියන් වඩිද්දී අනුරාධපුරයේ සිටි ජනයා ගස් ගල් වන්දනා කළ බවට මතය සත්‍යයක් ද * කටාරම් පුරය යනු බුදුපියාණන් පාපහස ලැබූ භූමියක්ද * වර්තමානයේ මාධ්‍ය හරහා සිරිසද්ධර්මයට විරුද්ධ දේ පතුරුවයි, ඒ කෙරෙහි කෙසේ කටයුතු කළයුතුද * බ්‍රහ්මත්වයට පත්වූ අයෙකුට බුද්ධ ධර්මය නිවැරැදිව දේශනා කළහැකිද * යම් මොහොතක අප නිවැරදිව සතර කමටහන් වඩන්නේ නම් ඒ මොහොතේ අපතුල බුද්ධ බල 20 ක් වැඩෙනවාද * යම් අයෙකුට සතරකමටහන් නොවඩාම මගඵල ලැබිය හැකිද * භාගියදාරුචිරිය තුමාට දෙසූදහම ගැන පහදා දෙන්න * සතරකමටහන් නොවඩන අයෙක්තුල එතෙක් ගොඩනඟාගෙන තිබූ පිරිසිදු බවත් ඉවත් වේද * ආස්වාදය සහ ආස්වාදනය අතර වෙනසක් තිබේද * අරහත් වෙද්දී පුබ්බේනිවාසානුස්සති ඥාණය ලැබේද * බෝමැඬදී බුද්ධත්වයෙන් පසු මුචලින්ද නා රජු විසින් බුදුපියාණන්ගේ දානය ඇතුළු සියලු ඇප උපස්ථාන කළාද - සුජාතාවගේ දානයෙන් පසු බුදුන්ට පිදූ තපස්සු භල්ලුක දෙබෑයන්ගේ විලඳ මීපිඬු දානය ප්‍රථම දානය මද * මොළය මැරුණු අයෙකුගේ තීරණය අනුව ඔහු මියගියපසු අවයව දන්දීමේදී ඊට මූලික වන බාහිර පුද්ගලයා ප්‍රාණඝාත අකුසලයකට සම්බන්ධවූ අයෙක් වේද * ආයුෂ ගැන සඳහන් වෙද්දී කාශ්‍යප බුදුන් අවුරුදු 20000ක්ද,කෝනාගම බුදුන් අවුරුදු 30000 ක් ද වැඩ සිටි බව කියවුනත්, එම කාලය වර්තමානයේ සම්මත කාලයමද * පිලොතිකා - ජානුසෝනි සාකච්ඡාව අවසානයේ එක්වරම "නමෝතස්ස භගවතෝ" ආදීලෙස පැවසුවේ එහි අරුත දැනගෙනද * පනිදායභාවනාහෝතී සහ අප්පනිදාය භාවනාහෝතී යනු කුමක්ද * ආයුසංස්කාරය අත් හරිනවා යන්න පහදා දෙන්න * සෝවාන්වූ අයෙක් පවා ආදරය ආදීවූ විශ්වාස කෙරේ බැඳේද * " අත්ථි ඉමස්මිං කායේ" යනු බුද්ධදේශනාවක්ද - නැතිනම් පසු කාලීනව එක්වූ දෙයක් ද * සෝවාන් ඵලයට පත්වූ අයෙක් තමා එම ඵලය ලැබූ බව ස්ථිරව දැන ගන්නේ කෙසේද * ශරීරය ක්‍රියාකිරීමට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ මනෝමය කායෙන්ද * බුද්ධ දේශය හෙළභූමිය බවට ඔබවහන්සේ කරන ප්‍රකාශයට විරුද්ධව සහ මාගධී බස ඉන්දියාවේ බවට යම් උගත් පිරිස් මත පළ කරති, ඒ ගැන තව දුරටත් පහදා දෙන්න * පංච උපාදානස්කන්ධය පිළිබදව පහදා දෙන්න * බුද්ධ භාෂිතයේ මාගධී ශබ්ද සඥ්ඥා තුළ ඇති සංඛ්‍යාත සහ මිනිස් මනස අතර, අනෙක් ශබ්ද වලට වඩායම් බැඳීමක් ඇතිවීමට හේතුව කුමක්ද * පෙළ දහමේ වචන වෙන් නොකොට දිගටම ලිව්වේ ඇයි * නිවන යනු රාග - ද්වේශ - මෝහ තුනෙන් සම්පූර්ණයෙන්ම මිදී ඇතිවන උපරිම සැනසීම - නිදහස ලෙස හැඳින්විය හැකිද >>>

02. බුද්ධ භාවනා - මීරිගම (2023-01-15 am)

01. බුද්ධ භාවනා - මීරිගම (2023-01-14 pm)

වෙසක් පොහොය 2023

සත්වයෙකුගේ නාමකායතුල මුල් බැසගත් කෙලෙස් මුල් * ඇස, කණ,නාසය ආදී ඉන්ද්‍රිය හයක් අසංවර වීම නිසා බිහිවන අනුසය * නොඇලී නොගැටී ඉන්ද්‍රිය භාවිතා කරන්නේ කෙසේද * ෂට් ශාස්තෲවරු සහ දෙසැටක් ආගම් අතර කෙලෙස් මුල් උදුරාදමා නික්ලේශීබවට පත්වීමට උපකාරී වූ හේතු ඵල දහම - බුද්ධ ධර්මය * සසර පැවැත්ම දිගටම යහපත්සේ පවත්වා ගෙන යාමට උපකාරී වන දාන - සීල- භාවනා සහ ධ්‍යාන අභිඥ්ඥා සහිතවූ බුද්ධාගම * නොනවත්වා සසරට බැඳෙන -කාමතණ්හා- භවතණ්හා- විභව තණ්හා * අසංකත ධම්මතාවක් වූ නිබ්බාණං හෙවත් නිවන* පුබ්බෙ අනනුස්සුතේසු ධම්මේසු සවන් දීම නිසා යංකිංචිසමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං - සමුදය නිරෝධය දැන දැක ගැනීමෙන් - ධම්ම චක්ඛුං උදපාදී වී මඤ්ඤා තත්වයෙන් මිදී අඤ්ඤා තත්වයට පත්වූ ප්‍රථම මඟඵල ලාභීයා වූ කොණ්ඩඤ්ඤ හිමි * ධම්මවිහාරී සූත්‍ර වල පෙන්වන නිවන් මඟ * පරියත්ති බහුලෝ - සඥ්ඥත්ති බහුලෝ - විතක්ක බහුලෝ - සජ්ජාය බහුලෝ - න රිඥ්ඥති පටිසල්ලානං ගැන * තිලක්ඛණයට වැරදි පරිවර්තන දීම නිසා දහම විකෘති වීම * වායෝ කසිනය - ප්‍රාණයාම හෝ ධ්‍යාන -අභිඥ්ඥා යනු නිවන නොවන බව * පැවැත්ම අවසන් කළ උතුමකුගේ දිරා යන කරජකාය සහ කෙලෙස්බීජ වලින් තොරවූ මනෝමය කාය * පච්චුප්පන්නංච යො ධම්මො තත්ථ තත්ථ විපස්සති * අනුප්පාද නිරෝධයෙන් සමුදය නිරෝධ කිරීමට උපකාර වන අනුස්සති 10 ක් * දස අනුස්සති අතරින් චතුරාරක්ඛා ලෙස බුදුපියාණන් අනුදැන වදාළ බලවත්ම අනුස්සති4 ක් * සේවිතබ්බා හෝ අසේවිතබ්බා කළයුතු කරණීය සහ අකරණීය ධර්ම හඳුනා ගැනීම * ඉන්ද්‍රිය සංවරයෙහි පිහිටා කටයුතු කිරීමට ආනපානසති සමාධි භාවනාව කෙතරම් උපකාර වේද යන්න * නිමිත්තක් මතු වෙද්දීම ඒ නිමිත්ත නිසා සමුදය බිහි වීම වැළැක්වීමට නම්, තද නින්දේ හැර අවදිව සිටින ඕනෑම වෙලාවක නිවැරදිවත්, ප්‍රායෝගිකවත්, යුගනද්ධවත් චතුරාරක්ඛා වැඩිය යුතු බව * ආනාපානසති සමාධි භාවනාව ගැන මහාරාහුලෝවාද සූත්‍රයේ පෙන්වා දෙන දේ * යහපත් පැවැත්මට උපකාර වන පින්කම්,දානමාන , ධාතු වන්දනා - පුදපූජා * කම්මාවරණ ඉවත් කරගනිමින් කෙලෙස්මුල් උදුරා දැමීමට පිළිවෙතින් පටිපදාව අනුගමනය කළයුතු බව * කෙළෙස් උදුරා දැමූ අරහතුන් වහන්සේගේ ස්වභාවය >>>>>බෝධි මූලයේදී සිදුහත් බෝසතුන් ක්‍රියාත්මක කළ අනුගමනීය පටිපදාව ධම්ම උද්දච්චමානසං ක්‍රමයද * සතර සංවරසීලය පහදා දෙන්න * බුද්ධ චරිතයට අදාල වැදගත් සිදුවීම් පෝය දිනකදී සිදුවීමට යම් හේතුවක් තිබේද * මරණානුස්සතිය වඩන ආකාරය පහදා දෙන්න *සතර කමටහන් වඩද්දී අජ්ජත්තික ආයතන, ඉන්ද්‍රිය බවට පත්වන අවස්ථාව හඳුනාගන්නේ කෙසේද * සෝවාන් බවට පත්වෙද්දී ඒ බව දැනගන්නේ කෙසේද *පාවහන් පැළඳීමේදී කුඩා සතුන් පෑගී මියයාම නිසා අකුසලයක් වේද * සතර පෙර නිමිති දැකීම පිළිබඳ සැබෑ තතු පහදා දෙන්න * කර්මබීජ සකස් වීම නිසා නැවත නැවතත් උපදීමක් වන්නේ ශරීර කූඩුවද - ආධ්‍යාත්මික මනෝමය කායද * කර්මබීජ නොමැති විට සිදුවන්නේ කුමක්ද * ත්‍රිවිද්‍යාඥාණ - චුතූපපාද ඥාණය ගැන පහදා දෙන්න * උපෙක්ඛා සහ මුංචිතුකම්‍යතා ඥාණය ගැන පහදා දෙන්න * 25,26,27,28 බුද්ධ ඥාණහතරම නැවතත් 64,65,66,67 ලෙස පෙන්වා දී ඇත්තේ ඇයි * ලංකාවේ දේශගුණ විපර්‍යාස හෝ භූමිකම්පා ආදී අයහපත් දේ සිදුවීමට හේතු මොනවාද * සිරිසද්ධර්මය ඇසූමුත් බුද්ධශක්තියට අනුගත නොවූ පුද්ගලයෙක් විසින් මරණාසන්න මොහොතේ මරණානුස්සතිය වැඩීම යහපත් ද * ඉසින්බැස්සගල, බුදුගල , බඹරගල, රිටිගල, රජගල ආදී තැන්වල විශේෂය කුමක්ද * ආයතික සංවර සීලය පහදා දෙන්න * බුදුපියාණන් වහන්සේලාගේ මනෝමය කායන් නිරාමිස සුවයෙන් වැඩ සිටිනවා යන්න පහදා දෙන්න * ධර්මය ඇසූවත් බුද්ධශක්තියට අනුගත නොවූ අයෙකුට සමුදය නිරෝධ කළ හැකිද * පැවිදි වීමෙන් ඉක්මනින් මඟඵල ලබාගැනීමට හැකිද * කලකිරීමක් සිතට එන අවස්ථාවක සතර කමටහන් වඩන්නේ කෙසේද * ධර්ම මාර්ගයේ යන අයෙක් සමඟ වෙනත් අයෙක් කෙරෙන විවාහය නිසා අනෙක් කෙනාගේත් ධර්ම මාර්ගය විවර වේද * නාමරූපවල රූප සහ රූපං ජිරති යන තැන රූප අතර වෙනසක් වේද * සෝවාන් ඵල ලාභියෙක් අතින් මස් මාංශ අනුභවයක් සිදුවිය හැකිද * කාලාත්‍ර සූත්‍ර ඇසුරින් චතුරාරක්ඛා පිලිබඳ පැනයක් >>>>

12. බුද්ධ භාවනා - මීරිගම (2023-04-12 pm)

11. බුද්ධ භාවනා - මීරිගම (2023-04-11 pm)

10. බුද්ධ භාවනා - මීරිගම (2023-04-11 am)

09. බුද්ධ භාවනා - මීරිගම (2023-04-10 pm)

08. බුද්ධ භාවනා - මීරිගම (2023-04-10 am)

07. බුද්ධ භාවනා - මීරිගම (2023-04-09 pm)

෴  [මුල පි‍ටුව]   < පෙර පි‍ටුවට  •  ඊළඟ පි‍ටුවට >   [අග පි‍ටුව] ෴

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20 
 21  22  23  24 25 26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  40 
 41  42  43  44  45  46  47  48  49  50  51  52  53  54  55  56  57  58  59  60 
 61  62  63  64  65  66  67  68  69  70  71  72  73  74  75  76  77  78  79  80 
 81  82  83  84  85  86  87  88  89  90  91  92  93  94  95  96  97  98  99  100 
 101  102  103  104  105  106  107  108  109  110  111  112  113  114  115  116  117  118  119  120 
 121  122  123  124  125  126  127  128  129  130  131  132  133  134  135  136  137  138  139  140 
 141  142  143  144  145  146  147  148  149  150  151  152  153  154  155  156  157  158  159  160 
 161  162  163  164  165  166  167  168  169  170  171  172  173  174  175  176  177  178  179  180 
 181  182  183  184  185  186  187  188  189  190  191  192  193  194  195  196  197  198  199  200 
 201  202  203  204  205  206  207  208  209  210  211  212  213  214  215  216  217  218  219  220 
 221  222  223  224  225  226  227  228  229  230  231  232  233  234  235  236  237  238  239  240 
 241  242  243  244  245  246  247  248  249  250  251  252  253  254  255  256