අති ගෞරවනීය සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත සියලුම ග්රන්ථ එක්කොට නැවත සම්පාදනය කල පිටු 540 කින් යුත් නව ග්‍රන්ථය
"බුද්ධ බල - බුද්ධ ශක්ති - බුද්ධ ඤාණ විග්‍රහය" ධර්ම ග්‍රන්ථය
විමුක්ති මාර්ගය පෙන්වා වදාල උතුම් බුද්ධ ධර්මය භක්තියෙන් අදහන බුද්ධාගමක් කරා පරිවර්තනය වූයේ කෙසේද?
සම්මත සත්‍ය හා පරමාර්ථ සත්‍ය හෙවත් දැනුම හා දැක්ම
සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට උපකාර වන කරුණු හතරක්
සමන අරණ විහරණ - බුද්ධ භාවනා - සත්දිනවිහරනපටිපදා
සංදේශණාව, ද්වතාව, තිලක්ඛණය, තිපරිවට්ටය සහ චතු අරිය සච්ච
ගෝතම බුදුන් වැඩසිටි දඹදිව හෙළයා හඳුනා ගත යුත්තේ ඇයි?
08. බුද්ධ භාවනා - මීරිගම (2022-10-19 am) | |
07. බුද්ධ භාවනා - මීරිගම (2022-10-18 pm) | |
06. බුද්ධ භාවනා - මීරිගම (2022-10-18 am) | |
05. බුද්ධ භාවනා - මීරිගම (2022-10-17 pm) | |
04. බුද්ධ භාවනා - මීරිගම (2022-10-17 am) | |
03. බුද්ධ භාවනා - මීරිගම (2022-10-16 pm) | |
02. බුද්ධ භාවනා - මීරිගම (2022-10-16 am) | |
01. බුද්ධ භාවනා - මීරිගම (2022-10-15 pm) | |
ඉල් පොහොය 2022 ආරභථ - නෙක්ඛමථ - යුඤ්ඣත බුද්ධ ශාසනය * ධම්මවිහාරී නොවූ පුද්ගලයින් සිව් දෙනෙක් ගැන * බුදු දහමේ සූත්තං-ගෙය්යං - ව්යාකරණං,ආදී කොට ඇති ධම්ම පරියාය මැනැවින් දන්නා අයෙක් වූවත්, දහම ගැඹුරින් නොදකී නම්,අජ්ජත්තං චේතෝ සමථං සඳහා අනුගමනීය පටිපදාවේ නොයෙදෙයි නම් ඔහු රිඥ්ඣති පටිසල්ලානං නානුයුඤ්ජති වූ "" පරියත්ති බහුලෝවූ නොධම්මවිහාරී"" පුද්ගලයෙක් වේ. * පෙරසේ ධම්ම පරියාය ගැන දැනුමක් ඇතිව මනාසේ ධර්මය දේශනා කළත්, තමා අනුගමනීය පටිපදාවේ නොයෙදේ නම් ඔහු"සඥ්ඥත්ති බහුලෝ නොධම්ම විහාරී" වූ දෙවැනි පුද්ගලයායි. * තෙවනුව පෙරසේම හොඳින් පරියාප්ති ධර්මය අසා මතකයේ තබා ගත්තද අර්ථ- ධර්ම - නිරුක්ති - පටිසංභිදා ගැඹුරින් නොදැක ඉතා හොඳින් සජ්ජායනා පමණක් කරයි නම්, ඔහු අනුගමනීය පටිපදාවේ නොයෙදෙන ""සඣ්ජාය බහුලෝ නොධම්මවිහාරී "" පුද්ගලයෙකි. * පරියාප්ති ධර්මය පිළිබඳ බොහෝ දැනුමක් තිබුණත් අර්ථ, ධර්ම, නිරුක්ති,ආදී පිලිබඳ විතක්කවිචාර පවත්වමින් රිඥ්ඥති පටිසල්ලානං නානුයුඤ්ජති වූ අනුගමනීය පටිපදාවේ නොයෙදෙන විතක්කබහුලො නොධම්මවිහාරීවූ සිව් වැනි පුද්ගලයා වෙයි. * මේ ධම්මවිහාරීනොවූ මේ පුද්ගලයින් සිව් දෙනා අනුගමනීය පටිපදාවෙන් තොරවීමෙන් නිවන් මඟ වසා ගනී. * ධම්මවිහාරීහෝති වූ අනුගමනීය පටිපදාවේ යෙදෙන අරිය පුද්ගලයා භික්ඛු ධම්මං පරියාපුණාති සුත්තං,ගෙය්යං,ව්යාකරණං ~ ආදී සියලුම ධම්මපරියාය කට පාඩමින් දැන හෝ නොදැන වුවත්, දිවසංඅතිනාමේති - නාපි රිඤ්ඤති පටිසල්ලානං ලෙස අජ්ඣත්තං චෙතො සමථං පිණිස වූ යුඥ්ඥති- අනුයුඥ්ඥති - බුද්ධ සාසනයේ අනුගමනීය පටිපදාවේ නොකඩවාම යෙදෙමින් ධම්මවිහාරීහෝති වූ අරිය පුද්ගලයෙකි. * බුද්ධ කාලයේද මෙසේ නිවන් මඟ වසාගත්, නො ධම්මවිහාරීවූ පුද්ගලයින් සිව් දෙනෙක් ගැන සහ යුඥ්ඦති බුද්ධ සාසනයේ පටිපදාවේ යෙදෙන, එක් භික්ඛුවක විසූ බවත් දේශනා කොට ඇත * " යේ ධම්මා හේතුප්පබ්බවා" ගාථාවේ ගැඹුරු ධර්මාර්ථය * ආගන්තුක උපකෙලෙස් සහ දීඝංවා ලෙස මතුවන කෙලෙස් පච්චුප්පට්ඨිතා හෝති යාවදේව ඥාණමත්තාය පටි සතිමත්ථාය ලෙස තත්ථ තත්ථ විපස්සති කළයුතු බව "ධම්මවිහාරී" සූත්‍ර තුලින් පෙන්වා දීම * ගච්චන්නෝවා,ඨිතෝවා, ආදී සතර ඉරියව්වේදීම , නිවැරැදිවත්,ප්‍රායෝගිකවත්, යුගනද්ධවත් සතරකමටහන් වඩා යුඥ්ඣති අනුයුඤ්ජති ලෙස මාර්ගය පූරණය කළ යුතු බව * කසින සහ ප්රාණයාම භාවනා තුලින් කෙලෙස් මුල් උදුරා දැමිය නොහැකි බව * විමුච්චති දුක්ඛස්මාති වදාමි වීමට නම් නහිජාතු ගබ්බසෙයියං පුනරේතීතී වීම අත්‍යාවශ්‍ය බව * කුඩා රාහුල හිමිට සතර කමටහන් සහිතව දේශනා කළ ආනපාන සති සමාධි භාවනාව ගැන බිඳක් * සියලු කර්ම බීජ අසේස විරාග නිරෝධෝ ලෙස උදුරාදැමීමෙන් අනුගමනීය පටිපදාව පූරණය කළයුතු බව * ඒ සඳහා පරතෝඝෝෂික ප්‍රත්‍යය ලැබීම සහ සද්දස්ස කුලපුත්තස්සයෙකු වීමේ අවශ්‍යතාවය* පඥ්ඥාවිමුක්තියට පත් වීමට භාවිතො බහුලීකතෝ කළයුතු ඒකධම්මො>>>අවිජ්ජා මූල පටිච්චසමුප්පාද විග්රහයේ ජාති යන්න සහ උදයංගම අත්තංගම ආදී අවස්ථා පහ ගැන පහදා දෙන්න * විපස්සනා භාවනාව යනු විදර්ශනා භාවනාවමද * බණ වෙනුවට බහ කියන තැන් වල දේවාරාධනාව අනුව පැමිණෙන දෙවියන් ඒවා අසනවාද * ගිහි පැවිදි දෙකොටසම එදිනෙදා ප්‍රත්‍යය භාවිතා කිරීමේදී ණයනොවී කටයුතු කරන්නේ කෙසේද * ගෝතම බුදුපියාණන් අග්ගික්ඛන්දෝපම සූත්‍රය දේශනා කළේ කුමන අවස්ථාවේදීද * භාගිය දාරු චිරිය තුමාට දේශනා කළේ කෙබඳු දහම් කරුණක්ද * මනෝමය කාය පිරිසිදු කරනවිට පෙර බිහි කරගත් ගති උදුරා දමන්නේ කෙසේද * බුද්ධ ශක්තියට අනුගත වීමට කළයුත්තේ කුමක්ද * සබ්බෙ සංකාරා දුක්ඛාති යන්නෙහි ධර්මාර්ථය * විතක්කවිචාර සහ සවිතක්ක සවිචාර යනු පහදා දෙන්න * සතර සතිපට්ඨානය පූරණය කරගන්නා ආකාරය පහදා දෙන්න * ආනපාන සති සමාධි වැඩීමේදී "බාහිර රූප නොමැත" ලෙස සැලකීම හරිද * චත්තාරි මානිඨානානි ස්ථාන වල කොපමණ වට ප්‍රමාණයක බුද්ධ ශක්තිය ගැබ්වී තිබේද * අත්ථදීප සහ ජන්බුදීප යන තැන්වල දීප යන්නෙහි අරුත එකක්ද * සෝවාන් ඵලයට පත්වූබව සැලකෙන මස් වැද්දාගේ භාර්යාව සතර අපාගත නොවුනේ ඇයි * මනසින් කරන කර්ම ලෙස පෙන්වන අභිජ්ජා,මිච්ඡා දිට්ඨි ,ව්‍යාපාද ගැන පහදා දෙන්න * කේන්ද්‍ර බැලූවිට නිවසට භූත පේත බන්ධනයක් ඇති බව කියවුනා,ඊට ධර්මානුකූල විසඳුමක් වේද * අතීතයේ කෘෂිකර්මාන්තය කරද්දී මාසයක දින පෝය,අමාවක,අටවක ආදියට අනුව වපුරන නෙළන ආදී වකවානු සකසා ගත් අතර එකල නොමැති බාධා දැන් මතු වන්නේ ඇයි * සංඥාවක් -සංකාරයක් - සහ විඥ්ඥාණයක්, උපාදානය කරගන්නා ආකාරය පහදා දෙන්න * ධම්මානුධම්ම පටිපදාවේ සිටින අයෙකු යම් රෝගී බවකටපත්වූ අවස්ථාවක ඩිප්ප්‍රෙෂන් තත්වයට පත්විය හැකිද >>> | |
ධම්ම දේශනාව (2022-11-06) චක්ඛු,සෝත,ඝාණ, ජිව්හා,කාය,මනෝ~ ලෝකේ පියරූපං සාතරූපං * උපාදියමානෝ - සමුදයංච - අනුපාදියමානෝ - සමුදය නිරෝධය * තණ්හා - පටිඝ - අවිජ්ජා අනුසය උප්පාදෝ හෙවත් සමුදය * පෘතග්ජන පුද්ගලයාගේ පංචස්කන්ධය සහ අරහතුන් වහන්සේගේ පංචස්කන්ධය අතර වෙනස * අරහත්බවට පත්වන උතුමෙක් අනිවාර්යයෙන්ම යථාභූත ඥාණයෙන් දකින මරණානුස්සතිය * සබ්බං නිමිත්තං කෙරෙහි ඒතං මම ඒතොහමස්මිං ඒතොමෙ අත්තාති බව අතහැර, නේතං මම නේතොහමස්මිං නමෙසො අත්තාති ලෙස අත්ථාහියොවදෙය්ය සේ දැකීම * යංකිංචිසමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං පෙන්වාදෙන සියලු බුදුවරු දෙසූ දහම * දොරවල් හයකින් ඇතුළු කරගන්නා නිමිති ගැන භාගියදාරුචිරිය තුමාට සතර ආකාරයකට පෙන්වා දුන් චතුසුවහරේසු * නිවැරැදිව මරණානුස්සති භාවනාව වැඩීමේ අවශ්‍යතාවය * "අනිච්ච දුක්ඛ අනත්ථ" ලෙස බුදුපියාණන් වදාළ ආචින්න දේශනාව "අනිත්‍ය දුක්ඛ අනාත්ම" ලෙස අනාචින්න දේශනාවක් ලෙස විකෘති කිරීම නිසා නිමල දහම යටපත් වීම * මාගධී බුද්ධ භාෂිතය පදගත පරිවර්තනයක් නොකරන ලෙස බුදුමුවින්ම අනුදැන වදාරා තිබියදී එය නොසළකා පරිවර්තනය කිරීමෙන් වූ ධර්ම විකෘතිය * බුදු මුවින් නිවැරැදිව දේශනා කළ"අට්ඨක්කරා තීනිපදා" හෙවත් අනිච්ච - දුක්ඛ - අනත්ථ මරණානුස්සතිය තිලක්ඛණ භාවනාව ලෙස වැඩීමෙන් උපාදානයෙන් මිදී නිදහස් වියයුතු බව >>> අත්ථි සහ නත්ථි ස්වභාවය පහදා දෙන්න *" ඒතං මම සහ නේතං මම "යන්න පහදා දෙන්න * අරිය මෛත්‍රිය දිගින් දිගටම වැඩීම සීලබ්බත පරාමාසයට හසුවේද * යහපත් කටයුත්තක් අවසන් වූ පසු තමාම එය අගයකරමින් වරින්වර සිහිපත් කිරීම සියුම් උපාදානයක්ද * ආනපානසති භාවනාවට අනුකූලව අසුභානුස්සතිය වඩන්නේ කෙසේද * රෝගීවූ සොහොයුරා වෙත දැඩි බැඳීමක් ඇති මා ඉන් මිදී නිදහස් වීමට කළයුතු භාවනාව කුමක්ද * සත්‍යක්‍රියාවක් බලගන්වද්දී තමාතුළ ඇති යම් ගුණයක් සිහිපත් කිරීම සුදුසුද * අප අනුමෝදන් කරන පින් ලබාගත හැක්කේ කෙබඳු සත්ව කොට්ඨාශ වලටද *අපුඤ්ඤාභිසංඛාර උපාදනයෙන් සමුදය බිහිවන්නේ කෙසේද * කැමැත්තට බැඳී වැඩකිරීම හෝ කැමැත්ත යනු අවිජ්ජාවද * රූපංසමනුප්පස්සති - රූපවන්තානංවා සමනුප්පස්සති ආදීකොට ඇති පියවර ගැන පහදා දෙන්න * අට්ඨක්කරා තීනිපදා යන්නෙහි අරුත පහදා දෙන්න *වාසය කරන දේශය අනුව හේතුඵල වෙනස් වෙනවාද * කාමරාග යන ශබ්ද සංඥාව තුල ඇති "කාම" කොටසේ ධර්මාර්ථය පහදා දෙන්න * කුසල මූලය සහ අකුසල මූලය උදාහරණයකින් පහදා දෙන්න * පස්මහබැලුම් සෑම බෝසත් වරයෙකුම කරන දෙයක් ද * රූප යනු සිතතුල ඇතිවන සිතුවිලි පරම්පරාවක්ද * සද්දස්ස කුලපුත්තස්ස තත්වයට පත් වීමට කුමක් කළ යුතුද * කලකට පෙර මියගිය මගේ එකම දරුවා මතක් වන සෑම විටම හැඬුම් එයි, හිතේ ශෝකය ඉවත් කරගැනීමට කුමක් කලයුතුද * අජ්ජත්තාවා බහිද්ධාවා කායේ කායානුපස්සී විහරති යන්න පහදා දෙන්න *අප සද්භාවයෙන් කරන යහපත් දෙයක් බාහිර පුද්ගලයින් වැරදියට තේරුම් ගන්නා විට කුමක් කල යුතුද * පින කුසලයක් කරගන්නා ආකාරය පහදා දෙන්න *රෝගීව සිටින ඥාතියාට සෙත් පතන්නේ කුමන ආකාරයට දැයි පහදා දෙන්න *අසේවනාච බාලානං පණ්ඩිතානංච සෙවනා යනු ආනපාන සතියද * මාතා පිතූ උපට්ඨානං ගාථාවේ ධර්මාරුත් පෙන්වා දෙන්න |
෴ [මුල පිටුව] < පෙර පිටුවට • ඊළඟ පිටුවට > [අග පිටුව] ෴
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40
41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60
61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80
81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100
101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120
121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140
141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160
161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180
181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200
201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220
221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240
241 242 243 244 245 246 247 248 249 250 251 252 253 254 255 256